විසිතුරු කොල

Wednesday, March 20, 2019

208. සුහදිනියේ - 12 | වසන් කරන්නේ මොනවාද ?


කලින් කොටසට 

තාරුක අය්යායෙන් ලැබුණු තොරතුරු අහපු ගමන් මටත් විරංගටත් වැටහුනා අපි තාමත් ඉන්නේ පඹ ගාලක කියලා.

දැනගත්ත දේවල් වලට අනුව නම්, මධුලිකාට ලොකු දේපලක් එයාගේ දෙමවුපියන්ගේ උරුමයෙන් ලැබිලා තියෙනවා. පවුලේ එකම කෙනා වෙච්ච ඇගේ අම්මාත්; අම්මාගේ අම්මාත් යන මේ සියල්ලෝම මිය යන්නට කලින් ඒවා ඈ වෙත පවරලා තියෙනවා.

නමුත් මේ කිසි කතාවකදී ආයෙමත් 'ස්ටීව්' කියා අයෙකු ගැන සඳහනක් තිබ්බේ නැහැ. ඒ වගේම මධුලිකා ඇගේ පියා ගැන තාමත් සඳහනක් කලෙත් නැහැ. ඒ ගැන රහස තිබ්බේ මමත් තාරුක අයියාත් යන දෙන්නා අතරේ විතරයි. මොකද්දෝ හේතුවකට මම ඒක ඒ මොහොතේ විරංගට නොකියා හිටියා. බොරුවක් කිව්වේ නැහැ ; නොකියා හිටියා ඇරෙන්න.

කොහොම උනත් මේ සියල්ලම විසින් මාව තව තවත් මධුලිකා සුරක්ෂිත කිරීමටම යොමු කරන්නට සිද්ද උනා. නොනවත්වාම ඇමතුම් ලබාදෙමින් චාපා මගේ හිසේ ඇම්මක් දක්වාම කරදරයක් වෙලා තිබුන නිසා ඇගෙන් පැමිණි අවසාන ඇමතුමට මම පිළිතුරු දුන්නේ තනිකරම බොරු වලින්මයි.

"උඹ චාපා ඩම්ප් කරන්නද හදන්නේ?"



විරංග සැහැල්ලුවට වගේ ඇහුවා. අපි ඒ වෙනකොට හිටියේ අපි නිතර එන බීච් වාඩියේ තිබ්බ කබානා එකක. පෙන නගින බියර් කෝප්ප දෙකක් රවුම්, ලී මේසය මත සිට මගේ දෙස බලාගෙන ඉන්නවා. මුහුදු හුළඟට ලෙලදෙන ධජයක් වගේ මගේ හිත එහෙට මෙහෙට වැනෙන්න ගත්තා.

"එහෙමමත් නෑ බන්.... ගානට තියාගන්න ඕනේ... ඊයේ පෙරේද ඉඳල ඒකිට අස්ස කුලප්පුවක් හැදිලා"

අතේ තිබ්බ ලයිටරයෙන් මේසයට තට්ටු කරමින් මම සාමාන්‍ය විදියට කිව්වත්, මොකද්දෝ අමුත්තක් මට දැනුනා.

"ඒකිට විතරද? ඇයි උඹට හැදිලා තියෙන පෝනි කුලප්පුව එතකොට මොකද්ද?"

මට ඒකට හිනා ගියේ නෑ. ඒ වෙනුවට මම මුහුදේ ඈත ඉම දිහා අරමුණකින් තොරව බලාගෙන හිටියා.

විරංගත් ටිකක් වෙලා නිශ්ශබ්ද වෙලා ඉඳලා කතාකලා; මාතෘකාව වෙනස් කරලා.

"..... දැන් උඹ කියන විදියට දැන් කවුද යන්නේ අර නාකි ගෑනි උස්සගෙන එන්න අර මරු කටට?"

"වෙන කවුද ඉතින් උඹට තමයි යන්න වෙන්නේ"

විරංග බීර උගුරක් බීලා කල්පනාවකට වැටුනා. අම්මාගෙන් ආපු දුරකථන ඇමතුම නිසා මම ගොඩනැගිල්ලේ ඇතුලට ආවේ මුහුදු හුළඟ ඇහෙන්න ඉඩ තියෙන නිසා. පොඩ්ඩක්වත් සැකයක් හිතුනොත් , අම්මගේ ක්‍රියාවන් ඉවෙන් මෙන් දන්නා මම ඈ ඊළඟ මොහොතේ මෙතනට කඩා පාත්වෙන්නටත් බැරි නැහැ. ආපහු එනකොට විරංග හිටියේ දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින්. මම එනකොටම ඒ ඇමතුම ඉවර උනා.

"මොකක් කියලද දැන් ගේන්න වෙන්නේ?"

"කල්පනා කරපන්... උඹ ඉතින් නළුවනේ..."

"තාම ඒ ගෑනි කෝල් එකක්වත් දුන්නේ නැහැනේ... මම හිතන්නේ ඒ ගෑනි කතාකරන එකක් නැහැ කියල. එන්න බැහැ කිව්වොත්?"

මම කල්පනාවට වැටුනා. ආයෙමත් මගේ දුරකථනය නාද වෙනවා. මල්ලි!

"හලෝ!"

"අය්යා.... "

ස්වරයෙන්ම මට වැටහුනේ කුමක් හෝ බරපතල යමක් සිදුවී ඇති බව. සුදම් මට 'අයියා' කියා අමතන්නේ නැත.

"කොහෙද ඉන්නේ? මොකද්ද අවුල?"

මගේ හඬ උස්ව නැගෙන්නට ඇත. විරංගත් මා හා සමව පුටුවෙන් නැගිට සිටගත්තා.

"අයියා.....! අඹගස් හතර හංදියේ... කවුද කට්ටියක් ඇවිත් ගැහුවා... කාර් එකේ විදුරු කුඩු කළා"

අතරින් පතර හති අල්වමින් සුදම් කියද්දී මම විසල් කරගත් දෙනෙතින් විරංග දිහා බැලුවා.

"කෝ දැන් උන්? "
"...........උඹට මොකද අමාරුද? "
"..... උඹ තනියෙන්ද ඉන්නේ?"





මම විරන්ගත් එක්කම වේගයෙන් දිවවිත් ජීප් එකට නැග රථය හරවා ගනිද්දී පලාතම දුම්රොටු වලාවකින් වැසී ගියා. ජංගම දුරකථනය නිදහස් අයුරෙන් තබාගත් මම රථය පාරට දැම්මේ විදුලි වේගයෙන්.

"උන් ගියා... උන් හයදෙනෙක් විතර හිටියා... තනියෙන් නම් නෙවෙයි ඉන්නේ"

මල්ලිගේ කතාවෙන් මට වැටහුනේ එක්කෝ ඔහු උන්නේ කෙල්ලෙකු සමඟ බවයි, ඒත් නැතිනම් නොගැලපෙන තැනක බවයි.

"අපි එනවා දැන්... ඔතන ඔහොම්මම ඉන්න පුලුවන්ද? උඹට තුවාලද?"

"නෑ අවුලක් නෑ... මම ඉන්නම්... කාර් එක.."

"කෙහෙල්මල් කාර් එක යකාට ගියාවේ! අපි එනවා දැන්!! පරිස්සමෙන් ඉඳපන්"

ඇමතුම විසන්දි කල මම වෙට්ටු දමමින් පාරේ ගමන් කල ආකාරයට සමහර වාහන ඉක්මනින් පසෙකට කරගත් අතර තවත් සමහරුන් ජනෙල් වලින් එබෙමින් මගේ මව්ගුණ ගායනා කරන්නට උනා. ඒ කිසිවක් මගේ හිතට ගියේ නැහැ.

"අඩෝ... වාහනේ අඳුනගෙනද ?"

"මොන?"

"මට හිතෙන්නේ කිඩ්නැප් කරපු උන්ටික වාහනේ අඳුනගෙන වැඩක් දුන්න කියල. අපි ඒකෙනේ ගියේ මධුලිකාව උස්සන්න!"

විරංග එලෙස කියද්දී තමයි මටත් සිහියට ආවේ.

"වෙන්න පුළුවන්. එහෙම උනොත් උන් හැංගිලා බලාගෙන ඉන්නත් පුළුවන් කවුද සුදම්ව ගන්න එන්නේ කියල. උඹ කියපු එක හරි... ඔතන සිට් එක පිටිපස්සේ ඇතුල් පැත්තේ තියෙනවා විග් එක. මම අලුතෙන් දෙකක් ගත්තා එදා ඇඳුම් ගන්න ෂොප් එකෙන්. "

විරංගට බොරු කොණ්ඩයත් , මට බොරු රැවුලත් වශයෙන් වෙන්කරගත් අප , මාර්ග නීති කඩමින් ඉක්මනින්ම අඹගස් හතර  හන්දියට සේන්දු උනා. වාහනය ඈතින් නවත්වපු අපි වෙස්වලාගෙන එතනට එනකොට විරංග අමුතු තාලෙන් කොරගහන්නත් පටන් අරගෙන.

"මචං මේ අපි... "

මගේ අනුමානය නිවැරදියි! සුදම්ගේ අතේ එල්ලිලා හිටියේ මි පැටියෙක් වගේ කෙල්ලෙක්. මල්ලිට අපිව දැක්ක ගමන් අඳුනගන්න බැරි උනත් , ටික වෙලාවක් සාමාන්‍ය විදියට කතාබහ කරලා සමථයකට පත්කරගන්න පුළුවන් උනා.

කාර් එකේ එක පැති වීදුරුවක් ඉරිතලා ගොස් බොනට්ටුව මතට එල්ල කරනලද පහරවල් හැරුණු විට මල්ලිට හෝ ඒ ගැහැණු ළමයාට වැඩි හානියක් වෙලා තිබ්බේ නැහැ. වටවී සිටි කිහිපදෙනාගේ කරුණු කීම් , විස්තර ඇසීම සියල්ලම පසෙක තියලා මම පාරේ ගිය ත්‍රිරෝද රථයකින් තිදෙනාම පිටත්කර හැරියා. විරංග කොතරම් කීවත් මම ඔහුට ඉන්නට ඉඩ දුන්නේ නැහැ.

කාර් එක පන ගන්වලා මම කෙලින්ම අරගෙන ගියේ ටික්කාගේ ගරාජ් එකට.  ඔහුට විස්තර යම් පමණක් කියලා, වාහනේ එතන දාලා මම ත්‍රිරෝද රථයකින්ම ආපහු ගෙදර ආවා. ඒ අතරතුර කිසිවෙකු ලුහුබැඳීමක් නොවන්නට අතරමගදී කඩයක් තුලට ගමන්කොට වෙනත් දොරටුවකින් පිටත්වන්නට විරංග සමත්වූ බවත් , මල්ලි ගෙදරට සේන්දු වෙච්චබව තහවුරු කරගන්නත් මම සමත් වුනා.

නිවසට ඇතුලුවෙනකොටම සාලේ මැද්දේ තැන්පත් වෙලා හිටියේ ඩේසි ආන්ටි. ගිනි බෝම්බෙ !

"ආ... ආන්ටි.. කොහොමද?"
මල්ලි ඇතිදැයි විපරමෙන් මම වටපිට බලමින් කතාකලා.

"කෝ මේ ගෙදර කවුරුත් නෑනේ... මම මේ සුභා හම්බෙන්නමයි කියල ආවේ.."

"අම්ම ගෙදර නෑනේ ආන්ටි.. ඇයි මැණිකේ කිව්වේ නැද්ද?"

මම හඬ මදක් උස් කරලා කතාකරනකොට මැණිකේ කුස්සියේ ඉඳන් හිස පොවනවා මට පෙනුනා. මැණිකේ මට හරි බයයි.

"ඒ කීවට මම මේ නිකන් ටිකක් බැලුව"

මේ මොකක්ද මේ කියන හරුපේ? අම්මව හම්බවෙන්න ආවය කියනවා, නෑ කිව්වහම ඒත් ඉන්නේ මොකටද? සුදම් සාලයට එමින් සිට එකවරම ආපහු හැරිලා ඉක්මන් ගමනින් යනවා පෙනුනා. ඩේසි ආන්ටි දැක්කහම මොකද මෙයා භූමිතෙල් ගෑවිච්ච ගැරඩියා වගේ දුවන්නේ?

"ආන්ටි තේ බිව්වද? මැණිකා...."

මම කියන පමාවට මැණිකා එතැන.

"එපා පුතා... මම මේ.. නිකන් පොඩ්ඩක් ආවේ... මේ... "

"................?"

"අපේ අර වැඩේ කොහොමද දන්නේ නැහැ නේද?"

මට එකවරම මුකුත් සිහියට ආවේ නැහැ. සෝෆාවේ තනි පුටුවේ සැහැල්ලුවන් වාඩිවෙලා මම කෙලින්ම ඩේසි ආන්ටි දිහා බැලුවම, එයා එයාගේ ගින්දර පාට රතු තොල්පෙති උල් කරලා කතාකරන්න ගත්තා.

"... මම සුභාට කෝල් කළා... මට කිව්වා ඔයාත් එක්කත් කතාකරන්න කියල. "

"...........??"

"මිස්ටර් සෙනේෂ් අර අලුත් ප්ලාන්ටේෂන් එක ඔයාට බාර දුන්නා කියලා කිව්වා හින්දයි.... එතැන වේකන්සි එකක් තියෙනවා කිව්වනේ "

එවිටයි මට සිහියට ආවේ මැයගේ මේ මායම!

ඒත් එක්කම තමයි අනිත් දෙයත් මතක් උනේ. මල්ලිගේ අතේ එල්ලිලා හිටියේ ඩේසි ආන්ටිගේ බාලම දුව නේද කියල! 'අපේ එකා මාරු වෙලා ගියේ ඒකයි එහෙනම්'.

මට තනියෙන් හිනාවක් ගියා.

"ඇයි ආන්ටි නංගි ලන්ඩන් ඒලෙවල් වලින් වෙන මොකක්දෝ කෝස් එකක් කරනවා නේද එන අවුරුද්දේ?"

මම එලෙස ඇහුවේ උපහාසේටමයි. අම්මා එක්ක මෙයා සර්පයින් යවන්නේ අපේ පලු අරින ගමන්.

"එයා ඉගෙනගත්තා ඇති පුතා. එයාට බිස්නස් තමයි ඇඟේ තියෙන්නේ. වැඩත් හරි නීට් "

මට මේවා අහගෙන ඉඳලාම හිනා.

"මම අහලා බලන්නම් ආන්ටි මොකද උනේ කියලා. මට ඒ ගැන කතාකරන්න බැරි උනා. අම්මටත් කියන්න අමතක වෙන්න ඇති. අම්මා ගියේ ඩඩා තනියෙන් නිසා. මම අද කෝල් කලාම කියන්නම්කො"

තවත් අටෝරාසියක් දේවල් කියවන්න ලැස්ති උනත්, පුළුවන් ඉක්මනින් ඩේසි ආන්ටිව පිටත්කරලා අරින්නට මට පුළුවන්කම ලැබුනා.

ඈ පිටත්වෙනකොටම මම කෙලින්ම ගියේ සුදම්ගේ කාමරයට. දොරට තට්ටු කරනකොටම දොර අසල හිටියා වගේ වේගයෙන් දොර ඇරගෙන සුදම් එළියට පැන්නා.

"මම පැහැදිලි කරන්නම්.."

කුඩු කෑ විත්තිය වගේ තමයි. දෙදෙනාටම රහස් දෙකක් ඇති නිසා දෙදෙනාටම අනෙකාව ආරක්ෂා කරන්නට තියෙනවනේ! මම අතින් සන් කලේ ඒ කතා වලින් මට වැඩක් නැති බව හඟවන්නටයි.

"කවුද ඔයාලට ගැහුවේ... ? මොකද ඇත්තටම උනේ?"

" මම කාර් එක නතර කරලා... එතන තිබ්බ ග්‍රොසරි එකට ගියා ඩ්‍රින්ක් එකක් ගන්න. එතකොටම පස් හය දෙනෙක් ඇවිල්ලා ගහන්න ගත්තා. කාර් එකටත් ගැහුවා පොලු වලින්. ඒ වෙලාවේ පාරෙත් වැඩිය කවුරුත් නැහැ. උන් ආවේ කොහෙන්ද කියලවත් හොයාගන්න බැරි උනා මට... "

"ඉතින්?"

"'කෙල්ල කෝ... කෙල්ල කෝ...' කියලා කෑගැහුව නිසා මම හිතුවා ෂෙරිල් ගැන කියලා. එකෙක් කෑගැහුවා 'මේ ඉන්නේ ඒකි නෙවෙයි' කියල. එතකොටම මාවත් අතෑරලා පැනලා දිව්වා..."

එසේනම් ඒ මධුලිකා පැහැරගත් කණ්ඩායම විය යුතුය. මධුලිකාව සොයමින් ඔවුන් තාමත් නිදැල්ලේ පසුවෙයි.

"ෂෙරිල්ව ගෙදරින් බැස්සුවද ?"

"ඔව්.. එන ගමන් එයාව බස්සගෙන ආවේ."

"කාටවත් තුවාල නැහැ නේද?"

"පොඩ්ඩක් තැලිලා මගේ අත්දෙක..."

වඩා පැහැපත් සුදම්ගේ අත්දෙකේම පොඩි තැලුම් පාරවල් ටිකක් තිබුනා. මම ටිකක් කල්පනා කළා.

"පලවෙනි එක.... උඹ ලයිෂන් නැතුව කාර් එක ගෙනියන්නේ නැහැ මිට පස්සේ. අනිත් එක.... ෂෙරිල් උඹට වඩා වැඩිමල්.. ඕක පරිස්සමෙන්. දන්නවනේ ඩේසි ආන්ටිගේ මායම්.. "

මම පොඩ්ඩක් හුස්මක් ඇල්ලුවා ඉහලට.

"........ ඊළඟ එක.... උඹ මේ ගැන කාටවත් කියන්න එපා! "

 සුදම් මගේ දිහා බලාගෙන හිටියා ඇස්දෙක ලොකු කරගෙන.

"......... කාර් එක මම ගරාජ් දාල තියෙන්නේ. ඇහුවොත් කියපන් මගෙත් එක්ක යද්දී හැප්පුන කියල... හරිද?"

සුදම් මම කියපු හැම දෙයක්ම ඇස්දෙක ලොකු කරගෙන අහගෙන ඉඳල මුකුත්ම කියන්නේ නැතුව ඔලුව වැනුවා.


මගේ කාමරේට ගියපු මම මට දීපු බෙහෙත් ටික ගෙනත් සුදම්ගේ අතේ තියලා පහල තට්ටුවට ආවා.

"බේබි...."

මැණිකා කුස්සියේ දොර ගාව ඉඳන් යන්තමට වගේ මුමුණනවා ඇහිලා මම නතර උනා.

"මොකද?"

"නෝනලා එන්නේ කවද්ද?"

මම කල්පනා කළා.

"තාම දවසක් කිව්වේ නැහැ. ඇයි ?"

"බෙ-හෙ-ත්... ඉවර වෙලා.."

"ආ.... තුණ්ඩුව දීපන්.. මම ගෙනත් දෙන්නම්"

මටම පුදුමයි. වෙනදට ඇඟට කඩන් පනින මම මැණිකාට බෙහෙත් ගෙනත් දෙනව කියල ඇහෙනකොටත් මැණිකා ගල්වෙලා වගේ බලාගෙන.

මැණිකාගේ බෙහෙත් අරගෙන, ජීප් එක තිබ්බ තැනින් ගෙදර අරගෙන එන්න කලියෙන් මම මධුලිකාට රෑ කෑම එකක් ගෙනිහින් දුන්නා.

කෑම එක අතට ගත්ත මධුලිකා මොකක් හරි දෙයක් කියන්නට උත්සහ කරන බව දැනුනත් මම සාලයේ රූපවාහිනියට අවධානය යොමුකරගෙන හිටියේ උවමනාවෙන්මයි. මධුලිකාගේ දුරකථනය නාදවෙනවා ඇහුනා. එයට පිළිතුරු දුන්නත්, ඈ කියන්නේ මොනවාද කියලා මට ඇහුනේ නැහැ. ඇමතුම නිමවෙනවාත් එක්කම මට ඇමතුමක් ආවා.

විරංග !

"කියපන් මචං"

මම දුරකථනයට පිළිතුරු දුන්නේ සාලයේ පිහිටි විසල් ජනෙල් තිර අතරීන් අවට බලමින්. නගරය පුරාම දැල්වෙන නියෝන් ආලෝක නිසා වඩාත් ලස්සන දසුනක් මැවිලා තිබුනා.

"කොහෙද ඉන්නේ"

"ෆ්ලැට් එකේ ඉන්නේ.. මොකෝ වෙන්නේ?"

"හරි මචන්.. මම එකෙක් එක්ක ගියා අර ගෑනි බලන්න. ඒ ගෑනි එක්ක කතාකලා. හෙට ඒ ගෑනි ගමේ යනවා වගේ එනවා කිව්වා. මම කෙලින්ම එක්කගෙන එන්නම්."

විරංග එලෙස කියද්දී මගේ හිසින් ලොකු බරක් නිදහස් උනා වගෙයි දැනුනේ. ඒත් එක්කම මොකද්දෝ අමුතු දුකක් ; තනිකමක් වගේ දැනුනේ ඇයිද කියන්න මම දන්නේ නැහැ. සමහර වෙලාවට මට මෙහෙට එන්න වෙන්නේ නැතිවෙයි කියන දුකද?

"තෑන්ක්ස් මචෝ.... ලොකු දෙයක්.... උඹ නෝට් වෙන්න එපා. කැබ් එකක පලයන්. මගේ කාඩ් එක දාල බුක් කරපන්"

"උඹ අදත් ඔහේද?"

මට එකවරම උත්තරයක් දෙන්න හිතුනේ නැහැ. ඉස්සර විරංග මාව මෙහෙම ප්‍රශ්න කරපු කෙනෙකුත් නෙවෙයි. එක්කෝ මට දැන් ඒක දැනෙන විදිය වෙනස් වෙලාද?

"උඹ හෙට අර ගෑනිව ගෙනෙන් කොහොමහරි... මට හැමදාම මෙහෙ ඉන්න බැහැනේ කොහොමත්. අම්මලා එයි තව ටික දවසකින්. හෙට අනිද්දම වෙන්නත් පුළුවන්."

"හ්ම්ම්"

ඇමතුම ඉවර උනාට පස්සේ මම වතුර ටිකක් බොන්න පැන්ට්‍රි කොටසට යනවිටදී යන්තමට වගේ ඉවක් දැනුනා මධුලිකා එතන ඉඳලා හැරුනා කියලා.

"මධු....?"

එකපාරටම උත්තරයක් ආවේ නැහැ. මම ඒ පැත්ත බලන්නේ නැතුවම කෙලින්ම ගියා ෆිල්ටර් එක තිබ්බ තැනට.

"... කාගෙන්ද කෝල් එකක් ආවේ?"

මොකක් හරි බර දෙයක් බිමට වැටෙනවා වගේ ඇහුනා. මම වතුර පුරවපු වීදුරුව තියලා, හැරිලා ඇවිත් මධුලිකාගේ කාමරයට හැරෙන තැනට එනකොට තමයි දැක්කේ ඇගේ වීල් චෙයාර් එකේ රෝදය එතන තිබ්බ ගැට්ටට හිරවෙලා , ඈට යාගන්න බැරුව කියලා.




ඒ කියන්නේ ඈ මෙතන ඉඳලා! උත්තර නොදුන්නේ?

බිම වැටිලා තිබ්බේ ඇගේ ජංගම දුරකථනය, එය තිබ්බේ මගේ පාමුලට ළඟට වෙන්නමයි. මම ඉක්මනට පහලට නැමිලා ජංගම දුරකථනය අතට ගන්නකොට ඈ කලබලයෙන් ඒක ගන්නට ඉස්සරහට පැන්නා. මම දුරකථනය වම් අතින් ඈතට කරලා අල්ලලා මධුලිකාව පුටුවට තියලා දකුණු අතින් තදකරගත්තා.

කෙලින්ම මම බැලුවේ මධුලිකාගේ මුහුණ. ඈ බයෙන් වෙව්ලනවා මගේ අතට දැනුනා.

".. මම ඇහුවේ කාගෙන්ද කෝල් එකක් ආවේ?"

මම ඈතට කරපු දුරකථනය අතට තවත් තද කරගෙන ඇහුවේ යම් ආවේගයකින්. මධුලිකාට අහක බලන්නට බැරිවෙන්න ඇති.

නමුත් අගේ උගුරෙන් එලියට කිසිම වචනයක් පිට උනේ නැහැ.

".... මට මේකේ ලොක් එක ඇරලා දෙනවා...!"

මම දුරකථනය ඈ දිහාවට උරුක් කරලා දරුණු විදියට බලාගෙන හිටියා. වෙව්ලන අතින් ජංගම දුරකථනය අතට ගත්ත මධුලිකා කේතය ඇතුලත් කරලා දුරකථනය ආයෙමත් දුන්නා.

".... මට ඕනේ නැහැ බලන්න..... ! ඇයි කියන්න බැරිද කවුද කතාකලේ කියල?"

ඈ උගුරෙන් සද්දයක් වගේ කළා. ඒ විලවුන් සුවඳ මාව විසිරෙව්වත් මගේ මනස ඒ වෙලාවේ තිබ්බේ සෑහෙන්න වියරුවෙන් වගේ. කඩින් කඩ මගේ වියරුව ඇගෙන් හමන ඒ සුවඳ හා සම සම සටනක නිරතව සිටියා.

"නි... වී... වි-රං-ග ගෙන්"

මගේ අතපය සියල්ලම මහා වෙව්ලුම් කෑමකින් වගේ සීතල වෙලා ගියා දැනුනා. ඒ ආවේගයෙන්ම වීල් චෙයාර් එක ඇදලා අරගෙන කාමරය පැත්තට කරලා , දුරකථනය ඇගේ උකුලට එකපාරටම දමලා ගහපු මම, මගේ කාමරයට වැදිලා මහා හඬින් දොර වසාගත්තා.


***************************



අතොරක් නැතුව නාදවෙන දොරෙහි සීනුව නිසා මම යන්තමට කාමරේ දොර ඇරලා බැලුවා. මද දුරක් ආපු මධුලිකා දොර අරින්නේ නැතුව මගේ කාමරේ දිහා වරින්වර බලනවා මට පෙනුනා උනත් මධුලිකාට එය නොපෙනෙන්නේ කණුවට මුවා වෙලා නිසයි.

විරංග විසින් මේ වනවිට ඇමතුම් දුසිමකට වඩා ලබාදී තිබුන නිසා මම අනුමාන කලේ දොර අසල සිටින්නේ විරංග වන්නට ඇති බවයි. සමහර වෙලාවට ඊයේ රාත්‍රියේ සිද්දිය මධුලිකා වසින් ඔහුගේ කනේ තබන්නට ඇති. කොහොම උනත් දොරෙහි සිටින්නේ කවුරුන්ද කියා එහි ඇති කාච සිදුරෙන් බලන්නට ඈට නොහැකි බැවින්, මම දුහුල් කමිසය දමාගෙන එළියට ආවා. මධුලිකා මාව දැකලා ගැස්සිලා වගේ, පැත්තකට උනා. මම ඈ දිහා බලන්නේ නැතුව දොර ගාවට ගිහින් කාච සිදුරට ඇහැ තියලා බැලුවා.

මගේ අනුමානය නිවැරදියි. ඒ සිටියේ විරංග! සැහෙන්න නොඉවසිල්ලෙන් මාළුවා වගේ එහාට මෙහාට ඇවිදින ගමන් ඔහු නැවතත් සීනුව නාද කළා. මම ගණන් ගන්නේ නැතුව ආපහු හැරුනා.

"විරංගට එන්න කිවේ මම!"

මධුලිකා ඇහෙන නාහෙන ගානට කිව්වා උනත් ඒ හඬේ බයක් තිබ්බේ නැහැ.

"එහෙනම් ඉතින් දොර අරින්නනේ තිබ්බේ"

මධුලිකා මගේ දිහා බැලුවා. හම්මෝ ඒ බැල්ම! මිනිසුන් විනිවිද යන බැල්මක් තියෙන කෙල්ලෙක් මම මේ දැක්කමයි... ඔක්කොමත් හරි ඒ යටිතොල හැපිල්ලත් හරි! මාව කුඩුපට්ටම් වෙලා ගියා වගේ.

"තීක්ෂණ... ඔයා..."

මම වචනයක් වත් කියන්නේ නැතුව මගේ නළල , දකුණු අතින් පිරිමදින්න පටන් ගත්තා. දැනුත් ඇඳගෙනනේ කෙහෙල්මල් කොට සායක්!

"... මට කරපු උදව් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ..."

මොකක්දෝ අමතු අහිමිවීමක් වගේ දෙයක් මගේ පපුව පුරාම විහිදිලා ගියා. ඈට දැනෙන දේ සමහර වෙලාවට ඇත්ත වෙන්නත් ඇති. ඒ එක්කම පලිගන්නා පරණ අදහස ඔලුව ඇතුලේ හිස ඔසවනවා වගේ දැනුනාද කියන්න මට වැටහීමක් තිබ්බේ නැහැ. කුමක් උනත් එන දේකට මුහුණදෙන්න බලාගේනනේ ඈ මම බේරාගත්තේ?



තවත් පමා නොවී, දොර විවර කරපු මම කෙලින්ම විරංග දිහා බැලුවා. ඔහු කිසිම වෙනසක් නැතුව වෙනදා වගේම හිනාවෙලා ඇතුලට ඇවිත් සෝපාවේ පෙරලිලා වගේ වැටුනා.

"අඩෝ.. උඹට මම කොච්චර කෝල් කලාද? උඹේ කාඩ් එක වැඩකරන්නේ නැහැ බන්. මම වෙන වාහනයක් සෙට් කරගත්තා. ඒ ගැන කියන්න ගත්තා ගත්ත උඹ මොන කෙහෙල්මලක්...."

විරංග ඉතිරි ටික කියන්නේ නැතුව ගිලගත්තේ මධුලිකා ආපහු යන්න හැරුන නිසාද දන්නේ නැහැ. ඊයේ සිද්ධිය මධුලිකා කියලා වෙන්න බැහැ.

".... මම රෝහිතයාගේ කාර් එක ගත්තා. අපේ එකේ යන්න බැහැ අපේ තාත්තා කාරයා නහින්න හදනවා. ඔන්න මම දෙය්යනේ කියලා යන්න හැදුවේ උදෙන්ම. ඒ ගෑනි එනවා කිව්වා ගමේ යනවා වගේ එලියට. එතකොට සැකයක් හිතන්නෙත්  නැහැනේ"

විරංග කියෝනව මට ඔලුවට ගියේම නැහැ. ටික වෙලාවකින් ඔහුගේ මුහුණේ පෙනුම වෙනස් වෙලා වගේ ගියා.

".. අවුලක්ද?"

එතකොටම ආයෙත් දොරේ සීනුව වැදුනා.

"... රෝහිතයා වෙන්න ඇති"

කියාගෙන විරංග දොර ඇරියත්, ඔහු එකතැනම ගල්වෙලා බලාගෙන ඉන්නවා. ආපහු හැරිලා බලන්නවත් මට අවකාශයක් ලැබුනේ නැහැ, විරංගවත් තල්ලු කරගෙන වගේ ඇතුලට ආවේ චාපා! මට උතුර දකුණ මාරු උනා!!

"චාපා?!"

"තීක්ෂණ.... ආ.. මේ ඉන්නේ... මම දැක්කා ජීප් එක තියෙනවා පාක් එකේ.... ආ... මෙයා මොකද මෙහෙ කරන්නේ?"

ඈ අවසාන කොටස කිව්වේ විරංගට. චාපා සැහැල්ලු කොට ගවුමකින් සැරසිලා ගේ ඇතුලට ආවේ සුලිසුලඟක් වගේ. මට එකපාරටම බැලුනේ ගේ ඇතුලත. දෙවියනේ මධුලිකා!! ඈ පෙනෙන ඉසව්වක නම් සිටියේ නැහැ. මට ඉඳගෙන හිටපු තැනින් එකපාරටම ඉහලට එසවුනා.

"ඔයා...?"

"ඇයි ? මම තමයි.....!"

එහෙම කියාගෙන චාපා දොරත් වහගෙනම ඇවිත් සෝපාවේ සැහැල්ලුවට වාඩිවෙලා කකුලත් උඩින් තියාගත්තා. ඇස්දෙකෙන් සන්නිවේදනය කරගත්ත මමත් විරංගත් එකපාරටම ගේ ඇතුල ආවරණය වන පරිදි සිටගත්තා.

"හරිනේ මචන් එහෙනම්... මම යන්නද?"

විරංග එහෙම කියද්දී මම ඔහුගේ කලිසමේ කොනෙන් ඇදලා මගේ ළඟට ගත්තා.

"හ්ම්ම්? මොකද අනේ ඔය දෙන්නට වෙලා තියෙන්නේ...? ඇයි විරංගව නතරකරගත්තේ?"

චාපාගේ කම්මුල් දෙක රෝස පාට වෙලා වගේ මම දැක්කේ කෝපය නිසාදැයි කියල වැටහුනේ නැහැ.

"චාප ඔයා යන්න... මම කිව්වේ... මේ... මම පස්සේ එන්නම්..."

චාපා අතේ තිබ්බ බෑග් දෙක තුන සෝපාවේ අතුරලා එකපාරටම නැගිට්ටම, මමත් විරංගත් චිම්පන්සි දෙන්නා වගේ දෙපැත්තට පැන්නා. විරංග ඒ ක්ෂණයෙන් මධුලිකා සිටි කාමරය හරස් කරගෙන හිටගත්තේම ඒ දොර වසාගනිමින්මයි. වාසනාවට ඒ වෙනකොට මධුලිකා ඇතුලට ගිහින් වෙන්න ඕනේ.

"ඒ මොකද ඒ? විරංගට කියන්නකෝ යන්න කියල... වෙනදාටත් එයා ඉන්නවද මම ඉන්නකොට?"

එක නම් සෑහෙන බරපතල කතාවක්! චාපාව මෙහි රැගෙන එන කිසි දිනෙක විරංග මෙහි රැඳී සිටියේ නැති බව නම් සත්‍යයි. එහෙම කියාගෙනම චාපා පැන්ට්‍රි එක පැත්තට ඇවිදගෙන ගියා. මගේ හිස ගිනිගන්න පටන් ගත්තා. මධුලිකාගේ කිසියම් පරිහරණය කරන භාණ්ඩයක් හමුවුවොත් එයම ඇති මැයට ! විරංග ඇස්වලින් සහ සියලු අංග වලින් මාව කතාකරවන්න හදනවා.

මම චාපා සමඟම පස්සෙන් වැටුනා. පටු කොරිඩෝවේ වම්පස තිබුණු උසැති මල් පෝච්චිය අසල විරංග කාමරය අහුරාගෙන සිටි අතර, එම කාමරයේ දකුනුපසට වන්නට තිබුණු ඇතුල් බැල්කනිය අහුරාගෙන මම සිටගත්තා.

මා අසලින් ගමන් ගත් චාපා මගේ දුහුල් කමිසය අතරින් සිය අත යවා මගේ දකුණ උදරයේ ඉහල කොටස තදින් ග්‍රහණය කලෙන් මම ඇගේ අත එයින් ඉවතට තල්ලු කළා.

"මචන්.. මම එහෙනම්..."

විරංග මගේ දිහා බලලා ඉඟිමැරුවා උනත් මම අතින් සන් කලේ නොයන ලෙසයි. එවිටම ඔහු අසල නතර වුනු චාපා කාමරය දෙස එකවරම ඇහිබැම හකුලවා බැලුවා.

"මොකද මේ රූම් එක වහල?"

ඒ දෙසට අඩියක් තැබූ චාපාව මම එකවරම දෝතින්ම ග්‍රහණය කරගත්තා.

"ආ... ඒක පොඩි වැඩක්"

"පොඩි වැඩක්?"

"ඔව්....  මේ.."

විරංගත් මමත් එකිනෙකා දිහා බැලුවට කිසිම දෙයක් කියාගන්න විදියක් නැහැ.

"මම.. අද මෙහෙ ඉන්නේ.."

චාපා මගේ දෑත් අතරින් හැරිලා අනපේක්ෂිත විදියට මට තුරුල් උනා.

".. මචන් මම වොෂ් එකක් දාගෙන එන්නම්"

එහෙම කියන ගමන්ම විරංග දොර අරින්න හැදුවත් එකවරම දොර ඇරුනේ නැහැ. ඔහුගේ මුහුණ චප්ප වෙච්ච කජු ලෙල්ලක් වගේ උනා. විරංගට පිටුපා, මට තුරුල් වෙලා හිටපු නිසා චාපාට එය නොපෙනුන බැවින් මම හිතාමතාම ආයෙත් චාපාව තුරුල් කරගත්වනම හිටියා. ඊළඟ මොහොතේ දොර ඇරගෙන විරංග ඇතුලට රිංගුවා. මගේ මුළු සිරුරම ගිනිගෙන දැවෙනවා වගෙයි මට දැනුනේ. තුරුල් උන චාපාගේ හැසිරීම එය තවත් තීව්‍ර කරන්නට සමත් උනා.




මධුලිකාගේ සහ විරංගගේ දුරකථන ඇමතුම්, රහස් කතා පිලිබඳ මෙම සිදුවීම් සියල්ල විසින් මම කෝපයෙන් , ඉරිසියාවෙන් රත්කරවන්නට සමත්ව තිබුනා. ඒ සියල්ල සමඟම ඔවුන් දෙදෙනා එලෙස කාමරයක දොරගුළුලා ගැනීම මට ඉවසිය හැකිද?

ඈ කෙරෙහි මගේ සිතෙහි ඇති නොතින් ආශාවන් විසින් පෙලන ලද මට මෙය ඉවසාගැනීමට නොහැකි අතුල් පහරක් වගෙයි.





මධුලිකාගේත් , විරංගගේත් මුහුණු එකිනෙකා පරයා මා වටා කැරකෙමින් මගේ හිස බමන්නට පටන්ගෙන තිබ්බා. වැසුණු ඒ දොර දෙස තවත් බලාසිටිය නොහැකිව මම චාපා ඉවතට තල්ලු කරන්නට හැදුවත් , මා තුල සිටි මෘගයෙක් විසින් මා අසල කාමරයට තල්ලු කර දැමුවා.


ඇතුලතින් මුරගාමින්, අවට හසුවන සියල්ල කීතු කොට ඉරන්නට තරම් ආවේගයක් මුදාහල මම නානකාමරයට වැදි විනාඩි කිහිපයක් ඉකිබින්දේ ඇයිදැයි මට තාමත් හිතාගන්න බැහැ.

හෝරාවකට පසුව මම කාමරයෙන් එළියට පැමිණෙනවිට, ඒ වසා තිබුණු දොර දෙස උවමනාවෙන්ම නොබලන්නට සැලකිලිමත් උනත්, ඇස් කොනෙන් තවමත් එහි වැසී ඇති පෙනුමෙන් ඇතිවූ තදබල වේදනාවට , චාපා අතෙහි එල්වාගෙන ජීප් රථය කරා ගමන් කළා.

චාපා සුපුරුදු පරිදි කුලී රථයකට නංවා පිටත්කළ මම, මුහුදු මාර්ගයේ පාලු ඉසව්වක වාහනය ගාල්කර කිසිදු හේතුවක් නැතුව නොනවත්වා දුම්වැටි පහක් පානය කලේ, සිතුවිලි අතර වල්මත් වෙමිනුයි. කොතරම් සුසුම්හෙලුවත්, හදාගන්න හැදුවත් ; ඒ කිසිවකින් හිත නම් හැදුනේ නැහැ. අවසානයේ වාහනයේ ආසනය දිගාකරගෙන එතැනම මට නින්දගොස් තිබුනා.

**************************************************


තදබල නිදිමත සහ ජින් වලින් ලද මත්ගතිය නිසා හිස තද බර ගතියකින් යුක්ත උනත්, අපහසුවෙන් නැගිට මම නානකාමරය දිහාවට ඇවිදගෙන ගියේ කළුවරේමයි. යන්තම් තිබ්බ මතකයට අනුව , මම මේ ඉන්නේ ගෙදර කියා නම් කිවහැකි උනත් කොයි විදියකට වාහනය පදවාගෙන ආවාදැයි කියා නම් හරිහැටි මතකයක් තිබ්බේ නැහැ. ස්නානයකින් පස්සේ යම් පමණකට යථාතත්වයට පත් උනත් හිසේ කැක්කුම අතරින් පතර දැනෙන්නට උනා.

ජංගම දුරකථනය නාද උනත් මම ඒ ගැන සැලකිල්ලක් නැතුව කාමරයේ වායුසමිකරණයේ උෂ්ණත්වය මදක් වැඩි කළා. මේසයේ පසෙක තිබුණු දුරකථනය නොනවත්වා නාදවී නිහඬ වූ පසුව මම නිකමට මෙන් එය අතට ගෙන පිරික්සුවා.




ඒ වනවිට මධුලිකාගෙන් ඇමතුම් පනස් තුනකුත්, විරංගගෙන් ඇමතුම් විසි අටකුත්, චාපාගෙන් ඇමතුම් තුනකුත් නොදන්නා අංක කිහිපයකින් ඇමතුම් සහ අම්මාගෙන් ඇමතුම් දෙකකුත් ලෙස මුහුණතෙහි දර්ශනය වී තිබුනා. මම මුලින්ම අම්මාට ඇමතුමක් ගත්තා.

"හලෝ...?"

"මොකද්ද ලොකූ... කොච්චර කෝල් කලාද මම?"

"හරි හරි දැන් මොකද්ද වැඩේ කියන්නකෝ"

මම මේස ලාච්චුවල උඩම ලාච්චුව විවෘත කර එහි තිබුණු සටහන් පොත එලියට ගනිමින් කිව්වා.

"ජයනෙත්ති අංකල්ගේ ගෙදර කට්ටිය ආවා. අපි මේ එන ගමන්.... ඔය කොහෙද ගිහින් හිටියේ? වත්තේ මැනේජර් ඇවිත් හොයලා අපිටත් කෝල් කළා"

"ෆෝන් එක සයිලන්ට් දාලා තිබ්බේ. මට ඇහුනේ නැහැ. විරංග එක්ක එහෙ ගියා"

"එහෙනම් විරංග අපිට කෝල් කලේ?"

මට තරු පැන්නා! විරංග ඇත්තටම මාව සොයලා තියෙන්නේ මොකටද? එකපාරටම දැනුන භයානක හැඟීම නිසා මම ගොළුවෙලා යන්න ඇති.

"... පුතා? ඔයා ඉන්නවද? හලෝ...??"

"ඔව් සිග්නල් මදි වගේ..."

එහෙම කියල මම ඇමතුම විසන්ධි කරලා දැම්මා.

කෝපය, ආවේගය නිසා කතා නොකලාට; විරංග මාව එතරම් සොයන්නට ඇත්තේ කුමක් නිසා විය හැකිද? වහාම මම විරංගගේ අංකයට ඇමතුමක් ගත්තත් එය ඒ වනවිට ක්‍රියා විරහිතව ගොස් තිබුනා.

ඒ සැනින් මම බැලුවේ වෙලාව කුමක්දැයි කියලා.

ඒ වනවිට වෙලාව සවස 7 ට ආසන්නව තිබුනා. සිතල අයිස් කුට්ටියක හැපුණා සේ මගේ ගත අප්‍රාණිකව සැලී ගියා. මම එතරම්ම වෙලාවක් නින්දේ පසුවුවාද? දහවල් ආහාරය තියා උදෑසන ආහාරයත් මම ඒ වනවිට මගහැරිගොස් තිබුනා.

විකල්පයක් තිබ්බේ නැහැ, ඊළඟට ගත්තේ ඇමතුම මධුලිකාට. දුරකථනය පස්වරක් නාද වූ පසුව සිහින් හඬින් මධුලිකාගේ ස්වරය මට ඇසුනාම මම විසිරුණු සිතින් හඬ අවදිකලා.

"හලෝ.."

"හලෝ... කොහෙද ඉන්නේ?"

"ෆ්ලැට් එකේ"

"..................."

"..................."

"අවුලක් නෑ නේද?"

"නෑ "

"හරි එහෙනම්"

"හරි"

"හරි"

ඇමතුම විසන්ධි කරපු මම සිටියාටත් වඩා නොසන්සුන් බැවින් ආතුරව ගියා. විරංග එහි ඉන්නවාද කියා අසන්නට මගේ දිව නොනැමුනේ ඇයි ? මධුලිකාත් ඒ ගැන කිසිවක් පැවසුවේ නැත්තේ ඇයි?

ගැටළුව තවත් උග්‍ර වන සලකුණු පෙනෙන්නට පටන් අරගෙන. අම්මා එනවා කියන්නේ ආයෙමත් මට එහෙ රෑ යන එක අමාරු වෙන වැඩක්. විරංග විසින් කැඳවාගෙන එනවා කියූ සේවිකාවට වුයේ කුමක්ද?

අධිමානය පසෙකලා මම මධුලිකාට ඇමතුමක් ගත්තා. එවර නම් පළමුවර නාදයෙන්ම මධුලිකා එයට පිළිතුරු සැපයුවා.

"අර සර්වන්ට් ආවද?"

එකවරම මධුලිකා ගොළු උනා වගෙයි මට හැඟුනේ.

"ඔව්... විරංග එක්කගෙන ආවා."

මගේ සිත යම් පමණක සැනසීමක් එයින් ලදද සිත ඇතුල ඇසේ කෙවෙන රොඩ්ඩක් ලෙස යමක් සිරවී වදදෙමින් පවතින බව මට නොරහසක්.

"අපේ.. අම්මලා අද එනවා. ඒ නිසා අද එන්න වෙන්නේ නැහැ. ඔයාට විස්වාසයි නේද ඔය ගෑනිව?"

"ආ..."

"විස්වාසයි නේද මම කිව්වේ ඒ ගෑනිත් ඔත්තුකාරයෙක් නෙවෙයි නේ?"

"හ්ම්ම්"

මධුලිකා කෙඳිරිගානවා ඇරෙන්නට කතාකරන්නේ කඩින් කඩ වගේ.

"මම එන්නද? ඔයාට බයද?"

මට එලෙස අසන්නට ඕනේ කමක් තිබුනාද කියා හරිහැටි සඳහන් කරන්නට නොහැකි උනත් ඒ වචන මගේ දෙතොල් අතරින් ලිස්සලා ගියේ නොදැනුවත්වමයි. ඒ ක්ෂණයෙන් මට පිළිතුරත් ලැබුනා.

"හා!"


විස්තර කල නොහැකි ප්‍රීතියකින් මම අසුනෙන් නැගිට, මේසය මත තිබුන ජීප් රථයේ යතුර අතැතිව විනාඩියක් යන්නත් කලින් මම හිටියේ මහමග. ඒ මොකක් උනත්, මධුලිකා සිටින නිවාස සංකීර්ණය අසලට ගමන් ගන්නා තුරුම විරංග සම්බන්ධ කරගන්නට ගත සියලු තැත් වැරදිගිය හෙයින් අවසානයේදී ඔහුගේ නිවසට අමතන්නට මම තීරණය කළා.

සෑහෙන වෙලාවක් නාදවිමෙන් පසුව එයට පිළිතුරු සැපයුවේ විරංගගේ බාප්පාය.

"අන්කල්.. විරංග?"

"ආ... පුතා...! විරංග ගෙදර නෑනේ.. ඇයි පුතේ?................. මේ තීක්ෂණ පුතා නේද?"

"ඔව් අන්කල්... විරංග කොහෙද දන්නේ නැහැ නේද? එලියට ගිහින්ද?"

"ඔව්නේ පුතා... ට්‍රිප් එකක් ගියානේ වස්ගමුවේ.... මම හිතුවේ පුතත් යනවා කියල. ඩේමියන් හිටපු නිසා. ඇයි පුතා ගියේ නැද්ද?"

"ආ..

මට දෙන්න උත්තරයක් තිබ්බේ නැහැ. මේ හදිස්සියේ විරංග මෙහෙම ගමනක් ගියේ ඇයි ? යන්තම් පිළිතුරු සමපාත කරමින් ඇමතුම අවසන් කල මම මධුලිකාගේ නිවසේ දොරට තට්ටු කලේ දෙගිඩියාවෙන්.





********** මතු සම්බන්ධයි ***********

8 comments:

  1. Theekshanata wada game eka behala aran yanne vranga vge neh

    ReplyDelete
    Replies
    1. :D
      වෙන්නත් පුළුවන්.... දෙකට ගණන් කරන්න බැරුව ඉන්න අයනේ පස්සේ බලනකොට ඔක්කොම කරන්නේ

      Delete
  2. මදුලිකා ද චාපා ද? චාපා ද මධුලිකා ද? මදුලිකා ද චාපා ද? චාපා ද මධුලිකා ද? මදුලිකා ද චාපා ද? චාපා ද මධුලිකා ද? මදුලිකා ද චාපා ද? චාපා ද මධුලිකා ද? මදුලිකා ද චාපා ද? චාපා ද මධුලිකා ද? මදුලිකා ද චාපා ද? චාපා ද මධුලිකා ද? මදුලිකා ද චාපා ද? චාපා ද මධුලිකා ද? අම්මෝ මගේ බෙල්ල.. :)))))

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් බෙල්ලත් නැති එකේ බඩටත් මොකක් හරි කරගත්තනම් නේද හොඳ?

      මේ කතාව හැබෑටම කවුරු ගැනද?

      Delete
  3. ඉතාමත් ආශාවෙන් යුතුව කියෙව්වෙමි. ඇත්තම කියන්න මේ කථාවේ මුල මැද අග කිසිවක් මා නොදන්නෙමි. මන්ද "සුහදනියේ . . " කිව්ව සැනින් මාහට සිත්වූයේ තවත් රෝස පාට බැලුම් බෝල කථාවක් කියාය.
    මට මතකයි මීට කාලෙකට පෙර ගුවන් විදුලියේ විකාශනය වූ රහස් පරීක්ෂක කථාවක්. ඒකෙ ප්‍රාධාන රහස් පරීක්ෂක වරයාගේ භූමිකාවට හඬ කැවූයේ කෘථහස්ත ගුවන් විදුලි ශිල්පියෙකුවූ කරුණාරත්න අමරසිංහයන්! එම මාලා නාටකයේ නම "දැති මෝරා" වගෙයි මතක. ඒ කතාව ගුවන් විදුලියට රචනා කලේ සොඳුරු ආඥ්ඥාදායකයා ලෙස විරුදාවලිය ලැබූ සුගතපාලද සිල්වාද? මට ශුවර් නැත. කෙසේ වෙතත් "දැති මෝරා" නම ඇසූ සැණින් මෙය එසේ මෙසේ කථාවක් නොවන බව සිතට කා වැදී යයි.
    ගුවන් විදුලි නාටක අතර එදා මෙදා තුර විකාශනයට පත්වූ සුපිරිම කථා මාලාව වූවේ; සෙනසුරාදා ප්‍රේම් ගේ ශණිදා සාදය අතර විකාශනය වූ "ලන්දේසි දූපත" නම් මනෝරම්‍ය නාටකය යැයි මා කියන්නේ මට සාපේක්ෂවය! එහි රචකයා වූවේ සමන් අතාවුදහෙට්ටිය. "රොන්ජන්" ගේ හා "ජිල්ජෝන්" හෝ "වැනද්බෝනා" ගේ චරිතයටද හේ පන පෙවීය. එම චරිත දෙකෙන් ඉතිරි චරිතයට හඬ කැවූයේ කොළඹ මහ නගර සභාවේ පරාක්‍රම පෙරේරාය.

    අපගේ රහස් පරීක්ෂක කථා සාහිත්‍යයේ පුලින්ම කියැවෙන නම පියදාස සිරිසේන ශූරීන්ය. මගේ මතකය නිවැරදිනම් ඔහුගේ කතාවල ආ රහස් පරීක්ෂක විරුවාගේ නම බෝගොඩ වික්‍රමපාල නමැත්තාය.
    එහෙත් මිනිසුන් අතරට නො එසේනම් සාමාන්‍ය ජනතාව අතරට මෙවන් වික්‍රමාන්විතයන් ගෙන ගියේ ඩීමන් ආනන්දය. "ලෙයට ලෙයකි! ඇසට ඇසකි!! උණ්ඩයට උණ්ඩයකි!!!" ඔහුගේ තේමා පාඨය වූවේය. ආරම්භයේදීම "හිත කලබල වෙන එවුන් පොත කියැවීමෙන් වැලකෙන ලෙස අවවාදයක්ද මුද්‍රණය කොට තිබුනේ බලන එවුන්ගේ කෙසේ වෙතත් පොත මුද්‍රණය කරවුන්ගේ හිත සුව පිණිස විය යුතුය!
    ළමා කලයේදී අප රස වින්දේ "ටින් ටින්" ගේ වීර චාරිකා කියවාය. කියවා කීවාට රූප බලාය! කලකට පෙර මල්ටිපැක්ස් ආයතනයේ ස්වර්ණමය අවදියේ ප්‍රකාශයට පත්කල "ස්වර්ණ" චිත්‍ර කතා පත්තරයේ "ටෝනිගේ වික්‍රම" යනුවෙන් ටින් ටින් ව සිංහලකරණයට ලක් කර තිබුණි.
    මීට වසර 40 කට 50 කට පෙර පලවූ ඔරිජිනල්ම ළමා පුවත් පත වූ මිහිර පත්තරයේ "බූ, බබා සහ තුල්සි" කතාව තුලද කිසියම් රහස් පරීක්ෂක අංකුර නොතිබුනාම නොවේ.

    කෙසේ වෙතත් "සුහදිනිය" තවමත් ලියැවෙනා බැවින් තවම මේ ගැන කියන්නට කල් මදිය.
    එහෙත් දිනෙන් දින වැඩෙනා කුතුහලය මඬිනා ලිවීමක් ඔබ තුලින් දකිමි.

    ReplyDelete
    Replies
    1. හම්මියෝ බැරුවා!

      ඒ කියන්නේ තට්ට මහතාගේ ප්‍රබුද්ධ මණ්ඩලේට කැපිලා ගිහින් , පස්සේ යාන්තම් ඔලුව උස්සලා ආපු වගක් නේද? ඊට යටින් ලියලා තියෙනා කිසිම දෙයක් ගැන මෙලෝ හසරක් නොදන්නා මම ලියන ඒවා අඩුපාඩු කෝටියක් ඇති ලියමන් නිසා, ඉවසීමෙන් කියවන්ටකෝ... කියෝලා ඇත්තේ ඉතින් ශර්ලොක්ස් හෝම්ස් මිසක් වෙන කිසිවක් නොවේ. (ඒ තරම් නම් කොහොමත්ම නැහැ.) ඒත් ලියාගෙන යනකොට තට්ටයෙක්වත් මතුවෙයිද?

      Delete
  4. ඔෆිස් එකේ පුළු පුළුවන් වේලාවට මේක කියෙව්වට මොකක් හරි ලියන්න වෙලාවක් සෙට් වුනේ නෑ ..
    නියමෙට ගලාගෙන යනවා . අර එක වචනයක් කිව්වම මුඩ් එක උඩ යට මාරු වෙන සීන් එක නම් අම්මප ඇත්ත . හෙහ් ...

    මේ වගේ කතාවක් ගොතන්න වෙන මහන්සිය සෑහෙන්න අගේ කරන්න ඕනේ .. සිරාවට

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටලා හුවක්වත් කියන්න එන හින්ද යන්තමට හරි කියෝනවා කියල හිතල ලියාගෙන ගියා. මහන්සිය ගැන කියනවා නම් ඉතින්, මේ කාර් - බාර් , පිස්තෝල - උල් පිහි ගැනම කියෝලා හති ! මොකද ඔය උඩින් ඉන්න තට්ට මහතා කියෝනවා කිව්වහම මම මේ සීරුවෙන් හිටගෙනත් ලියන්නේ!

      ඔහොම හිටියට මොකක් හරි ඇදයක් දැක්කොත් එහෙම, පැන්නා : ඩිසුම් - ඩිසුම් ! බහුවා බහුවා තමයි....

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි