විසිතුරු කොල

Wednesday, October 19, 2016

36. කෝවිල ළඟ



කෝවිල් දොරකඩ බලාහිඳින හිස මල් ගවසාගත් යුවතියක්



පා සටහන්ය වෙරළත,
ඔබ නොවන ඔබෙන් සලකුණු කල...

ගිනිදළුය ලිප මත,
කොස් මැල්ලුමද රසකල ...

නොඑන බව දැන දැනම,
පිසිමි බත මදගින්න මැද - හද

හිඳිමි පිල්කඩ ගුලිව,
එක පසෙක දෙබසක්ම දොඩ - දොඩ







7 comments:

  1. ලස්සනම නිර්මාණයක් ලිඛිතා... මට මේ නිර්මාණය හරියට දැනුනේ ගඟක කෙළවර මහ මුහුද අභියස වර නැගෙන රළ වගේ.... හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සයුරක් දකින ගංගාවක් උනත් ඩිංගක් මග බලාගෙන ඉන්නවා සයුරෙන් එන ඊළඟ රළට අහුවෙන්න... නේද?

      Delete
  2. ඇත්තටම ඔව් ලිඛිතා... ඒ අතර තුර අපේක්ෂාවන් නැගිටීම වගේම බිඳ වැටීමටත් එක වගේ මුණ දෙන්න සිද්ධ වෙනවා.....

    ReplyDelete
  3. හරිම අපූරු සංවේදී පද පෙළක් ලිඛිතා...රස වින්දා...මග බලා හිඳිම බොහොම අසීරුයි...එහෙත් මග බලා හිඳිය යුත්තේ තමන්ට වටිනාකමක් දෙන කෙනෙක් වෙනුවෙන් පමණයි කියනේකයි මගේ විශ්වාසය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසවින්දා නම්.
      බලාහිඳිම කියන්නේ සමහර වෙලාවට අපි මුළු ජිවිත කාලයක්ම කරන දෙයක්. ඒකෙන් අසීරුම බලාහිඳිම තමයි ආදරෙන් උයපු දෙයක් කෙනෙක්ට කවන්න, කනවා බලාගෙන සතුටු වෙන්න බලාගෙන හිඳීල්ල. එය දන්නේ එවන් බලාහිඳුමක් කල අයෙකු පමණයි. ඒ රස මසවුළු විසිකරන්න සිද්ද වෙන එක කොතරම්ම කම්පනයක්ද?

      කවදාවත් එහෙම දුකක් තමන්ගේ බිරිඳට නම් දෙන්න එපා 'මිත්‍රයිනේ' !

      Delete
  4. ‘‘ආදරයේ පළමු පාඩම බලා හිඳිම‘‘ මම නෙවෙයි එහෙම කියන්නෙ පාවුලෝ සන්තියාගෝ නම් සැරිසරන්නා පොතේ

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ පලවෙනි පාඩම ඉවර කරන්න සෙමෙස්ටරයක්ම ගන්න එකයි.

      Delete