විසිතුරු කොල

Tuesday, September 6, 2022

360: උන්මාද චිත්‍රාදෝ මා - පසුවදන - Blog

 




කතාව ලියන එක ගැන කතාව-

උන්මාද චිත්‍රාදෝ මා කියන කතාවේ පොඩිම වස්තුබීජය මගේ හිතේ පැලවෙන්නේ මම සාමාන්‍යපෙළ කරන කාලේ. 

නමුත් මට එතරම් ධෛර්‍යමත් කමක් සහ පරිචයක් තිබ්බෙ නෑ මේ වගේ තීම් එකක කතාවක් ගොඩනගන්න. මොකද ප්‍රස්තූතය උනේ තමන් මෑතකදී විවාහපත් උන සැමියා ඉක්මනින්ම මිය ගිහින් වසර විස්සකට පස්සේ හොයාගෙන එන එක. ඉතින් ඒ අදහස එහෙම්ම යට ගියා. කාලයත් එක්ක මම මගේ ලිවීම අත්හදා බලමින් ඉන්නකොට හදිස්සියේ මට එක්තරා චරිතයක් හමුවෙනවා. 

ඔන්න මගේ අදහස පිස්සුවක් වෙනවා..

මේ වෙනකොට මම තවත් සීරියස් කතාවක ( Blog එකේ ) තරමක් ඉදිරියට ගිහින් දිවා රෑ නැතුව ඒ කතාව ලියන්න කියලා එන තර්ජන එක්ක තටම තටමා ඒක ලියන කාලෙ. මොකද ඒ කතාව ටිකක් පර්යේෂණ කරලා ලියන්න ඕන එකක් නිසා ඔලුව නිදහස් වෙන්න ඕනෙ. ඉතින් කොහෙද මේ කතාව කුණු කාණුවක හිරවෙච්ච ශොපින් බෑග් එක වගේ මගේ හිතේ හිරවෙලා කොහොමටවත් වෙන දෙයක් කරන්නම බෑ. මොකක් කරන්නද, හැමදාම මම කරන්නේ ඔය වගේ වැඩ කියලා හිත හදාගෙන ; ඔක්කොම තියෙද්දී මම උන්මාද චිත්‍රාදෝ මා කියන කතාව ලියන්න ගන්නවා.

කොටසින් කොටස මම ලියන්නේ මගේ එක රචනා ශෛලියකින්. මම සුහදිනියේ ලිව්වේ වෙනස්ම ශානරයක. මේක රොමෑන්ස් එකක් වනබව දන්නා නිසා පුලුවන් උපරිමේට ඒක තනුක කරන්න මගේ හිතට තරවටු කරමින් තමයි කතාව ලියන හැම දවසක්ම ගතවෙන්නේ. 

කතාවේ කොටස් 16 ක් විතර ඉවර උනාට පස්සේ මට අදහසක් එනවා මේ කතාව FB එකට මුදාහරින්න. මොකද මම ඒ වෙනකොට FB එකේ කතා කීපයක් පුරුද්දක් විදියට කියවමින් හිටියේ. ඉතින් පාළු සොහොන් පිට්ටනියක් වගේ පේජ් එකක් හදාගෙන ඕක මම පේජ් එකට දානවා. 

ඊට අමතරව මම එක්කෙනෙක්ගෙ උපදෙස් මත තව සමූහ දෙකකට පමණ පෝස්ට් කරනවා. එතනත් කීප දෙනෙක් කියෝනවා කියලා දැනලා මම පුංචිම පුංචි සතුටක් ලබනවා. කොටින්ම ලයික් එකක් ආපු ගමන් මමම ආයෙත් ඒක කියෝනවා. ඒක වෙනමම ආතල් එකක්.

ඒ අස්සේ මගේ අතින් මිනීමැරුමක් වෙලා කලින් කතාව කියෝපු උදවිය මගේ කතාව කියෝන එක නතර කරනවා.. ඔන්න මට තරු පේනවා. ඒත් ඉතින් දුකෙන් දුකෙන් ලියාගෙන යනකොට අසලංකට නිර්මලීව දෙන්න කියලා කියපු දේ අහන්නෙ නැති එකටත් ආයෙ උන් තරහ වෙනවා. එතන මගේ readers දෙන්නෙක්ට බහිනවා. ඒත් FB එකේ මගේ කියවන්නන් නිර්මලී එක්ක පැටලෙන්න එන අළුත් පිස්සා ආදරයෙන් වැළඳ ගන්නවා. 

ඒත් මම දිගටම මගේ හිතේ තියෙන ප්ලොට් එක ලියනවා. ඇත්තටම කිව්වොත් කොටස් 30 දී මම ප්ලෑන් කරපු ටික ලියලා ඉවරයි. ඒත් මට ආයෙ හෙනයක් පාත් වෙනවා. මගේ කතාව FB එකේ කියවන කෙනෙක් එක්තරා මගේ යාළුවෙක්ට screen shot එකක් යවනවා එයාගෙ වාසගම මම විසින් abuse කරනවා කියලා. 

ඉතින් ඒ යාළුවා කෙලින්ම මට ගේම ඉල්ලනවා එයාගෙ වාසගම ප්‍රධාන චරිතයෙන් ඉවත් කරපිය කියලා. මම ඒ වෙනකොට කොටස් හැට ගානක් ලියලා ඉවරයි. ඉතින් මම පරාජය බාරගෙන කොටස් හැට ගානෙම හිටපු ප්‍රධාන චරිතයේ වාසගම එක්කම අනිත් ප්‍රධාන චරිතෙත් නම වෙනස් කරනවා අනාගත ප්‍රශ්න වලක්වන්න. අනේ මම සෑහෙන්න ආදරය කරපු නමක් මම ඒ විදියට මගේ කතාවෙන් ඉවත් කරනවා.. ඇත්තටම දරුවෙක් හදාගන්න දුන්න වගේ ඒ වේදනාව. මුල සිට කියවපු අය දන්නවා ඒ නමට තිබ්බ attachment එක! මටම ආයෙත් ලියවෙනවා ඒ නම! 

ඒ එක්කම මම මගේ 1-60 දක්වා ඔක්කොම අයින් කලා නම් ටික හදන්න කියලා. ඒක ලේසි වැඩක් උනේ නෑ මොකද it was not just find and replace. ඒවා ලියලා තිබ්බ ක්‍රමේට ඒක එහෙම කරන එක මට අමතර පීඩනයක් වගේම වේදනාවක් උනා.

නමුත් මගේ readers ලා මාව තේරුම්ගත් හින්දා මට ඒක ඉක්මනින් පසුකරගෙන යන්න පුලුවන් උනා. 1-60 ඉවත් වෙන්න හේතුව ඒකයි. ඒ අස්සේ එක්කෙනෙක් දෙන්නෙක් මට කරදර කලා මේක පොතකට දාපිය කියලා. 

මැරෙන්න කලින් කරන්න ආස බකට් ලිස්ට් එකේ තියෙන පොතක් කිරීමේ ආසාව ඔන්න හිස එසෙව්වා. ඉතින් මම මටම පොරොන්දුවක් දුන්නා පොතක් කරනවා කියලා. හැත්තෑ ගනන් වලදී මම මේ කතාවේ සම්පත් දායකයෝ දෙන්නෙක්ට යැව්වා කතාව. මෙන්න එකෙක් හැරෙන තැපෑලෙන් මට බැනලා එවලා තිබ්බා මම රොමෑන්ස් ලියන්න දන්නේ නෑය.. මම ලියන ඒවායින් එයාගෙ රොමෑන්ස් අඩු තක්සේරුවකට දාන්ඩ එපාය කියලා.

සැලුනේ නෑ මිත්‍රහොරුනි. මම ඌ එක්ක දිගටම රණ්ඩු කලා. මොනවාහරි කිව්වොත් ඌ ගැන කුප්ප කතා කියලා ෆෑන්ස් ලා නැතිකරනවා කියලා තර්ජනය කලා. [ සල්ලි ඉල්ලුවා. ඌ දෙන්නෙම නෑ කිව්ව ] මම මැව්වේ ඌට FB ලක්ෂයක් විතර ෆෑන් බේස් එකක් තියෙනවා කියලා. ඒ වෙනකොට එක එපියක් 100 ක් වත් ලයික් දාලා නැති උනාට මම ඌව ඇන්දුවා.. 

ඔහොම ගිහින් ඔන්න අසූ ගානක් වෙනකල්ම මම ලියනවා.  ලියනවා.. ලියනවා හති වැටෙනකල්.  මේක ඉවර වෙන්නෙ නෑ. අන්තිමට තීන්දුවක් ගත්තා බලන උන් බලපුවාවේ.. පොත ඕනෙ බක්කක් උනාවේ කියලා.. මුළ සිට ඔක්කොම කොටස් ටික FB ඇල්බම් කරලා විලිසංගේ නැතුව ලින්ක් ශෙයා කලා මෙන්න මේකත් කියෝලා බලන්ඩ කියලා. 

ඔන්න දැන් එකා දෙන්නා පේජ් එකට ලයික් කරනවා. 70 තිබ්බ කවුන්ට් එක 100 උනා. මම හවස රෝස් පාන් ගෙනත් ප්ලේන්ටි බිව්ව. ඔහොම ඉන්න අතරේ කීප දෙනෙක් කතාව ගැන කියලා කට්ටිය එකතු උනා. එක්කෙනෙක් FB පෝස්ට් එකක් දාලා සපෝට් එකක් දුන්නා. 

නමුත් මගේ බ්ලොග් readers ලා 3 හෝ 4 තමයි. ඉතිරි ඔක්කොම හැර ගිහින්...... මොකක් කරන්නද... වෙලාව වෙන්න ඇති 

ඔයාලා දන්නෙ නෑ.. පැයකට කී පාරක් මම ලයික්, කමෙන්ට් , FB followers ලා ගැන්නද කියලා. පිස්සුද මන්දා..

80 කොටසේදී මම මේක ඉක්මනින් අවසාන කොටස් දානවා කියලා නිවේදනයක් නිකුත් කලා. මම පුදුම උනා ආපු ප්‍රතිචාර වලට!!! බොරුවට නෙවෙයි , එදා නම් කෑවේ බටර් කේක් කෑල්ලක්.. 

85 න් නවත්තගන්න බැරි උනා මොකද කියන්නම ඕන කොටස් ටිකක් තිබ්බ. ඔහොම ගිහින් 90 න් ඔන්න ඊයේ දවස වෙනකොට මම hand break ඇදගත්තා...


දැන් සනීපද?? 



තාම නෑ.. 

පොතේ පිස්සුව තාම තියෙනවා. මේක ලියලා ලියලා අන්තිමට බලනකොට පන්සිය පනස් ජාතකේ වගේ. කවදාවත් පොතක් කරලා නැති මම මේවා නොදන්නා හින්දා ඉව කරලා බැලුවාම වැඩේ බරපතලයි. මේකත් කොහොමහරි කරනවාමයි..


ඒ තමයි මගේ මේ කතාවේ තිරෙන් පසුපස කතාව. මේ ඔක්කොම විකාර කියෙව්වේ මම නිදහසේ ඉන්න කෙනෙක් කියලා හිතනවා නම්.. හි හි මම පැය 10 ක් වැඩ කරනවට පඩි ගෙවන තැනක වැඩ කරන ගමන් තමයි මේ ජල්ලි ඔක්කොම කලේ. ඔෆිස් එකෙන් දීපු ලැප්ටොප් එකේ කොහොමත්ම සිංහල ලියන්න බලන්න විදියක් නෑ ඕක මාට්ටු උනොත් මැරෙන්න වෙන්නේ ලැජ්ජාවේ. මගේ මේ ලිවීම් ගැන හාංකවිස්සියක් උන් දන්නෙ නෑ. [ අහු උනත් යාන්තමින් ශේප් උනා බයිට් නොවී ]

මේ ගමන ගැන මට දැනෙන්නේ සතුටක්. මම වීරයෙක් නෙවෙයි. නමුත් මේ අත්දැකීම් මාව ශක්තිමත් කරනවා. සමහර දවස්වල එක අකුරක් ලියාගන්න බැරුව මම පැය ගණන් struggle කරලා තියෙනවා. ආයෙත් දවස්වල මම එකම එපිය මක මකා හතර පාරකට වඩා ලියලාත් තියෙනවා. මොකද කතාව ගැන බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියලා ඔලුවේ වැඩකරනවානෙ. ඒවා ලස්සන මතක.


ගොඩක් ස්තූතියි මේ කතාව කියෙව්වට. අඩුපාඩු කිව්වට සහ යාළුවන්ට කියලා එයාලවත් මේක කියවන්න පෙළඹෙව්වට. හැමෝටම මම ගොඩක් ආදරෙයි..


කතාවේ පසුවදන සමඟ හමුවෙමු..

ස්තූතියි


- ලිඛිතා මංජරී

7 comments:

  1. අවසාන කොටස කියවල බැලින්නම් පසු වදනකුත් තියෙනවා. තාම මේ පා වෙවී වගේ ඉන්නේ අනේ. හරි ලස්සනයි කතාව. ඉවර උනාද කියල හිතා ගන්න බෑ. මම එත් හිතුවා ඔයා මේක කොහොම අවසාන කරන්න ඉන්නවාද කියලත්. ඔයාට කිව්වම මොකද මෙයා මට හිතුනේ ජේනුටත් එයාගේ අම්මා නිර් කියලා දැනගන්න ලැබුණාට පස්සෙම ඉවර වෙයි කියලා.(තාරුකී ජේනු එක්ක යාලු වෙලා දෙන්නම එකම අම්මගේ ළමයි කියලා දැනගෙන ඉවර වෙන වගේ අවසානයක් තමා මම මවාගෙන හිටියෙ. හික්ස්.) කොහොමත්කොටස් සීයකට එහා කියවන්න දත කට මැදගෙන හිටිය එක තමා ඔයා 90න් ඉවර කරලා තියෙන්නෙ. අපරාදෙ දුකයිත් වගේ. අන්තිමේ නේහා ගේ හිත නොරිද්දා හිටියා නම් මං වඩා කැමතිද මන්දා.

    අනිවා මේක පොතක් කරපු දවසට පීසා එකක් කමු. ටැංකිව් මෙයා කොහොමහරි ලිව්ව එකට. ලංගම හිතවතෙක් වගේ මගේ තනියට වගේ මේ කතාව ගොඩක් කල් ළඟ හිටියා. ආ...අවසාන කොටස් ටිකේ මැදින් මැදින් දාපු රුවන් වැකි ටික මාරු හොඳේ. ඔය පහල තියෙන්නෙ මගේ හිතට හොඳටම වැදුණු එක.
    /*මිනිසුන් එලෙසය..

    මුලදී ඔවුන් ඔබේ හැසිරීම් වලට නිර්ධය ලෙස පහර දෙනු ඇත. පසුව අළුතින් කතා ලියනු ඇත. ඒ සඳහා ඔබට හිතන්නට බැරි තරම් කාලය සහ ශ්‍රමය වැයකරනු ඇත. ඒ සියල්ල අවසානයේදීත් ඔබ දිවි ගලවාගතහොත් ඔබ ඔවුන්ගේ ආදර්ශපාඨය වනු ඇත. */
    ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සිරා ගෑල්ලමයෙක් ලියපු සිරා නවල් එකක් කියෙව්වා කියලා තමයි. තව තව මේ වගේ කතා ගොතන්න සිතුවිලු පහල වේවා කියා සහ කාලය කොහෙන්හරි ලැබේවා කියා ප්රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ආ අමතක වුණා. නිර් ට කියන්න එයාගෙයි පොඩ්ඩන්ගෙයි ෆොටෝස් ටිකත් ගොඩාක් ලස්සනයි කියලා ස්වීට් ගෑල්ලමයෙක් කිව්වා කියලා....... ❤️❤️❤️

      Delete
    2. ගොඩාරියක් ස්තුතියි . එල <3 <3

      Delete
  2. //මක මකා හතර පාරකට වඩා ලියලාත් තියෙනවා. මොකද කතාව ගැන බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියලා ඔලුවේ වැඩකරනවානෙ// - ඒකනම් ගොඩක් හොඳ දෙයක්. සමහරුන්ට ඒක අමතක වෙනව.
    කතාව මාත් අතරින්පතර කියෙව්වා. ඉඩක් හම්බුනාම බලන්නම්කෝ සම්ප්ර්ර්ණ කරන්න ඒ හිස්ඉඩ.
    ✍️👍🌹......

    ReplyDelete
    Replies
    1. හරියටම ලියුනේ නැති උනාම මම එහෙම තමයි.. සමහර කොටස් තාමත් මම හිතනවා හොඳ මදි කියල.. ගොඩක් ස්තුතියි

      Delete
  3. හ්ම්ම්ම් මොනව උනත් මේ නෝනා මේ කතාවේ සකලංකමාලෙට කරපු අසාධාරණයට මං කවදාවත් සමාව දෙන්නෙ නෑ.අන්තිමට ජේනුව නිර්මලීට ළං කරන්න ඒ අසරණයව මරලම දැම්ම.හරිම කූරයි ඩුස්ටයි 😪😪😪😪

    ReplyDelete
    Replies
    1. හලෝ මෑම්.. වෙල්කම් බැක් ! අසලංකට ආදරේ කරන උදවිය තව හිටියා හුඟක්. ඒ නිසා ඔබ තනිවී නැහැ... අසලංක පැරදුනා කියලා හිත අමනාප කරගන්න එපා.. ජේනුක නිර්මලීට බාරදුන්නනේ එයා. අසා හොඳ ආදරවන්තයෙක්. එයාගේ ක්‍රමේ වැරදුනා. එහෙම තමයි සහෝදරී.. සමහර ආදර කතා ඉවර වෙන්නේ සාධාරණ විදියටම නෙවෙයි. ලැබීම සහ නොලැබීම අතර. අසලංක ෆයිට් කළා....

      ගොඩක් ස්තුතියි අදහස් ලියන්න ආවට... ආදරෙයි ඈ !!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි