විසිතුරු කොල
▼
Wednesday, June 20, 2018
181. ශිශිරතර පෙම - 1
මම පොඩි කාලේ ඉඳන් හරි දඟකාරයි. ඒ උනාට හරිම මිත්‍රශිලියි. මගේ දඟකාරකම් වලට ඉඩක් ලැබුනේ මගේ අක්කා නිසා. මට හිටියේ අක්කා විතරමයි. ඈ මට බොහෝ ආදරය කළා. ඒ වගේම මම ඇයට බොහෝ සමීපයි.
ඒත් එකපාරටම දවසක; හේතුවක්වත් හිතාගන්න බැරි විදියට ; මගෙත් අක්කාගේත් බැඳීම දුරස් කළා. පුංචි මම ඒ වෙනස දරාගන්න බැරි උනා. මම දෙමවුපියන්ගෙන් ඇහුවා, අයැද්දා , එහෙම වෙන්නේ ඇයි කියලා. නමුත් මගේ පිංචි හිතට සැනසෙන්න උත්තරයක් දීගන්න කිසිම කෙනෙක්ට පුළුවන් කමක් තිබ්බේ නැහැ. මහා විසාල අපේ ගෙදර හිටපු සේවකයින් ගාන ගොඩාක් අඩුවෙලා කියලාත්, සමහර දොරාවක්, ජනෙල් වහලාම දාලා කියලාත් තීරුම් ගන්න උනත් මට සෑහෙන කාලයක් ගියා. ඒ ඔක්කොම උනේ අපේ අක්කාව ගෙදර තිබ්බ කාමරයකට කොටුකරපු එකෙන් පස්සේ. මට අක්කාට කතාකරන එක තියා ඈව දකින්නවත් ලැබුනේ නැති තරම්. ඒ දකින හැම මොහොතකම එයා කාර්මිකයෙක් වගේ අමුතු අත්වැසුම් දෙකක් දමාගෙන තමයි හිටියේ. මේක මට හරි ප්‍රෙහෙලිකාවක්.
මෙච්චර කාලයක් එකට තිබ්බ අපේ ඇඳන් වලින් අක්කාගේ ඇඳ අයින් කරලා තිබ්බේ එක මොහොතකින්මයි. මට කතාකරන්න කෙනෙක් නැහැ. මගේ එකම සෙල්ලම් සගයාත් නැහැ. මට කරන්න ඉතුරුවෙලා තිබ්බේ ගෙදර බිත්ති, පින්තුර වලට කතාකරන එක විතරමයි!
මම මගේ ළමා ලෝකේ අතරමං උනා.
කාලය ගතවුනා. අක්කාට එයාගේ කාමරයෙන් එන්න කියන ආයාචනා දොරට තට්ටු කිරීම්, දොර යටින් බැලීම් වගේ දේවල් අඩුවෙලා ගිහින් නිකන්ම එතැනින් ඇවිදගෙන යන තත්වයට පත්වෙමින් දවසින් දවස ගතවෙද්දී, මමත් වයසින් වැඩෙන්නට උනා.
එතකොට මට වයස 11ක් විතර ඇති. රටේ වැදගත්ම යුවල විදියට මගේ දෙමවුපියන්ට දුර ගමනක් යන්නට සිද්දවෙලා අපෙන් සමු අරගෙන පිටත් උනා. යායුතුම ගමනක් නිසා දුකෙන් සමුදුන්නත්, මම දැනගෙන හිටියේ නැහැ ඒ ඔවුන් ගියේ ඔවුන්ගේ දෛවෝපගත ගමන කියලා. ඔවුන් ඒ ගමනේදී ජිවිතක්ෂයට පත් වී තිබුනා.
මේ සියල්ල ඉදිරියේ මගේ තනිකම මකන්නට සිටින අක්කා ඔවුන්ගේ මළගමට සහභාගී වෙන්නවත් ඇගේ කාමරයෙක් එලියට ආවේ නැහැ. මම දොර ගාවට ගිහින් අඩමින් මතක් කළා, දැන් මට ඉන්නේ ඇය විතරයි, කරුණාකරලා දොර අරින්න කියලා. ඈ ඊට සවන් නොදුන්නා විය හැකියි.
කාලය ගත උනා. ධන ධාන්‍ය වලින් හෝ සුකොමාර ජීවිතයකින් හෝ අඩුවක් නොමැති මම ආදරය වෙනුවෙන් ඇති මහා හිඩැස සමගින් වැඩුණා.
ඒ එක්තරා තීරණාත්මක දවසක් වෙනතුරු!
තව ඉදිරියට (To be cont..)
මේ අපි දන්න ඒ කතාවම ද ලිඛිතා? හරිම ලස්සනයි අකුරු කරලා තියෙන විදිහ. ඒකම වුණත්, ඒ විදිහට ම පටන්ගෙන යන වෙන කතාවක් වුණත් අපි කියවන්න ආසාවෙන් බලං ඉන්නවා. :)
ReplyDeleteඅර බාගෙට ලියලා නතර කරපු අනිත් කතාවල ඉතිරි ටිකත් ඉතින් කවදා හරි ලියයි කියලා හිතං ඉන්නවා. අපිව අර විදිහට මෝහනයක් මැද්දේ අතරමං කරලා දාලා තියෙන එක ඒ හැටි හොඳ නෑ හොඳේ?! :(
ඕකනේ ඉතින් බැරි!
Deleteස්තුතියි
ඒ කතා දෙකට කංකානම් අඩේ හිටලා. බලමුකෝ ලියන්නම් ලියන්නම්. කෝ ඉතින් කාටවත් ඕනෙකමක් නෑනේ ;-)
OK.. OK.. (To be cont..)
ReplyDeletecont cont
Deleteදෙමව්පියන් නැතිවෙන තැන තව දැනෙන විදිහට තිබුණනම් හොදයි....දිගටම ලියන්න!! ජය!
ReplyDeleteඒක ලියන්න ගියොත් පොඩිත්තක් අවුල් වෙයි හිතුනා. ස්තුතියි
Deleteලස්සන කතාවක ආරම්භයක් වගෙයි.
ReplyDeleteලස්සන ලියමනක් ලිඛිතා.
ජයවේවා!!!
හ්ම්ම් හ්ම්ම්ම්
Deleteස්තුතියි
ලස්සන කතාවක්
ReplyDelete
Deleteස්තුතියි
මේකත් මග නතර කලොත් නම් ...!
ReplyDeleteනම් ඉතින් මොකෝ?
Deleteඅනේ දැංම්ම කියන්න අවසානය දුකක්
ReplyDeleteනම් කියවීම
මෙතැනින් නිමයි! මොකද පටන් ගැන්ම
එතරම්ම හැන්ගීම් බර නිසා! සතුටුදායක අවසානයක්ම වේවා! මෙය ලියන ඔබේ පැතුමත් එයමද?
අම්මියෝ මේ අර ගිනිබෝල කරකවන, කිඹුලෝ එක්ක ගඟේ පයිට් කරන දරුණු තට්ටයා අය්යා මහත්තයා නේද? මොකෝ මේ? ඔයත් අර මෝටින් ඇඩ් එකේ ඉන්න චණ්ඩියා වගේ "පොඩි උනත් සතා භයානකයිනේ මල්ලි" කියනවද ඔය?
Deleteබලමු මේ පාරවත් කතාව ඉවර වෙනකල් කියවන්ඩ පුලුවන් වෙයිද කියලා
ReplyDeleteහුහ් බලමු? මොනා බලන්නද.. හුහ්...
Deleteමේ යෝදි මට නම් සත පහකට විස්වාස නෑ..මේ කතාවත් මෙතනම නවත්තයි..එහෙමට අම්මණ්ඩි....:)
ReplyDeleteඔය කිව්වේ.. ඔය කිව්වේ.. ඔන්න කිව්වා. ඕන්න කිව්වා. කොහෙද ඉතින් අපිට හැදෙන්නවත් දෙනවද... හැදෙන්න ආවොත් මොනවාහරි කියලා මෙව්වා කරනවා. ඔන්න බලන්ට අපි කෙලින් වචනේ කට්ටිය.. අන්තිම කොටස දැම්මා සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව
Delete