විසිතුරු කොල
▼
Monday, January 27, 2020
235. සුහදිනියේ : මෙතෙක් කතාව.....
මෙතෙක් කතාව..................
තීක්ෂණ වාසලමුදලි සහ විරංග මීගහතැන්න යනු ජාත්‍යන්තර පාසලකින් මෑතකදී ඉගෙනීම නිමකළ ගජ මිතුරන් දෙදෙනෙකි. ධනවත් සෙල්ලක්කාර චරිතයක් වන තීක්ෂණ ගේ සිත් ගත් ආඩම්බරකාර තරුණියක වන මධුලිකා නමැති තරුණිය , අහම්බෙන් මෙන් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන බව ඔවුන් දකින අතර, ඔවුන් දෙදෙනා එක්ව ඈ ඉන් බේරාගනු ලැබේ. මධුලිකා යනු, කලකට පෙර ලංකාවේ අතිශය ධනවත්, සුප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිට පසුව අතුරුදහන් වූ සංජිවී ජයවර්ධන ගේ එකම දරුවා බවත්, ඔහුගේ දේපල වලට ඇති තණ්හාවෙන් සංජිවී ජයවර්ධනගේ සොයුරාගේ පුතා වන වාසුල ජයවර්ධන ඈ එලෙස පැහැරගත් බවත් අනාවරණය වෙයි.
විශාල බුදලයකට හිමිකම් කියන මධුලිකා , තීක්ෂණ විසින් සඟවා තබාගන්නා අතර, වයස සම්පුර්ණ වන විටදී ඇගෙන් මුදල් ලබාගන්නා අභිප්‍රායෙන් විරංග ක්‍රියාකරන බව තීක්ෂණට දැනගන්නට ලැබෙන මුත් අහම්බෙන් සිදුවන ක්ෂණික තීරණයකින් මධුලිකා ඈ විවාහ කරගන්නා ලෙස තීක්ෂණගෙන් ඉල්ලන්නිය.
මේ අතරතුරදී , ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ තීක්ෂණ ගේ පියාගේ, දේශපාලන මිතුරෙකුද මධුලිකා සොයනබව දැනගන්නට ලැබේ. කෙසේ වුවද තික්ෂණගේ පියාගේ තරුණ අවධියේ රහසක් ඔහුට මේ අතරතුර අනාවරණය වෙයි.
අනපේක්ෂිත ලෙස මධුලිකාගේ පවුලේ නිතිඥවරයා හමුවන අතර මින් පසුව තීක්ෂණ කවර ආකාරයේ පියවරක් ගනීද?
පළමුවෙනි කොටසට
මම මේ කතාව මීට කලින් කොහේම හරි ලිව්වා වගේ මතකයි.
ReplyDeleteඒත් මෙතනත් අයෙත්ම ලියන්නම්.
ඇල්බට් අයින්ස්ටයින් උන්නැහේ සාපේක්ෂතාවාදයද මොකද්ද අටමගලෙ හොයා ගත්ත එකට එයාගෙ මිතුරියක් හෙවත් ගෑනු යාළුවෙක් පොඩි පාටියක් දුන්නලු.
ඉතින් මේ පාටියේදි ඒ ගෑනු යාළුවා දෙකක් දාගෙන හිටිය ඇල්බට් අයියා ගාවට සෙටමෝල් වෙලා ඇහුවලු " ඇත්තටම මොකද්ද අනේ ඔයා හොයාගත්තෙ? කනදෙයක්ද?" කියලා.
ඇල්බට් අයියටත් වැඩේට ලාවට මල පැනලා එයා කිව්වලු "අනේ නෝනෙ මං හොයා ගත්තේ කන දෙයක් වත් නැතිවුනු දෙයක් වත් නෙවෙයි; මං මෙච්චර කට්ට කාලා හොයා ගත්තෙ 'සාපේක්ෂතා වාදය' කියලා; මට ඇරෙණ්න මෙලෝ එකෙකුට තෙරෙණ්නෙ නැති මල දානයක්!"කියලා.
"අනේ ඇල්බො මටත් කියහංකො ඒ මොකක්ද කියලා" අර ගෑනු යාළුවත් ඕනැනැති ඇඟෑළුම් කමක් පාමින් තොදොල් උනාළු නිකං පීරිසිය උඩ තියපු ජෙලි කෑල්ල වගේ.
ඇල්බා කල්පණා කලාලු මටවත් මේක හරියට තේරෙණ්නේ නැති එකේ මේ මෝඩ වාහෙට මේක කියලා දෙන්නේ කොහොමද කියලා.
මෙහෙම හිතා බලමින් ඉන්න කොට ඇල්බට්ට ආවාලු හොඳ අයිඩියා එකක්.
එයා අර උඩැක්කිය ළඟට කිට්ටු කරලා කිව්වලු මෙහෙම:
"ඕන්න බුවාලා දෙන්නෙක් ගමනක් ගියාළු පට්ට පෑවිල්ලේ. මේ බුවාල ද්න්නගෙන් එකෙක් උපන් ගෙයි පොට්ට මල හත්තිලව්වක්ලු!
මෙහෙම දාඩිය පොල්ල දාගෙන යන ගමන්; එකෙක් අර පොට්ටයා දිහා බලලා කිව්වලු 'මෂං උක්කු ටිකක් බිව්වානම් එළම එළ! නෙ?' කියලා.
උගේ කරුමක්කාර කමට අර පොට්ටයා ජීවිතේට උක්කු තියා මුරුක්කු වත් බීලා කාලා නැති මෙලෝ රහක් නැති අපතයෙක්ලු. ඌ ඒ කියන්නෙ පොට්ටයා ගත් කටටම අනිත් පැත්තට ඇහුවාලු 'අම්මට සිරි උක්කු!?!?!? ඒ මොනාද බං?' කියලා.
අරූට 'අනේ!?' කියලා හිතිලා ; ඒත් උත්තරයක් දෙන්න ඌන හින්ද කිව්වලු 'යකෝ උක්කු කියන්නේ සුදු පාට වතුර ජාතියක්නෙ!?' කියලා.
ඒ සැරේ පොට්ටයා අහනවාලු අනිත් එකාගෙන් 'අනේ බුවා මම වතුර කියන එකනම් දන්නවා! ඒත් මොකද්ද මච්චාං සුදු පාට කියන්නේ!?' කියලා.
අරූට මල් හතයි එකයි අටයිලු! ඊට පස්සෙ ඌ කිව්වළු 'යකෝ සුදු පාට කියන්නෙ කොකාගෙ පාටනෙ!' කියලා. 'කොකා එආ මොකාද බං ඒ?'
දැන් අරූට මේ කොහෙවත් නැති උක්කුවක් ගැන කියපු මෝඩකම කියලා හිතිලා අනිත් එකා හෙවත් පොට්ටයාට කිට්ටු කරලා උගේ එක අතක් අරණ් ඔරලෝසුව බඳින තැනින් කොක්ක වගේ නවලා කිව්වාලු 'බූරුවො කොකා කියන්නේ මෙන්න මේ වගේ එකෙක් යකෝ!' කියලා.
ආන්න ඒ පාර අර අන්ධ බුවා අනිත් අතින් නැමුණු අත අතගාලා බලලා කිව්වලු 'අම්මට හුඩු දැං මං දන්නවා උක්කු කියන්නේ මොනාද කියලා! අනේ රොම්බ තෑන්ක්ස් බුවා!' කියලා.
අනේ ඒ වගේ තමයි මං ඔයාට සාපේක්ෂතා මංගල්ලෙ ඔයාට කියලා දෙන්න ගියානම් වෙන්නේ කියලා ඇල්බට් ලොක්කා අතේ තිබ්බ අසෝක වීදුරුවෙ තිබ්බ සංස්ථා ගල් අරක්කු ටික උගුරට හලා ගත්තාලු!
ඉතින් අපි වගේ ඇඟ පුරා මොලේ තියෙන උන්නාන්සෙලාට ඔබ තුමීගේ දාසය පට්ටං හතර බීරි කතාංගය යාන්තමින් වත් තෙරුම් යන්න මෙහෙම ජාතක කථාව දැම්ම එකටනම් එකසිය ගානට ටැං කිව්ය.
ඒත් ඒ අවසේස, අනුසේස, චරිත වලත් නම ගම දැම්මානං ටැංකිව් වෙරිමච් කියන්නට තිබුනේය.
කොහොමත් ජාතකය දැම්මේ හොඳ වෙලාවටය.
මම මේක කියවන කල් හිතාන හිටියේ මධුලිකා කියන්නේ තීක්ෂණ ගොයියාගේ පුංචි අම්මා කියාය.
තව ඩිංගෙන් මල මගුලකි!
ස්තුතියි
Deleteඅයියෝ ඔච්චරද?
Delete