රතුපාට කමිසයට වැහුණු
සුදුපාට උණුහුම් හදවත
පුරා ඉතිරී නොගිය,
නුරා ගින්නකට
පෙරුම් පෙරුවෙමි
නිරුදක කතරක් බව නොදැන...
ඇඳී දිය මත
අතින්කළ උරුවමක් විලසට
නෙලුම් පතකය
රඳන්නට කැපකලේ
ආලය...
'දුන්යා' ය එදා මම
උඹේ එක රෝමයක
පවා ජිවත්වන....
ප්‍රස්තුතය : චන්දො ගේ කතාවක් - සඳ කළුවරයි
ප.ලි: චන්දො නොදන්නා අය සිටීද? ආ... එහෙනම් ඔය දන්නා අයගෙන් නොදන්නා අය අහගන්න එකයි
දන්න අයෙක් ආපු ගමං කොමෙන්ටෙකක් දාන්ඩලා.. :))
ReplyDeleteපොතේ නම තමයි දැම්මේ... සඳ කළුවරයි
Delete:-p
ලස්සනයි .....
ReplyDelete//දුන්යා' ය එදා මම
උඹේ එක රෝමයක
පවා ජිවත්වන....//
මේ කොටසට වඩා කැමතියි .
ස්තුතියි
Deleteඈ වෙනුවෙන් ඊට වඩා ලියාගන්න බැරි උනා
බොරු නොකියමි.. මමද නොදනිමි.. නමුත් කවිය නම් අගෙයි හොඳටම.. ලස්සනට ලියලා.. හොයලා බලන්නම්කෝ චන්දෝ ගැන..
ReplyDeleteගූගල් දෙය්යාගෙන් ඇහුවේ නැද්ද? ඉස්සර දිවයින පත්තරේ කොටස් විදියට යන නවකතා ලිව්වා... දැන්වත් මතක් උනේ නැද්ද?
Deleteකියෙව්වා ...මතකය ඇවිස්සුනා
ReplyDeleteඒකෙ හිටපු නිරුදක වෙනුවෙන් මම සති ගානක් මුඩ් ගහල හිටිය. කෝ ඉතින් කිව්වට එකෙක්වත් ගානකට ගන්න එකක්යැ.. සිස්සත්වේ පන්තියේ උන්ට විභාගෙමයි ඒ දවස්වල.. මම මේ නිරුදක ගැන විස්සෝපෙන්!!
DeleteThanks for the comment
පේනවද මැස්සො ඇහිරෙනවා කියලා මට ගනන් ඉස්සුවා. දන්න කියන සේරම මෙහෙ.. මේ තියෙන්නෙ නියමෙට
ReplyDelete:-)
Deleteකවිය කියෙව්වම පොත කියවන්න ආස හිතුනා
ReplyDeleteඔව්. මම චන්දෝ ලියන විදියට ආසයි. බොළඳ වගේ පෙනෙන ඒ කතා අස්සේ මට ලස්සන දේවල් මැවෙනවා. ඒ විඳීම වෙනස්. කියෝලා බලන්නකෝ
Delete