Tuesday, September 6, 2022

360: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන - Blog

 




කතාව ලියන එක ගැන කතාව-

උන්මාද චිත්‍රාදෝ මා කියන කතාවේ පොඩිම වස්තුබීජය මගේ හිතේ පැලවෙන්නේ මම සාමාන්‍යපෙළ කරන කාලේ. 

නමුත් මට එතරම් ධෛර්‍යමත් කමක් සහ පරිචයක් තිබ්බෙ නෑ මේ වගේ තීම් එකක කතාවක් ගොඩනගන්න. මොකද ප්‍රස්තූතය උනේ තමන් මෑතකදී විවාහපත් උන සැමියා ඉක්මනින්ම මිය ගිහින් වසර විස්සකට පස්සේ හොයාගෙන එන එක. ඉතින් ඒ අදහස එහෙම්ම යට ගියා. කාලයත් එක්ක මම මගේ ලිවීම අත්හදා බලමින් ඉන්නකොට හදිස්සියේ මට එක්තරා චරිතයක් හමුවෙනවා. 

ඔන්න මගේ අදහස පිස්සුවක් වෙනවා..

Friday, July 22, 2022

346: නිවේදන කීපයක්

 

පුංචි නිවේදන කීපයක් දෙන්න තමයි මේ කුඩා සටහන තබන්නෙ.

1. උන්මාද චිත්‍රාදෝ මා - කතාව නවල් එකක් විදියට මුද්‍රිත මාධ්‍යයෙන් එළියට ගන්න අදහසක් තියෙන නිසා, බ්ලොග් එකෙන් 1-60 දක්වා කොටස් ඉවත් කරනවා.

2. රතුපාට මල් - කතාව වෙනත් මාධ්‍යක පල කරන්න හිතන නිසා දැනට පලවී ඇති සියල්ලම අවකාශයෙන් ඉවත් කරනවා.


ප.ලි : උන්මාද චිත්‍රාදෝ මා නවකතාව අවශ්‍ය නම් මිලට ගන්න ඕනෙ නම් සටහනක් තියන්න. ඔබේ කොපිය අරන් තියන්නම් 

ප.ප.ලි : රතුපාට මල් පලවෙන්නේ storyflix කියලා Android app එකක. දැන්ම නෙවෙයි තව ටික කාලෙකින්. තව විස්තර ඕනේ අය කියන්න.


ස්තූතියි 

- ලිඛිතා 

Friday, May 27, 2022

උන්මාද චිත්‍රාදෝ මා



කතාවේ ඇතුලත යොදාගත්ත නමක් ඉවත් කරන්න කියලා කරපු ඉල්ලීමක් නිසා මෙතෙක් ලියා තිබුනු කොටස් සියල්ලෙන් ඒ නම ඉවත්කරන්නට සිදුවන නිසා, කතාව ටිකක් ප්‍රමාද වෙයි.


සිදුවූ අපහසුතාවයට සමාව අයැදිමි.


- ලිඛිතා

Tuesday, November 9, 2021

278. කොප්පක් වත් ගහමු....




සංගීතය කියන්නේ කවදාවත් මට සෙට් උනේ නැති දෙයක්. ඒ කියන්නේ ගායන හෝ වාදන හැකියාවක් නැහැ. නමුත් මට ඒ ගැන තිබ්බේ එක්තරා උන්මාදයක්. හේතුව තමයි මගේ තාත්තා විනෝදාංශයක් විදියට ෆිල්ම්, ටෙලි ඩ්‍රාම වගේ දේවල් එකතු කරපු නිසාත්. අන්තිමේ ඕක උග්‍ර වෙලා වීඩියෝ ෂොප් එකක් දාන තත්වෙටම ආපු නිසා ඉතාම පැරණි චිත්‍රපට තිබ්බා අපේ ගෙදර. මම හිතන්නේ මම කලින්  ආත්මේ  බල බල හිටපු ඒවා පවා තිබ්බ.

ඒ අතරින් සුවිශේෂ වෙච්ච ජාතියක් තමයි හින්දි චිත්‍රපට කියන්නේ. කොටින්ම ඉස්සර අපේ ගෙදර ෆිල්ම් එකක් විදියට හින්දි එකක් නොබලපු දවසක් තිබ්බෙම නැතුවද කොහේදෝ. ඒ හින්දා කිරිබොන කාලේ ඉඳලා මම හින්දි සින්දු පිස්සෙක් කියලා කිව්වොත් නිවැරදි.

Sunday, July 25, 2021

265: සුහදිනියේ - 56 | අවසාන කොටස

 

කලින් කොටසට


 

ඇතුලතින් පිච්චෙමින් උන් මම, දුරකථන ඇමතුමෙන් පසුව උන්මන්තකව ගියාක් මෙනි. 

මම කල මෝඩකමක මහත ! 

මධුලිකා එසේ ගුවන්තොටුපොළේ දමා ඒම මම කල වරදයි. රේගු නිලධාරිනිය මා අමතා පැවසුවේ මධුලිකා මිට සුළු මොහොතකට පෙර ගුවන් තොටුපළෙන් එළියට පැමිණි බවයි. 

වහා මධුලිකාගේ අංකය ඇමතුවද, කිසිදු ප්‍රතිචාරක් නොමැත. කුමක් කරන්නදැයි මට සිතාගත නොහැකිව මම වාකිෂ්ඨ මහතා ඇමතුවේ උමතුවෙන් මෙනි.

"අංකල්... අනේ අන්කල්.... මධු එනවා කිව්වද?"

"මිසිස් මධු.............? ඇයි මොකද වෙලා තියෙන්නේ? මට එයාපෝට් එකේ ඉඳල පැයකට විතර කලින්නේ මට කෝල් කලේ? මෙහෙ කොහේ එන්නද?"

"අනේ අන්කල්.. මම මධුව ඩ්‍රොප් කරලා ආපහු ආවා.. එයා එතනින් ඇවිල්ල... අනේ අන්කල් කෝල් කලොත් ඉන්න තැනක් මට කියන්න... "

"පුතා මේ අර...."

ඔහු කියන්නට ආ කුමක් හෝ කරුණ මම නොතකා ඇමතුම විසන්ධි කලෙමි.

'මේ පිස්සි මොකක් කරන්න හදනවද?'

මම කාමරයෙන් එලියට පැමිණ බැල්කනියට වැදුනේ පිස්සෙකු මෙනි. කොතරම් ඇමතුම් ගත්තද මධුලිකාගේ දුරකථනය පිළිතුරු නොදෙයි. ඇය මේ යන්නේ කොහිද? 

'මධු... මගෙත් එක්ක තියෙන තරහට මෝඩ වැඩක් කරන්න එපා.. මම ඔයාව ඔච්චර ආරක්ෂා කළා... අනේ මධු.... ෆෝන් එකට ආන්සර් කරන්න..'

මම වොයිස් පණිවිඩයක් යැව්වෙමි. එය යැවු සැනින් 'seen' ලෙස සටහන් වුනි. මම වහා whatsapp ඇමතුමක් ගත්තද පිළිතුරක් නොමැත. මධුලිකා කුමන අනතුරකද?

Monday, July 19, 2021

264: සුහදිනියේ - 55 | සිල්ලම සිදුවෙමින් - විසඳෙමින්

ලින් කොටසට


 

මද වෙලාවකින් පසුව නානකාමරයට යන්තම් එබුනු  මම දුටුවේ දෙපා දිගුකොට බිම වාඩිවී උන් මධුලිකාය. ඇඟ සොදාගන්නට කියා නානකාමරයට තල්ලු කලද ඇය තාමත් මෙතනය.මට ආවේ කේන්තිය මුසු සිනාවකි.

"වොෂ් එකක් දාගන්නවා අයිසේ.... ! "

"මට ඉන්න දීපන් නපුරා...හ් "

මෙතෙක් ඈතින් සිටියද, මම වේගයෙන් අඩි තබා නාන කාමරයට පැමිණ ඈ කෙලින්කොට අල්ලා එලෙසම නාන කැබින් එකෙහි වතුර මල ඇරියෙමි.

".. අල්ලන්න එපාහහ් මාව........ අම්මොහ්.. සීතලයි....!"

Sunday, July 18, 2021

263: සුහදිනියේ - 54 | සිත් රිදවීමක් සහ දබරයක්

 කලින් කොටසට 

 


 මට දෙන්නට පිළිතුරක් නොවුනි. නමුත් යම් පිළිතුරක් ලබාදිය යුතු නිසා ඊට සුසුදු පිළිතුරක් සොයන අතරතුර නැන්දා සුසුම්ලනු මට දැනේ.

 "..... මේ මහත්තයල කැමති නම් මගේ අකමැත්තක් නැහැ මහත්තය. මේ ඔක්කොම මට  හරි කරුණාවයි.  යන්න කලින් පුංචි නෝනගේ මුණ බලන්න තිබ්බනම්..."

මහා බර සුසුමක් දුරකථනය ඔස්සේ හෙලුනි. මධුලිකාගේ තනියට කියා මම ගෙනා සේවිකාව මේ වනවිටත් සිටියේ තුවාන් අය්යාගේ ඩිස්පෙන්සරියේය. 

ඇගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවුනද මෙතෙක් ;  විශේෂයෙන්ම මට; විස්වාසවන්තව කටයුතුකළ ඇය පිළිබඳව සාධාරණයක් කිරීම මගේ යුතුකමකි. මධුලිකා තබා යන්නට විශ්වාසවන්ත අයෙක් නොමැති මොහොතකදී ඇය වරක් හෝ නොදුටු මගේ පිහිටට පැමිණියේ පුදුම ආකාරයටය. 

තුවාන් අය්යාට කතාකල මට දැනගන්නට ලැබුනේ ඇයව සිය නිවසට ගන්නට ඔහු කැමති බවයි. එය මට පහසුවක් විය. නමුත් මධුලිකා නැවත විදෙස්ගත වනවා කියූ සැනින් නැන්දා කම්පනයට පත්වුවාය. අපගේ  සැබෑ තත්වය කිව නොහැකිව මම ඇයට පැවසුවේ අප දෙදෙනාම එසේ යන බවයි.

 "... පර්ල් නෝනා මගේ ඇහැක් වගේ මම හැදුවේ... මේ අත්දෙකින් ! පුංචි නෝනා ඉපදුනාම වෙනිවැල්ගැට තම්බලා නෑව්වේත් මම.... අනේ මල් කුමාරියක් වගේ පිං කඳක්.. මගේ නෝනට රත්නත්තරේ සරණයි "

ගැහැණියගේ අවිහිංසක ලැදියාව ගැන මට මහා දුකක් දැනුනි.

"බයවෙන්න දෙයක් නැහැ නැන්දා... එයා හොඳින්"

Related Posts Plugin for WordPress, Blogger...