විසිතුරු කොල

Sunday, August 20, 2017

131. සුහදිනියේ - 02 | විරංග ඔට්ටුවක් අල්ලයි

කලින් කොටසට 




"අනේ මොනා.......................ද තීක්ෂණ......... යමුකෝ"

චාපා නලවලා කියනකොට ඇත්තටම මට නැගුනේ කෝපයක්.

"චඃ.... දැන් මම එකපාරක් කිව්වනේ.. එන්න බෑ එන්න බෑ.."

අතේ එල්ලෙනවට මම කැමති නැහැ කියල දැනගෙනත් මොන කෙහෙල්ගෙඩියකට එල්ලෙන්න එනවද මන්ද.

".. විරංග එක්ක යන්න.. මම ඌට කියන්නම්"

"හුහ්... විරංග එක්ක යන්න ඕනේ නම් ඔයාට එන්න කියනවද? මොකද්ද අනේ එන්න එන්නම ගොඩේ වෙන්න හදන්නේ? ක්ලබ් එන්නත් බෑලු.. ගියපාර ස්පා යන්න ආවෙත් නැහැ අපිත් එක්ක"

"ගියපාර විතරක් නෙවෙයි හැමපාරම ඔයත් එක්ක මම ස්පා ගිහින් නැහැනේ. මට අද හවස ස්පෝර්ට්ස් ක්ලබ් එකට යන්න තියෙනවා."

මම ශීතකරණය ඇරලා දොඩම් පානය අතට ගන්න ගමන් කිව්වා.

"ආ... හරි ෂෝයි.... මම එන්නම් ඔයා ප්ලේ කරනවා බලන්න."

චාපා මගේ උරහිසට බරවෙනකොට මම අකමැත්තෙන් උනත් සද්දයක් නැතුව හිටියා. මල වදයක්නෙ!

"දැන් 'හයි ටී' යනවා කිව්වේ?"

දොඩම් යුෂ උගුරක් බීපු මම චාපා දිහා බැලුවේ සමච්චලයට වගේ.

"ඉතින් මම ඉන්නම්"

ලේයර් කරපු කොණ්ඩය පැත්තකට ඇලකරලා චාපා කිව්වේ හිනා වෙලා. චාපා ලස්සනයි, එකපාරටම මට හිතුන. ජංගම දුරකථනය නාද උනේ එතකොටමයි.



'විරංගයා'

"කියපන් මචං "

දුරකතනයට උත්තර දෙන ගමන් මම සාලය පැත්තට ඇවිදගෙන ගියා. සාලේ හිටපු අම්මා දැක්ක ගමන් චාපා ගැස්සිලා ගියා කියලා මට තේරුණා උනත් මම ගානක් නැතුව පුටුවකට බර උනා.

"මොකද උනේ උඹේ ඔට්ටුවට?"

"මොන ඔට්ටුවද?"

මම නොදන්නා ගානට තමයි කතාකලේ. චාපා මගේ ගාවින් නැතුව එහාට වෙන්න පුටුවක තිබ්බ පුටු කොට්ටයක් උකුලට අරගෙන විනීතව වාඩි වෙනවා මම බලාගෙන. අම්මා සාලේ පැත්තක තිබ්බ දිවාන් එකේ ඉඳගත්තා.

"දුව කොයි වෙලේද ආවේ?"

"ඇයි බන්.. උඹට ඒකත් අමතක උනාද? අර කෙල්ල..."

මම හොරාට වටපිට බැලුවා. චාපා අම්ම දිහා බලාගෙන. අම්මගේ අතේ තිබ්බේ මොකක් හරි ගෙතුමක් වගේ එකක්.

"මේ දැන් ආන්ටි. ආවා විතරයි. තීක්ෂණ කිව්වා හවස ස්පෝර්ට්ස් ක්ලබ් යන්න එන්න කියලා. මේ පැත්තෙන් ආපු ගමන්..."

තවත් මොනවාදෝ පච තොගයක් චාපා කියනු ඇහුනා. ටැප් එකකින් වතුර එනවා වගේ පහසුවෙන් චාපාගේ කටට බොරු ගලාගෙන එනවා මට ඇහෙනකොට හිනාත් යන්න එනවා.

"ඒකි ඉන්න තැනක් හොයාගත්තද?"

මම එහෙම ඇහුවේ විරංගගේ කනට කොඳුරනවා වගේ හෙමින්. චාපාට ඇහුනොත් මල වදයක්! හෙමීට මම උඩුමහලට යන පඩිපෙළ දිගේ ඉහලට යනකොට අම්මා ඇවිත් පඩිපෙළ ගාවම හිටගෙන.

"කොහේ හොයන්නද බන්... කොහෙන් අතුරුදහන් උනාද මන්ද. එක්කෝ... ඔන්න ඕකිව අතෑරලා දාපන් මචන්.. "

"පුතා හවස මට පන්සලට යන්න ඕනේ. මාවත් දාගෙනම යන්න"


මම ඔලුව වනලා ඉහල මාලයට යනකල්ම වචනයක්වත් කතාකලේ නැහැ.

"හලෝ.. මචන්.. ඇහෙනවද? මොකද උඹ ගොළු වෙලා?"

අම්මාගේ කනට වචනයක් අහු උනොත් ඔක්කොම ඉවරයි කියලා මම දන්නවා.

"...................."

උඩු මහලේ මගේ කාමරේට වැදිලා දොර වහගන්නකල් මට ෂුවර් නැහැ. එතකල්ම විරන්ගයා මට බනිනවා එහා පැත්තේ ඉඳල.

"සාලේ බන් හිටියේ. අම්මත් හිටියා. අර ඉස්කුරුප්පුවත් ඇවිත්"

"මොන ඉස්කුරුප්පුවද?"

"අරකි බන්..... අර චාපා"

"අඩෝ..... ආවද? එක්කගෙන වරෙන් ක්ලබ් එකට එහෙනම්."

විරන්ගයාගේ කටහඬේ සතුට උතුරනවා.

"උඹට පිස්සුද? ආවොත් මල ඇණයක් වෙනවා. පස්සෙන්ම වැටිලා අපිට මෙලෝ දෙයක් කරගන්න නැති වෙයි. අඩෝ.. සිරා ප්ලෑන් එකක් ගහන්නත් තියෙනවා. ඒ ඉස්කුරුප්පුව එක්ක බෑ"

විරන්ගයා හිනා උනේ උළු හෙල්ලෙන්න වගේ.

"අනේ උඹේ ප්ලෑන්.... ඔක්කොම ප්ලෑන් කැලේ උඹ ඒකි දැක්ක ගමන්. ඔන්න ඔහේ ඕක අතෑරලා දාපන් බන්. උඹට හරියන්නේ නැහැනේ ඒ ටයිප්.."

එකපාරටම ඒකට උත්තරයක් ආවේ නැති උනාට මට මොකද්දෝ අමුතු රිදිල්ලක් වගේ දෙයක් දැනුනා. ඇත්ත, කෙල්ල මගේ ටයිප් නෙවෙයි තමයි. ඒ උනාට මොකද්දෝ හොඳකට හරි නරකකට හරි මට ඒ කෙල්ලගෙන් ඔලුව අහකට ගන්නම බැහැ. චාපා යාළුකරගන්න මට මෙච්චර අමාරු උනේ නැහැ.

"හරි.. හරී... උඹ බලපන්කො මගේ ප්ලෑන් එක"

"ඔව් ඔව්.. බලන්න බැරිය ඉතින් අපිටත්... කරුමෙට උඹේ යාළුවො වෙලා ඉපදිලා..."

සුද්ද සිංහලෙන් දෙකක් කියූ මම කෝල් එක කට් කරද්දීම දොරත් තල්ලු කරගෙන ආවේ චාපාය. දුවගෙන ආ චාපා මාවත් තල්ලු කරගෙන පැත්තකින් තිබ්බ ඇඳට පැන්නා. මාව පෙරලිලා ගියේ සමතුලිතතාවය නැතිවෙලා ගියපු නිසා.

"පිස්සුද හලෝ තමුසෙට... අම්මත් ඉන්නවා අරෙහෙ"

මම දනි - පනි ගාලා නැගිටලා කාමරේ දොර දිහා බැලුවේ බය වෙලා තමයි. අම්මා හිටියෙත් පඩිපෙළ යටමයි. මේකි කොහොම ආවද?

"ආ.... හරි වැඩේ.... මාව තල්ලු කරගෙන එදා පූල් එකට පනින්න හොඳයි. මම කලාම නරකයි..."

චාපා බොරු අමානාපයෙන් වගේ එහෙම කියලා ඇදේ පෙරලුනේ කකුල් දෙකත් පද්ද පද්ද. දැන් නම් ඉතින් මට ඌරු ජුවල්!

"චාපා.. මේ..... ඒවා පබ්ලික් තැනක අපි විහිලුවට කරපු දේවල්. අනිත් එක මාව එදා ජනකයා තල්ලු කලේ. යන්න යන්න මගේ රූම් එකෙන් එළියට.. අම්මත් ඉන්නවා අද"

මම දොර ගාවට ඇවිල්ල කිව්වේ පුළුවන් උපරිම පරිස්සමෙන් එලිය බලමින්. අම්මා පේන්න නැහැ. මේ වහන්තරාව වැඩේ කන්නයි හදන්නේ.

"අම්මා ඉන්න හින්දද එහෙනම් බය? හ්ම්ම්?"

මගුලක් කියනවා.

මම ඒ පැත්ත බැලුවේ නැහැ. මගේ කාමරේ චාපා ඒ ඉන්න විදිය දැක්කහම ලෙඩක් නැති එකෙක්ට ඇරෙන්න වෙන එකෙක්ට නම් මොනවත් නොහිති තියෙන්නේ නැහැ. අම්මා මාව හිටුවා පස් ගහයි දෙය්යනේ... මේ කෙල්ලෝ නම් මොලේ කලඳක් නැහැනේ.

".. අය්යෝ.. බය ගුල්ලා ! ආන්ටි ගියා රෙඩි වෙන්න කියලා. ඊට පස්සේ මම ආවේ උඩට"

චාපාගේ කටහඬේ තිබ්බෙම මහා නොහොබිනා ස්වරයක්. මම බොහොම අමාරුවෙන් හිත එකඟ කරගෙන කාමරෙන් එලියට ඇවිත් ආපහු  වටපිට බැලුවා.

හරියට හරි! මේ ඉන්නේ...

තේ කෝප්පය අතින් අරගත්ත මැණිකා මගේ දිහා බලපු බැල්මට මට ආපහු හැරිලා මගේ කාමරේ දොර බැලුනා.

මෙන්න අරකි ; චාපා ; ඉන්නවා කාමරේ දොරේ එල්ලීගෙන!

*******************************************

28 comments:

  1. ඉවාන් ලව්පූසාගේ ප්‍රාඥ විග්‍රහයෙන් පසු කමෙන්ට් කරමි.
    (කැලණි ෆ්‍රෙන්ඩ් ගේ විග්‍රහ නම් නොතේරෙමි)

    ReplyDelete
    Replies
    1. හෑ ???? කාගේ මොකක් කිව්වා?????

      Delete
  2. නරකද පොතක්ම ලියුවොත්?

    ReplyDelete
    Replies
    1. පොතක් ලියන්න නම් හිතක් නැහැ. ඊට වඩා අවකාශයේ කියෝනවා දැක්කහම සතුටුයි වගේ. ස්තුතියි :-)

      Delete
  3. ඉක්මනට ඉතුරු කොටසත් දාමු, මතු සම්බන්ධද කියලා අහන්න එපා :d
    දැන් සිරාවටම චාපා ආවද ස්පෝර්ට්ස් club එකට ?

    ReplyDelete
    Replies
    1. ලිව්ව ගමන් දාන්නම්කො.

      ඒක ඉතින් ඊළඟ කොටසේදී බලාගම්මු

      Delete
  4. අනේ මන්දා ඉතින් මෙව්වා... මට පිසු වගේ මෙයා.. මට බණ කිය කිය ඉන්නෙ නැතුව ඉක්මනට ඊළඟ කොටහ දෙන්න මෙයා

    ReplyDelete
    Replies
    1. මෙව්වා මේ බොළඳ කතා අනේ.. උයා ඒවා හිතන්ට එපා වැඩිය

      බණ නේද???? ඈ බොලේ මම කොහොමහරි මොකක් හරි පටලෝලා දැම්ම, ඔබතුමි මම දැක්ක කලින් ලියපු වගේ කවියක් අලෝලා ජාමේ බේරාගෙන තියෙනවා. එව්වා වෙන්ඩා !

      Delete
  5. ආ මරු එක හුස්මට කියෙව්වා

    ReplyDelete
    Replies
    1. හුස්ම ඔහොම්මම අල්ලාගෙන ඉන්ට එහෙනම් ඈ ;-)

      Delete
  6. පොතක් ගහන්ඩ අප්ෆා

    ReplyDelete
    Replies
    1. හි හි හි සාධාරණයි තමයි.... කියවන්න ගියාම වෙන අපහසුතාවය හින්ද වෙන්න ඇති....

      Delete
    2. එහෙම නෙවේ අප්ෆා... බලන්නකෝ ඔයාගේ තියන හැකියාව.. අපරාදේ බ්ලොගයට විතරක් සීමා කරන්නේ..

      Delete
  7. මට මේ බ්ලොග් එක හොයා ගන්න බැරුව හිටියේ. නිකමට වගේ මතක් වුනා වාන්පතුල් රවියා ගෑනු ළමයි ලියන බ්ලොග් ලිස්ට් එකක් වෙනම තියාගෙන ඉන්නවා නේද කියල... හෙහ් හෙහ්.. එකෙන් හොයා ගත්තේ

    මේකේ අර ඇක්සිඩන්ට් සීන් එක කියවද්දී මතක් වුනේ අර නිකිතා ගේ සීන් එක හෙහ් හෙහ්..

    ඉතිරි කොටස් ටිකත් වහාම දාන්න.

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි.. එහෙනම් ඒ ලිස්ට් එකේ මමත් ඉන්නවද බොලේ??

      මොන නිකිතද බොලේ??? කෝ කොහෙද? සඳුදට දාන්නම්කො කොටසක්

      Delete
    2. නිකිතා නෙවෙයි.. නිකිණි අක්කා.. හෙහ් හෙහ් හෙහ්...

      Delete
    3. ආ.. ඒම කියාන්ට එපාය!
      ඒ නිකිණි අක්කා වෙනුවෙන් මුන්දලා ඔක්කොම කඳුළු හැලුවා නොවැ ? මෙයා එයා නොවෙයි මෙයා

      Delete
  8. අප්පට සිරි. බලමු ඊලඟ කොටස

    ReplyDelete
    Replies
    1. සිරි නම් මන්ද... ඔන්න බලාගන්න එකනේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි