විසිතුරු කොල

Thursday, September 29, 2016

30. බැරි වැඩ කරන අබරෙක්


ශාරීරික වේදනාවට පත් තරුණියක්



යමක් කමක් කරගන්න පුළුවන් කාලෙක නම් මම වගේ ගොන් බඳින කණුවකට වෙන්න පුළුවන් යහපත්ම, උචිතම දේ තමයි එක්තැන් වෙන එක. ඒ කියන්නේ මාරාන්තික හෝ තත්වයකට වැටිලා, නිවාස අඩස්සියේ, ICU එකට අතේ දුරින් විලංගුවේ වැටෙන එක. එහෙම එකතැන් උනාම කාත් කවුරුවත් නැතුව වගේ දැනෙන එකට එක අතකට මම කැමතියි.

හැබැයි ඉතින් කියෝගන්න ( කට නෙවෙයි) සහ බලාගන්න බැරුව එක්තැන් උන එක තමයි මට වෙච්ච අබග්ගේ. ඇස්දෙක හරියට පේන්නේ නැතුව, ලියාගන්න බැරුව ඇඟිලි වෙව්ලනකොට ලැපයෙන් උනත් යමක් කරන්න හරිම අමාරුයි. එහෙම කියල මම අතාරින්නෙ නැහැ.



ලෙඩ ඇඳක ඉඳල දේදුනු පාට හීන බලනවා කිව්වහම පොඩ්ඩක් විතර විකාරයි වගේ දැනෙන්න පුළුවන්. ඒක ඉතින් වෙනස් එකිනෙකාට. ඉතින් මම ලියනවා..... තාමත් මීට අවුරුදු 4කට එහා ඉඳන් තවාන් දාපු දේවල් මම පරිස්සමෙන් ලියන්නේ ඒකයි. මම ලියන දේවල් වල පරස්පරයක් තියෙන්නත් ඉඩ තියෙනවා. අනිත් එක අක්ෂර වින්‍යාස, උක්ත ආඛ්‍යාත නොගැලපීම් ගොඩාරියක් තියෙන්න පුළුවන්.

මොකද පොට ගියපු ඇස්දෙකකුයි , වෙව්ලන ඇඟිලි තියෙන අත් දෙකකුයි එක්ක ලියන්නේ.

ඊටත් කඩදාසි කොලයක්නේ, සමහර කඩදාසි වල ලියනකොට දන්නෙම නැතුව ඉරෙනවා. එහෙම ඉරුනම විසිකරන්නත් බැහැ , ළඟ තියාගෙන හිටියම නඩු වැටෙනවා!


ප.ලි : අපි ඇපල් කන්නේ නැහැ. නාරං , දොඩම් , මිදි නම් කනවා.

6 comments:

  1. ලිඛිතා, මම 7 වසරේදි ඇහේ කලු ඉංගිරියාව තුවාල වෙලා පළවෙනි වතාවට ඉස්පිරිතාලේ නැවතුනා මාස ගානක්.. ඔයා දන්නවද ඒ වාරේ මම පන්තියේ දෙවැනියා.. මගෙ එක ඇහැක් සම්පූර්ණයෙන් වහලා.. අනිත් ඇහෙන් වැඩ ගන්න එකත් සීමා කරලා තිබ්බේ.. කව්ද දන්නවද මගේ ඇස් දෙක උනේ.. එක ඇහක් සම්පුර්ණයෙන් නොපෙනෙන අනිත් ඇහෙන් ඡායාවල් විතරක් පේන මගේ අම්මා...

    ReplyDelete
  2. ලිඛිතා, හිත ශක්තිමත් කරගන්න.

    ජයවේවා!!!

    ReplyDelete
  3. කොමෙන්ටු දැමු සැමට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ෂික් මෙහෙම රිප්ලයි කරල හරියන්නේ , විශේෂයෙන් ගෑණු ළමයි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි