Showing posts with label පිළිතුරු පෝස්ට්. Show all posts
Showing posts with label පිළිතුරු පෝස්ට්. Show all posts

Tuesday, November 9, 2021

278. කොප්පක් වත් ගහමු....




සංගීතය කියන්නේ කවදාවත් මට සෙට් උනේ නැති දෙයක්. ඒ කියන්නේ ගායන හෝ වාදන හැකියාවක් නැහැ. නමුත් මට ඒ ගැන තිබ්බේ එක්තරා උන්මාදයක්. හේතුව තමයි මගේ තාත්තා විනෝදාංශයක් විදියට ෆිල්ම්, ටෙලි ඩ්‍රාම වගේ දේවල් එකතු කරපු නිසාත්. අන්තිමේ ඕක උග්‍ර වෙලා වීඩියෝ ෂොප් එකක් දාන තත්වෙටම ආපු නිසා ඉතාම පැරණි චිත්‍රපට තිබ්බා අපේ ගෙදර. මම හිතන්නේ මම කලින්  ආත්මේ  බල බල හිටපු ඒවා පවා තිබ්බ.

ඒ අතරින් සුවිශේෂ වෙච්ච ජාතියක් තමයි හින්දි චිත්‍රපට කියන්නේ. කොටින්ම ඉස්සර අපේ ගෙදර ෆිල්ම් එකක් විදියට හින්දි එකක් නොබලපු දවසක් තිබ්බෙම නැතුවද කොහේදෝ. ඒ හින්දා කිරිබොන කාලේ ඉඳලා මම හින්දි සින්දු පිස්සෙක් කියලා කිව්වොත් නිවැරදි.

Friday, September 1, 2017

132. කෙටි කවි වලට - ලුණු කවි






ලුණු කැවුණු වතුරක්
ගැම්මක් ගනී තව වරක්...

වෙරළක්
වෙරළ'ත දුරින් සිප්පියක්!


p.s.

ඔව් ඉතින් එයා තමයි. මෙන්න මෙතන තමයි මුල්ම කවිය. ඔන්න මම දන්නේ නැහැ මම ලිව්වේ උත්තරයක් විතරයි 

Sunday, July 23, 2017

124. පැටලෙමි | It must have been...




අයිතියක් කුමටද
උරුම නම් යම් දෙයකට ?
නොපා දෑතම හකුලා
උන්නු හින්දා නොවද
පරවෙන්න බලාගෙන
තුරුළු පැතුවේ
වෙන උරෙක ?

දැන් ඉතින් බලා සිටිය යුතු
උඹට හිමි
ආදර ගීත - පාවෙන අයුරු ,
හාදු වැසි - කොපුල් පැහැකරන'යුරු
වලාකුල් වල පැටලී !

Thursday, July 13, 2017

121. දිශානති | forced to box the compass





මාලිමා නැතුව ඇවිදින
පුංචි දේටත් මගේ හාදු ඉල්ලන
අහම්බකාරකයකි උඹ
කුළුණක් වගේ උන්නට...



p.s. මේකත් අර රයිටරේගේ මෙන්න මේ පෝස්ට් එකට ලියපු එකක් 

Monday, May 29, 2017

109. රෙදි බෝනික්කාගෙන් - නොසැලකිලිමත් කෙල්ලට







පෙම් කරමි මම
මේ ලිනන් හදවතින් ඔබට..

නොදනිතත් ඔබ
මේ කිළුටු ; උජු දෑතම
සැලෙන'යුරු
ඔබ යකඩ පහසින්..
ලෙසම මේ
නීල - බොඳ දෑස මුවාකල
කඳුළු වියලී
බැඳී යන'යුරු
ඔබ වෙනස්වන මොහොතින්...

ලොවම නිදන රාත්‍රිය
මා ඔබ දෙසම බලා හිඳින,
නොදනිතත් ඔබ
ඔබ සුසුම් විඳින බව
මා මුවින්....

එලෙසම
සිරව ඇති මැසූ මුව තුලම
මහද රැඳි
ආදර වදන් සියල්ලම....

ඔබ නොදනිතත්...!













Inspired by : රෙදි බෝනික්කාගෙන් අපරික්ෂාකාරී දරුවාට by Hot Chocolate 


Original : 


Rag Doll to the Heedless Child 
I love you
with my linen heart.
you cannot
know how these
rigid, lumpy arms
shudder in your grasp,
or what
tears dam up against
these blue eye-smudges at
your capriciousness.
At night I watch you sleep;
you’ll never know
how I thrust my face
into the stream
of your warm breath;
and how
love-words choke me behind
this sewn-up mouth.
— David Harsent




ප.ලි: ඔරිමජිනල් කවිය කියෝලා මාව ඌයියා උනා. ඒ හින්දා ලියාගන්න බැරි උනා හරියට. බෝනික්කන්ට හිතක් තියෙනවා කියලා මම තාමත්, දැනටත් , තව ඉස්සරහටත් තදින් විස්වාස කරනවා. ඒ නැති උනත්...... මේ කවියේ ප්‍රස්තුතයට විතරක්  නෙවෙයි,යටිපෙලටත් මම තදින්ම කම්පනය උනා.


අද දවස නම් වැහිබර; දුක්බර වෙයි වගේ 
Related Posts Plugin for WordPress, Blogger...