Thursday, June 16, 2016
03. පෙම් සයුර
ගාළුමුවදොර කියන්නේ මට පිට්ටනියක් වත්, එළිමහන් පොදු ස්ථානයක්වත් නෙවෙයි. එතැන කොටිම්ම දැන් ඔය තියෙන විදියේ තැනක් නෙවෙයි මගේ හිත ඇතුලේ තියෙන්නේ.
මගේ හිත ඇතුලේ තියෙන ගාළුමුවදොර කියන්නේ බොහොම පුද්ගලික, සීතල , නිදහස් අවකාශයක්. යන්න ලැබෙන හැමදාම මම ඔතනින් යන්නේ බෙල්ල උලුක් වෙනකල් බලාගෙන. මොකද්දෝ කියාගන්න බැරි ජාතියේ ආකර්ෂණයක් ඒකෙ තියෙනවා.
ඒ එක්කම දැනට තියෙන අතරින් පතර තණකොළ තියෙන කාන්තාර ස්වරුපයත්, කල්ප විනාශයකට ලක්වෙච්ච පෙනුමක් තියෙන අනෙකුත් අංගත් මාව විකර්ෂණය නොකරන්නට, හැමදාම හවස මම ඔතන පැයක් දෙකක් කල්මරන්න පොළඹවන්න ඉඩතිබ්බ.
ඒ ඔක්කොම තියෙද්දී මම දකින්නේ මුවදොර ආසන්නයේ දනගස්සවල තියන බංකු වල උදේට ඉන්න පෙම්වතුන්.
මට තාමත් වැටහෙන්නේ නැහැ මුහුදක් දිහා බලාගෙන කොහොමද ප්‍රේම කරන්නේ කියල? ඊටත් තමන්ට කෙලින්ම ඔලුව උස්සනකොට මුහුදු හුලන් වදිනකොට, ප්‍රේමනීය හැඟීම් ඔක්කොම මුහුදු හුළගේ පාවෙලා යන්නේ නැද්ද කියල , මම මගෙන් අනන්ත වාරයක් අහල තියෙනවා.
ඇත්තටම මුහුදක් දිහා බලාගෙන ඉන්නකොට ( මුහුද අද්දර වාහනේකට වෙලා, ඊට පිටුපාල කෙනෙක් එක්ක ප්‍රේමයෙන් ඉන්න එක නම් වෙනස්ම වෙනස්.. මොකද එතකොට මුහුදු හුළඟක් දැනෙන්නේ නැහැනේ??) කොහොමද ප්‍රේමයක් දැනෙන්නේ? එතකොට දැනෙන්නේ අනන්තයට යනකල් , පාරක් තෙරක් නොපෙනන සිතුවිලි දාමයක් නේද?
සමහර වෙලාවට මම වැරදි ඇති. මුහුදක් කියන්නේ මට එතරම් ගෘන්ගාරයක් ගේන දෙයක් නෙවෙයි, මම කිව්වේ හුළඟක් දැනෙන මුහුදක්...