අහස ගිගිරුම් හලද සියවර - නැතත් කොලමල් පැතුම් තෙමුවේ
පහස ඉල්ලන පියුම් දියවර - බිඟුන් නොදැකම පෙතිද සැලුවේ
රහස පවසන සුළඟ එකවර - මදින් මත්වී සුසුම් සැලුවේ
වෙහෙස සිඳලන එවන් මහමෙර - සිතින් ගොලුවී සිනා සිළුවේ
අතුපතර රන් සියත් නොමැතිද - දෙඅත් මා නොමුදන ඔබේ
සොමි සුනෙර මුදු රිදුම් අයැදිද - හඬන හිත වලකමි ඉබේ
විලි දුරැර හිරු කිරණ නොමැතිද - ගැඹුරු පතුලක සුව ලැබේ
බලකුවෙර සුවිසල් ගසක්වෙද - රැකවරණ ලබනා නුඹේ
හැඩයි... ලස්සනයි..!!
ReplyDeleteකවියද , ලිඛිතද?
Deleteඋඩ සාක්කුවේ නේද අර කිව්ව කොලේ තියෙන්නේ?? කඩදාසි කොලයක්ය කියලනේ කියන්නෙත්!! හි හි හි
Deleteඅනේ මේ ඉයන්...... ප්‍රා ගේ නහය මොකද්ද වෙලානේ. ඔලුවේත් සම්බන්ධයක් තියෙනවා ලෙඩේට. උත්සන්න වෙන්න දෙන්න එපා ඔන්න ගෙඩි පිටින්ම 10,000/= නේද?
WOW
ReplyDelete100%
++++++++++++++++++++++++++
WOW
ReplyDelete100%
++++++++++++++++++++++++++
WOW
ReplyDelete100%
++++++++++++++++++++++++++
Take a bow. THis shows you are an expert in this.
Please send this to a newspaper / magazine.
Thanks.... Nobody accepts my poems ;-) moreover, this is 'kadadasikole' anyway
DeleteHuh? Nobody? Oh..so we are nobodies?
DeleteNobody is perfect! i.e. Only perfect guys accept her poems. Stay strong and positive :)
Deleteඅහස තුට කඳුලින් බරව හිස - සිරස නැමුවා පාත පොළොවට
ReplyDeleteවෙහෙස විඳි ඒ කඳුළු පිරිවර- ඇහි දාර පිස ගැලුවා ඉවතට
පහස සොයලා දිය පියුම මත- තැබුව හාදුව බරව නැතුවට
සහස වර දිවුරයි ඔබට සිත- ආදරෙයි අද හෙටත් මතුවට
(කලබලෙන් ලියුවේ.. අද බිසී දවසක්.. වෙලාවක යමු දිගට කවි සංවාදයක්)
අහස තුටු කඳුලින් බරව හිස - සිරස නැමුවා පාත පොළොවට
Deleteවෙහෙස විඳි ඒ කඳුළු පිරිවර- ඇහි දාර පිස ගැලුව ඉවතට
පහස සොයලා දිය පියුම මත- තැබුව හාදුව බරව නටුවට
සහස වර දිවුරයි ඔබට සිත- ආදරෙයි අද හෙටත් මතුවට... (වෙන්න ඕනි)
මම මේ අහස පොලව ගැටගහමින් කල්පනා කලානේ මේ පද ටික ගැන! දැන්නේ නියම වර්ෂන් එක ආවේ.
Deleteකල්‍යාණ.... ඇත්තටම නියමයි.. කවියකට කවියෙන් උත්තරයක් ලැබෙනවා කියන්නේ රාජ්‍ය සම්මානයක් මට නම්! ගොඩක් ස්තුතියි... තව ලියමුද?
ලියමු ලියමු.. අද නෙවෙයි.. මතුවට.. :)
Deleteකමීගෙ කවියට 70%. පෝස්ට් එකේ කවියේ වර්ස් එකකට පෙලි 4 ක්. එක පේලියට වාක්‍ය ඛන්ඩ 2 යි. ඒ වාක්‍ය ඛන්ඩ වල මුළ වචන සහ අවසන් වචනෙ රයිම් වෙනවා. පේළි 4 ට උඩ සිට පහළට රයිම් වෙන පද 16 ක්. මේක සම කරන්න අමාරුයි.
Deleteකවි ලියන්න ලේසියි.. තව කෙනෙක් ලියපු කවියකට උත්තර බඳින්න අමාරුයි.. විශේෂයෙන්ම විරිත එලිසම එලිවැට රකින සඳැස් කවි වල.. 70% කියන්නේ මං සෑහෙන්න හොඳයි
Deleteඅක්කේ
ReplyDeleteඅක්කගේ කවි හරිම ලස්සනයි
දිගටම මේ වාගේ කවි ලියන්න
අපි එනවා බලන්න
මං අක්කගේ කවි වලට ආසා මල්ලියෙක්
හෑ !!????
Delete(බබා උක්කුන් මල්ලියෙක් වගේ... හෙහ්)
හා මල්ලියේ... වරෙන්කො වරෙන්කො...