සරත් සමයට කුරිරු ලෙස හිඳි නුබගැබේ සැඩ කිරණ වලකා
සුරත් යුග එසවුණු දියඹ බැඳි රළ අතර සැඩ පහර සලකා
මරත් කත මැණිකක් ලෙසින් සැදි සිලිටි පෙති පනසේම සුරැකා
බලත් තුටුකොට පහන් එළියේ පිපෙන කොඳ මල සේම තිලකා
තුඩ'ග පහසට ඇහැරි ඇහැරී සුළු මැදුම් දෙතිතෙන් උදුල්
විහඟ ගීයක තැවරි තැවරී රිදුම් පිරිමදිමින් විපුල්
සිතැ'ඟ ඉවසා මිහිරි මිහිරී කොපුල් රත්පැහැ කර තෙපුල්
මුවග දරනෙමි මුමුණ මුමුණා මියෙන තෙක් මා කුමරු සපුමල්
~~~මන්ජි
රතඟ සැදි මල් මිණි පැමිණි ලෙද ස්නේහයේ සුනරුත් වදන්,
ReplyDeleteසසඟ කුමටද සිත් යහන් මත ඔබ ළයෙහි තුරුළුව ඉඳින්,
සමග පෙර අත්බැව්හි විඳි සුව මතක පොත ලියනුව ඉතින්,
විහඟ ගීතය අසනු ලෙද එනු මැන සොඳුර සිත් සන්තොසින්,
බොහොම අපූරුයි නෝනා මහත්මයා බොහොම අපූරුයි!!!
බොහොම ස්තුතියි...
Deleteමේ කවි දැක්කහම තව තව කවි ලියන්න හිතෙනවා.
උදුල සඳවත සුවය තැවරී කැළඹෙනා මහ රැය හොඳින්
ReplyDeleteවදුල සිරසෙහි රෑන විහඟුන් මුමුනවයි සිය පෙම නදින්
දිදුල තරු මිණි අසිරි දෙද්දී සුව විඳින්නට තව තදින්
කඳුල මසිතෙන් පහව යයි දැන් පෙමට ඉඩ දෙන්නට හදින්.....
අපූරුයි ලිඛිතා... ඔබේ කවිකම් තරම් මගෙ කවිය අනගි නොවුනත් කවියක් ලියන්නම පෙළඹීමක් ඇතිවූ බැවින් ලිව්වෙමි.
ජයවේවා!!!
බ්ලොග් වලදී ඔබ තරම් කවියෙන් හරඹ කරගන්නට නොහැකි මම මේ අමාරුවෙන් ලියාගත්ත කවිය තුල යම් දෙයක් ඔබ දුටුවානම් නිහතමානිව සතුටු වෙමි.
Deleteබොහොම ස්තුතියි පිළිතුරට
සපුමල් කුමාරයා....අපෙ සෙම්බගප්පෙරුමාල් කුමාරයා...ලිඛිතා මැඩම් කෝට්ටෙද නල්ලූර් වලද හිටියේ ඒ කාලේ?
ReplyDeleteලස්සනයි ලිකිතා.
ReplyDeleteස්තුතියි
Deleteහරි අපුරුයි ලිඛිතා....
ReplyDeleteස්තුතියි
Deleteඅපූරුයි
ReplyDeleteස්තුතියි
Delete