විසිතුරු කොල

Thursday, May 27, 2021

246. සුහදිනියේ - 37 | ක්‍රියාන්විතයක පෙරනිමිති - මධුලිකා අහිමිවන ලකුණු

 කලින් කොටසට


මගේ බැල්ම කෙතරම්ද යත්, මධුලිකා උන්නේ අනෙක්පස දොරට ඇලීගත්වනමය. 
"පාර දිහා බලන්න.. පාර"

මධුලිකා මට කිහිප වරක් කිව්වාය.

මධුලිකා යාන්තමට තොල් ආලේපනයක් තවරා සිටියාය. ඈට ඇති සරාගී දෙතොල් මා නොසන්සුන් කරවමිනි. ඉවසීම! මට නැත්තේ එයමය.

මදින් මද අප ශාලාවට ආසන්න වනවිටම ඈ හා වාදයකට පැටලුනෙමි. මගේ සිත නොරිදා මධුලිකා එය තේරුම් කිරීමට උත්සහ කලද, බොළඳ පෙම්වතෙකුව සිටි මට එය තේරුම් ගැනීමට හැකියාවක් තිබුනේ නැත. නමුත් අවසානයේ ඈ ජයගත්තාය. උත්සවශාලාව අසලදී අප දෙදෙනා වෙන් වෙන්ව පිවිසෙන්නට එකඟ නොවී, මට එකඟ වන්නට සිදුවිය.

"පිස්සු කොල්ලා..."

මධුලිකා එලෙස කියා මා පසුකොට යමින් මගේ උදරයේ කොනක් කොනිත්තා ශාලාව දෙසට යන පියගැටපෙළෙහි නොපෙනී ගියාය. අනපේක්ෂිත ඒ මොහොතේ මම සිටියේ බොරුල්වූ ඔරලෝසුව ලෙහමිනි.

වාහන අංගනයේ විනාඩි කිහිපයක් තාවර වෙමින් සිටි මගේ ගත ගිනිගන්නා සෙයකි. දිදුලන ගින්දරක් වැනි මධුලිකා ශාලාවට පිවිසෙත්ම ඈ නෙතින් ග්‍රහණයට කෙතරම් පිරිමි ළමුන් සිටිනු ඇතිද? කොල්ලන් ගැන මා නොදන්නවාද? 
මම තුල ඇත්තේ අධික ඊර්ෂ්‍යාකාර තරුණයෙකු බව මධුලිකා ඉදිරියේ අනේක වාරයක් ඔප්පුකොට ඇත්තෙමි.

"අඩෝ.... තිකා...!"

මෙවන් මා දැක අතපය වනමින් ආවේ සතුටින් උද්දාම වෙමිනි. ඔහු සමඟ ජීප් රථයෙන් තවත් මුහුණු කිහිපයක් එලියට බටහ.මෙවන්  යනු මගේ සංගීත කවයේ මිතුරෙකි ; මගේ කෙලිලොල්කම් ඉවසමින් මට ඔවුන්ගේ සංගීත කණ්ඩායමට බැඳීමට ආරාධනා කලෙත් ඔහුය.

පියගැටපෙළ නිමවනවාත් සමඟ ඇති විසල් කොරිඩෝවේ අග වම් පැත්තේ විශාල ශාලාවක් අප වෙනුවෙන් පැවති උත්සවයට අලංකාරවත් ලෙස සරසා තිබිණි. අඩ අඳුර අතරින් විදුලි බල්බ වටකොට සැදූ ශාලා පිවිසුම තරු අතරින් අප ඇවිද යන්නාක් මෙන් දනවයි. පිවිසුම ආරම්භයේ සිටි සංවිධායක ළමුන් විසින් ප්‍රවේශපත්‍ර පරික්ෂාකොට මගේ කමිසයේ ලාංජනයක් පළඳුවන ලදී. 
 
මේගන් මා දුටු විගසම 'කෝ? කවුද?' කියා ඇසුවේ සිනාසෙමිනි. 
 
පාසලේ මෙවන් උත්සව වලට මම මගේ තාවකාලික පෙම්වතිය රැගෙන ඒම කිසි චකිතයකින් තොරව සිදුකර ඇති අතර, එලෙස එන්නම කියූ පමණින් සැරසුණු කෙල්ලන් පමණකි මට පෙර සිටියේ. මම සිනාසීමි.

"පස්සේ පස්සේ... පස්සේ පෙන්නන්නම්කො"

Wednesday, May 12, 2021

245. සුහදිනියේ - 36 | මධුලිකා සහ තීක්ෂණ මුහුණට මුහුණ

 මෙතෙක් කතාව


තීක්ෂණ වාසලමුදලි සහ විරංග මීගහතැන්න යනු ජාත්‍යන්තර පාසලකින් මෑතකදී ඉගෙනීම නිමකළ ගජ මිතුරන් දෙදෙනෙකි. ධනවත් සෙල්ලක්කාර චරිතයක් වන තීක්ෂණ ගේ සිත් ගත් ආඩම්බරකාර තරුණියක වන මධුලිකා නමැති තරුණිය , අහම්බෙන් මෙන් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන බව ඔවුන් දකින අතර, ඔවුන් දෙදෙනා එක්ව ඈ ඉන් බේරාගනු ලැබේ. මධුලිකා යනු, කලකට පෙර ලංකාවේ අතිශය ධනවත්, සුප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිට පසුව අතුරුදහන් වූ සංජිවී ජයවර්ධන ගේ ධනස්කන්ධය හිමි එකම දරුවා බවත්, ඔහුගේ දේපල වලට ඇති තණ්හාවෙන් සංජිවී ජයවර්ධනගේ සොයුරාගේ පුතා වන වාසුල ජයවර්ධන ඈ එලෙස පැහැරගත් බවත් අනාවරණය වෙයි.

විශාල බුදලයකට හිමිකම් කියන මධුලිකා , තීක්ෂණ විසින් සඟවා තබාගන්නා අතර, වයස සම්පුර්ණ වන විටදී ඇගෙන් මුදල් ලබාගන්නා අභිප්‍රායෙන් විරංග ක්‍රියාකරන බව තීක්ෂණට දැනගන්නට ලැබෙන මුත් අහම්බෙන් සිදුවන ක්ෂණික තීරණයකින්  ඔවුන් දෙදෙනා හදිසි විවාහයකට එළඹෙති. මධුලිකා කෙරෙහි තීක්ෂණ තුල ප්‍රේමයක් හටගන්නේ මේ අතරතුර මුත් ඔහු එය සඟවා සිටින්නේ මධුලිකාගේ සිත විරංග හා බැඳුනු යම් කුකුසක් සිත තුල පවතින බැවිනි.

මේ අතරතුරදී , ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ  තීක්ෂණ ගේ පියාගේ, දේශපාලන මිතුරෙකුද මධුලිකා සොයනබව දැනගන්නට ලැබේ. කෙසේ වුවද තික්ෂණගේ පියාගේ තරුණ අවධියේ රහසක් ඔහුට මේ අතරතුර අනාවරණය වෙයි.

අනපේක්ෂිත ලෙස මධුලිකාගේ පවුලේ නිතිඥවරයා හමුවන අතර වාසුල සහ සිය පියා අතරට මැදිවන තීක්ෂණ නොයෙකුත් හැලහැප්පීම් මධ්‍යයේ පවා මධුලිකා සඟවා තබාගනී. සිය මවගේ පෙළඹවීම මත තීක්ෂණ වෙනත් තරුණියක හා තාවකාලික ඇසුරක් ඇරඹෙන්නේ අනපේක්ෂිත අයුරිනි. මේ අතර අහම්බයෙන් මෙන් මධුලිකා සිය ප්‍රේමය තීක්ෂණ කෙරෙහි හෙලිකරන්නීය.

නමුත් විරංගගේ හැසිරීම පිළිබඳව කුකුස තීක්ෂණ කෙරෙන් ඉවත් නොවන අතර මධුලිකාගේ ඉදිරි ආරක්ෂාව සහ පියවර කෙසේ වනු ඇතිද?

 

 

 එතැන් සිට...

 



අප දෙදෙනා සිටියේ තුවාන් අයියාගේ ඩිස්පෙන්සරි එකෙහි ඇති ඔහුගේ කුඩා විවේකාගාරය පිවිසුමේ තිබුණු ගාඩ්න් පුටුවලට බරදිගෙන; සිතල දොඩම් පානයක් විඳිමිනි. මගේ දෑත මානයට වඩා ඈතින් හිතාමතාම උන් මධුලිකා දෙස මගේ ඇස් එක එල්ලේ යොමුව තිබෙන්න ඇත. සිතට තරවටු කරන්නට මට වෙනම වෙහෙසක් දරන්නට විය.

 "හ්ම්ම්"

මධුලිකා හෙළුවේ සුසුමක්ද කියා නොසිතුනා නොවේ. ඈ මා සමඟ සාදයට යන්නට අකමැත්තක් පළකරන්නේ ඇයි ? ඇය මා හා ප්‍රේමයෙන් බව අන් කිසිවකුත් දැනගන්නවට අකමැතිදැයි මගේ ඊර්ෂ්‍යාකාර තරුණයා ඇතුලත මහා කලබැගෑනියක් කරනු මට ඇසේ.

මම සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත්තෙමි. 

"ඔයා අඳින්න අර උපන්දිනේ දවසේ ඇඳගෙන හිටපු ඇඳුම.. අර ර-තු-පාට ගවුම.. මම ගෙනාවේ.."

මධුලිකාට සිනාවක් නැගුනේ මගේ ඉංග්‍රීසි නිසා හෝ මගේ වචන මගදී හිරවූ නිසා හෝ  උපන්දිනය ගැන කියූ නිසා හෝ වන්නට නොහැකිය. එදින අප දෙදෙනාගේ මතකයක් නිසා වනු හැකිය. ඒ ක්ෂණයෙන් මමත් ඇයත් එදින රාත්‍රී ආහාරයේදී සිදුවූ මෘදු හැඟීම මොහොතකට මා පසුකොට සුළඟක්ව හමා ගියා සේ දැනුනි. මගේ දෑස වැසී ගියේ ඉබේටමය.

ඈ මට ඈතින් සිටින්නේ නෙතින් මා පොළඹවමිනි.

ඒවා සදාකාලිකව මගේ සිත කුල්මත්කරනු ඇත. මම ඒ මතකයට බෙහෙවින් ඇලුම් කරමි.