කොණ්ඩ කැවුමකි පබවතට කී - කුස කුමට කරවීද මල්කම්
චණ්ඩ ඈ කිකලක පැවැත්ති - ඉස මුදාලු විටෙක මෙවුලම්
වන්ඩ ඇතුපිට වැඩමවන්නී - මිස කවර පෙම්දමක සුරුවම්
කෙන්ඩ පැණියෙන් සතපවන්නි - දොස ඇතොත් සිතුවේද දුරුවෙම්
උනා වරලස මලින් හැඩකල - සමන් මල් යහනත සොඳින්
සිනා උරමින රොනට මුසුකල - 'යමන්' තනුවක තත ලෙදින්
දනා නොදකින සිලිටි සරසුල - සෙමෙන් සිළුවේ ලෙලදෙමින්
පිනා හැරදා පියා දුරුවෙල - තරුල් නොවැ සොමි උවනතින්
~~~මන්ජි
Sweet !...and...oily !
ReplyDeleteoriginal
Deleteසෝක් කවියක් ලියන්ට තිබ්බ. ඒත් අර සට්ටඹියගෙ මූණ දැක්කම කවිසිත එහෙම්මම නිෂ්ක්‍රීය වෙලා ගියා නෙව බොල..:)
ReplyDeleteඕකට හින්දි නළුවෙක් නිලියෙක් දැම්මට දැනෙන එකක් නැහැ කියල හිතාගෙන ඕක පීරලා තෝරලා ගත්තේ. අනේ නළුකම මිසක් එන මොකක්වත් හිතන්න එපා රවී. එහෙම බැලුවාම ගන්න කියල එහෙමටම කලාකාරයෙක් ඇත්තෙම නැති එකේ..
Deleteපබවතට කුස එකළුවූදා ඇයට අමතකවිය කැවුම්
ReplyDeleteසියලු රස වත පුරා තවරා ගෙනා අමරස විය නැවුම්
කුසට පබවත නතුව ගියදා ඇයට අමතක විය රැවුම්
පිරිමි කම තුල දියවගිය ඇගෙ හැඟුම් විය වස්දඬු ගැයුම්
අපූරු කවියක්! ස්තුතියි...
Delete