නිසල දියමත විසුල මල්පෙති - රැළිති නගනා බීරුමේ
සුනිල මේඝය මුවාකරලති - කිනිති මල්කෙමි මීදුමේ
මෙවුල ගිලිහෙන හඬද නොදනිති - යුවති ඔහු හා පෑහුමේ
දිදුල නෙතුයුග වරල මුදවති - රඟති තොල් හා කෙළිබිමේ
රන් රසය ලෙද ; මින්දදය මිස - කන්මදය මීවිත නොවේ
මින් මතුව ලද අන් කවර රස - බන්ධනය මුදුනත සුවේ
කන් කළුව වැයෙනා රතිය යස - සන්තකය මිණි පැළඳුවේ
පුන් කලස ඉතිරී සතර දෙස - නිල් සඳය අද දිළිසුවේ
~~~~මන්ජි
Beautiful words Likhitha! Soo nice! :)
ReplyDeleteThanks
Deleteහරිම සුන්දරයි. කලාත්මක රසය සමගින්ම සෘජුවම ප්‍රකාශ කරන සිදුවීම, වියන්ගර්තයෙන් පමණක් කරන නිර්මාන වලට අබියෝගයක්
ReplyDeleteස්තුතියි.
Deleteඔබ කියන්නේ මෙහි ව්‍යංගයක් නෑ කියා වෙන්න ඇති. සමහර වෙලාවල් වලදී වචනවල තියෙන භාවිතාවෙන්ම අපිට සෘජු අදහසක් ජනිත උනත් ඒ වචනයේ ඇති ව්‍යංගය ඊට වඩා පොඩිත්තක් වෙනස් වෙන්න පුළුවන්.
නැවතත් ස්තුතියි රසවින්දා නම්
ප්‍රථිභාව!
ReplyDeleteතුට කළ ලෙවන් ගුන නැණ රුවින නෙක ලද
පිට කළ අරුත් පුවතද මා නොවන සඳ
රට කුල සිරින් අවුරුදු මඟුල් විය තුද
මට කළ සදොස් නැත නුඹ නාවොතින් අද
උත්සා කර බැලුනේ දුටුදා මිසක
උත්සහ කරණ වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුණා වැහි බියෙ ගේ තුලට
ඇස් වහ වදිනවද දුටුවම මුහුණ වට
වසා වස් සදෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතා යුධ ගනන යයි වට පිට බලලා
ඉතා රතු ලියක් කහ වත්තෙදි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා
පුන් සඳ දෝ මිදුලේ කර කැවෙන්නේ
රන් බඳදෝ ගෙයි ඈඳ පිට නිදන්නේ
රන් කොළ දෝ ඔය ළමයා ගොතන්නේ
පින් මදිදෝ මා ළං කර නොගන්නේ
ඇලපාත මුදළි වෙතින් ගජමන් නෝනාට
කවි ලියලා ඉවර නොමැත දෙවියනේ!!
ReplyDeleteමොකටද මා මේ බ්ලොගයට පැමිණුනේ?
Deleteකවි ලියලා ඉවර නොමැත දෙවියනේ,
Deleteමොකටද මා මේ බ්ලොගයට පැමිණුනේ?
කවි දැක්කම උණ්ඩුකෙ මගෙ සැලෙනවා,
සෝඩ නැතුව කාලක් මම ගහනවා...
සෙකන්ඩ් වෙන්ඩ බෑනේ කියල
Deleteමමත් ලිව්වා එකක් ගොතල
ඔලුව කචල් වෙයි ද කියල
අනේ මන්ද සැකත් පිරිල
නියමයි
ReplyDeleteYou see this kind of artistic works on blogs.. once in a blue moon for sure.. Not good enough to write a reply.. :)
ReplyDeleteThanks Kami..
DeleteExpected a BETTER reply though.. :-)
sigh.. Let me try.. sigh again..
Deleteරසවින්දා
ReplyDeleteස්තුතියි
DeleteLassani
ReplyDeleteThanks
Deleteගැහැණු දරුවෙක් පිරිමියෙක් ගෙන් ලබන පළමු ආදරය තමයි පිය සෙනෙහස.
ReplyDeleteමම හිතන්නේ ඔබේ මේ කොමෙන්ටුව අදාළ වෙන්නේ මිට කලින් ඇති පිය-පුතු සෙනෙහසට ලියපු කවියට වෙන්න ඕනේ.
Deleteකුමක් උනත් ස්තුතියි