විසිතුරු කොල
▼
185. ආපසු || turn back
යම් දිනයක ඔබ ,
හදිසියෙන් මෙන් පැමිණ
මට කියාගන්නට
බැරුව සිටි බොහෝදේ
ලියා තබා යනු ඇත...
එදිනට
වීදුරුව බරුව යට ඇති
ඔබ ලියු කොලය
තබා යන්නට ප්‍රථම,
දැනටමත් එහි ඇති
පඬු පැහැ කුඩා සටහන
කියවාම යනු මැන...
කියවීමෙන් පසුව
හමුවීම උගහටය,
පුංචි කවුළුවක් හෝ
විවර නැත
එතැන - එදිනට!
~~මම
මොන තරම් පොරොන්දු උනත් නිතර බ්ලොග් පැත්තේ එවෙන්නේ නැ. එත් ඒ එනදාට නොවරදවාම ඔබව බලන්න එනවා. හැමදාම වගේ හරි ලස්සන ලිවීමක් ලිඛිතා
ReplyDeleteහ්ම්ම්ම්...
ReplyDeleteකියවීමෙන් පසුව, කොමෙන්ට් කිරීම උගහට ය...
නියමයි ලිඛිතා...
නොකියවිය යුත්ත කියවීමේ විපාක !
Deleteහමු වීම උගහට නම් නොකියවන තරමට හොඳය..
ReplyDeleteහමු නොවී ලිව්වොත්?
Deleteහොඳයි.... එයත් කියවා බලන්නම්...
ReplyDeleteජයවේවා!!!
අන්න එහෙම ප්‍රගතිශීලි වෙන්නකෝ
Deleteආපසු යන්නට පාර කියනවද... :/
ReplyDeleteඔන්න ඕකනේ බැරි.... මේවා වන්වේ
Deleteලස්සනයි කවිතා
ReplyDeleteලිඛිතාට කවිතා කියා කීම එක්තරා බුහුමනක්. ස්තුතියි
Deleteමුහුණ දිහා බලාගෙන කියන්න බැරි නිසානේ ලියලා තියන්නේ. ඒ නිසා කියවන්නම වෙනවනේ.
ReplyDeleteමුහුණෙන් කියවෙන දේවල් කියවන්නේ එතකොට?
DeleteThanks
ReplyDeleteලියන්නට කම්මැලි කෙනෙක් නම් විනාසයි. කියවන්නට කම්මැලි කෙනෙක් නම්....
ReplyDeleteලියන්නට කම්මැලි උදවිය කියවන්නට කම්මැලි නැත. එහි විලෝමය කොහෙත්ම නැත
Delete