නව්යාගේත් ඩිලෝන්ගේත් විවාහයේ සාක්ෂියට අත්සන් කරන්නට ගිය මොහොතේ පසෙකට වී නිහඬව උන් වන්යා දැක දුකක් දැනුනත් වදනක් හෝ කතාකරන්නට ඉස්පාසුවක් නිර්මලීට නොවීය.
' කොහෙද ආඩම්බරකාරයා ඒ කෙල්ලට වචනයක් කතාකරන්න කැමති උනේ නෑනෙ'
ඒ සතිය ආරම්භයේ නිර්මලී සූදානම්ව කෑම කන කොටසට එන විටදී ඈතින්ම ඇසුනේ මේ දිනවල වරින්වර ඇවිලී යන මව්-පුතු රණ්ඩුවේ උදෑසන කොටසයි.
".. නිර්ට එච්චර කිරි දෙන්න බෑනෙ අම්මා.. අනික කොල්ලෝ දෙන්නෙක්ට ෆීඩ් කරන්න ලේසි නෑ. මේ පොඩි කෙල්ල උනත් ලේසි නෑ.. "
දරුවන් තිදෙනාටම මව්කිරි දෙන්නට ප්‍රමාණවත් නොවූ නිසා අකමැත්තෙන් වුවද ළදරු කිරිපිටි ලබාදෙන්නට රශිඳු ගත් තීන්දුව මේ රණ්ඩු වල ආරම්භය විය. එය උදෑසන රශිඳු පුහුණුවීම් සඳහා පිටත්වන මොහොතේත් , නැවත රාත්‍රී ආහාරයෙන් පසුව නින්දට යන මොහොතේත් කොටස් වශයෙන් සිදුවිය.
කිරිබොන වයසේ තිදෙනෙක් සමඟ ඔට්ටු වෙමින් නිර්මලී සිටියාට වඩා කෙට්ටුවී ඇති නිසා රශිඳු වෛද්‍ය උපදෙස් සමඟ තනි තීරණයක් ගත්තේ මාලතී ගෝකුලගේ රණ්ඩු වලට තව හේතුවක් එක් කරමිනි.
පළමුවැන්න වූයේ නැපි වෙනුවට ඩයපර අන්දන්නට ගොස් පැරදීමයි. නමුත් රත කල්කය දෙන්නටත්, ඕනෑ හැටියට වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් නහවන්නට නිර්මලී රහසේ උපකාර කල නිසා වලිය ඇවිලෙන්නේ පුත්‍රයා සමඟය.
".. ඕවාට ළමයින්ගෙ බඩ පුරෝදානව.. සීනි එනව"
" මේ ගෝකුල මැඩම්.. මම ඩොක්ටර්ට කියලා තියෙන්නෙ එහෙම මුකුත් නෑ. ෆෝමියුලා වලට බඩ පිරෙනකල් කිරි බීලා මුං හොඳට නිදාගන්නව... මගේ කෙල්ලට කිරි මදි කියලා ඩොක්ටර් කිව්ව.. ඒව හරියන්නෙ නෑ කෙල්ල කෙට්ටු වෙනව!"
සිය අතේ හිඳ නිදිමරගාතේ කිරි සිනා පානා තරුකිගේ මුව සිඹිමින්, බඩට කිති කවමින් රශිඳු පවසද්දී ඈ මහා හය්යෙන් සිනාසෙන්නේ ඔහුගේ රැවුල්කොට ඇනීමෙනි
සාලයෙන් පැන්ට්‍රි කොටසට ආ නිර්මලී නිසා කියන්නට ආ දෙය නතර කරගත් මාලතී මදක් ලේලිය දෙස බැලුවේ ඈ කොහි යන්නදැයි සිතමිනි.
" අම්මා අද මම පොඩ්ඩක් ඔෆිස් දුවලා එන්නම් රශී එක්කම ගියාම ලේසි. අර දෙන්නා තාම නිදි.. ( රශිඳු අත දුව දැකීමෙන් විමතියට පත්ව) රශී ඇයි මේ කෙල්ලව ගෙනාවේ? She must be in the cot by now"
තරවටුවට මෙන් ඇසූ නිර්මලී දකින්නේ තරුකි ඉහලට ඔසවා ඇගේ බණ්ඩිය කිති කවනා රශිඳුගේ සිනාවයි.
" ඇයි මොකද? මම යන්න කලින් මගේ ඒන්ජල්ව ඉඹලා යන්න ඕනෙ... ඔය අම්මිගෙ ඉරිසියාව නේද ඒන්ජල්?"
ඒ කෝලම් බලමින් නිර්මලී මේසය මත තබා තිබෙන රශිඳුගේ වතුර බෝතලයට ජීවනී පැකට්ටුව කඩා දැම්මාය. මාලතී සිනා වෙමින් එතැනින් පිටත්ව ගියේ තව ටිකකින් මේ ජෝඩුවගේ කෝලම් බලන්නට වෙන නිසාමය.
මාස හතරක තරුකි මේ දඟකාර පියා දැපනේ දමාගෙන හමාරය. උපතේදී මදක් අඩු බර වුවද ඈ කොල්ලන් දෙදෙනාට නොදෙවෙනි කැරළිකාරියයි!
' ඔයාම තියාගන්ඩ ඔය මැරෑටි කොල්ලො දෙන්නා'
ඒකටත් වලිය අම්මා සමඟ වූයේ ඈ සැමවිටම 'කොල්ලො පව්' ගාමින් නටන්න ගන්නා නිසාය.
" රශී මාව ඔෆිස් එක ගාවින් දානවද? අද ප්රෝග්රස් මීටින් වලට එන දේවල් ලෑස්ති නෑ මම උදේ බලනකොට. නව්‍යාට මිස් වෙලා"
කෑම භාජන ඔහුගේ බෑගයට අසුරා ඒවායේ ස්ටිකි නෝට් අලවන අතර නිර්මලී පවසද්දී රශිඳු ඕනෑනැති බැල්මක් දමාගෙන සිටිනවා දැක ඇසෙන් ඇයි කියා විමසුවේ සරදමටය.
"ඕක කවුද දැන් ඔෆිස් අඳින්න කිව්වෙ ආ?"
" අන්නේ.. මට අනිත් ගවුම් ලොකුයි.. "
" කෝ මෙහාට එන්න බලන්න.. ( කියන හැමදේටම හිනාවන තරුකි දෙස බලා) මේ අම්මි ඉතින් නෝටි ඒවා කරනවානේ මැණික. බලන්න මේ ඇඳගෙන ඉන්න ජව්සම "
අසළට ආ නිර්මලීගේ ලය ගෙල පාමුලට වන්නට සිපගත් රශිඳු දෙවනුව ඇගේ දෙතොල් සිපගත්තේය.
" ඔයහ්.. අම්මා එයි දැන්! "
" ඕකට ශෝල් එකක් දාන්න. බාච්චු ඇඳගෙන යන්න එපා අද හවස අපි ඇඳුම් ටිකක් ගන්න යමු"
"හ්ම්ම්.. ඒ උනාට පව් රශී අම්මව පොඩ්ඩක් එළියට එක්කගෙන යන්න.. දවල් දවසම බබාලා එක්ක ඔට්ටු වෙලා මහන්සි ඇති... "
රශිඳු දියණිය ඔහුගේ උරයේ තබාගෙන හිඳගෙන සිටි පුටුවෙන් නැඟී සිටියේ ඔරවාගෙනය.
" එයානෙ ආවේ පැනගෙන.. ඔය රැස් ටිකක් බහින්නත් එක්ක තව දවස් දෙක තුනක් හිටපුවාවෙ. කලින් නැන්දලාගෙ ගෙදර ගියේ සතියකට එන්නෙ නෑ කියලා. දවස් දෙකෙන් මෙන්න ගෙදර !"
දියණිය සිටියේ රශිඳුගේ උරයේ නිදා වැටීය. ඇය හා පැටියෙක් මෙන් තුරුල්ව රශිඳු හා නිදන්නට පුරුදු වී ඇති නිසා දහවල් අම්මාට නිදිකරවන්නට ලේසි නැත. රශිඳුගේ උණුසුමට එතරම්ම පුරුදු වී ඇත.
" නෝනා අද හවසට...?"
චම්පා කුස්සියේ සිට එබිකම්කොට ඇසුවේ මේ මාසයේ නිවසට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒම මතක් කරමිනි.
" හ්ම්ම්.. මම දවල් එනකොට ගෙන්නම් චම්පා.. ඩ්‍රයිවර්ට කෝල් එකක් දෙන්න සර්විස් දෙකම ඉවර නම් මාව ගන්න එන්න කියලා. නැතිනම් මම කැබ් එකක් දාගන්නම්"
" නෑ නෑ.. යන්නෙ නෑ කැබ්වල මම කඩනවා කකුල් දෙක! ඩ්‍රයිවර් නැතිනම් මට කෝල් එකක් දෙන්න මම වාහනයක් එවන්නම්"
රශිඳු සාලයට එමින් පැවසුවේ ගොරවමිනි.
"... ගිය සතියෙ මම කෝල් කරපු නිසා හොදයි. නැතිනම් මෙයාට නින්ද ගියාම මොනවා වෙනවද දන්නෙ නෑ.. "
දින කීපයකට පෙර නේහාගේ නිවසේ සිට ආ කැබ් රථයේදී තෙහෙට්ටුව නිසා නින්දට වැටී සිටි නිර්මලී රැගෙන ඒ රියදුරා වෙනත් කොගේ හෝ පාරකට හරවා තිබියදී ඇගේ ප්‍රමාදය නිසා ඇමතූ රශිඳු ඈ වහාම රියෙන් බස්සවාගත්තේ කුලීරථ සමාගමටද පැමිණිලි කරමින් මහා කලබැගෑනියක් කරමිනි.
නිර්මලී කරබාගත්තේ ඔහු කියන්නේ සත්‍ය නිසා වුවද ළදරු සිනාවක් පෑවේ ඔහු නිවාලන්නටය.
" යං යං යං.... පරක්කු වෙනවා "
නමුත් සිත ඇතුලෙන් වෙනම සංවාදයකි. දෑස් එකිනෙක හා කතාවකය. අසළින් යන ගමන් ඇගේ තට්ටම කොනිත්තන්නේ ඒ දඟකාරකමටය.
' baby girl.. උඹ වයසට යන්නෙ වයින් වගේ.. '
---------------------------------------.
නැවත ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කලද හදිසියේම කැඳවූ නිලවරණයෙන් ලොකු පුටු කිහිපයක්ම හෙල්ලී ගොස් තිබුනු නිසා එදිරිමාන්නගේ දළ මදක් බිඳී තිබුනු අතර දිමුත්ගෙන් ගිලිහුනු නායකත්වයට වෙනත් අයෙකු පත්වූයේ පත්තර පුරාම රශිඳු ගෝකුල ඒ සඳහා සුදුසුම බව කතිකාවක් පවතිද්දීය.
ඒ වසරේ ජනප්‍රියම ක්‍රිකට් තරුව වශයෙන් දෙවරකදී රශිඳුගේ නම අවසන් තිදෙනා අතර සිටි නිසා ඔහු සිටියේ සැලකියයුතු තරම් ජනතා ආකර්ෂණයක් සහිතවය. එබැවින් ඔහුට මාධ්‍යවල සෑහෙන තරම් ඉඩක් ලබාදුන්නද ඔහු කිසි විටෙකත් පුද්ගලික සම්මුඛ සාකච්ජා ලබා දුන්නේ නැත.
නමුත් නිර්මලීගේ බලකිරීමට වරක් ඔහු රූපවාහිනී නාලිකාවක ජනප්‍රිය නළු නිළියන් සහ චරිත කැඳවා කරනා වැඩසටහනකට සහභාගි විය. එහි නිවේදකයා ආරම්භයේ පටන්ම රශිඳු අපහසුතාවට පත්වන ලෙස නිර්මලීගේ වැඩිමල් බව ගැන එහෙන් මෙහෙන් ප්‍රශ්න කල බැවින් ඔහු සිටියේ සඟවාගත් කෝපයකිනි.
".. ඉතින් කියන්නකො රශිඳු අපිට කොහොමද ඔයාගෙ ෆැමිලි ලයිෆ් එක"
" හ්ම්ම් හොදයි. අපි සතුටින් ඉන්නවා"
රශිඳු මවාගත් සිනාවකින් පිලිතුරක් දුන්නේ. ' ඒ මොන අපබ්‍රංස ප්‍රශ්නයක් ද?'. එය නිවේදකයාට ප්‍රමාණවත් නොවූවා සේය.
" අපිට කියන්නකො රශිඳු ඔයාගෙ වයිෆ්ව දැනෙන්නේ කොහොමද කියලා. ඔයාගෙ ෆෑන්ස්ලා කැමති ඇති ඒ ගැන දැනගන්න"
" හ්ම්ම්.. මගේ වයිෆ් නිර්මලී ගොඩක් strong , loving , caring කෙනෙක්"
" ඕ.. කමෝන් රශිඳු මුකුත්ම වෙනත් විශේෂත්වයක් නෑද ඔය සම්ප්‍රදායික ලිස්ට් එක කියන්නෙ.. "
නිවේදකයා හැක හැක ගා සිනාසෙද්දී ඉතිරි උන්ද ඊට සහය පල කරද්දී යකා වැහෙන්නට ගතවූයේ මිලි තත්පරයකි.
" she is perfect in bed!"
ඔක්කොම හිනාව එකවරම ලොක් වී ගිය අතර නිවේදකයා ගල්වී ගිය තත්පරයකට පසුව වහාම සජීවී විකාශය නතර කළේය.
".... ඒ කතාව බොරුවක් නම් නෙවෙයි "
ඇහි බැමක් උස්සා ගානක් නොමැතිව පැවසූ රශිඳු රූපවාහිනී තිරයෙන් නොදැක්කද හිරාන් සහ නිර්මලී හැරුණුවිට සියල්ලෝම ඔහුට පසුව ඇති තරම් දෙහි කැපූහ.
' උඹට පිස්සුද බං ඒ වගේ කඩප්පුලි කතාවක් කිව්වෙ? යකෝ ගෑනි ගැන එහෙම කියනවද?'
' ඇත්තටම උඹේ කට නම් මෝය කටක්.. තැනක් දන්නෙ නෑ'
' මොනවා කියනවද මන්ද රශීයා ඔයා නම්! දැන් ඉතින් කටට දාගන්නවා පාංකඩ ටිකක්'
ඒ සියල්ලට ඔහුගේ සුපුරුදු සිනාව සමඟ පිලිතුර එකම විය.
" උන්ට අහන්න ඕන උනේ ඒකනෙ! ඉතින් මම ඒක කිව්ව. මට ඔය රෙද්දවල් වලට ආයෙ එන්න කියන එකක් නෑ දැං. හෙහ්"
ඉතින් කාට කියන්නද? හිරාන් බඩ කොරවෙනතුරු සිනාසුනේ එවන් ප්‍රතිචාර ඔහුට පුරුදු නිසාමය.
නිර්මලී ?
කිසිවක් නොවුනා සේ ඈ දරුවන්ගේ සුරතල් බලන්නීය; අම්මා සමඟ සංවාදයේ යෙදෙමින් කැකිරි පලන්නීය. අමුතු කිසිවක් නොමැතිවම සාලය ඔස්සේ ඒ මේ අත යන ඈ දෙස බලා සිටින්නට නොහැකි තැන රශිඳු ඈ පැන්ට්‍රි කොටසේ මුල්ලක සිට අතින් ඇද අල්ලා ගත්තේ තරවටු මුහුණින් යටිතොලද සපාගෙනය.
" අන්නේ... "
" අනේ පනේ තමයි ! මොකද මට පේන්න එහෙට මෙහෙට යන්නෙ? ආ? පස්ස කරක කරක දැන් ගානට වැඩී ඈ! "
" හරි වැඩක්නෙ.. මම ගෙදර වැඩ කරන්න එපැයි. මෙයා වගේ ඉන්ස්ටග්‍රෑම් එකේ බොඩි ෆිට් ගහලා පින්තූර දදා ඉන්න පුලුවන්ද ?"
" අද program එක බැලුවද? "
රශිඳු ඈ පැන්ට්‍රියේ මේසය මතට ඔසවා තබා දෙපා මැදට තදකොට ගෙන දෑතින්ම මිරිකා අල්ලා ගත්තේ රතුවී ඇති වත වෙත එබෙමිනි.
" හ්ම්ම්ම්"
" හ්ම්ම් කියන්නේ? කියපංකො මොනවා හරි"
නිර්මලී ඔරවා බලන්නේ ඔහුව තවත් අවුලුවන පරිද්දෙනි. ' පිස්සි මගේ.. කොහොමද baby girl උඹ මෙහෙම මාව අල්ලගන්නෙ?'
" කපටියා! "
" කපටියා තමයි !! මේ මැඩම්ගෙ මායම් වලට අහු උනානෙ ඒත් මේ කොල්ලා.. අල්ලලා බැඳගත්තා..."
ඇගේ මුහුණේ ඇති වෙනස ඔහුට කියවාගන්නට හැකිය.
" මොකටද ඉතින් අහු උනේ.. ? මොකටද බැඳගත්තෙ.."
" බැඳගත්තෙද.. බැඳගත්තෙ මේ මැඩම් මටම හරියන ගානට හිටපු නිසා.. පළවෙනි දවසෙම චෙක් කලේ ඒකයි..නැතිනම් පාඩුයි වැඩේ.. "
" ආහ්? "
" ඔව්.. කොල්ලා වැඩකාරයා කියලා දන්නවනෙ.. මගේ ගානට කෙල්ලෙක් හෙව්වෙ... "
" ආහ්? ඒකද අරෙහෙම කිව්වෙ?"
" ඔව්"
නිර්මලී මොහොතක් ඒ දෑස දෙස බලා සිටියාය.
".. මට බිත්තර කෝපි හදල දෙන්න.. එතකොට මගේ ඇඳුම් හෝදන්න දාන්න.. "
කෙමෙන් බඳ ඔස්සේ එන දෑත්වල ගමන හදවත හිරිවට්ටමිනි.
".. මගේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න.. ඇති තරම් සෙක්ස් කරන්න... මගේ දේවල් මට ඕනෙ වෙලාවට ගන්න.. "
ඈට ඇත්තේ නෙළුම් පොහොට්ටු හැඩැති ඇස්වලින් කරනා හදවත හිරිවට්ටන බැල්මකි. 'හොට්නස්!'
වයසට නොයන කල්‍යාණයක් ඈ සතුව වන්නට ඇත. තුරුණු හැඟීම් වලට හෝ ආදර හුවමාරු වලට වයසක් අවශ්‍ය නැත. ඒකාත්මික වන සැනින් ඒ හැඟීම් එකිනෙක හා වහා ගිණි අවුලවයි. ඒ මොහොතවල් ලඝුකොට දැක්විය නොහැකිය.
දරුණුවට ඇදීගිය සිපගැනීම එකවරම නතරවී දෙදෙනා දෙපැත්තට විසි වන්නේ ඉන් මිනිත්තු කීපයකට පසුවය.
" අනේ අනේ.. අන්න ළමයි අඬනව.. මේ දෙන්න මෙතන පෙම් කෙළිනවා. ලෑන්ඩ් මයින්ස් දාලා වගේ මේ ගෙදර ඇත්තමයි!"
පැන්ට්‍රි කොටසට කඩාපාත් වූ නේහා තිගැස්සී ගිය දෙදෙනාට තරවටු හඬින් පැවසුවේ සිනාසෙමිනි.
" උඹලාගෙ ළමයි ඇති වෙනකල් බලලා දුන්නට.. දැංවත් අපේ ළමයි බලලා දුන්නම නරක් වෙයිද? යනව යනව.. මූඩ් එක කන්නෙ නැතුව"
රශිඳු නේහාව පැන්ට්‍රි කොටසින් එළියට දමා එහි දොර වසා දැමුවේ ඔරවමිනි.
" අනේ රශී පොඩි උන් ඇහැරලානෙ.. පව්.. "
ආපසු හැරුනු රශිඳු පැන්ට්‍රි ටොප් එකෙන් බිමට බසිමින් යුහුසුළුව සිය ඇඟලුම් සකස් කරමින් උන් නිර්මලී ඇද සිරුරට තද කරගත්තේ යකඩ අත් වලිනි.
අනතුරුව අතහැරියේ තීරණාත්මක බෝම්බයකි.
" කිරි ටික දෙයි අම්මා.. පැහෙන්නෙ නැතුව ඉන්න.. ඉන්ග්ලන්ඩ් ටුවර් එකට මේ මැඩම් යන්න ඕනනෙ මාත් එක්ක. ඒකට පුරුදු වෙන්න ඕන"
" what? රශී.. තාම පොඩි උන්ට මාස හතරක් උනා විතරයි... අනේ එහෙම දාලා යන්න බෑනෙ"
රශිඳු දැඩි බැල්මකින් නිර්මලී දෙස බැලුවේ දෑසම සිහින් කරමිනි.
" කවුද දාලා යනව කිව්වෙ? පිස්සුනම් කෙලින්න එපා යන්න ලෑස්ති වෙන්න මාසයක් තියෙනවා ! සති තුනක් එහෙ.."
නිර්මලී විදහාගත් දෑසින් බලා සිටියදී එකවරම නේහා පෙර කී කතාවක් සිහිවූයේ නිතැතිනි.
------------------------------------------------
වෙහෙසකර දිනය නිසා අසලංක සිටියේ බාගයට පන ගියාක් මෙනි. නිහැඬියාව අතරින් පතර ඇසෙන්නේ දරුවන් විසින් රූපවාහිනිය නරඹන ශබ්දය පමණි.
මේසය මතින් ගෙනෙන ලද පන්ච් එක තබා දනුක අසලංක අසළම වූ පුටුවට බර වූයේ සාරා ඒ වනවිට පිටතට යාමට ගේට්ටුව විවරකොට දී අවසානයේය.
මේ කතිකාව අසලංක බලාපොරොත්තුව සිටියේ මීට පෙර නිසා ඔහු සිටියේ හිත හදාගෙනය.
" උඹ මට ඇත්ත කියන්න බැඳිලා නෑ මචං.. ඒත් උඹට යුතුකමක් තිබ්බා ඒ කතාව අඩුමගානේ සාරාටවත් කියන්න. දැන් උඹම හිතපං ඕක සාරාට තේරුම් කරවන්න පුලුවන්ද කියලා උඹගෙ පැත්තට කතාකරන්න වත්"
අසලංක පන්ච් එකෙන් උගුරක් බී බිම බලාගත්තේය. ඔහු කියන්නේ සත්‍යක් වන්නට ඇත. නමුත් ඒ මොහොතේ තමා සිටියේ තනිවමය. හදවත තුවාල වී සහ වේදනාවට පත්වී සිටි තමාට ඒ මොහොතේ වැහී සිටි යක්ෂයා විසින් ඒ සියල්ල ඉටු කලේ තනිකරම අනුකම්පා විරහිතව වන්නට ඇත.
නැත! එය සත්‍ය නොවේ. තමාට මෙන්ම අසේකාටද තිබුනු අරමුණු එකක් විය. අසේකා සිටියේ දරුවකු ලබන්නට හෝ ඇතිදැඩි කරන්නට තරමේ මානසික සූදානමින් නොවුනත් ඇගේ පියා විසින් ඒ දිනවල හරියටම්ස් තේරුම් ගන්නට නොහැකි වුවද, පසුව වැටහුනු හේතුවක් නිසා ඊළඟ පරම්පරාව දකින්නට ඇති කල පීඩනය තමා ප්‍රයෝජනයට ගත්තා පමණි!
තමන් ප්‍රේම නොකරන ගැහැණියක සමඟ යහන්ගතවීම යනු පිරිමි හිතකට මානසික පලිගැනීමකි. ශාරීරික සන්තර්පනයට වඩා ඉන් බොහෝවිට තමා අත්වින්දේ ඒ මානසික පලිගැනීමයි. අසේකා කිසිදිනෙක ඊට සංවේදී වූ ගැහැණියක් නොවේ.
ජීවිතේ යම් දිනයකදී ඔබ හදවතින්ම ආදරෙන් බැඳෙන ගැහැණියක් හෝ පුරුෂයෙක් සිටිනවා ඇත. ඒ බැඳීම සහ හදවතේ ගැස්ම ඔහු හෝ ඇය හිමිකරගන්නට නොහැකි වුවද එකෙලෙස නොනැසී පවතිනු ඇත. එවන් අහිමි වීමක් සහිත සහකරුවෙක් හෝ සහකාරියක් සමඟ ඔබේ ජීවිතය බෙදාගන්නට ඔබ තීරණය කලානම් ඔබට ඇත්තේ පහසු අභියෝගයක් නොවේ.
තුවාල වූ ඒ හදවතේ ඒ බැඳීමට එරෙහි නොවී ගැඹුරට කැපුන තුවාලයක් සෙමෙන් සුවකරන්නට උත්සහ කරන්නා සේ ප්‍රේමයෙන්ම සුවපත් කරන්නට අසේකා සූදානම් වී සිටියේ නැත. අයිතිය නීතියෙන් වුවද හදවතක අයිතියට ඊට වඩා යමක් අවශ්‍යය. නිර්මලීගේ විශේෂත්වය එයයි! ඈ ප්‍රේමය දෙන්නේ නීතියට නොවේ..
අසේකාත් තමන් අතරත් වූ ගණුදෙනුව අභිමුවේ ඈ වැගිරුනේ නැති නිසා එයත් තවත් වෙළඳ ගණුදෙනුවක් කරන්නට තරම් තමා අකාරුණික වීම ගැන අසලංක කවදාවත් දුක් වන්නේ නැත.
" අසලංක.. මට මේක අපේ ඩඩාට කියන්න බෑ.. බෑ.. නෑ කොහොමටවත් කියන්න බෑ.. ඩොක්ටර්ට කියන්න මම ඒ කිව්ව දේවල් වලට කැමතියි කියලා.. "
අසේකා එදා එසේ පැවසුවේ තමාගේ කමිසයේ එල්ලෙමිනි. ඔව්! අසේකාගේ ඩිම්බකෝෂ දරුවෙකු පිලිසිඳගන්න තරම් මෝරන්නේ නැත. එබැවින් ඇගේ පියාගේ කොන්දේසියට අනුව එතරම් ඉක්මනින් මවක් වීමට නොහැකිය. ඈට ඒ සඳහා වූ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කාලය වැයකරන්නට අවශ්‍ය නොවීය. එබැවින් වෛද්‍යවරයා යෝජනාකල ක්‍රමවේදය වූයේ නීරෝගී ඩිම්බ සෛලයක් යොදාගෙන කරනා IVF ක්‍රමයකට යාමයි.
ඒ ගැන දැන උන්නේ අසේකාත්, ඇගේ හොඳම යෙහෙළියකුත් , අසලංක සහ වෛද්‍යවරුන් පමණකි.
ඈට මේ විවාහය තුල සංවේදී භාවය පවත්වාගෙන යන්නට අවශ්‍ය නොවේ නම් තමා එසේ වන්නේ කුමකටද? අවශ්‍යතාවය මත පදනම් වූ අසංවේදී බැඳීමක්!
ඉතින් සත්‍ය එයයි.. කුස දැරුවද අසේකා යනු ජේනුකගේ ජීවවිද්‍යාත්මක මව නොවේ. නමුත් දරුවකු ලැබීම ඇගේ අභිප්‍රාය වනවිට අසලංක ??
ආ මෙතනින් පස්සේ නේද වලිය පටන් ගන්න ඇත්තේ?
ReplyDelete:(
DeleteI too think so....
ReplyDelete:(
Deleteයකූ මෙහෙම ළමයි හැදිල්ලක්
ReplyDelete:D he he he.... all are misses ;-)
Delete