Monday, August 8, 2022

351: උන්මාද චිත්‍රාදෝ මා 82



ජීවිතයේ අභියෝග ඔබට ලබාදෙනුයේ ඔබ ඒ සඳහා සුදුසු නම් පමණකි. 

දෛවය , කර්මය හෝ අවාසනාවන්ත බව කියා යමෙක් කියූ ජීවිත කතාවක යම් කාලයකදී එළැඹිය හැකි වෙනස් වෙනස් සෘතු විපර්යාසයන් ගැන නොසිතා කුණාටුවේදී සියල්ල අතහැරීම හෝ පලායාම තෝරාගන්නවුන් සිටිති. 

පලිගැනීම් හෝ තෝරාගැනීම් යනු දඬුවම් ලැබිය යුතු කාරනා නොවේ. ඒවාට ඒ හා සමාන පුද්ගලයින් සොයා යන්නට දිය යුතුය. නිර්මලී නම් තරුණිය, යුවතිය, ගැහැණිය , මව සහ බිරිඳ ඒ සියල්ලට මුහුණ දුන්නේ එකම එක ආරක්ෂාවක් පිට පමණි. 

ඒ ආදරයයි..

අනූජ් ගමනායක ගැන සත්‍ය දැනගත්තේ ඔහුගේ මියයාමෙන් පසුව වුවද ඈ ඔහුට වෛර නොකලාය. ඇගේ ප්‍රේමය ඒ කඩතොලු වසා එලූ බුමුතුරුණක් විය. රශිඳු....

ඒක වෙනම කතාවක්! ඈ නැවත ඉපදුනේ ඒ විසල් ප්‍රේමය ඔස්සේය. හුදෙක් පොරොන්දු සහ නීති වලින් ඔබ්බට යන ඒ දඟකාර උණුසුම් ආදරය ඇගේ ජීවිතය වෙනස්ම මඟකට යොමුකර හමාරය.

දරුවන් පස්දෙනාගේ වැඩත්, ඔක්කෝටම වඩා දඟකාර දරුවන්ගේ පියාගේ වැඩත් නිසා නිර්මලී සිටියේ ෆුල් ස්වින්ග් එකේය. ඇගෙන් ගිලිහෙන ව්‍යාපාර කටයුතු වලට නේහාත් , හිමාලුත් උපකාර කල නිසා ඒවා සාමාන්‍ය පරිදි සිදුවෙමින් වසර දෙක තුන ඉදිරියට ගමන් කලේ කාලය ගැන එතරම් තැකීමක් නැති පරිද්දෙනි.

' උ/ඹ වයසට යන්නෙ වයින් වගේ'

රශිඳු සැමදාම එලෙස කියන්නේ ඇගේ ඒ වයඃ කල්‍යාණය නිසා වන්නට ඇත. එනිසාමදෝ ඉඳහිට ඈ පිළිබඳ ගොසිප් අඩවි වල වල්පල් ලිවීමට තරම් සමහරුන් පහත් තත්ත්වයකට වැටී තිබිණ. ඒවා සියල්ල නාභගත වන්නේ දිනෙන් දින බබළන ඈත් , දෙදෙනාගේ විවාහයත් දෙසටය.

' ඇයි මිනිස්සු මෙච්චර මැරෙන්න හදන්නේ? උඹලගෙන් කරදරයක් නැතිනම් ඇයි මේ මෙච්චර මඩ ගහන්නේ? මොනවද මුං බලාපොරොත්තුවෙන්නේ?'

සංවාදයක් අතරතුර එසේ පැවසු හිරාන් දෙස බලා රශිඳු බියර් කෑන් එක අතට ගත්තේ මද සිනාවක් පාමිනි.

" එහෙම තමයි බං ලංකාවෙ! අනුන්ගෙ රෙද්දේ තුත්තිරි තමයි හොයන්නේ.. Baby girl තනියෙන් කොහොමද මන්දා මේවා දරාගෙන හිටියේ.. පුදුම ස්ට්‍රොන්ග් ගෑනියෙක්.. "

හිරාන් සිනාසුනේ එය අනුමත කරමිනි.

ඒ වනවිට අකිත් සිය උපාධිය නිමකොට සති කීපයකට අකිත්මා සමඟ ලංකාවට පැමිණ තිබුනු නිසා නිර්මලී සිටියේ ඉහවහා ගිය ප්‍රීතියෙනි. අකිත් ඇගේ පළමු දරුවා ලෙස නොවෙනස් තැනක සිටි බැවින් සැමදාම ඈට ඔහු සුවිෂේශී විය. 

හිමාල් සහ දුලීකා ඒ වනවිට නැවත සමාදාන වී සිටියේ තනිකරම නිර්මලීගේ මැදිහත්වීමෙන් නිසා බලෙන්ම ඔවුන් දෙදෙනා නිවාඩුවක් සඳහා යුරෝපයට පිටත්කොට හැරුනි. 

ඒ වනවිට මලයාසියාවේ ක්‍රීඩා සංගමයක් වෙනුවෙන් වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටිනා අකිත් වඩා කඩවසම් තරුණයෙක්ව සිටියේය. රශිඳුගේ තදබල මිත්‍රයෙකු වූ ඔහු පෙරදාට තරම් නිශ්ශබ්ද චරිතයක් නොවන බව නිර්මලී දත්තාය.

දිනක් දෙන්නා පිටතට ගොස් පැමිණෙන්නට ප්‍රමාද වූ නිසා නිර්මලීට අසූහාරදාහට තද වී සිට සවස ඔවුන් ආ සැනින් හේතුව එක බැල්මෙන් හසුවී ගියේය. 

" මේ මොකක්ද මේ?"

අකිත්ගේ වම් අතේ ඉහලට වන්නට තිබූ ටැටූ එක දෙස රවා බලා නිර්මලී දෑතම ඉනේ තබා ගනිද්දී එල්ලවන්නට නියමිත් මල්ටි බැරල් එක සඳහා සූදානමින් උන් රශිඳු සැනින් පැමිණ ඇගේ පසුපසින් වැලඳ ගත්තේ ඇගේ ගෙල මත හාදුවක් තබමිනි.

" ගති නේද ටැටූ එක?"

"... පොඩි කොල්ලව එක්කගෙන ගිහින් මොකක්ද මේ කලේ ආ? ඔයා.. "

" ඔන්න බලපං ඔය ටැටූ එක හිට් වෙනවා ගානට.. කෙල්ලො කැමති වෙනවා උඹේ ටැටූ එකට"

ඉඟි මරමින් රශිඳු පවසන්නේ මේ ඉතින් ඈ අවුස්සන්නටය.

"රශී.. ඇයි මේ පොඩි එකාව නරක් කරන්නේ? ඒකද මේ අද උදේ ඉඳලා අතුරුදහන් වෙලා හිටියේ? මම කොච්චර කෝල් කලාද?"

" හරි හරි baby girl. ගොරවන්න එපා මැඩම් අපි මේ ආවෙ!. පලවෙනි එක අකිත් ඊස් නෝ මෝ ඔයාගෙ කුක්කු බබා.. ඌ තඩි කොල්ලෙක් දැන්! "

ඈ තම යකඩ දෑතට තද කරමින් පවසද්දී රශිඳු වැඩේ ගොඩ දාගන්න බව දන්නා නිසා අකිත් හෙමින් මාරු වී යන්නේ සිනාසෙමිනි. නැතිනම් මුන් දෙන්නාගේ මේක් අවුට් බලාගෙන ඉන්නද?

" ඔය කොහෙද යන්නෙ අකිත්..? මම දැන් ඔයාගෙ ඩඩාට උත්තර දෙන්න ඕනෙ මෙතන මේ ටැටූ ගහගෙන පිස්සෙක් වගේ.."

ඈ එතරම් කෑගහන්නේ ඇයි ? 

" අම්මෝ මේකිගෙ සැර... දුලීකා අක්කාත් ලස්සනයි කිව්ව.. යකෝ මේකිට අම්මට වත් නැති පවර්ස් නේ! ටැටූ ගහන්නේ පිස්සොද?"

නිර්මලී එරෙව්වාය. 

" මගේ කොල්ලව නරක් කරලා අහුවෙන්නෙ නෑ. මම අහගෙන කෙල්ලො 'ටෝක්' කරන්න උපදෙස් ගන්නව. ටෝක් කරන්න.. මොනාද රශී ඒ කියන්නෙ.. ? ඇත්තටම ‍රශී ඔයාට නම් මොන නැටිල්ලක්ද මන්ද! "

" මේ මේ මැඩම්.. ඌට දැන් විසි ගානක්.. ඌ කෙල්ලෙක් හොයාගන්න එකට නම් බාල්දි දාන්ඩ එන්න එපා මතකනෙ ඔය මැඩම් මාව දැපනෙ දාගත්තේ ඒ කාලෙදි කියලා.. උන්ටත් කොල්ලොන්ට ඕන දේවල් ගන්න දීපං අර මොකාද වගේ උදැල්ල නොදා"

" අන්නේ...."

කියන්නට ලැබුනේ එපමණකි. ඉහළ මාලයේ රූපවාහිනී බලමින් හිඳ තමන් අකමැති වැඩසටහනක් දැමූ නිසා පහළ මාලයට එමින් සිටි සඳුක දිවගෙන විත් සිය පියාගේ ඇඟේ එල්ලුනේය. 

ඉතිරි කොටසේ අයිතිය ගන්නට අනෙක් හතරදෙනා කඩාපාත් වූ සැනින් නිර්මලී යන්නට හදද්දී ඈ තමාවෙත ඇදගෙන තොල්මත හාදුවක් තැවරුවේ පොඩි උන්ගේ කෑගැසිල්ල අතරතුරය. තව ටිකෙන් වෙල්කම් කිස් එක මිස් වෙනවා!

" කොයි වෙලෙත් උම්ම දෙනව මේ අප්පච්චි! එහාට වෙන්න.." ( හිරුක)

" ඒව්ව්... අප්පච්චි ඔයා ඊයෙත් දුන්න එතනට.. අම්මි එපා කියන්නකෝ.. " ( සඳුක) 

" අම්මී... !! ටයිම් අවුට්.. ගෝ නව්" ( තරුකි)

අනිත් දෙන්නාට තාම හරිහැටි කතා කරගන්නට නොහැකි නිසා බේරුනද පසු කාලයකදී අපූරු ලෙස ඊට ප්‍රතිචාර දක්වන්නට වූයේ ඒ කිසිවක් රශිඳු ගණනකට නොගන්නා නිසාත්, ඕනෑම තැනකදී ඈ සිපගැනීමට ඔහු පසුබට නොවන නිසාත්‍ ය.

" ඕ යේස්... ඇම් අයි ගෙටිං අ සිස්ටර්?"

සුරතල් අහසි එවන් වලාවක අසද්දී සියල්ලෝම උඩ විසිවී නිර්මලී දෙස බලන්නේ ඇගේ රතුවූ වතත් විශ්මයෙන් විසල් වූ දෙනෙතත් දෙස මෙන්ම තරු විසිවූ රශිඳු දෙස සැක මුසුවත් බලමිනි. වලියට බර තරුකි නිසා සැමවිටම ඇගේ සෙල්ලම් ගෙදරට නව බඳවාගැනීම් ගැන ඈ සිතන්නීය.  

' පිස්සුද යකෝව්! '

රශිඳුගේ මුහුණ බලන්න ලස්සනය. නිර්මලී රතුවී සිටියේ ජම්බු ගෙඩියක් පරිද්දෙනි. 

" ඇයි අහසි බබා එහෙම කියන්නේ...?"

අහසි තමන් එවන්නක් නොකිව්වා සේ වෙනත් වැඩකට අර අදිද්දී නේහා ඇසක් ඉඟිමරා අසන්නේ සාමාන්‍ය පරිද්දෙනි.

" හ්ම්ම්ම්.. ( කල්පනාවට වැටී) හිරාන් අංකල් තමයි කිව්වෙ කිස් දුන්නම ටික දවසකින් නංගි බබෙක් ගෙනෙයි කියලා "

සියල්ලෝම තෘෂ්නිම්භූත වී හිරාන් දෙසට හැරුනේ ලොකු කරගත් දෑසිනි.

" අඩෝ හිරානයා.. තෝ මොනාද මේ ළමයින්ට කියන්නෙ?"

" මම මොකක් කරන්නද බං.. !! මම හිතුවෙ නෑ මේ කෙල්ල ඕක කියයි කියලා "

හිරාන් කිසි ගණනක් නැතුව කියද්දී සිනා නොවී සිටිය නොහැකිය. එක අතකට මේ ජෝඩුවට මෙහෙමවත් මොනවා හෝ කියන්නට ඕනෑය!

---------------------------------------------

 ' අද බන්ටිට උණ හැදිලා.. මම එයාව අරගෙන හොස්පිට්ල් ‍යනවා'

පුහුණුවීම් අතරතුර රශිඳු අමතා පැවසූ නිර්මලී අහසිගේ ළදරු වාර්තා පොත ගෙන වහ වහා දුරකතනයෙන් ළමාරෝග විශේෂඥවරියට හමුවක් ලබාගන්නට කෙතෙක් උත්සහ කලද එය ව්‍යර්ථ වූවත් අන්තර්ජාලය ඔස්සේ ඈ එදින සිටින පුද්ගලික ‍රෝහල දැක යමක් තීරණය කළාය.

එම රෝහලේ ඈ හොඳින් හඳුනන වෛද්‍යවරයෙකු සිටින නිසා ඔහුගේ මාර්ගය ඔස්සේ කෙසේ හෝ අහසිට බෙහෙත් ගන්නට හැකිවනු ඇතැයි සිතූ නිර්මලී වහා අහසි සමඟ වූ රිය අදාල පෞද්ගලික රෝහල වෙත සිය වාහනය පදවන්නට වූවාය.

.

.

වසර ගණනාවකට පසුව නවසීලන්තයේ එක්තරා සිනමාහලක පහළ මාලයේ ඇති ආපනශාලා සංකීර්ණයේ...

ආහාර ගන්නට පෙරම නිර්මලීට එකවරම සිහියට ආවේ අහසිය. වඩා සංවේදී චරිතයක් වූ අහසි තමා නොමැතිව කෙසේ දවල් ආහාරය ගන්නවා ඇතිද? කලබලකාරයා උනත් හිරුක මිහින්ව බලාගත්තද තරුකි යුද්ධ ප්‍රකාශ කරනවාද? සඳුකගේ ඇඟිලි බීම වැඩි වෙයිද? ඊටත් වඩා සිහිවෙන වෙනත් රුවක් සිහිවී ඈගේ මුවේ මැවෙන්නේ සිනාවෙන් ඇරඹී වේදනාවෙන් වියැකෙන මුහුණකි. 

තමන්ගේ ලෝකයේ ඉර, සඳ, තරු, අහස සහ මිහිකත ඔවුන් විය. ඒ ලෝකයේ මැවුම්කරු ඔහුය..

කල්පනාවට වැටී උන් නිර්මලී අසළින් දහවල් කෑම ඇනවුම තබමින් ජෙම් සැලකිල්ලෙන් ඈ දෙස බලන්නේ මුව මත වූ සිනාව එලෙසම තබා ගනිමිනි. ඔහුගේ හදවත වේගවත් ලෙස ගැහෙමින් පැවතුනි.

" තෑන්ක්ස්"

නිර්මලී කුතුහලයෙන් ඔහුගේ මුහුණ දෙස බලා ජෙම්ගේ ඇස්වල බැල්ම තේරුම්ගන්නට උත්සහ කරමින් මද සිනාවක් පෑවාය.

".. අද ආවට තෑන්ක්ස්.. හැමදාම වගේ මාව තේරුම් ගත්තට තෑන්ක්ස්"

" ඉට්ස් ඕකේ බේබි.. ඔයා ඉතින් මගේ cutie pie නේ.."

" අයි මිස්ඩ් යූ කුකී"

අනතුරුව දෙදෙනා මද වේලාවක් එකිනෙකා වැළඳගෙන සිට වෙන වෙනම හේතු දෙකකට සුසුම් සැලූහ.

තුරුලේ උන් ජෙම්ව මදක් ඈතට කළ නිර්මලී ඔහු දෙස ආඩම්බරයෙන් බැලුවේ මේතාක් ඔහුගේ වයසට අනුව දක්වා ඇති ඔරොත්තුදෙන ස්වභාවය ගැන දෙවියන්ට ස්තූති කරමිනි.

" ඔයා ගොඩක් ස්පෙශල්.. මට විස්වාසයි ඔයා මාව ඩිසපොයින්ට් කරන්නේ නෑ කියලා.."

මේ අර අදින්නේ කුමකටද කියා දන්නා නිසා ජෙම්ගේ මුහුණ බිමට බරවූයේ නිතැතිනි.

" ... ඩඩාව දාලා ඔයා හොස්ටල් ඉන්න එකට මම කැමති නෑ!! ඔයා මේ වෙලාවේ ඩඩා එක්ක ඉන්න ඕනෙ.. එයාට සමාව දෙනව කියන එක වෙන කතාවක්!! ඒ ඔයාගෙ ඩඩා ජෙම්!!! එයා ඔයාට ගොඩක් ආදරෙයි.. එයා ඔක්කොම දේවල් අතෑරලා මෙහෙ ආවේ ඔයා හින්දා.. "

ජෙම් හිස ඇලකර නිර්මලීගේ මුහුණ දෙස එක එල්ලේ බැලුවේ ඇගේ වදන් වලක්වමිනි. එසැනින් ඇගේ මතකය එවැනිම බැක්මකින් තමා දෙස බලා සිටි කුඩා කොලුවකුගේ මතකයක් කරා සීඝ්‍රයෙන් ගමන් කරන්නේ නිරායාසයෙනි.

.

.

.

තවදුරටත් වර්තමානයේ....

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය විසින් පරීක්ශා කරනලද අහසි ඒ වනවිට සිටියේ උණ සමනය වන්නට ලබාදුන් ඖෂධ නිසා ලත් සහනයෙන් නිර්මලීගේ දෝතේ නින්දට වැටීය. 

' මිසිස් ගෝකුල මට කෝල් කරන්න එපැයි appointment ගන්න ඕනෙත් නෑ මීට පස්සේ.. ඩොක්ටර් පෝරගේ මට කිව්වහම මට හිතුනෙම නෑ ඒ කිව්වේ ඔයා ගැන කියලා '

වෛද්‍යවරිය තවදුරටත් එසේ පවසා නිර්මලී සැනසූ නිසා නිර්මලී සිටියේ පෙර සිටි ආතතියෙන් මිදෙමිනි. පසුව පැමිණි චම්පා අත ඈ නිවසට යැවූ නිර්මලී අද දින කල උපකාරයට වෛද්‍ය හසිත පෝරගේ සිටිනා විවේක කාමරය වෙත ඇවිද යන අතර රශිඳුට කෙටි පණිවිඩයක් යොමුකරන්නේ ඔහු කලබල වන නිසාමය.

වෛද්‍යවරයාගේ පුද්ගලික කාමරය පිහිටියේ වීදුරු වලින් එකිනෙක වෙන්කල පටු කොරිඩෝ ගණනාවක අග වූ අතර ඒ දෙපස පනවා තිබුනු ආසන මත තැනින් තැන පුද්ගලයින් සහ දරුවන් කීප දෙනෙක් වූහ. කල්පනාවකින් තොරව වේගයෙන් ඇවිද ආ නිර්මලී හිස හරවා බැලූ සැනින් එකවරම දෙපා නතර වන්නේ වෛද්‍යවරයාගේ රුව වීදුරුවෙන් එහා තිබෙන විවේක කාමරයේ දක්නට ලැබීමෙනි. ඒත් සමඟම සිටිනා රුව ඇස ගැටෙත්ම නිර්මලී වහා සිය පය පසුපසට තබන්නේ විසල් කරගත් දෙනෙතිනි.

ඈට වරදින්නට හැකියාවක් නොමැත. ඒ සිටි පුද්ගලයා වෛද්‍යවරයාට කුමක් හෝ වැදගත් යමක් කියමින් සිටි අතර ඩොක්ටර් හසික සිටියේ ඔහුගේ උරයට තට්ටු කරමින් සහ ඉතා ඕනෑකමින් ඔහුට සවන් දෙමිනි. පෙනුමෙන් නම් ඉතා බැරෑරුම් සංවාදයක් වුවද නිර්මලීට එකවරම දැනුනේ අවිනිශ්චිත බියකි. 

ඒ කවරෙකුත් නොව; අසලංක මිහිඳුකුලසූරිය මය!

නිර්මලී ආපසු හැරුනේ හසික පෝරගේට ඇමතුමක් දීම වඩා හොඳ බව සිතමිනි. නමුත් දැනුන බිය නිසාම ඈ එතැනම පසෙක වූ පුටුවක හිඳ ගත්තේ ඔවුන්ට ඈව නොපෙනෙන පරිද්දෙනි. 

හසික පෝරගේ අසලංක හඳුනන්නේ කෙසේද? අසුරු සැනින් ඈට සිහියට පැමිණියේ කුමක් හෝ අනාරක්ෂිත බවකි. එයට හේතුව දන්නේ නිර්මලී සහ හසික සහ නිර්මලී පමණකි.

මද වේලාවකින් නිර්මලී පසුපස හරවාගෙන සිටි ආසනය පසුකොටගෙන සෙමෙන් අඩි තබමින් අසලංක ඇවිද ගිය අතර ඔහුගේ අතේ එල්ලී බිමටම නැඹුරුව ගිය ජේනුක දැකීමෙන් නිර්මලීට ඔහු පසුපස දුවගොස් ඔහුව වැළඳගන්නට තරම් සිත් වූවද එය ආයාසයෙන් මැඩගෙන නිර්මලී වෛද්‍ය පෝරගේ සිටිනා කුටියට පියනැංඟාය. 

"ඔහ්.. නිර්මලී! එන්න එන්න"

වෛද්‍ය පෝරගේ තමා දැකීමෙන් එකවරම කැළැබී ඇති බව නිර්මලීට වැටහුනු නිසා ඇගේ දෙබැම හැකිලුනු මුත් ඇය හැකි උපරිම වෙර යොදා වෙනසක් නොමැතිව ඔහුට අද දින සිදුකල උපකාරය ගැන ස්තූති කොට ආපසු හැරුණාය.

ඇගේ ඇසේ එකවරම ගැටෙන්නේ මේසය මත තබා තිබුනු පාර්සලය මත ලියු වැකියකි.

' A little token of appreciation for making my dream come true

- Asalanka Mihundukulasuriya'

නිර්මලීගේ හදවත වේගයෙන් ස්පන්ධනය වෙද්දී ඈ කුටියේ දොරටුවට ඇර දෙන්නට දොර අසළ සිටි වෛද්‍යවරයා දෙස කෘතිම සිනාවකින් සංග්‍රහ කළාය. 

".. ඩොක්ටර්.. මිස්ට මිහිඳුකුලසූරියව අඳුනන්නේ කොහොමද ?"

" ම.. මොන? කවුද ??"

" මිස්ට අසලංක මිහිඳුකුලසූරිය.. ?"

වෙනස් වූ ඔහුගේ වත යම් පණිවිඩයක් ලබා දුන්නද, ඊට පසුව පැමිණි වචනය ඈ විමතියට පත්කළේය.

" ඔහ්.. සොරි නිර්මලී.. එහෙම කෙනෙක්ව මම දන්නෙ නෑ.. කවුද ඒ? "

පිලිතුර නිසා මදක් ගල්ගැසුනද නිර්මලී හිස සළා එය ගණනකට නොගත්තා සේ කුටියෙන් පිටවූ සැනින් හිස ගිණිගත්තේ අහේතුකවය. 

' ඇයි ඩොක්ටර් මට එහෙම කිව්වෙ? මොකක්ද හංගන්නෙ?? අසලංක වැනි අයෙකු විසින් එවන් ස්තූතියක් පල කරමින් තෑග්ගක් දෙන්නට තරම් ඔහු හිතවතෙකු උනේ කොහොමද ?'

අවසිහියෙන් මෙන් නිර්මලී පැමිණ සෝපානයට පය තබා දොර වැසුනු සැනින් ඈ මීට අවුරුදු ගණනාවකට පෙර වූ සිදුවීමක් ආවර්ජනය කරනවා ඇත.

එදින තමන් කෙතරම් ආතතියකට පත්ව සිටියාදයත් හසික පෝරගේ වෛද්‍යවරයා පැයක පමණ වේලාවක් ගෙන තමාගේ හිත හදන්නටත් , සවන් දෙන්නටත් කාලය වැයකල නිසා නිර්මලී ඔහු හා හිතවත් විය. එවකට විසි අටවැනි වියේ උන් ඈ සිටියේ නැවත විවාහයක් ගැන තබා නැවත ප්‍රේමයක් ගැන පවා සියළු බලාපොරොත්තු අතහැරගනිමිනි. එබැවින් ඈ සිය ඩිම්බ මෙම රෝහලේ ඩිම්බකෝෂ බැංකුවට ලබාදෙන්නට තීරණය කලේ දරුවන් පතනා ගැහැනුන් උදෙසා කරනා උපකාරයක් ලෙස සිතමිනි. 

' නිර්මලී.. ඔයා ටැලන්ටඩ්.. ලස්සනයි.. ඒ වගේම හුඟක් නිරෝගී ශක්තිමත් ගෑණුළමයෙක්! එහෙම කෙනෙක්ගෙ එග්ස් වලින් බබෙක් හදන්න ඕනෙම පේරන්ට් කෙනෙක් කැමති වෙයි. ඒක ඒ වගේ අවශ්‍යතාවයක් ඇති අයට කරන ලොකු උපකාරයක්..  

ඔයා දන්නවද ලංකාවේ කොච්චර කපල්ස්... කොච්චර අම්මලා මේ උපකාරය බලාපොරොත්තුව ඉන්නවද කියලා.? එයාලට හොඳ ඩොනර්ස් ලා හම්බෙන්නේ නෑ.. සමහරු සේසතම උනත් වැයකරන්න කැමතියි දරුවෙක් වෙනුවෙන්. 

ඔයා ඒක හදවතින්ම කරන උපකාරයක් නිසා ඒකේ ආශිර්වාදය අනිවාර්යයෙන් ඔයාටත් එනවා. බයවෙන්න දෙයක් නෑ අපි ඔයාගෙ අනන්‍යතාවය සීයට සීයක්ම රකිනවා. ඔයා අකමැති නම් කීයටවත් ඒ ප්‍රතිලාභය ලබන කෙනාට ඔයාගෙ අනන්‍යතාවය නිරාවරණය කරන්නේ නෑ. ඒ නිසා ඒ ගැන බයවෙන්න එපා..'

ඔහු නිර්මලීගේ සිත හැදුවේ එලෙස පවසමිනි. අසලංක නොදන්නා බවට එතරම්ම බේගලක් ඇදබානා ඔහු ගැන කවර විශ්වාසයක්ද?

සෝපානයෙන් පිටතට පය තැබූ සැනින් අවසිහියෙන් උන් නිර්මලී පියවි සිහියට එළඹෙන්නේ දකුණු අත තදින් ග්‍රහණය කරගත් අතක පහස දැනීමෙනි.

" නිර්!"

------------------------- මතු සම්බන්ධයි ------------------------

6 comments:

  1. ඉක්මනටම මේ කොටස දැම්මට thanks අනේ. පිස්සු හැදිලා වගේ කඩදාසි කොලේ පෙරල පෙරල එන්නේ

    ReplyDelete
  2. අඩේ... මගේ හිතළුව හරි යාගෙන එන්නෙ. හිතපු දෙයක් හරි යාගෙන එනවමයිද කොහෙද ඔය. :D

    ReplyDelete
  3. mage ammo, what a story this is....

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...