Tuesday, January 30, 2018
Tuesday, January 16, 2018
166. අතීතය උඹ | I came, I saw, I conquered
ඝන අන්ධකාරය ,
දෑත - දෙපයම පැකිලුන..
වැටි වැටී යලි
දණහිස් ඔබා නැගිටින...
කල්ප සිය ගණනකට
වරෙක පමණක්
වියසිදුරකින්
දකිමි පුරහඳ - අහස ......!!
ආලෝකයට හසුව
හෙවනැල්ලව
අතීතය.....
උඹ හිඳී
විලිස්සාගෙන
හරියටම පසුපසින්
හිටගෙන !
Wednesday, January 10, 2018
165. නෑර අත | not without you
සරදම් අහස මැද
ඔබ්බවා කළා සොලස සඳ
වලාකුළු තබා අඩයට
හැඩ බලයි නුඹ
හැමදාම සඳවත!
කඳුළු ඉහිරුණු මාවත
කටු පඳුරු - ගල් බොරළු ගැවසෙත
නෑර අත මා
හැමවිටම පපුතුරේ සඟවත!
පිල් විදා හල මොණරියක
විලක අධිපති හංසියක
වී සරමි මම
නුඹ මගේමයි පෙම්වත !
~~~ මන්ජි
189. ප්‍රේම සරතැස | love train
මැදිරි දෙක අතරතුර
කුඩා නැති ඉඩක,
මුදු හාදු ඉහිරවන්
දුර ගෙවා....
උඹ ගිහිං,
ඉල්ලුවේ කාගෙන්ද
මා ඉතිං ??
~~~ මන්ජි
Monday, December 18, 2017
163. උදුල් | Forever young
මේ සොඳුරු නැවතුම
අඳුර , හාදුද සමගින
ප්‍රේමය අඩු නැතුව උතුරන....
උදුල සඳවත පවා
විශ්මයෙන් අප දිහා බලාගෙන
ඉරිසියාවට උනත් සිනාසෙන....
තුමුල නිලබර සසොබන
රිවි කිරන ලෙස දිදුලන;
සොමි කිරන මා නහවන;
බදා වැළඳව ඉමි මම....
~~~මන්ජි
Wednesday, December 13, 2017
162. දඩයම සහ .... | predator
නිමිත්ත: දඩයක්කරුවෙකු නොවුවද තමන් දඩයක්කරුවෙකු වීම මැනවයි සිතූ අයෙක් අහසට දුනු දියෙන් අදිනලද සිය එකම හීය මුදාහරී.
පොතේ ගුරු:
"බලන්න මිත්‍රවරුනි ඔහුගෙන් අසා.. ඔහුගේ ඉලක්කය කුමක්දැයි"
ප්‍රේක්ෂකයෝ:
"අසිරිමත් පුරුෂය... ඔබ කුමන ආකාරයක දඩයක්කරුවෙක්ද? ඔබේ ඉලක්කය කුමක් වීද ?"
මේවා ඒ වගේ :
නොදන්නා මගුල් කතාකිරීම,
පණ්ඩිත කතා,
හිතෙන හැටි
Friday, December 1, 2017
161. ඔබ අසල - ඇය | Not without her
ඉදින් ඇය ,
නුඹ අසල හිඳ
විටෙක ඔබ අත
ඉල්වනු ඇත....
විටෙක ඔබ උරතල
ලබාගනු ඇත....
විටෙක ඔබ මුදු
බැලුම් විඳිනු ඇත....
පහුරු ගානා හදවතින්
සිනාසෙමි මම;
මගේ අබලන් හදවතින්
පිරිමදිමි මම;
අයිතියද ,
අයිති කරුවාද ,
මුවාකර ඇති
තිරෙන් පසුපස
හඬාවැටෙමින්!
හිනා තලමින්!!
~~~~ මන්ජි
Subscribe to:
Posts (Atom)






