Tuesday, August 7, 2018
188. නෑ || disconnected
දුරබනුව උඹ
ගොළුය ; බිහිරිය; අන්ධය...
මේ මහා කලබල
දවාලද , රෑක මෙන් නිසලය...
හිස පොවන හැම අතම
අළුය ; දුඹුරුය ; වියළිය...
ඒ පාර,
මල් වැටුනාට
හොඳටෝම අඳුරුය...
මේ කවි අතර
හිරකර නුඹ
තබාගන්නේ හේතු ඇතුවය...
~~මන්ජි
Tuesday, July 24, 2018
187. ඉදිබු || fraud
පුංචි රෙදි මල්ලකි
අතරින් පතර
මැහුම් දෙක - තුනකි ;
පතුලේ
කාසි දෙක - තුනකි ;
කොන්දොස්තර ඇසෙන්
සැඟවෙන - ලපටි දෙනෙතකි !
Monday, July 23, 2018
186. අයිතිකාරි || suger lil
දඟකාර පොට්ටනිය උඹ
තත්පර දෙක තුනක්වත්
එකතැන නොරඳන හැටි!
උදේට බැරිනම් රෑට
රෑට බැරි උනොත් දවල්ට
වෙලාවක් නැතිම නම් හිතූ වෙලාවට..
කටු අත්ත වගේමයි
පැටලෙන්නේ - මා එක්ක!
ඔරෝගෙන ඔය සුදු මූන
තාර හොට හදාගෙන
කොණ්ඩ ගස් කටෙන් හප හප
විස්සෝප වෙනකොට
ඉන්න බෑ මටත් එතකොට
ලොකුකම ඉබේම කුණු කුඩේට!
Tuesday, July 17, 2018
185. ආපසු || turn back
යම් දිනයක ඔබ ,
හදිසියෙන් මෙන් පැමිණ
මට කියාගන්නට
බැරුව සිටි බොහෝදේ
ලියා තබා යනු ඇත...
එදිනට
වීදුරුව බරුව යට ඇති
ඔබ ලියු කොලය
තබා යන්නට ප්‍රථම,
දැනටමත් එහි ඇති
පඬු පැහැ කුඩා සටහන
කියවාම යනු මැන...
කියවීමෙන් පසුව
හමුවීම උගහටය,
පුංචි කවුළුවක් හෝ
විවර නැත
එතැන - එදිනට!
~~මම
Thursday, July 5, 2018
184. කුමරු සපුමල් || Hero
සරත් සමයට කුරිරු ලෙස හිඳි නුබගැබේ සැඩ කිරණ වලකා
සුරත් යුග එසවුණු දියඹ බැඳි රළ අතර සැඩ පහර සලකා
මරත් කත මැණිකක් ලෙසින් සැදි සිලිටි පෙති පනසේම සුරැකා
බලත් තුටුකොට පහන් එළියේ පිපෙන කොඳ මල සේම තිලකා
තුඩ'ග පහසට ඇහැරි ඇහැරී සුළු මැදුම් දෙතිතෙන් උදුල්
විහඟ ගීයක තැවරි තැවරී රිදුම් පිරිමදිමින් විපුල්
සිතැ'ඟ ඉවසා මිහිරි මිහිරී කොපුල් රත්පැහැ කර තෙපුල්
මුවග දරනෙමි මුමුණ මුමුණා මියෙන තෙක් මා කුමරු සපුමල්
~~~මන්ජි
Thursday, June 28, 2018
183. ගමන || The trip
මේ බස්රියේ
ආසන තුනක අසුනක
උණුහුම්ම කොටස,
ඔබ රැගෙන යනු ඇත....
අතුරු පාරක් නොපෙනෙන
දෙපස සෙවනින් ගැවසුන
පාරවල් දිග
ඔබ ඔහේ යනු ඇත....
මැණ්ඩලිනය
ගීතයක් ගයනු ඇත,
වෙනදාට මට දැනෙන
සීතලක් දැනී ඈ
විටෙක ඔබ උර මතට
වාරුවනු ඇත.....
හරි ඉතින්
කිඹුලන්ද සිටියහැක!
කොරහ පොඩියට තිබුනාට
ඉවසන් ඉන්න ඇහැක ?
~~ මන්ජි
Thursday, June 21, 2018
182. ශිශිරතර පෙම - 2
ශිශිරතර පෙම - 1
එදත් වෙනදා වාගේම ඉර පායලා තිබුණා.
ඒ තමයි මගේ ජිවිතේ ජිවත් කරපු තීරණාත්මක දිනය. මහා ධනස්කන්ධයක හිමිකාරයෝ වෙලා හිටපු අක්කත් මමත් , අක්කාගේ වයස අවුරුදු 18 සම්පුර්ණ වනවිට එම ධනස්කන්ධයේ පාලිකාව වන දවස! අපේ නිවස එකම උත්සවශ්‍රියක් ගත්තේ, ඒ පාලනය පැවරීම අප වටා සිටි හැමදෙනාම නොඉවසිල්ලෙන් සහ අපගේ දේපල වලට ඇසගසාගෙන හිටපු හිතමිතුරු නෑදෑ පිරිවර දෑස දැල්වීමෙන් එම අවස්තාව ගැන උනන්දු උන නිසා වන්නට ඇති.
මෙතෙක් මම හිරවී සිටි කුඩුවෙන් එලියට එන්නට ලැබුණු පරම ප්‍රීතියෙන් මම උමතුවට පත්වෙන්නට ආසන්නව ගොස් සිටියා. කිසි දිනෙක නැටුමක් නොනටා තිබුණු අපගේ නැටුම් ශාලාවත්, කිසිදිනෙක අවශ්‍යයි කියා නොසිතුන තරම් පිඟන් කෝප්පත් විතරක් නෙවෙයි, වඩාත්ම උමතුකාරකය වී තිබුනේ හැරදමා තිබුණු දොරවල්. මම ගේ පුරාම නටමින් ඇවිදිනවිට සේවිකාවන් මා දෙස අනුකම්පාවෙන් බලන්නට ඇති.
ඉතින් මට මොකද?
කවුද දන්නේ අද මගේ ප්‍රේමයේ උරුමක්කාරයා මුණගැහේද කියා?
ඔහු කවරෙකු විය හැකිද?

Subscribe to:
Posts (Atom)