සරත් සමයට කුරිරු ලෙස හිඳි නුබගැබේ සැඩ කිරණ වලකා
සුරත් යුග එසවුණු දියඹ බැඳි රළ අතර සැඩ පහර සලකා
මරත් කත මැණිකක් ලෙසින් සැදි සිලිටි පෙති පනසේම සුරැකා
බලත් තුටුකොට පහන් එළියේ පිපෙන කොඳ මල සේම තිලකා
තුඩ'ග පහසට ඇහැරි ඇහැරී සුළු මැදුම් දෙතිතෙන් උදුල්
විහඟ ගීයක තැවරි තැවරී රිදුම් පිරිමදිමින් විපුල්
සිතැ'ඟ ඉවසා මිහිරි මිහිරී කොපුල් රත්පැහැ කර තෙපුල්
මුවග දරනෙමි මුමුණ මුමුණා මියෙන තෙක් මා කුමරු සපුමල්
~~~මන්ජි