Sunday, November 19, 2017

160. ඉර මැදියම | burning




බලා සිටියෙමි
අදුර අතරින් ,
පිටමන්ව යන නුඹ
පහුරු ගාගෙන මගේ හිත,
වරක්වත් හැරී නොබලා
බලෙන් ඉල්වාගත්
හිස මත හාදුවද  - තුරුළුකොට...

ආලයද , ප්‍රේමයද
හිම කිරම සේ දියව යන
මේ ඉර මැදියම,
සඳ පායන සිලිලාරට
හැමදාම දෙවනිවග
නුඹට වැටහෙනු
ඇත!



Monday, November 13, 2017

159. මැහුම් | saw through




බුමුතුරුණු වල,
මල්කම් කල සයන වල,
කුඩා - ලොකු මැස්මෙන්
මසමි ඉරුණු තැන්
එකින් එක....


ඒ මැහුම් අතර
සමහර තැන්වල
නොමැසෙන දාරවල
පැටලී වැටෙනු ඇත
ආදරය....




Tuesday, November 7, 2017

158. නියමිතව || you are the one






ඇට්ටරකාර මට
ඉන්න බැරි වෙලාවට,
බොරුවට උනත් තරඟෙට
දෙන්නාම බැනගන්නේ 

                  - ඕසේට..

ආයෙමත් ටික වෙලාවකින්
ආදරේද අහගෙන ,
පුරුපුරු ගගා කැරකෙමින්
අහුලන්නෙම හොරගල්

                   - දෙන්නාම...


ජාඩියයි මුඩියයි වගේ
එකම දේ කියමින් - හිනාවෙන
දන්නේ නැහැනේ හේතුව
නියමිත වෙලාවට අපි 

                  - හමුවුන  ?

  

~~~ මන්ජි 

Friday, November 3, 2017

157. බතී | Walked away





කවදා හරි දවසක
නුඹ එනු ඇත මගේ
වරිච්චි නිවසට..

තිබෙන එකම පුටු කබලට
බුමුතුරුණු නැති සාලෙට
කැලැන්ඩරේ පමණක් ඇති පැති බිත්තියට
මුවා වි

සිටින

ඇය

ඔබට

හමුවනු ඇත.

දැලි වළන් වල
පාටැති චීත්තය අග
තෙත අත් පිහන

ඇය-
ඔබ-

හමුවනු ඇත!!


Wednesday, November 1, 2017

156. රාක්ක | book thief






කවියට ලොබ මිසක
කවියකට කුමට ලෝබ කොට?

අයිතිකර ගනු නොහැක
කියා හිතෙනා පොත්ම කන්දක?

Friday, October 27, 2017

155. සිතුම් | Teenage love


 
 
 
 
 
කොල්ලෝ උඹට වැටහෙනවද 
කෙල්ලෙක් ආදරේ විඳින මුනිවත ?
 

උණුහුමයි හැබෑවට ඒ සිතුමද 
දන්නේ ඉතින් මොන ජගතද?
 
 
~~~~ මන්ජි 

Tuesday, October 24, 2017

154. සමහර මතක | you'll see







සමහර ගස්වල
මුදුන් මුල කැපුවද ,
කේෂක මුල් -
කෝෂිකා තුල
තිබිය හැක!





Related Posts Plugin for WordPress, Blogger...