Thursday, October 18, 2018
192. සරළුවකට වඩා || nothing more in life than a spoon
විටෙක මා සිත කියයි
හැන්දක් පමණක්ය අවැසි මට ජිවිතයට...
හැකිය මට බුදින්නට අහර,
නැතිනම් බොන්නට මට නියමිත බෙහෙත.
තැලිය හැක නිදන මැස්සන් සැනින්,
නැතිනම් ගන්නට අවධානය මේසයට තට්ටුකල මොහොතින්.
පුලුවනිය දිගුකර චෝදනා කරනට දෙවියන්ට,
එලෙසම අනින්නට ඇතිතරම් හිස් අවකාශයට.
බැලියහැක හැන්දෙහි කැටපතින් මගේ කුඩා මුහුණ
දිදුලන අයුරු එහි මුහුණතින්,
නැතිනම් වසා දැමුමට එකැසක්
ලොවෙන් අඩකුත් අතුරුදන් වනතුරු.
හැන්දකින් හැකිය මට
නිදහසට ඇති බිංගෙය කණින්නට,
හැන්දක් පුරා කසළද
සඳ එලිය එකතුකළ ජිවිතයද
කෑලි කපන අඳුරට
දමාගැසිය හැකිය මට!
Oroginal Poem:
Richard Jones | The Spoon
Some days I think I need nothing
more in life than a spoon.
With a spoon I can eat oatmeal,
or take the medicine doctors prescribe.
I can swat a fly sleeping on the sill
or pound the table to get attention.
I can point accusingly at God
or stab the empty air repeatedly.
Looking into the spoon's mirror,
I can study my small face in its shiny bowl,
or cover one eye to make half the world
disappear. With a spoon
I can dig a tunnel to freedom,
spoonful by spoonful of dirt,
or waste life catching moonlight
and flinging it into the blackest night
Inspired by:
https://hotchocolatedays.blogspot.com/2018/10/blog-post_17.html
Wednesday, October 17, 2018
191. හිරවරණ || Umbrella
තණපත් අතර රැඳී
පිණිබිඳු සදිසි - පෙම
හිරු දකින සැනෙකින්
අතුරුදන් උන.....
මියයන්න පතාගෙන
වීසිකල කියා හිතෙන
දැව කොටය මත,
දිදුල දිදුලා
මා වෙනුවෙන්ම
ඒ දිය බිංදු රකින
හිරවරණ ලෙද!
~~~~මන්ජි
සුබපැතුම් !
Monday, September 24, 2018
190. ඉරිමා..
උතුරා නොයයි හදවත
දෝතින්ම ගෙන සිඹිනවිට
තොල්පෙති සැලෙයි - නෑ හදවත!
නොදනිත් නුඹේ මිහිමත
පෙම්වතියන්ගෙ පරණ වතගොත,
කුමකට ඉතින් හිතනවද?
අයිති වී ඇත - මගේ රජු මට!
Tuesday, August 7, 2018
188. නෑ || disconnected
දුරබනුව උඹ
ගොළුය ; බිහිරිය; අන්ධය...
මේ මහා කලබල
දවාලද , රෑක මෙන් නිසලය...
හිස පොවන හැම අතම
අළුය ; දුඹුරුය ; වියළිය...
ඒ පාර,
මල් වැටුනාට
හොඳටෝම අඳුරුය...
මේ කවි අතර
හිරකර නුඹ
තබාගන්නේ හේතු ඇතුවය...
~~මන්ජි
Tuesday, July 24, 2018
187. ඉදිබු || fraud
පුංචි රෙදි මල්ලකි
අතරින් පතර
මැහුම් දෙක - තුනකි ;
පතුලේ
කාසි දෙක - තුනකි ;
කොන්දොස්තර ඇසෙන්
සැඟවෙන - ලපටි දෙනෙතකි !
Monday, July 23, 2018
186. අයිතිකාරි || suger lil
දඟකාර පොට්ටනිය උඹ
තත්පර දෙක තුනක්වත්
එකතැන නොරඳන හැටි!
උදේට බැරිනම් රෑට
රෑට බැරි උනොත් දවල්ට
වෙලාවක් නැතිම නම් හිතූ වෙලාවට..
කටු අත්ත වගේමයි
පැටලෙන්නේ - මා එක්ක!
ඔරෝගෙන ඔය සුදු මූන
තාර හොට හදාගෙන
කොණ්ඩ ගස් කටෙන් හප හප
විස්සෝප වෙනකොට
ඉන්න බෑ මටත් එතකොට
ලොකුකම ඉබේම කුණු කුඩේට!
Tuesday, July 17, 2018
185. ආපසු || turn back
යම් දිනයක ඔබ ,
හදිසියෙන් මෙන් පැමිණ
මට කියාගන්නට
බැරුව සිටි බොහෝදේ
ලියා තබා යනු ඇත...
එදිනට
වීදුරුව බරුව යට ඇති
ඔබ ලියු කොලය
තබා යන්නට ප්රථම,
දැනටමත් එහි ඇති
පඬු පැහැ කුඩා සටහන
කියවාම යනු මැන...
කියවීමෙන් පසුව
හමුවීම උගහටය,
පුංචි කවුළුවක් හෝ
විවර නැත
එතැන - එදිනට!
~~මම
Subscribe to:
Posts (Atom)




