Showing posts with label නොදන්නා මගුල් කතාකිරීම. Show all posts
Showing posts with label නොදන්නා මගුල් කතාකිරීම. Show all posts
Thursday, February 2, 2023
Announcement : උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව (E book )
මේ Blog එකේ මීට මාස ගණනකට පෙර පලවූ මගේ 'උන්මාද චිත්‍රාදෝ මා ' නවකතාව E book එකක් වශයෙන් නිකුත් කරන්නට ලැබුණා.
පිටු 1240 කට වඩා දිග නවකතාවක් එය.
ගොඩාරියක් ස්තූතියි ඒ පොත මගෙන් මිලට ගත්ත හැමෝටම. තවත් කිප දෙනෙක්ම මගෙන් විස්තර අහලා තිබුණ නිසා මම මේ සටහන තබන්නේ ඒ හැමෝම වෙනුවෙන්.
ඔබට එයින් පොතක් අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මෙච්චරයි.
1. මගේ inbox එකට message එකක් දාලා ගිණුමේ විස්තර ඉල්ලා ගන්න ( Direct bank transfer හෝ paypal වලින් ගෙවන්න පුලුවන් )
2. එම ගෙවීමේ සහතිකයේ පින්තූරයක් සමඟ ඔබේ email address එක මට message කරන්න.
3. දිනක් ඇතුලත ( පැය 24 ක්) ඔබේ email එකට අවශ්‍ය තොරතුරු සියල්ල ලැබෙනු ඇති.
එපමණයි!
- වෙනත් ඇප් එකක් හෝ මෘදුකාංගයක් අවශ්‍ය නොවේ
- ඩේටා වැඩිපුර කැපෙන්නේ නැත. සරලයි.
- E book එක expire ( කල් ඉකුත්වීමක්) නොවන නිසා පොත සැමදාම ඔබට තබාගත හැකිය.
- ඕනෑම තැනක සිට දුරකතනයෙන් පවා කියවිය හැකිය.
- ISBN සහිත කතාවක්.
ලිඛිතා මංජරී
මේවා ඒ වගේ :
උන්මාද චිත්‍රාදෝ මා,
නවකතා,
නොදන්නා මගුල් කතාකිරීම,
පණ්ඩිත කතා
Tuesday, November 9, 2021
278. කොප්පක් වත් ගහමු....
සංගීතය කියන්නේ කවදාවත් මට සෙට් උනේ නැති දෙයක්. ඒ කියන්නේ ගායන හෝ වාදන හැකියාවක් නැහැ. නමුත් මට ඒ ගැන තිබ්බේ එක්තරා උන්මාදයක්. හේතුව තමයි මගේ තාත්තා විනෝදාංශයක් විදියට ෆිල්ම්, ටෙලි ඩ්‍රාම වගේ දේවල් එකතු කරපු නිසාත්. අන්තිමේ ඕක උග්‍ර වෙලා වීඩියෝ ෂොප් එකක් දාන තත්වෙටම ආපු නිසා ඉතාම පැරණි චිත්‍රපට තිබ්බා අපේ ගෙදර. මම හිතන්නේ මම කලින් ආත්මේ බල බල හිටපු ඒවා පවා තිබ්බ.
ඒ අතරින් සුවිශේෂ වෙච්ච ජාතියක් තමයි හින්දි චිත්‍රපට කියන්නේ. කොටින්ම ඉස්සර අපේ ගෙදර ෆිල්ම් එකක් විදියට හින්දි එකක් නොබලපු දවසක් තිබ්බෙම නැතුවද කොහේදෝ. ඒ හින්දා කිරිබොන කාලේ ඉඳලා මම හින්දි සින්දු පිස්සෙක් කියලා කිව්වොත් නිවැරදි.
මේවා ඒ වගේ :
ගීත,
නොදන්නා මගුල් කතාකිරීම,
පණ්ඩිත කතා,
පිළිතුරු පෝස්ට්,
විචාර,
හිතෙන හැටි
Wednesday, December 13, 2017
162. දඩයම සහ .... | predator
නිමිත්ත: දඩයක්කරුවෙකු නොවුවද තමන් දඩයක්කරුවෙකු වීම මැනවයි සිතූ අයෙක් අහසට දුනු දියෙන් අදිනලද සිය එකම හීය මුදාහරී.
පොතේ ගුරු:
"බලන්න මිත්‍රවරුනි ඔහුගෙන් අසා.. ඔහුගේ ඉලක්කය කුමක්දැයි"
ප්‍රේක්ෂකයෝ:
"අසිරිමත් පුරුෂය... ඔබ කුමන ආකාරයක දඩයක්කරුවෙක්ද? ඔබේ ඉලක්කය කුමක් වීද ?"
මේවා ඒ වගේ :
නොදන්නා මගුල් කතාකිරීම,
පණ්ඩිත කතා,
හිතෙන හැටි
Sunday, October 1, 2017
144. දැදුරු | It must have been
නාමල් උඹ
නියම පොරක්
සත්‍ය පෙම්වතෙක්!
වසබීපු පෙම්වතී ගැන
කියපු සින්දු වලට
ඇඩුනා අපිට....
ඊට පස්සේ රුවන්තිව
බැන්ද එක - අවුලක් නෑ
වෙන මක් කරන්නද උඹ?
දසුන් උඹ
පට්ටම මෝඩයෙක් නෙව ,
ශලනි උඹ නම්
යක්සනියක් - පවුලක් කඩපු,
දැන් ඉතින්
උඹත් ඒ පවට
කරගැසිය යුතු
අසික්කිතකම් වලට
දඬුවම් විඳිය යුතු !
මේවා ඒ වගේ :
ඇත්තම කවි,
කවි,
නිසඳැස්,
නොදන්නා මගුල් කතාකිරීම
Thursday, August 3, 2017
127. විරසක සුසුම්
විරහව කොතරම් රසවත්ද?
විරහව රසවත් වන්නේ යම්සේද එපරිද්දෙන්ම කඳුල, තනිකමද එකලෙසම රසවත් මං මාවත් තනන මැවුම්කරුවෝ වැනිය. ඇඹුලති රඹ පලයක නියම රසයත්, සියලු රස එක්තැන් කල නෙල්ලි ගෙඩියකත් රස , විඳීමෙන් පමණක්ම දත යුත්තේය.
එබැවින්, විචිත්‍ර ආදරය හා කරට කර සටනක් දෙන විරහව, ගීත ලොව අරක්ගත්තේ අදක ඊයෙක නොවේ. සඳකිඳුරු වැලපුමක සිට වසර දහස් ගණනක් පුරා ප්‍රේමය හා සමව සිටි විරහව කුටුම්භගත වීමෙන් නතරවේද? සිය අභිමතයට එක්විය නොහැකි වුනු පෙම්වත් යුවලකට නම් ආදර කුටුම්භයක විරහවක් දැනෙන්නේ කෙලෙසකද?
සිය පණ හා සරි වල්ලභයා හෝ පාදපරිචාරිකාව හා අමනාපව විසීම තරම් කටුක මොහොතක් තවත් තිබේද?
Monday, May 8, 2017
103. කවුද දන්නේ නේ? I don't know who
දර්ශනය 1:
කාලය: අපෝ ගොඩක් කාලෙකට කලින්
පසුබිම: ඈතින් පෙනෙන වෙල්යායකි. හිසේ ජටාවක් බැඳගත්, අලුතෙන් ගත්තා වගේ පෙනුනත් දුර්වර්ණ සළුපිලි හැඳි , මුව පුරා රැවුල වැඩුණු , පාංශු දේහධාරියෙක් මාවතක් දිගේ පැමිණෙයි. අසල වෙල්යායේ වී නෙළන රූමත් කතකි.
අමුත්තා:
කාන්තාවගේ රුපය ගැන පිස්සු හැදෙන කවියක් කියයි.
තරුණිය:
රජතුමා උනත් ලස්සනට ලිස්සලා යන කවියක් කියල ඇඟ බේරා ගනී
( මම මේ කවිය හෙව්වා අනේ.. . හම්බුනේ නැහැ.කවුරුහරි එකතු කරනවද කමෙන්ට් එකක් විදියට)
පැත්තක තිබෙන අඹ ගස යට සිට 'සට පට' ගගා ටයිපින් ෂොට් හෑන්ඩ් වලින් ඒ කවිය ලියාගන්නා කොලයක් අතින් ගත් එකෙකි. ( කවුද නොදනී)
"හරි හරි..... එකාකුරක්කත් එහා මෙහා නොවී ලියාගත්තා.... හම්මේ ඇති යන්තම්" - ඌ සුසුම් හෙලයි.
මේවා ඒ වගේ :
නොදන්නා මගුල් කතාකිරීම,
පණ්ඩිත කතා,
හිතෙන හැටි
Thursday, March 2, 2017
69. සිංහ ලේ අපි..
කාලයක් තිස්සේ නෙවෙයි..... අවුරුදු බර ගානක විතර ඉඳලා මම හිතාගෙන හිටපු දෙයක්, හිතලා නොලියාම හිටපු දෙයක් බ්ලොග් එකක ලියන්න කොහෙත්ම කැමැත්තක් නොතිබිච්ච දෙයක් ගැන ලියන්න එකපාරටම හිතුනා.
එක වතාවක් මම 'තමිලිනි' ගැන ලියලා මේකට පොඩි පාරක් කපාගෙන ආවත්... ආයෙමත් හිත එක එක වැහිකෝඩ වලට අහුවෙලා ඒ අදහස 'දිය නොවී' යටවෙලා ගියා.
දැන් ආයෙමත් ලියන්න හිතෙනවා.
අවවාදයයි: තමන්ගේ මතය තමන්ට වටිනවා වගේම, අනෙක් කෙනාගේ මතය අනෙකාටද වටී. මම ලියන ජේද තුන හතරෙන් ආකල්ප වල මහා පෙරලියක් වන්නේත්, ඔබේ නිහඬ බවෙන් සෙතක් වන්නේත් නැත. අදහස් මිස පුද්ගල මතගැටුම් නොහොබිනාය. මොකද, අපි මෙතරම් කාලයක් කරමින් හිටියේද එයයි.
මම නොදන්නා කාලයකදී නිලවශයෙන් රටේ 'ජාති' දෙකක මිනිස්සු එකිනෙකා මරාගන්න පටන් අරගෙන, වීරයින් බුරුතු පිටින් බිහිකරමින් පැවතිලා මේ වනවිට වීරයින් ඉස්මොල්ලේ යන තරම් ගානක් හිටියත් තවමත් අපි මරාගන්නවා.
දෙමළ - සිංහල ගැටුම කියන්නේ මොකද්ද?
මෙතෙක් කියවපු සහ අහපු දේවල් අනුව මට නම් ඇත්තටම හිතේ තියෙන්නේ පුදුම කලකිරීමක් අපේ වැඩිහිටි පරපුර ගැන. ඔවුන් විසින් නිර්මාණය කරපු මේ සැරව පිරුණු තුවාලය දැන් කහන්නේ අපේ පරපුර. කවුරුත් ඒ තුවාලයට බෙහෙත් දානකොට ඇතුල සුද්ද කරන්නේ නැහැනේ. ( කරුණාකර දේශපාලනය, දේශපාලකයෝ ගැන කතාකරන්නවත් එපා. ප්‍රශ්න බිහිකරන්නේ එයාල කියල කතාව යටගහන්නත් එපා. ගින්නක් උනත් වතුරේ පත්තු වෙන්නේ නැහැනේ, දර නැතුව)
සිංහල ජනයා විසින් දෙමළ ජනයා කෙරෙහි පතුරවමින් පැවතුන ඒ දුෂ්ඨ ක්‍රියාවන් නිසාම තමයි මේ හැම දෙයක්ම සිද්ද වෙන්න ඇත්තේ සහ තවදුරටත් සිදුවෙන්නේ. ඒකම තමයි අද වෙනකොට මුස්ලිම් ජනයා කෙරෙහිත් පැතිරිලා යන්නේ.
යුද්ධයක් තිබුණාය කියල හිතන්නකෝ, අපි දැන් තාමත් තලුමරනවා ප්‍රභාකරන් ඝාතනය කලාය , ඊළම පැරදුනාය කියලා. මට නම් මේක මහා විහිළුවක්. ආයුධය නැතුව උනත් අපි හැමෝම මානසිකව තාම යුද්ධ කරනවා නේද?
පොඩ්ඩ ඇත්තම් 'පර දෙමළා, හම්බයා' කියමින් ඒ වෛරය නිදහස් කරන්නේ තාමත් එහෙම නිසයි. අපි හැමෝම කරන්නේ බොරුවක්! නිකමට හිතන්න අවුරුදු ගානක් තමන්ගේ කියල හිතාගෙන හිටපු පවුලකින්, එකපාරටම කිව්වහම 'උඹ අරන් හදාගත්ත එකෙක්' කියලා..... දැනෙන හැඟීම!!
ඇත්ත... සමහර වෙලාවල් වලදී ඒ ඒ ජනකොටස් කරන වැඩ බැලුවහම බලයක් පතුරවනවා කියලා හිතෙනවා. නමුත් ඒකට වියරු වැටෙන්නේ මොකටද? ගමක් ගත්තහම කෝවිලක්, පන්සලක් සහ පල්ලියක් කියන තුනම තිබ්බනම්.... බෞද්ධ අපි විතරක් ඇයි හන්දියක් ගානේ පැලවෙන කපුටු බෝගස් වලට පවා බුදුපිළිම තියාගෙන දඟලන්නේ? ඒක ආගමික අන්තවාදය!!
ලොකු විනාසයකින් පස්සේ උනත් පාඩමක් ඉගෙන ගන්නේ අයට කොහොමත්ම පාඩමක් ඉගෙන ගන්නත් බැහැ. ජපානයේ බෝම්බයෙන් සියල්ල සුන්නත්ධුලි උනාට පස්සේ ඔවුන් අවුරුද්දක් වත් අඩුම තරමේ ඇමරිකාවට විරුද්ධව පෙළපාලි, හර්තාල් කළා කියල මම අහලා නම් නැහැ ( එහෙම දන්නා අය වෙතොත් මාව දැනුවත් කරත්වා) නමුත් අපි??????
දශක තුනක යුද්ධයකින් පස්සේ තාමත් ඒකෙ අහුකොන් හොයමින් ගැටෙනවා. ආයෙත් යුද්ධයක් ඇතිකරලා අපේ ඊළඟ පරම්පරාවට කහන්න තුවාලෙට ඉහඳ පනුවෝ දානවා. ඇයි මේ?? මේකද අපේ සමාජ වගකීම?
තමිලනි ලිව්වා...
ඒ තමයි එයා යුද්ධ කරපු හැටි. සිංහල අපි පවා කියෙව්වා. ඒකෙ සිංහලයින්ට දීපු වද සහ දෙමල මිනිසුන්ගේ කෘරත්වය පීරමින් කියවන්න උත්සහ කළා.
ඒත් තමිලනි ලිව්වේ නැහැ....
ඒ තමයි ආයෙමත් ඒ කැඩුණු තැන වහගෙන ඉදිරියට යන්නේ කොහොමද කියල. දෙමළ ජනතාව ඒකට සුදානම්ද කියල.....
අපේ කට්ටියත් ලිව්වා...
ඒ තමයි අපිත් යුද්ධ කරපු හැටි. 'අපේ' මිනිස්සු කොටින්ගෙන් මැරුම් කාපු හැටි. ගම් පිටින් කැතිගාපු හැටි. 'අපේ' විරුවන් කොටින්ට ප්‍රහාර එල්ල කරපු හැටි! ඒ කතාවල අපිට ඕනේ ජවය; වීරත්වය ඇතිතරම් තියෙන නිසා සිංහල 'අපිට' සන්තෝසයි. ඒවා සාක්ෂි කරගෙන අපි උදම් අනනවා තාමත්...
අපේ කට්ටිය ලිව්වේ නැහැ...
ඒ තමයි මෙහෙම යුද්දෙකට ආයෙත් නොයන්න 'අපේ' මිනිස්සු අතින් වෙන්න ඕනේ මොනවද කියන එක. සොල්දාදුවෝ කියන්නේ කුලියට මිනීමරන තත්වයක් වෙන්න ඕනේ නැහැ කියන එකට අපි සූදානම්ද කියන එක ? මේ සංහිදියාවට අපෙන් ලැබෙන්න ඕනේ දේ අපි දෙනවද කියන එක....
මේ කිසි දෙයක් කිසි කෙනෙක් කරනවා මම දැකලා නැහැ. යුද්ධයකින් පස්සේ වෙන්න ඕනේ මොනවද කියන එක ගැන මෙලෝම දැනුමක් ඇත්තෙක් අවාසනාවට ලංකාවේ ඉතිරිවෙලා ඇත්තේ නැති තරම්....
අදටත් මම දකිනවා සාමාන්‍ය අපි අතින් වෙන නොයෙකුත් අසික්කිත ක්‍රියාවන්. ඒවා නින්දිතයි. උදාහරනෙකට කියන්නම්.. මම හොඳින්ම දන්නා ආයතනයක එදිනෙදා පිරිසිඳු කිරීම් කරන ගැහැණු කෙනෙක් ඉන්නවා. ඇය කතාකරන්නේ සිංහල. ඇය සමඟ වැඩට දෙමළ භාෂාව කතාකරන තවත් ගැහැණු කෙනෙක් ගන්නවා. දැන් 'අපේ' සිංහල එක්කෙනාට ඕක ඉවසන්න බැහැ. හැමදාම අර මනුස්සයාට විරුද්ධව නඩු. දෙමල ගැහැණු එක්කෙනා තමන්ගේ පාඩුවේ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් වෙලත් සිංහල කෙනාට ඇයව ඇහේ කටු වගේ. මුකුත්ම චෝදනාවක් නැති දවසට දුවන ඇගේ තැටිය තමයි..
".... මුන් කොටියෝ.. අපේ අහිංසක කොල්ලෝ මරල, කැති ගාල ඉන්න මුන්ට හෙන හතම ගහන්න ඕනේ අම්මප"
ඒකට මට හිනාවෙනවද අඬනවද කියල හිතාගන්න බෑ. ඔන්න අපේ දේශප්‍රේමය!!
මේකේ අනික්පැත්තත් ඇති.
මම දෙමළ කතාකරන හින්දු; මුස්ලිම් ආගමිකයින්ට ඇත්තටම ආදරෙයි. උන් වෙනස් තමයි. ඉතින් ඒ වෙනස මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙන වෙලාවට මම ඒ බව අඟවනවා මිසක් 'කැතිගාන්න' සමුලඝාතනය කරන්න හිතන්නේ නැහැ. හිතන්න ලෝකේ ඉන්නේ එකම ජාතියක් නම් ඒක කොතරම්ම බෝරින්ද කියල?
එහෙමයි කියල මම දමිළ කතාකරන හින්දු ; මුස්ලිම් ආගමික ජනයා එක්ක 'සංහිදියාව' (වැඩියෙන්ම අවභාවිත වෙච්ච වචනයක් නිසා තේරුම මුල සිට සරලව ඉගෙනගත යුතුය ) කියන්නේ විවාහ ගනුදෙනු කියන්නේ නම් නැහැ. උන්ට උන්ගේ පාඩුවේ විවාහ වෙන්න ඉඩ තියෙන්නත් ඕනේ. සංහිදියාව වෙන්නේ විවාහ වලින් නම් මොනතරම් දෙයක්ද? කොටිම්ම අපේ සිංහල අය අතරෙත් උඩරට- පහතරට කසාදවල තියෙන ගැටුම් බැලුවම සංස්කෘති දෙකක් එකතු උනාම මොන තරම් අවුලක් ඇතිවෙන්න පුළුවන්ද ? ඒ නිසා එහෙම විවාහ ගනුදෙනු වලින් නෙවෙයි මේක විසඳෙන්න ඕනේ. අතේ ඇඟිලි පහ විවිධාකාරයි වගේ, ඔවුන්ගේ විවිධත්වයට ගරු කරන සමාජයක් තමයි 'හදාගන්න' ඕනේ.
එතැනදී වගකීම 'මගේ'
එකිනෙකාට ගරු කරනවා නම් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. වැඩිහිටි පරපුර කඩු -මන්නා වලින් උත්තර දීලා දැන් ඉන්න තරුණ පිරිසත් ඒ විදියට තමයි උත්තර හොයන්නේ.
සැකයක් නෑ.. මේ විදියට ගියොත් අපි ආයෙමත් වාර්ගික යුද්ධෙකට යනවා. සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ධෙ එපා උනාට දේශපාලකයින්ට ඒක හිඟන්නාගේ තුවාලේ.....
තේරුම් ගන්න මේ මොහොතේ වත්!
මේවා ඒ වගේ :
නොදන්නා මගුල් කතාකිරීම,
පණ්ඩිත කතා,
හිතෙන හැටි
Subscribe to:
Posts (Atom)


