විසිතුරු කොල

Tuesday, July 24, 2018

187. ඉදිබු || fraud




පුංචි රෙදි මල්ලකි

අතරින් පතර
මැහුම් දෙක - තුනකි ;

පතුලේ
කාසි දෙක - තුනකි ;

කොන්දොස්තර ඇසෙන්
සැඟවෙන - ලපටි දෙනෙතකි !



31 comments:

  1. පොටෝ එක දකිද්දී නම් හිත මොකක්දෝ වෙනවා.. :/

    ReplyDelete
    Replies
    1. පින්තුරේ නැති දෙයක් ලිව්වද මන්ද

      Delete
  2. ඒක නං මරු මිස් ලිඛිත

    ReplyDelete
    Replies
    1. අරන් මාරු වගේ නේද?

      මෙහෙම අත්දැකීමක් කොතරම් වෙනස්ද

      Delete
  3. සතුටුයි ඉදිරිපත් කල ආකාරය පිළිබදව!

    ReplyDelete
  4. Replies
    1. නොකරපු අය අතලොස්සක්!

      Delete
  5. ඉරුණු රෙදි මල්ල නම්
    මසා පිරියම් කල හැකි
    කාසි මිල මුදල් නම්
    අයැද හෝ සෙව්හැකි
    බසය නිසි පිරුණි නම්
    සැගවිලා යා හැකි
    හදවතේ ඉරුණු තැන්
    නිසා මිය යා හැකි

    ReplyDelete
    Replies
    1. ඇත්ත නම්
      කිසිදා සැඟවිය නොහැකි

      Delete
  6. අන්න එකනම් තේරුනා... මතක් වෙලා දුක හිතුනා...

    ReplyDelete
    Replies
    1. පැතුම් කෙනෙක්ට දුක හිතෙන්නට නොඑසේනම් සහකම්පනයට පත් වන්නට ඔහුගේ දුක දැකීමෙන්ම පමනක් නොවේ හේතු වන්නේ! කිසිවෙකු ඔහුගේ දුක තමාගෙන් වසංකිරීමද මහත්වූ දුකක්. මට නම් ඊටත් වඩා දරුණුවට දැනෙන්නේ ඔහු හෝ ඇය ලබන ජයක් මාගෙන් සැගවීම! ඒක තමන්ගේ ආදරණීය සගයාගේ රුපියල් දහස නැති වීමෙ දුකට වඩා එයාට රුපියල් 1000 ක් පාරෙ තිබී හමුවූ පුවත නොකියා පසුව මා දැන ගන්නවා වගෙ! එයා සමහර විට බලා සිටියා විය හැකියි එයාට සල්ලි ලැබුනු හැටි ගැන මම අවධානයෙන්ද කියා. ඒත් ඒ වෙන කොට හිත රිදී අවසන්! අර කතාවක් තියෙන්නේ "මම ෆේල් උනාට වඩා දුක අල්ලපු ගෙදර එකා පාස් වීම !" කියලා. මේකත් ඊට ලගින් යන හැගීමක් ! කරුමෙට ඕවා අන් අයට තේරෙණවා හොරයි!

      Delete
    2. දුක දැනෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි දැනෙන දුකට සංවේදී නොවෙන එකයි අවුල. මටත් එහෙම සංවේදී කමක් දැනෙන්නේ පොඩි දරුවන් ගේ දේවල් වලදී විතරයි. ලොකු මිනිස්සු පොඩි දේවල් ලොකු කරගෙන සංවේදී වෙනවා දැක්කම මට නිකන් විකාරයි වගේ... ඒ අතින් මම මහ දුස්ටයි... හෙහ් හෙහ්

      Delete
    3. පැතුම් යුද්ධය තියෙන කාලෙ යාපනේ කිලාලි කලපුව හරහා සාමාන්‍යය දුගී දුප්පත් මිනිස්සු මහ රත්‍රියේ එතෙර මෙතෙර යන කොට සිදුවූ සිදුවීමක් මගේ හිතේ ගැඹුරුම තැන තැන්පත් වෙලා තියෙනවා. දැඩි ශීතලෙන් බේරාගන්න තමන්ගේ කිරි සප්පයාව තමන් සතුව තියෙන තරම් රෙදි පෙරෙදි වලින් ඔතා ගෙන ඇකයේ හොවා ගෙන මෙගොඩට එන අම්මෙක් ඇවිත් බලන කොට අතේ තියෙන්නේ රෙදි පොට්ටනියක් විතරයි! දරුවා රෙදි අතරිණ් රූටා කලපුවට වැටිලා! ඒ අම්මා පොලොවේ හැපී හැපී අඩනවා ඇහුනාම උනු නොවන හද වතක්ද ඔබට ඇත්තේ? ඒ මා ඇසූ සංවේදීම කතාවක්! වැඩිවියට පත්වෙලා තමන්ගේ දුප්පත් අම්මා හදලා දුන්නු අතිරහ කැවුම් කෙසෙල් ගෙඩි අරණ් යාබද නිවසට පුදන්නට ගියාම ඒ ගෙදර තරුණ කොළුවා අතින් කෙලෙසෙන අහිංසක කෙල්ලක් ගැන උනු නොවේද ඔබේ හදවත? ගමක ඉන්නවා අහිංසක දුප්පත් අහිංසක අලුත බැදපු යුවලක්. ඒකොලුවා හංදියෙ කඩේට ඇවිත් අයිස් ක්‍රීම් එකක් කාලා අනෙක කෙල්ලට අරණ් තමන්ගේ පා පැදිය තනි අතින් ගෙන ඉගිල්ලෙනවා ; අයිස් ක්‍රීම් එක දිය වෙන්නට කලින් කෙල්ලට දෙන්න. අනේ ගෙදර පෙනෙන දුරේදි ටිපර් එකක් කොල්ලව යට කර ගෙන යනවා. දුකක් නොදැනේවිද? හැගීම් බර වන්නට හදට ඉඩ දෙන්න! අඩන්නට දෙනෙතට ඉඩ දෙන්න!! සුසුම් ලන්නට හදට ඉඩ දෙන්න!!! සහකම්පනය මිනිසත් බවේ එක් ලකුණකි! සහකම්පනය නොදැනෙන සිතකට ප්‍රේම කල නොහැක! කලද එය කඩෙන් ගන්නා චීන සරුංගලයක් නොඑසේනම් කඩෙන් ගන්නා වෙසක් කූඩුවක් විනා තමන් අතින් හදන දෙයකින් ලැබෙන තෘප්තිය නොලැබෙන්නේය. සරුංගල් වෙසක් කූඩු කතාවේදී තෘප්තිය නොලැබෙන්නේ තමාටමය! එහෙත් වියලි නොඑසේනම් තෙතමනයක් නැති හදවතක් නිසා දුක් විදින්නේ එය පුදන්නා නොව ලබන්නාය!

      Delete
    4. දුකක් දැනීම යනු දුර්වලත්වයේ සළකුණක් නොවේ!

      Delete
    5. මම අදහස් කරපු දේ ඒක නෙමෙයි. ඔබ ඔය කියන අවස්ථා වලදී දුකක් සංවේදී කමක් නොදැනිම ගැන නෙමෙයි මම කිව්වේ. මේ කවියේ කියවෙන වගේ අවස්තාවක ඉන්න වැඩිහිටියෙක් ගැන මට දුකක් හිතෙන එකක් නෑ කියල..

      දුක දැනෙන සංවේදී මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. නමුත් ජිවිතයම දුක වෙනුවෙන් සංවේදී කරගෙන අමුතු චරිතයක් වෙන්න මම කැමති නෑ... ඒ විදියට අධික සංවේදී වෙන මිනිස්සුන්ට අනිත් අය වෙනුවෙන් දෙයක් කරන්න අමාරුයි. ගල් වගේ ඉන්න මිනිස්සු මතුපිටින් සංවේදී නොවුනත් සැබෑ ගැටලුවකදී අනෙකා වෙනුවෙන් කිසිපැකිලිමක් නැතුව ඉදිරිපත් වෙනවා. නමුත් හැඟීම් බර, සංවේදී මිනිස්සු බොහෝ වෙලාවට දුරින් ඉඳන් දුක්වීමට වඩා දෙයක් කරන්නේ නෑ...


      මම දකින විදිය මම මේ කිව්වේ... දැන් සමාජයේ මිනිස්සු දුක සහ දුකට සංවේදී වීමත් අලුත් ට්‍රෙන්ඩ් එකක් කරගෙන ඉන්න නිසා බොහෝ වෙලාවට මම ඕව ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නේ නෑ...

      තට්ටයාගේ අදහස් වලට ස්තුතියි...

      ලිකිතා මෙන්න මේ වගේ අපිට තේරෙන කවි ලියන්න මෙයා...

      Delete
    6. පැතුම් ඇත්තටම කිසිවෙකු තවකෙකුගේ දුකට සංවේදී වීම හා නොවීමේ තීව්‍ර තාවය හා ඔහු හෝ ඇය එම දුකට පත්වූ අය වෙනුවෙන් යමක් කිරීම හා නොකිරීමේ ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක භාවය අතර අනුලෝම හෝ ප්‍රථිලෝම සමානුපාතික සබදතාවයක් ; මාගේ අදහසේ හැටියට කිසිවෙකුට ගෙන හැර දැක්විය නොහැක. "බොන එවුන්ගේ පපුව හොදයි" යන සමාජගත මුසාව සේම මම එය බැහැර කරමි! බොහෝ ජාතික ව්‍යවසන වලදී ඔබ ඔය කියන සෑම ආකාරයකම අය එකට එක්වී යහපත් පරාර්ථකාමී
      කටයුතු වල යෙදෙනු මා දැක ඇත! එසේම සවේදී වන නොවන හැම වර්ගයකන එවුන් එකට සෙල්ගි ගසන ආකාරයද මා දැක ඇත!

      Delete
  7. "ලොකු මිනිස්සු පොඩි දේවල් ලොකු කරගෙන සංවේදී වෙනවා දැක්කම මට නිකන් විකාරයි වගේ... ඒ අතින් මම මහ දුස්ටයි... හෙහ් හෙහ්!"

    "ලොකු මිනිස්සු! " , "පොඩි දේවල්" මේවා එකිනෙකාට සාපේක්ෂ දේවල්. මෙහි ලොකු යන්නෙන් ඔබ අදහස් කලේ වයසද නොඑසේනම් සමාජය තුල ආර්ථිකමය හෝ සිවිල්මය වශයෙන් අත්පත් කරගෙන සිටින්නාවූ වපසරියද? මේ කොයිනාකාරයට ගත්තද "දුක" යන්න ඔහුට හෝ ඇයට දැනෙන්නාවූ පිළිවෙල, ක්‍රම වේධය , ආකාරය හෝ ඉන් ඇතිකරණ්නාවූ බලපෑමේ වෙනසක් වේද? කතාව මෙතරම් දුරක් ඇදුනේ ඔබ ඔබගේ "දුස්ට බව" (මං හිතන්නේ දුෂ්ඨ බව ) පිළිබදව වීරාභිවන්දනයකින් යුතුව ප්‍රකාෂ කිරීම හා මා එයට එකග නොවීම! එහෙත් මා එක් දෙයක් ගැන සහසුද්දෙන්ම එකග වෙමි! මෙය හොද නිර්මාණයක්! පිළිතුරක් බලා පොරොත්තු වෙමි!

    ReplyDelete
    Replies
    1. interesting කතාබහක්...
      ඇත්තටම අප සිතිය යුතු කරනු. ස්තුතියි දෙන්නාටම

      Delete
  8. මම මේ දෙබස කියෙව්වා මුල සිට. මම හිතන්නෙ පතුම් (sorry can't spell it correctly here, apologies. In the following text too I dont have the vowel to spell නහ-meaning 'no') කියන්නෙ මේ වගේ දෙයක්. තට්ටයා කියන උදාහරන වල තියෙන වියෝ දුක විකාරයක් නෙමෙයි.නමුත් අරයා මෙහෙම කිව්වා මෙයා මේක නොකිව්වා. ඒක නොකිව්වේ මේක හන්දා කියලා මනසින් මවා ගන්න මහ කතන්දර වලට ලොකු මිනිස්සු දුක්වීම විකාරයක්. මම මේකට තව දෙයක් එකතු කරනවා. මගෙ අදහසක්. මේක කීයටවත් තට්ටයාට අදාල කර ගන්න එපා. මම ඔබ එහෙම කෙනෙක් කියලා හිතන්නෙ නහ. මම ඔබව දන්නෙත් නහ. දුක් වීමෙදි මීට අමතරව මිනිස්සු අනුන්ගේ දුක තමන්ට සන්සන්දනය කරලා (මේක කීයටවත් තට්ටයා කියපු උදාහරන වලට අයිති නහ. ඔහු කියන සහකම්පනය වෙන දෙයක්). ආතල් එකක් ගන්නවා (සමාජයට පේන්න "පමනක්ම' දුප්පතුන්ට සලකන අය. කෙලවරක් නතිව අනේ ඔයා පව් අප්පා කියලා මනුස්සයෙකුව වට්ටලා (මෙතනත් මේ විකාර අහලා මනසින් වටෙන එක විකාරයක්) ආතල් ගන්න අය).

    ReplyDelete
  9. ලිඛිතා.මම ඔයාගෙ කම්මලි රසිකාවියක්. ඔයගෙ කවි හම එකක්ම වගේ මම රස විදිනවා. මම comment කරන්නෙ නහ මම වචන නතුව රස විදින්න ආස නිසා. මගෙ ආත්මාර්ථකාමී කමට සමා වෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ කොමෙන්ටුවට. ඔබ වැනි කෙනෙකු මෙහෙම කොමෙන්ටුවකට පොළඹවන්න ඉහත සංවාදය හේතුපාදක වෙන්නත් ඇති.

      රසවිඳිනවා නම් ඒක තමයි අරමුණ මගේ. කොමෙන්ටුවක් කියන්නේ ඊටත් එහා ගියපු ලොකු තෑග්ගක්. ගොඩක් සතුටුයි, ස්තුතියි

      Delete
  10. මම මගේ බ්ලොග් එකේ වතාවක් ලිව්වා "හොද කලා කෘථියක් යනු කුමක්ද?" යන මැයෙන් පැවැත්වුනු සංමන්ත්‍රණයක් පිළිබද කතා බහක්! "හොද කලා කෘථියක් යනු හොද කලා කෘථියක්!" මේ එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ අරථ දැක්වීම! එසේම දුක යනු දුකය! එය විදින මිනිහා අනුව දැනෙන දේ වෙනස් යැයි ; සමහර අවස්ථා වලදී අප සිතන්නට පෙළඹෙන්නෙමු! එය හුදෙක් ආත්ම වංචාවකි! විදින්නා නිහඩව විදින්නේ ඔහුගේ දුක අසන්නට හෝ ඊට පිළියමක් යොදන්නට අයෙකු නැති හෙයිනි! එය ට තරා තිරම වැදගත්
    නොවේ! විදිනවා හැර වෙනත් විකල්පයක් නැති තැන කුමක් නම් කරණ්නද?

    ReplyDelete
  11. ඇත්තටම කවිය හරිම සංවේදි. මේක දැක්කම මට මතක් වෙන්නේ t . v ඒකෙ යන ඇඩ් එකක් .අර කොමෂල් ක්‍රෙඩිට් එකේ ඇඩ් එක. ඒ දුව තාත්තගේ ආදරේ නැතිව කොයි තරම් දුක් වෙනවද? ඒ ඇඩ් එක යනකොට මට හැමදාම හරියට දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      බලන්න ඇඩ් එකේ අරමුණ සාර්ථක වෙලා තියෙන තරම! සංවේදී ස්ථාන වලින් අපි සංවේදනය කරන්නේ විකිණීමේ සංකල්ප ගොඩක් වෙලාවට. සමාජර තුල එවන් නාඩි ඇලවිය යුත්තේ සමාජයේ ඉන්නා විද්වතුන් මිසක් දැන්වීම් ප්‍රචාරක ආයතන නොවෙයි. අන්න ඒකයි කිරිපිටි සහ සබන් ආයතන අම්මාගේ ආදරේට මිලක් සහ සන්නාමයක් දෙන්න පොරකන්නේ.

      Delete
  12. දුක පිළිබදව මවෙතින් ලියැවෙන අවසන් කමෙන්ටුව බොහෝ සෙයින් මෙය විය හැක! සමාජය තුල බොහෝ දෙනා විශේෂයෙන් පිරිමි කැමති "ටෆ් පොරක්" වන්නටය! ගැහැනුන් වඩාත් ලද බොළද වීමට අර අදිති. එහෙත් බොහෝ පිරිමින්ගේ හදවත් ද වෙඩරුසේ තමන්ගේ කමට උනුවේ! මෙතැනදී "තමන්ගේ කමට" යනු වචනයකින් දෙකකින් කියා අවසන් කරණ්නට බැරි ප්‍රථූල අදහසකි. තමන්ට ලග, තමන්ට වාසි සහගත, තමන්ගේ පිට කසන, තමන්ගේ ගුණ ගයන, තමන්ට වාසි සැලසෙන මේ සියල්ලෝම තමන්ගේය! ඔවුන් වෙනුවෙන් උනුවේ දුක්වේ. සටන් වදී. එහෙත් අනෙක් එවුන් වෙනුවෙන් ටෆ්‍ පොරවල්‍ ය! සමාජ අසාධාරණය වෙනුවෙන් ටෆ් වෙන එවුන් බේත් වාගේය! බසයක දී වේවා වෙනයම් ස්ථානයකදී වේවා කාන්තාවකට හෝ වෙනයම් උපකාරයක් සහයෝගයක් ඇවැසි එකෙකු හට වන අසාධාරණයකදී ටෆ් වෙන එවුන් සොයා ගත නොහැක! ටෆ් විය යුතු බොහෝ තැන් වලදී "ටෆ් පොරවල්" වඩාත් ප්‍රජාතාන්ත්‍රික වේ! අනුන්ගේ දුකේදී දුකට පත්වී යුතුකම ඉටු කිරීමේදී රිජු වියයුතු ටෆ් පොරවල් වැඩි වැඩියෙන් උවමනා වේ!

    ReplyDelete
  13. හපොයි වෙලා තියෙන දෙයක්. තට්ටයා වැඩේ අතාරින්නෙ නෑ වගේ.. හෙහ් හෙහ්..

    මම ජිවිතේ දකින විදිය අනුව මට ඔය වගේ දේවල් පේන හැටි තමා මම ලිව්වේ. ඒක හරියටම හරි කියන එක මට ඔප්පු කරන්න අවශ්‍ය නෑ...

    මමත් ඔබ වාගේම බොහෝ දේවලට සංවේදී පුද්ගලයෙක්. අපි හැමෝම වගේ එක එක මට්ටම් වලින් සංවේදී මිනිස්සු නේ

    මම මේ දේවල් දකින හැටි ඉඳල හිටලා මගේ බ්ලොග් එකේ ලියනවා. මේක ගැනත් එකක් ලියන්නම්...

    [කතාව මෙතරම් දුරක් ඇදුනේ ඔබ ඔබගේ "දුස්ට බව" (මං හිතන්නේ දුෂ්ඨ බව ) පිළිබදව වීරාභිවන්දනයකින් යුතුව ප්‍රකාෂ කිරීම හා මා එයට එකග නොවීම! ]

    මේ කොටස ඔබ තේරුම් අරන් තියෙන විදිය පොඩ්ඩක් වැරදි. මම දුස්ට කියල ලිව්වේ දුෂ්ඨ කියන දේම සිම්පල් අදහසින්. වීරාභිවන්දනයකින් ප්‍රකාශ කිරීමට වඩා සරලව කතාව ඉවර කරලා දැමීම තමා මට ඕනේ වුනේ. එකට හේතුව වෙනමොනවත් නෙවෙයි මගේ කම්මැලි කම... හෙහ් හෙහ්

    කොහොම වුනත් හොඳ සංවාදයක්. තට්ටයාට ස්තුතියි. දුක් වීම ගැන නැවත හිතා බලන්න හිතුනා.

    ලිකිතා නෝනා මොකෝ සද්ද නැත්තේ... මෙන්න මේවගේ ඒවා තව ලියන්න මෙයා කම්මැලි නැතුව

    ReplyDelete
  14. [තට්ටයා කියන උදාහරන වල තියෙන වියෝ දුක විකාරයක් නෙමෙයි.නමුත් අරයා මෙහෙම කිව්වා මෙයා මේක නොකිව්වා. ඒක නොකිව්වේ මේක හන්දා කියලා මනසින් මවා ගන්න මහ කතන්දර වලට ලොකු මිනිස්සු දුක්වීම විකාරයක්. ]

    Dil කියන මේ අදහස තමා මට කියන්න ඕනේ වුනේ. ලොකු මිනිස්සු ඒ කිව්වේ වැඩිහිටියෝ දුක් වෙන දේවල් වලට වඩා පොඩි දරුවෝ දුක් වෙන එක ගැන සංවේදී වැඩි වෙන්නේ වැඩිහිටියෝ බොහෝ වෙලාවට සැබෑ ලෙසම දුක් වීමට වඩා වෙන වෙන කරුණු නිසා දුක් වෙනවා. නමුත් පොඩි දරුවන් ඔවුන්ට දැනෙන අවංක හැඟීම නිසා ඔවුන්ගේ නොදැනුවත් කම නිසා අවංකව උපදින දුක නිසයි ඔවුන් දුක් වෙන්නේ. අන්න ඒකට මම සංවේදී වෙනවා. වැඩිහිටියන්ගේ ඒ හා සමාන සිදුවීම් වලට වඩා. නමුත් තට්ටයා කියන අවස්තා වලදී අනුන් වෙනුවෙන් තරාතිරම නොබලා දුක් වීම මම හිතන්නේ මේ ලෝකේ ඉන්න බහුතර මිනිස්සු සංවේදී වෙන දේවල්..

    ReplyDelete
  15. අනේ පැතුම් සමහරු ස්ටයිල් එකටත් දුක් වෙනවා. මේ අවුරුද්දෙ නෙවෙයි ගිය අවුරුද්දේ මහ වැසි කාලෙ දඩාවතේ යන බල්ලන්ට "කන්න දෙයක් අරණ් දෙන්න බැරිනම් මැක්ඩොනල්ඩ්ස් එකෙන් චිකන් ඩ්‍ර්ම්ස්ටික්ස් වත් අරණ් දෙන්න!" කියලා තමන්ගේ ඩ්‍රයිවර්ට රුපියල් 20000 ක් දුන්නු ඉදිකිරීම්
    ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුගෙ පවුලක් ගැන විශ්වාස දායි ආරංචි මාර්ගයකින් මාගේ කන වැකිණි. අනේ මම කියන්නේ ඒ වගේ ෆයිව් ස්ටාර් දුක ගැන නෙවෙයි! ඒ වගේම ගෑණියකගේ කදුලු ; තමන්ගේ අමුඩ ලේන්සුවෙන් පිසදාන අදර වෙළෙන්දන් ගැනද නොවේ. ඒ වගේම අනේ පව් අපි එයාලට ජීවත් වෙන්න සීයට විස්සෙ පොලියට ණයක් දෙමු කියන ශයිලොක්කලා ගැනද නෙවේ. සියලු දුක දෙවියන්ගේ ආශිර්වාද මෙහෙයෙන් හෝ බෝධි පූජාවෙන් සුන්නත් දූලි කරණ මැජික් කාරයන් ගැනද නොවේ. "අනේ අප්පේ මෙහෙම දුකක් !" කියා කන
    බොන ප්‍රීති වෙන එවුන් ගැනද නොවේ. අන් දුකට සංවේදිව කිසියම් වැඩ දායි ක්‍රියාවක් ඉෂ්ඨ සිද්ධ කරණ එවුන් වීමයි විය යුත්තේ! සත්තකින්ම උඹලා අපි සංවේධී මිනිසුන්! ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙයල්ලා!! අන් දුක වෙනුවෙන් තෙත් වන ඇස් කෙවෙණි ගජ මුතු වගේ බොහෝසෙයින් දුර්වලයි මිත්‍රයා!!! ලෝකය වඩා යහපත් තැනක් කල හැක්කේ ඒ නෙත් තුලි බැලීමෙනුයි. හැබැයි ඒක හුදෙක් අඩෝවැඩියාවක් නොවී අඩහැරයක් වීමයි විය යුත්තේ! දුස්ට වෙයං දුෂ්ඨයින්ට!

    ReplyDelete
    Replies
    1. හම්මියෝ මේ දෙන්නා නිසා මේ කොමෙන්ටු වැටිලා මේ පෝස්ට් එක සාර සුබාවට වැවිලා !

      කතාව තුල මාතෘකා කීපයක් මතුවෙලා. පැතුම්, තට්ටයා (බයයි අපි නම්) : මොකෝ කියන්නේ ලියමුද සංවාදයක්??

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි