වෘකයින් අතර අනාථව
නග්න පතුල් රුහිරෙන් පෙඟී ,
වැරහැලිව උන් - මා
බදා තුරුලෙන් උණුහුම්ව
හිස සිප සනසවා බරින් - ආදර
දහස්වර කපු කෙටූ සයනයේ
මලක්සේ සුරැකි ලෙද...
සැහැසි උන් භීතකර
සිංහ ඝර්ජනා කල ,
සුනඛ සිත නොරුස්සයි
නුඹ මහා රැකවරණ ,
විලිස්සන දත පවා
දනී ඇති පිළිසරණ ,
දෙපා නුඹ බදා මා
සැපිනියක වී හිඳිමි,
නුඹට බැඳී සෙනෙහසින්
පත්තිනිය වී දවමි,
සක්වලින් තරු රැගෙන
නුඹට දිව ඔසු පොවමි !
~~~~ මන්ජි
නිබ්බුතා නූන සා නාරි.. :)
ReplyDeleteයස්සායන් ඉදිසෝ පති...
Deleteතව කවි දෙකක් දැම්ම... දැක්කද මන්ද
මොකද්ද මේ අළුත් මුද්‍රාව ~~~~ "මන්ජි" ?
ReplyDeleteමටම අනන්‍ය මුද්‍රාවකට යමින් සිටින්නේ.
Deleteඉතින් මගේ නම මුද්‍රාවක් ලෙස යොදාගැනීම හොඳයි හිතුනා. අනිත් එක එහෙම ලිව්වහම පොදු අවකාශයේ අවශ්‍ය පරිදි 'ඉලක්කය' කරා හීපහර යොමුවෙයි කියලත් හිතුනා.
නියමයි...
ReplyDeleteස්තුතියි
Deleteමගේ අම්මෝ තරු ගිලින්ඩ ගියාම පිච්චෙන්නේ නැතෙයි?...ලස්සන කවියක් හොඳේ...
ReplyDeleteතරු ගිලින්න ඕනේ නෑනේ... කුඩුකර වතුරෙන් දියකර ගත්තහම හරි!
Deleteහරිම ලස්සනයි ලිඛිතා
ReplyDeleteස්තුතියි
Delete