Showing posts with label නිදහස් කතා. Show all posts
Showing posts with label නිදහස් කතා. Show all posts

Monday, May 22, 2017

107. වරල් සැලුණු අතීතේ

මම ආසම කරන දේවල් මොනවද කියල ඇහුවොත් ඇත්තටමට මම 'ආසම නැති' ප්‍රශ්නයක් තමයි ඒක. මොකද එහෙම එකක් දෙකක් නැහැ....

උදාහරනෙකට ගත්තොත්...

කන්න ආස මොනවද කිව්වහම..
ඔන්න ඉතින් අඹ, අන්නාසි, මැන්ගුස් , වරකා, නාරං , අමු සියඹලා, ඇඹරල්ලා, ජම්බු, දොඩම්, ජම්බෝල, කොට්ටම්බා මදේ විතරක් නෙවෙයි වට්ටක්කා ඇට මදේ පවා ඉඳලා, පැලපි දක්වාම ගිහින්... ආ.. ඒ පලතුරු සෙට් එක විතරයිනේ!

තව ඉතින් කඩචෝරු කිව්වහම බිත්තර රොටියේ ඉඳන්, කොත්තු රොටි, ඇරබික් රොටි විතරක්ද.. බුරියානි, නාසුගුරාන් වගේ විකාර කෑමත් එක්ක සැලඩ් ජාති, බර්ගර්, සබ්මැරින් ( නෑ නෑ .. වෙලාවට ඒවා මුහුදේ යන ඒවා නෙවෙයි.. ඒවත් ළඟදීම කන තරමට තත්වේ උග්‍ර වෙලා) , ශවර්මා , තොසේ, වඩේ , පරෝටා, ඉඩ්ලි ( කතා කරන්න බෑ , කෙල උනනවා) එක්කම ඔක්කොම ඉන්දියන් කෑම ජාති එක පේලියට එන්නේ හරියට අර හත්පෙති මලේ පෙත්තක් කඩලා ලෝකේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩු ඉල්ලුවාම ඒවා ගඟක් වගේ ගලාගෙන එන විදියට! ඇයි අනේ ලිට්ල් ලයන් චොක්ලට් රෝල්!! ( ආ සොරි වෙන්න ඕනේ.. ලිස්ට් එක කියලා ඉවර උනා කියලත් අමතක උනා)

ඔන්න ඉතින් බලන්නකෝ ආස දේවල් කියන්න ගියාම වෙන නස්පැත්තිය! ඉතින් 'ඊයා... ඕනෙම දෙයක් ප්‍රමානෙට කරන්න' කියලා පිළිකුල් කලාට මම එහෙම්මම නරක ළමයෙක් නෙවෙයි...!

ඇති නේද මගේ බඩජහරි වරුණාව ? වැඩේ කියන්නේ මම ලියන්න ආවේ කෑම ගැන නෙවෙයිනේ!

මම ලියන්න ආවේ මගේ 'සරුංගල් අතීතේ' ගැන!
(දැක්කා නේද? සයිටම් ගැන කියන්න ගියාම අප්පොච්චි ගැන ලියනවා වගේ, දැක්ක නේද ගැලපුම?)

මම දන්නවා, මේ සරුංගල් කාලේ නෙවෙයි කියලා. අවුරුදු කාලේ හිතාගෙන හිටියා අවුරුදු ගැන ලියන්න.. කෝ කොහෙද මේ අවුරුද්දේ මට අවුරුදුත් නැති උන නිසා කිසිම මුඩ් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ වෙසක් කාලේ ගැනත් තිබ්බා රස වෑහෙන අතීත කතා පොට්ටනියක් දිගාරින්න. ඒකටත් ඉස්පාසුවක් නැති උනානේ. ඒ නිසා මම හිතුවා සීසන් එක එන්න කලින්ම පොස්ට් එක කොටලා දානවා කියල.

Wednesday, July 13, 2016

13. පොල්සම්බෝලෙන් කරන්ට්

මේක මේ ජෝක් කතාවක්ද කියල හරියටම කියන්න බැරි උනත් ඔෆිස් කතාවක්.



මගේ අතිජාත මිත්‍රයෙක් එක්ක මම කාලයක්  ගාලු පාරේ තිබ්බ කොම්පැනියක වැඩකලා. ඒ කොම්පැනිය ඒ දවස්වල තිබ්බේ කොල්ලුපිටිය හරියට වෙන්න, දැන් නම් පතරංග, අලුත්ම අලුත්, කිරිටොය්යා බිල්ඩිමකට අරගෙන ගිහිල්ල තියෙන්නේ. මම මේ කියන දවස්වල රෙන්ට් එකට තමයි හිටියේ. ඉඩපාඩු හොඳටම මදි උනත් ඉතින් වැඩේ කරගෙන ගියා.

මේ බිල්ඩින් එක උනත් තරමක් ලොකුයි.  තිබ්බ බිල්ඩින් උනත් අහස උසට හදල තිබ්බේ ඉඩපාඩු නැති නිසාමයි. ඒ ඔක්කොම අස්සේ අර ලබ්බේ තොවිලේ වගේ මුඩුක්කු ටිකකුත් තිබ්බා. කොටිම්ම පුංචි දොරක් වගේ එකකින් ගාලු පාරට ආවට ඇතුලට ගියාම බලන්න එපැයි , අර ලෝක ගොලේ මැද්දේ තියෙනවය කියන ජාතියේ වෙනස්ම ලෝකයක් වගේ එකක්. ඒ ලෝකේ සාලේ බඩු ඔක්කොම තියෙන්නේ පාරේ. ළමයි කන්නේ, පාඩම් කරන්නේ තවත් එකී, නොකී සියල්ල කරන්නේ පාරේ. අපේ බිල්ඩිමේ උඩ තට්ටුවට ඒ ගෙවල්වල සිද්දවෙන ගොඩක් දේවල් පේනවා.
Related Posts Plugin for WordPress, Blogger...