Thursday, June 29, 2017
115. අරමුණ | desperado?
ලියමි,
ඔබ දකින තුරු ලියමි....
විඳිමි,
ඔබ පපුතුරෙහි උණුහුම විඳිමි...
හඬමි,
තුරුළුකරගනු පිණිස බොරුවට හඬමි.......
Sunday, June 25, 2017
113. නිරුදක
රතුපාට කමිසයට වැහුණු
සුදුපාට උණුහුම් හදවත
පුරා ඉතිරී නොගිය,
නුරා ගින්නකට
පෙරුම් පෙරුවෙමි
නිරුදක කතරක් බව නොදැන...
ඇඳී දිය මත
අතින්කළ උරුවමක් විලසට
නෙලුම් පතකය
රඳන්නට කැපකලේ
ආලය...
'දුන්යා' ය එදා මම
උඹේ එක රෝමයක
පවා ජිවත්වන....
ප්‍රස්තුතය : චන්දො ගේ කතාවක් - සඳ කළුවරයි
ප.ලි: චන්දො නොදන්නා අය සිටීද? ආ... එහෙනම් ඔය දන්නා අයගෙන් නොදන්නා අය අහගන්න එකයි
Monday, June 19, 2017
111. මිස්ඩ් කෝල් (Missed call)
නිල්පාට කමිසය වරුවක් පුරාම ඉස්තිරික්ක කරපු නිසාම කඩදාසිකොලයක් තරමටම කෙලින්මයි හිටියේ. හැන්ගර් එකක් තිබුනේ නැති නිසා ඒක පියන එල්ලෙන අල්මාරියේ දොරවල් දෙක යා කරගෙන එල්ලලා තිබුනා. සුන්දර් කාමරයේ හැමතැනම දුවන්නේ මොකටද කියලා තමන්ගේ තද නින්ද කැඩිලා ඇහැරුණු , ඊයේ උදේට අවුරුදු දෙකක් පිරුණු ඌර්වසි කල්පනා කලේ හීනෙන් වගේ.
"නී එන්න සියේට්ටු කොන්ටිරුක්කිරේ?" ( මොනවද ඔය කරන්නේ?)
මද අඳුරත් එක්ක කාමරේ පෙනුනේ හොල්මන් ගුහාවක් වගේ උනාට පුංචි ඌර්වසිට ඒ තමයි එයාගේ මුළු ගෙදරම. ඉපදිච්ච දවසේ ඉඳල ගෙදරක් කියන්නේ කාමරයක් කියලා තමයි ඌර්වසි තේරුම් අරගෙන තිබ්බේ.
"ආ.... එහෙරුනාද..."
Sunday, June 11, 2017
110. චන්ද්‍රග්‍රහණය
'ඌයි!' මේ හදවත
තතකින් පෙලන හැටි
මම....
අවකාශයකි මෑත
අතීතය පවා අංගවිකලව
ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ................................................................ත
තැන තැන
තැන තැන
තැන තැන
තැන
තැන
තැන තැන
තැන තැන
තැන තැන
වැටුණු
මල්පෙතිය
පාට පාට
Monday, May 29, 2017
109. රෙදි බෝනික්කාගෙන් - නොසැලකිලිමත් කෙල්ලට
පෙම් කරමි මම
මේ ලිනන් හදවතින් ඔබට..
නොදනිතත් ඔබ
මේ කිළුටු ; උජු දෑතම
සැලෙන'යුරු
ඔබ යකඩ පහසින්..
ලෙසම මේ
නීල - බොඳ දෑස මුවාකල
කඳුළු වියලී
බැඳී යන'යුරු
ඔබ වෙනස්වන මොහොතින්...
ලොවම නිදන රාත්‍රිය
මා ඔබ දෙසම බලා හිඳින,
නොදනිතත් ඔබ
ඔබ සුසුම් විඳින බව
මා මුවින්....
එලෙසම
සිරව ඇති මැසූ මුව තුලම
මහද රැඳි
ආදර වදන් සියල්ලම....
ඔබ නොදනිතත්...!
Inspired by : රෙදි බෝනික්කාගෙන් අපරික්ෂාකාරී දරුවාට by Hot Chocolate
Original :
Rag Doll to
the Heedless Child
I love you
with my
linen heart.
you cannot
know how
these
rigid, lumpy
arms
shudder in
your grasp,
or what
tears dam up
against
these blue
eye-smudges at
your
capriciousness.
At night I
watch you sleep;
you’ll never
know
how I thrust
my face
into the
stream
of your warm
breath;
and how
love-words
choke me behind
this sewn-up
mouth.
ප.ලි: ඔරිමජිනල් කවිය කියෝලා මාව ඌයියා උනා. ඒ හින්දා ලියාගන්න බැරි උනා හරියට. බෝනික්කන්ට හිතක් තියෙනවා කියලා මම තාමත්, දැනටත් , තව ඉස්සරහටත් තදින් විස්වාස කරනවා. ඒ නැති උනත්...... මේ කවියේ ප්‍රස්තුතයට විතරක් නෙවෙයි,යටිපෙලටත් මම තදින්ම කම්පනය උනා.
අද දවස නම් වැහිබර; දුක්බර වෙයි වගේ
Tuesday, May 23, 2017
108. ඒ ගේට්ටුව...
ඒ ගේට්ටුව...
එදා නොවැසී තිබිණි නම්?
සම්බාරු සුවඳ තැවරුණ
හැමදේම නැවතුන - මුත්
නොනැවතී පැවතුන...
මල්කඩ පේලි අතරේ
අප දිහා බලා උන්
කෝවිලේ....
ඒ ගේට්ටුව...
එදා නොවැසී තිබිණි නම්?
Monday, May 22, 2017
107. වරල් සැලුණු අතීතේ
මම ආසම කරන දේවල් මොනවද කියල ඇහුවොත් ඇත්තටමට මම 'ආසම නැති' ප්‍රශ්නයක් තමයි ඒක. මොකද එහෙම එකක් දෙකක් නැහැ....
උදාහරනෙකට ගත්තොත්...
කන්න ආස මොනවද කිව්වහම..
ඔන්න ඉතින් අඹ, අන්නාසි, මැන්ගුස් , වරකා, නාරං , අමු සියඹලා, ඇඹරල්ලා, ජම්බු, දොඩම්, ජම්බෝල, කොට්ටම්බා මදේ විතරක් නෙවෙයි වට්ටක්කා ඇට මදේ පවා ඉඳලා, පැලපි දක්වාම ගිහින්... ආ.. ඒ පලතුරු සෙට් එක විතරයිනේ!
තව ඉතින් කඩචෝරු කිව්වහම බිත්තර රොටියේ ඉඳන්, කොත්තු රොටි, ඇරබික් රොටි විතරක්ද.. බුරියානි, නාසුගුරාන් වගේ විකාර කෑමත් එක්ක සැලඩ් ජාති, බර්ගර්, සබ්මැරින් ( නෑ නෑ .. වෙලාවට ඒවා මුහුදේ යන ඒවා නෙවෙයි.. ඒවත් ළඟදීම කන තරමට තත්වේ උග්‍ර වෙලා) , ශවර්මා , තොසේ, වඩේ , පරෝටා, ඉඩ්ලි ( කතා කරන්න බෑ , කෙල උනනවා) එක්කම ඔක්කොම ඉන්දියන් කෑම ජාති එක පේලියට එන්නේ හරියට අර හත්පෙති මලේ පෙත්තක් කඩලා ලෝකේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩු ඉල්ලුවාම ඒවා ගඟක් වගේ ගලාගෙන එන විදියට! ඇයි අනේ ලිට්ල් ලයන් චොක්ලට් රෝල්!! ( ආ සොරි වෙන්න ඕනේ.. ලිස්ට් එක කියලා ඉවර උනා කියලත් අමතක උනා)
ඔන්න ඉතින් බලන්නකෝ ආස දේවල් කියන්න ගියාම වෙන නස්පැත්තිය! ඉතින් 'ඊයා... ඕනෙම දෙයක් ප්‍රමානෙට කරන්න' කියලා පිළිකුල් කලාට මම එහෙම්මම නරක ළමයෙක් නෙවෙයි...!
ඇති නේද මගේ බඩජහරි වරුණාව ? වැඩේ කියන්නේ මම ලියන්න ආවේ කෑම ගැන නෙවෙයිනේ!
මම ලියන්න ආවේ මගේ 'සරුංගල් අතීතේ' ගැන!
(දැක්කා නේද? සයිටම් ගැන කියන්න ගියාම අප්පොච්චි ගැන ලියනවා වගේ, දැක්ක නේද ගැලපුම?)
මම දන්නවා, මේ සරුංගල් කාලේ නෙවෙයි කියලා. අවුරුදු කාලේ හිතාගෙන හිටියා අවුරුදු ගැන ලියන්න.. කෝ කොහෙද මේ අවුරුද්දේ මට අවුරුදුත් නැති උන නිසා කිසිම මුඩ් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ වෙසක් කාලේ ගැනත් තිබ්බා රස වෑහෙන අතීත කතා පොට්ටනියක් දිගාරින්න. ඒකටත් ඉස්පාසුවක් නැති උනානේ. ඒ නිසා මම හිතුවා සීසන් එක එන්න කලින්ම පොස්ට් එක කොටලා දානවා කියල.

Subscribe to:
Posts (Atom)