Sunday, July 14, 2019

221. සුහදිනියේ - 24 | අවදානම් ක්‍රියාන්විතයක්, මධුලිකා සතුරන් අතට හසුවේද?

කලින් කොටසට 


ආරක්ෂක නිලධාරියා බියපත්ව මා දෙස බැලුවේ මේ අවේලාවේ මෙවන් තැනක කුමක් කරනවාද යන සැකයෙනි. සෑහෙන දුරක් පයින් දිව ආ බැවින් පළමුව අසද්දී මහන්සියට මගේ හුස්ම වැටුනේ කඩින් කඩය. මම ලොකු හුස්මක් ගෙන නැවතත් මගේ ප්‍රශ්නය ප්‍රතිරාව කලෙමි.

"ගෝමස් ඉන්නවද?"

"ගෝමස් කියන්නේ කවුද? මහත්තය කවුද?"

"එතකොට අද රෑට සෙකියුරිටි ඉන්නේ ගෝමස් නෙවෙයිද?"

"ඒක නම් මම දන්නා නැහැ මහත්තය. අද මේ දැන් මම ඉන්නේ! වෙන කවුරුත් නෙවෙයි.. "

ආරක්ෂක නිලධාරියා අතිශය කටුක ලෙස කතාකරන්නට විය. මහා රාත්‍රිය මධ්‍යයේ හැකි උපරිම කෙටි පාරවල් හරහා මම විද්‍යාලය තෙක් පයින්ම පැමිණියේ ඒ මොහොතේ තත්වය අනුව මට කරන්නට යමක් නැති බැවිනි.

Tuesday, July 9, 2019

220. සුහදිනියේ - 23 | විරංග ගැන රහසක්! අනතුරක සේයාවක් ඉව වැටෙයි

කලින් කොටසට 




බැංකුවෙන් පිටත්ව මම කෙලින්ම අවන්හල වෙත ළඟාවන විටත් තාරුක අයියා එහි පැමිණ සිටියේය. ඈතදීම මා හඳුනාගෙන ඔහු සිටි රවුම් ලී මේසය වෙත ගෙන්වා ගන්නට අත වනනවිට, ඔහුට පිටුපසින් මුහුදේ කෙළිදෙලෙන් දඟලන කුඩා දරුවන් පිරිසක් ඇස ගැටුණි.

මම ඒ දෙස බලාගෙනම තාරුක අයියාට අතට අත දී පිලිගතිමි.

"බැංකුවෙන් ගත්තා විස්තර ටික"

මම ජයග්‍රාහි බවින් පවසමින් තාරුක අයියා අත ලියකියවිලි කිහිපය තැබුවෙමි. ඔහු ඒ දෙස බලා සිටිනවිටම ඇස් දිලිසී එනු මට පෙනුනි.

"හ්ම්ම්... මේ තියෙන්නේ බඩු ! "

"මම කිව්වේ... ඔහොම තමයි වෙන්න ඇත්තේ කියලා "

"උඹ දැන් මොකද්ද කරන්න හදන්නේ?"

මම කල්පනාවට වැටුනෙමි.

Thursday, July 4, 2019

219. සුහදිනියේ - 22 | අළුත් ප්‍රේහෙලිකාවක! තීක්ෂණ අභියෝග අතර මැදිව

කලින් කොටසට 


ඇඳුම් සාප්පුවේ ඒ මේ අත ඇවිදිමින් මම හැකි අයුරින් ඇඳුම් තෝරා ගතිමි. මධුලිකා සමඟ පැමිණ ඇඳුම් මිලටගන්නට ඇත්නම් කියා මට සිතුනු වාර අනන්තය. උපන්දිනයදා ඈ හැඳ උන් ගවුමේ තව පැහැයක් සෑහෙන උත්සහයකින් පසුව සොයාගන්නට මට හැකිවිය. කොට ඇඳුම් සියල්ල මම සිතින් ඈට අන්දවා බැලුවෙමි. දිග කලිසම් පහ හයක් මිලට ගත්තේ මම නොමැති වෙලාවට අඳිනු ඇතැයි සිතමිනි.

මේ කුමන විකාරයක්ද කියා මට වැටහෙන්නේ නැත. මම සිටිනා විට කොට ඇඳුම් අඳින්නට කියා කියන්නේ කෙලෙසද? මගේ සිත ඇත්තටම සිතන්නේ කුමක්දැයි මටම නිනව්වක් නැතුවාසේය. මම මධුලිකා විරංගට භාරකරන්නට... නැත මගේ සිත එලෙසින් සුදානමක් නැත. එය මධුලිකා තීරණය කරනු ඇත. ඒ සඳහා මම ඈට වඩාත් හොඳින් සලකන්න පටන්ගෙනද?

මට තරමක ලැජ්ජාවක් දැනුනි. ඇය දිනාගන්නට කියා මම ඇයට බොරුවක් කරනවාද? නැතිනම් කවරදාකවත් මම තරුණියක් මෙලෙස සැලකිල්ලෙන් රැකබලාගැනීමක් සිදුකොට නැත. එය මගේ ස්වභාවික තත්වයක් නොවේ. එසේ නම් මම මේ ඇයට කරන්නේ වංචාවක්ද?

Sunday, June 30, 2019

218. සුහදිනියේ - 21 | සතුරන් සමඟ එළිපිට සටනට







කලින් කොටසට 


"නිමන්ති...?"

"ආ... තීක්ෂණ.... කියන්න"

"මධුලිකා එක්ක..."

"...........................??"

"............................"

"ආ... මම එයාව ඇරලුවා ෆ්ලැට් එකට..  "

"......................."

"අපි සැලෝන් එකට ගියා"

"හරි"

සැනින් මම ඇමතුම විසන්ධි කලෙමි. එසේනම් මධුලිකා විරංග සමඟ ගොස් නැත. රුපලාවන්‍යාගාරයට යන්නට ඇත්තේ කාට පෙනෙන්නට හැඩ වෙන්නද? ඊර්ෂ්‍යාවෙන් කොල පැහැ ගැන්වී ඇත්තාක් මෙන් මට දැනෙන්නට විය.

ඔරලෝසුවේ කටු ගනිමින් මම හොරගල් අහුලන්නට වීමි. මම තව හොරාවක්ත් විනාඩි හතලිහකින් යා යුතු ගමනක් ඇත. තාත්තාට හසු නොවී සිටීමෙන් එය බාධාවක් නොකර සිදුකරගත හැකිවනු ඇත. තාත්තා මා සෙවීමක් නොකොට පිටත්වනු මට ඇසුනි.

සැනෙකින් පතොරොම් හතරක් සහිත රිවෝල්වරය ඉනේ සඟවාගත් මම  එළියට බැස්සේ ඒ අවසරයෙනි. මගේ ගමන බොහෝ කලබලකාරී වන්නට ඇත.

Thursday, June 20, 2019

217. සුහදිනියේ - 20 | අනපේක්ෂිත දෙයක්! තීක්ෂණ කුමක් කරයිද?





කලින් කොටසට 

පෙරදිනයේ කරන ලද වික්‍රමාන්විතය අවසානයේ සුදම් වෙත රඳවා තබා සිටි චාපා, පසුවදා සුදම් පාසලට හැරලවන අතරමගදී, නිවසට ඇරලවන්නට හැකිවිය. ඒ සඳහා සෑහෙන කල්පනාවෙන් වැඩකටයුතු කලයුතු විය.

අම්මාට චාපා අඳුකොළ වී ඇති සෙයකි. නිවසේ විසල් බව නිසා කිසිවෙකුට නොදැනෙන පරිද්දෙන් ගමන් කිරීමේ ක්‍රියාවලිය මම ඉගෙනුම් චර්යාවක් ලෙස කුඩා කල සිටම ප්‍රගුණ කර තිබීම සැම අතින්ම ප්‍රයෝජනවත් වුයේය. මුළුතැන්ගෙය දෙසට ගොස් ඔත්තු බලා ලත් අවසරයෙන් චාපා ජීප් රථයට නංවා ගන්නට හැකිවිය. චාපා සමඟ තනිවීමට මට අවැසි නොවුණු බැවින් මම සුදම් පාසලට ඇරලුවේ ඇය නිවසට දැමීමෙන් පසුවය.

"මොනාද ගෑනි ඊයේ කිව්වේ?"

චාපා බිමට බැස දොර වසා, පුම්බාගෙන ගිය පසු මම සුදම්ගෙන් ඇසුවේ වාහනය හසුරවන ගමන්, සැහැල්ලුවෙන් මෙනි. සුදම් එකවරම පිළිතුරක් නොදුන් බව නම් මතකය.

".... මට බැන්නද? අවුලක් නැහැ... වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැනේ"

"උඹ චාපාට 'චීට්' කරනවද?"

මට සිනහවක් නැගුනා මතකය.

"ඒක කැෂුවල් රිලෙෂන්ශිප් එකක්.. චාපා සීරියස් අරගෙන. ටික දවසකින් හරියයි.."

සුදම් ඉන්පසු කිසිවක් නොකී බවත් , අප දෙදෙනා දෙදෙනාගේ පුද්ගලික ලෝක වල දොඩමළුව සිටි බවත් මතකයට නැගුනේ , ඉන්පසුව අප අතර සිදුවූ කිසිවක් මතකයට නගාගත නොහැකි බැවිනි. ඇත්ත වශයෙන්ම මම සිටියේ මධුලිකා ගැන සිතමිනි.

නැවත නිවසට පැමිණ ලබාගත් නින්දෙන් පසුව මම යථා තත්වයට පත්වුයෙන් සහ හදිසි ඉවකින් මෙන් විරංග සොයා ගියෙමි.

මේ සියල්ල උඩු යටිකුරු වුයේ ඒ ගමනින් පසුවය.

Thursday, June 6, 2019

216. ලාබයක් නැති ආදරේ | pure love?



හොඳටෝම වෙහෙසවී
එයා එනකොට ගෙදර,
ජනේලෙන් බලාගෙන
ඉන්නවා දුකෙන් මම...

කකුල උඩ - නිකට
ඇස්දෙක ඔහුගේ - ඇස්වල
හොයනවා මම
'කෝ දැන් ඇතිය' කියනතුරු
(පොඩ්ඩක් තරහ ගත්තද.)

එලෙව්වට වතාවක්
දන්නවා ආයේ හැරී බලනවග ,
ඉතින් මම පස්සෙන්
එනව ඇඳ ගාවටම...

'අද දවස කොහොමද?
ඔයා උන්නම හදවතේ
මට නම් නෑ කිසිම පාළු...
දැක්ක එක ලොකු දෙයක්
මාත් එක්කම නේද යාළු ?'

කමක් නෑ හෙට උදේ
බත්ම කනවා ඔන්න..
මට බෑනේ කන්න දැන්
එයාටත් ඇති බඩගින්න..

මොකක් තිබුනත් ඉතින්
ඔයා මගෙනේ ඉතින්!



~~~ බල්ලෙකුගේය මේ හදවත





පසුව ලියමි : තදේටම උණ. මම කිව්වේ බල්ලෙකු නැති එකට සාංකාව.... උන් කොච්චර ලෙන්ගතුද...? ආදරේ උතුරා යන පොට්ටනි වගේ බල්ලෝ ඉන්න ලෝකේ ඉන්න ඔක්කොටම මම පැලෙන්න ඉරිසියයි! ඉරිසියයි කිව්වම පුදුම ඉරිසියයි......

Wednesday, June 5, 2019

215. ගිණුම | Lovemoney



ගණකාධිකාර තුමණි,
සත්තමයි මේ කියන්නේ..

කිසිම ගණුදෙනුවක්
කෙරුන්නෑ - මාස ගානකට.

ගනු කියා සැරසුනත් - අබග්ගය
දෙනු කියා කිව්වමුත් - අනතුරුය

මේ ගිණුම පෙරදිනේ
දවසකට විසි තිස් පාර,
නෑ! සමහර වෙලාවට
පැයකටම හත් අට පාර..
එහාටයි මෙහාටයි
ගණුදෙනුම කලානේ!
ඕන් ලයින් - ඔෆ් ලයින්
හර - බැරම කීයක්ද?

ඔබතුමාත් වතාවක්
අනතුරු ඇඟව්වත් එක්ක!

ගිණුම් දෙක තුනක් නෑ
එකම ගිණුමයි ඇත්තේ,
සන්තකේ මම දැම්මේ
මේ ගිණුමේ තමයි මයි!

පොඩ්ඩකට පුළුවන්ද
ලිපියකින් වගේ මට ,
ඔබතුමා ඉල්ලලා
යවන්නට...
දරුවන්ගේ තාත්තට
ගිණුම ගැන මතක්කොට!

- ආදර ගිණුම - හදවතේ ශාඛාව




Related Posts Plugin for WordPress, Blogger...