Tuesday, August 2, 2022

348: උන්මාද චිත්‍රාදෝ මා 79



අසලංක තමාට ඇසුණු කාරණාව නිසා ගල්ගැසී ගිය නිසා ඉතිරි කිසිවක් ඔලුව තුලට ගියේ නැත. නිම්සාරා වේගයෙන් සහ ඉකි ගසමින් කියනා මේ පුවත තමා තුල ඇතිකලේ කම්පනයකි. 

'&ල්ලි! කොහොමද උඹ ඒ වගේ දෙයක් කලේ?'

" අක්කි මේ..  මට කොල්ලව ෆෝන් එකට අරගෙන දෙන්න"

" අනේ ලොකූ.. ඔයාට මම කියන දේ තේරෙන්නේ නැද්ද? දරුවව පොලිසියෙන් (child protective services ) CPS එකට බාර දෙන්න යනවා.. අනේ ප්ලීස් ඔයා පුලුවන් ඉක්මනින් එන්න!"

අසේකා කර ඇත්තේ අන්තිම පහත් ක්‍රියාවකි. දික්කසාදය ලබාදුන්නේ දරුවාගේ අයිතිය ඉල්ලන්නට ඉඩක් නොතබාය. ඒ හිලව්වට ඈ ජේනුක අමතා ඕනෑනැති කතාවක් කියා ඇත.

ස්වභාවයෙන් තැන්පත් චරිතයක් වුවද ජේනුක ශෝකය සහ කෝපය ඉදිරියේ කිසිවිටෙක පාලනය කලහැකි චරිතයක් නොවේ. ඒ වනවිට යමක් වැටහෙන වයසේ උන් දරුවා දිනක් නිරාහාරව නිවසේ බිම් මහලට වැදී සිටින බවත් එයට පිවිසෙන යකඩ දොර විවර කරන්නට උපකාර ලබාගන්නට සිදුවූ නිසා කවුරුන් හෝ පොලීසියට කතාකොට ඇත. 

දරුවාගේ නීත්‍යානුකූල භාරකරුවන් ඔහු සමඟ නැති නිසාත් ජේනුක දිගින් දිගටම 'නිර්' ඉල්ලා කැරළි කරන්නටත් වූ නිසා මේ වනවිට සියල්ල අවුලට පත්ව තිබේ. කැනඩාවේ ළමා හිංසන නීති තද නිසා නිම්සාරා සිටියේ සිරගතවන්නට ඇති බියෙන් ඇලලීගනිමිනි.

ඈ මේ පවසන්නේ අසලංකට ඉක්මනින්ම කැනඩා එන ලෙසයි. අනතුරුව අමාරුවෙන් දුරකතනය දනුක හට ලබාදීමෙන් පසුව අවශ්‍ය අනෙකුත් දේ ගැන මද වේලාවක් සංවාදයේ යෙදෙයි. 

අසලංකට අවශ්‍ය දේවල් ගැන දැනුවත් කරමින් සිටි දනුක දුරකතනය ගෙන මදක් ඈතට ඇවිද යන්නේ අවශ්‍යම දෙයක් විමසීමටයි. සාරා සිටියේ ඒ මොහොතේ පැමිණි ඇගේ යෙහෙළියකගේ උරයේ නැලවෙමිනි.

".. අසා.. ඇත්ත කියපං... මොකක්ද ඒ අසේකා කියලා තියෙන කතාවේ ඇත්ත නැත්ත? සාරා නෑ මෙතන"

දනුකගේ පැනයත් සමඟම අසලංක ගොලුවී ගියේය. ඔහුට කියන්නට හැකිද? තමන්ගේ මස්සිනා වුවද දනුක වේගයෙන් හා නිවැරැදිව තමා මීට පෙරද කියවා ඇත. ඒ නිර්මලී සම්බන්ධවය. අසලංකගේ නිහඬතාවය සමඟ කතාවේ යම් ඇත්තක් මෙන්ම කුමක් හෝ ගුප්ත බවක් ඇති බවට දනුකට වැටහී අවසානය.

ජේනුක ඔවුන් කැනඩාවට රැගෙන ආවේ ඔහුට මවගේත් පියාගේත් අවධානය සහ ආදරය නැති නිසාමය. අසලංක තමන් මෙන් දරුවා කරේ තබාගෙන නොසිටියත් ඔහුට ජේනුකගේ සිතේ ලැදියාවක් ඇත්තේ අසේකා නොමැතිව ඔහුව ඇතිදැඩි කල නිසාය. නමුත් කැනඩා පැමිණියද ජේනුක අමතක නොකල තවත් චරිතයකි ; නිර්මලී! 

' පොඩි එකාගෙ පුදුම බැඳීමක් තියෙන්නෙ නිර්මලීට.. මම අහගෙන අසාට කියලා නිර්මලීගෙ පින්තූරයක් ගෙන්නගත්තා. ලේසි නෑ ඌ එක්ක අසාටත්... '

' කෝල් එක එනකොට අපි හිටියේ රෑ කෑමට මේසෙට ඇවිත්. කොහොමත් ජේනුක අසේකා එක්ක ගන්න කෝල් ඔක්කොම ස්පීකර් දාලා වචන දෙකෙන් තුනෙන් ඉවර කරන හින්දා එදත් විශේෂයක් තිබ්බෙ නෑ බං. 

මේ ගෑනි ගත්ත ගමන් කිව්වනෙ මම ඔයාගෙ අම්මා නෙවෙයි.. මට උඹව ඇස්දෙකට පේන්න බෑ කියලා.. මුලින්ම කොල්ලා ශොක් උනා. මටත් හිතාගන්න බැරි උනා ඒක. අසේකා කියෝගෙන ගියා ජේනුගෙ වැරදි. ඌ අහගෙන හිටියා ටිකක් වෙලා. විනාඩියක් ගියේ නෑ ඊට පස්සේ අසේකාට බැන්නා ඇති පදම්.. අසේකා හිතුවෙ නෑ ජේනු එහෙම බනී කියලා. කරපු නපුරුකම් වලට බැනලා බැනලා කෝල් එක කට් කරලා ground floor එකේ දොර වහගත්තා. සාරා අඬ අඬ ගොඩක් වෙලා ට්‍රයි කලා එළියට ගන්න. 

බලන්න මේ ගෑනි කරපු වැඩේ. එහෙම කියනවද දරුවෙක්ට? ඊටත් ජේනුක කියන්නේ සද්ද නැතුව ඉඳලා ගොඩක් දේවල් හිතන කෙනෙක්නෙ. ඌ අපිත් එක්ක හිටියත් හෙව්වෙම අම්මගෙ ආදරේ. සාරාට ඉඳලා හිටලා උනත් කියන්නෙ ' ඔයා ඉතින් ඒ උනාට මගේ  ඇත්තම අම්මා නෙවෙයි නේ' කියලා. 

කොහොම උනත් උඹ එන එක හොඳයි මචං. ළමයින්ගෙ තාත්තා කියන එකට මුං රෙස්පෙක්ට් කරයි. මෙහෙ නීති තද නිසා මේක නැතිනම් child abuse case එකක් වෙලා අපිටත් හිරේ යන්න වෙයි'

දනුකගේ වචන සෑම දෙයක් ගැනම එකින් එක සිතමින් අසලංක සිය ගමන් මළු සූදානම් කලේ එහි ගොස් ගොඩබසින මොහොතේ සිට තමා පිලිතුරක් සූදානම් කරගතයුතු ප්‍රශ්නයට සුදුසු කතාවක් අමුණමිනි.

------------------------------------------------------

 සෙමෙන් ඇවිද ආ නිර්මලීගේ නිරුවත් පාද නිසා කිසිඳු හඬක් නැඟුනේ නැත. කාමර දෙක එකිනෙක වෙන්කරන දොර තිබුනේ අඩවල්කොට වුවත් එහි ඇති හිඩැසින් අවුල්ව ගිය සයනයේ රශිඳු නොමැති බව දුටු නිර්මලී දොර මදක් තල්ලු කොට එහි එබෙද්දී හදවත කඩා වැටුනි.

සෝෆාවේ උඩු අතට වැතිරී අපිලිවෙලට නින්දගොස් සිටි රශිඳුගේ අවුල්වූ කොණ්ඩය සහ අපිලිවෙල ඇඳුම විසින් ඔහුගේ කඩාවැටීම මොනවට ප්‍රදර්ශනය කරමිනි. 

නිර්මලී ඇඳගෙන සිටි ගවුමේ ඉහල කොටසේ බොත්තම් පියවමින් සෙමෙන් ඔහු අසළට ඇවිද ගියේ මේස ලාම්පුවේ එළියෙන් දැල්වෙන ආලෝකය විසින් විඩාබර කඩවසම් වත මත ඇඳ ඇති රටාව දෙස බලමිනි.

අනූජ ගමනායක... මේ ඔහුම නොවේද? කිසිවෙකුත් නොදත් අඳුරු අතීතයක් තුල දුෂ්ඨ මිනිසෙකුගේ ලස්සන ආදරයක් තමා ලැබූයේ අවාසනාවන්ත නිසා නොවේ. වාසනාවන්ත නිසාය. අද රශිඳු ගෝකුල නමින් පැමිණ තමාව ආදරයෙන් ජීවත් කලේ ඒ නොමියෙන් ආදරයයි. තවදුරටත් අනූජ කෙනෙකුන්ට දෙන්නට ආදරය හෝ වෛරය තමා තුල නැත. ඒ සියල්ල මේ දඩබ්බර ආදරණීයයා සොරාගෙන හමාරය.

' මගේ පණ ඇයි මට ෆේස් කරන්නෙවත් නැත්තේ?'

නිර්මලී රශිඳුගේ අසළින්ම හිස පැත්තට වන්නට කෝපි මේසයේ කොනේ හිඳගෙන තත්පර කීපයක් ඒ වත දෙස නිසොල්මනේ බලා සිටියේ ලෝබකමිනි.

දහවල් ඇඳසිටි කලිසම තිබියදී ඔහුගේ කමිසය පසෙක ගලවා දමා තිබිණ. ගැඹුරු හුස්මේ රිද්මයට අනුව ඔහු සිටින්නේ අඩ නින්දක බව පවසයි.

අද නින්ද සැපවත් නොවන බවට සාක්ෂි එමට මුත් නින්ද ගිය විට මේ පිස්සා බාහිර ලෝකයේ මොනවා වෙනවාද කියාවත් දන්නේ නැත.

ඈ ඇගේ ජීවිතයේ වටිනාම සන්තකය දෙස ආදරය වෑහෙන නෙතින් බලා සිටියදී ඔවුන් හමුවූ දිනයේ සිට සිදුවූ දේවල් චිත්‍රපටයක් මෙන් එකිනෙක මනසට පැමිණෙන්නට වූයේ නිරායාසයෙනි. 

' මම බෑ කියලා කිව්වත් කැරළි ගහලා මාව අල්ලගත්ත හැටි! අසලංක එක්ක මගේ පින්තූර දැකලත් මාව පොඩ්ඩක්වත් ඒ ගැන රිද්දුවේ නෑ ඔයා. මගේ මෝඩ හිතුවක්කාරකම් ඔක්කෝම මහා මනුස්සයෙක් වගේ ඉවසුවා. 

බබාලා ගැනත් කරපු හිතුවක්කාරකමට ඉම්බා ඇරුනාම කිසිම දෙයක් කිව්වෙ නෑ... පැටව් ටික එක්ක මාවත් තුරුල් කරගෙන හිටියේ මහ ලොක්කෙක් වගේ!! 

මම දන්නෙ නෑ වෙන කවුරුත් ඔයා වගේ දේවල් කරයිද කියලා වත්.. කොටින්ම මට ඔපරේෂන් එකෙන් පස්සේ ටොයිලට් යන්න බැරි වෙලා මම අඬනකොට.. අනේ රශී ඔයා මගේ මලපහ පවා ඇඟිල්ලෙන් එලියට ගත්තා.. රශී... ලෝකේ මිනිස්සුන්ට ඒවා පේන්නේ නෑ! දන්නෙත් නෑ!!

රශී ඔයා දන්නවද මට දැනෙන්නේ ඔයා මගේම ඇඟේ කොටසක් වගේ... ඈතින් ඉන්න එපා රශී මගේ පපුව පැලෙයි.. මගේ දරුවන්ගෙ අප්පච්චි.. මගේ ජීවිතේ ඔයා.. ඇයි මේ ඔයාටම දඬුවම් කරගන්නෙ?'

නිර්මලී නැඹුරුව රශිඳුගේ දෙතොල් සීරුවෙන් සිපගනිද්දී රශිඳු තිගැස්සී උඩගොස් ඇහැරී අන්දමන්දව ගියේය. 

" baby girl...?"

" රශී..."

රශිඳු සෝෆාවේ කෙලින් වී හිඳගත්තේ නිර්මලී සිය කොපුල මත තැබූ අත මුහුණට එලෙසින්ම තද කරමිනි.

" are you ok?"

රශිඳුගේ පුදුමය දුටු නිර්මලී මෘදු සිනාවක් පෑවාය. අඩ අඳුරට ඒ සිනාව අතිශය සරාගී වුවද රශිඳුගේ හදවත පැලී යන්නට මෙන් වේදනාවක් දැනුණි.

" No. I'm not ok. මට නිදාගන්න ඕන"

රශිඳුගේ නිදිමත තිබුනේ අවසිහියට ආසන්නවය. නිර්මලී ඇයි මේ? හීනයක්ද? නිර්මලී ගොස් සයනය අසළ ඔහුට පිටුපා සිටගෙන ඉහළට කොට ගැටගසා තිබුනු කොණ්ඩය මුදා හැරියාය.

" මම වොශ් එකක් දාගෙන එන්නම්"

නැඟිටින්නට උත්සහ කල රශිඳු දෙස හැරී බැලූ නිර්මලී වායුසමීකරණය මදක් වැඩි කළාය.

" එපා... ඕන නෑ. එන්න මට සීතලයි"

රශිඳුගේ වෙනස්වන මුහුණ දෙස නොබලා නිර්මලී ඇතිරිලි අතරට රිංගා ගත්තේ, ඔහු සෙමෙන් ඇවිද විත් අනෙක් පසින් එයට ගොඩවෙද්දීය. ඔහුගේ බඳ වටා එතුන ඇගේ අත සහ පිටට දැනුණු මෘදු උණුසුම රශිඳුට දැනුනේ කටු කම්බියක් සිය ලය හරහා යනවාක් මෙනි.

" රශී..."

" ග්ම්ම්ම්ම්ම්..?"

" මාව තුරුල් කරගන්නකො රශී.."

රශිඳු ඈ දෙසට හැරී ඈගේ සුපුරුදු ඉරියව්වෙන් නිදන්නට ඔහුගේ උරහිස දී නිර්මලීට ඔහුගේ උරයත් ඉනත් අතර ඉඩ සාදා දුන්නේය. නිර්මලී සැමදාම නිදාගන්නේ ඔහුගේ අත්බාහුවේ ඉහලට හිස තබාගෙන නිසාත් ඒ පුරුද්ද කිසිදා බිඳී නැති බැවින් රශිඳුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.

".... මතකද.. අසලංකගේ පින්තූර අහුවෙච්ච දවසේ..  මාව ඔයා තදකරලා අල්ලගෙන කිව්වා දාලා ගියොත් මරනවා කියලා..  හ්ම්ම්"

රශිඳු ලොකු හුස්මක් අල්ලා සිය පපුව හරහා යන නිර්මලීගේ අත නතර කරගත්තේය.

" baby girl මම.."

" මුකුත් කියන්න ඕන නෑ රශී..  "

නිර්මලී රශිඳුගේ ඇගේ පස උරය සිප ගත්තේ මෘදුව ය. අනතුරුව නිදහස්ව තිබෙන රශිඳුගේ අත ගෙන සිය බඳ වටා ඔතා ගත්තාය. අනතුරුව තදින් රශිඳු වැලඳගත්තේ දෑසම වසා ගනිමිනි.

".. යන්න දෙන්නෙ නෑ මම. I want my Rashi back.. "

අඩ අඳුරට වුව ඇගේ ඇස්වල කාන්තිය රශිඳු අවුළුවාලන සුළුය. නිර්මලී ඔහුගේ සිරුර මතට බරවී රශිඳුගේ දෑස අල්ලා ගත්තාය.

".. මගේ නේද?"

මේ කෙල්ල එක්ක කොයින්ද ඉවසීමක්! පොඩ්ඩක්වත් පිස්සුව නම් අඩුවෙලා නෑ. මොකක්ද මේ මැජික් එක? ඈ ඉදිරියේ සංවරව හෝ ගල්වී සිටින්නට තමාට නොහැකිය. 

ප්‍රේමය....

එය උපදින්නේ හදවත තුල කියා කියන්නේ කවුරුන්ද? එය නහරයක් පාසා , සෛලයක් පාසා නොනැවතී උපදින ඉන්ද්‍රජාලික හැඟීමකි. එකිනෙකා කෙරෙහි වන ප්‍රේමය හුවමාරු කරගන්නා මොහොතවල්වල ඒ ඒ තැන්වලදී ලබන හාදුවකින් , ස්පර්ශයකින් පවා ප්‍රේමය උපදී. 

" පිස්සු කෙලින්න එපා බං මැහුම් කැඩෙයි. ඊට පස්සෙ ආයෙමත් බැනුම් අහපල්ලකො ඩොකාගෙන් මම!"

" අන්නේ ඉතිං... මට ඕන!"

ඈ සිනාසෙන්නේ ඕනෑ නැති බැල්ම සමඟිනි. 

මේ බැඳීම සියුම් කේශනාලිකා ඔස්සේ ගොස් හදවතේ කුටීරවල රුධිරය හා මිශ්‍රව ඇත්තේය. අතෙකින් සිරුරකින් තවත් සිරුරකට එන රිදුමක් , තෙරපීමක් වුවද එහි ඇති බැඳීම මෙතකැයි කියන්නට හැකිද?

පොඩ්ඩක්වත් ඉවසීමක් හෝ සංයමයක් ඇති කෙල්ලෙක්ද ඉතින් මේ?

" මැඩම් මේ.. ඔන්න මම නම් දන්නෙ නෑ "

"අන්නේ.. ඉතින් මම මොනාද කලේ ? "

" මාව අවුස්සලා දැන් මොකද කලේ අහනව! ඇත්තටම baby girl.. උඹව මම මරාගෙන කනවා වෙලාවක"

කෙතරම් සිපගත්තත් ඇතැයි කියා නොසිතෙන දෙතොලකි එය. දරුවන් ලදද ඈ සෙමෙන් සෙමෙන් ඇගේ පුරුදු හැඩය නැවත ලබා ගනිමිනි. පැටව් ටිකට කිරි දීලද කොහෙද තවත් ලස්සන වෙලා.. මගේ හැපී පිල් එක! එලෙසයි ඈ ගැන තමාට දැනෙන්නේ.. 

" ආදරෙයි baby girl.. ගොඩක් ගොඩක් ගොඩාරියක් "

තමන්ට ඈ කෙතරම් මිස් උනාද කියා දන්නේ හදවතත් උඩ ඉන්නා දෙවියනුත් පමණි.

"රශී... මතකද ඔයාම කිව්වා ඔයාගෙ ශක්තිය මම කියලා? හ්ම්ම්? මට වැටෙන්න දුන්නේ නෑ ඔයා.."

රශිඳු ලය හරහා යන ඇගේ අත ගෙන මෘදුව සිපගත්තේය. ඈ තමා අවුලුවන තරමටම නිවයි. තමාගේ ශක්තිය මෙන්ම දුර්වලකමද ඇයයි.

".. ඔහොම වැරදිකාරයෙක් වගේ ඉන්න එපා. ඔයා ඒක කලේ නෑ මම දන්නව. කවුරුත් කියන ඒවා අහන්නේ නෑ මම!"

" කොයි තරම් දේවල් උනාද baby girl.. මගේ වස්තුව මම දාලා ගියේ නෑ ඉතින්.. මගේ හිත හැදුවට තෑන්ක්ස්.  ඒක හොඳටම තුවාල වෙලා තිබ්බේ.. ඔයාට මූණ දීගන්න බැරුව"

" සොරි මටත් ඔයාව මිස් උනා"

රශිඳු ඇගේ නළල සිප ගත්තේ ඈ ලය මත තදින් තෙරපා ගනිමිනි.

"... අපේ දේවල් වලදි අපි ඉන්න ඕනෙ එකට. සොරි මම ඔයාට අනවශ්‍ය ප්‍රෙශර් එකක් දුන්නා පැටව් ගැන.. ට්වින්ස්ලා කිව්වම මට ලෝබ හිතුනා රශී.. මට හිතුනා මගේ වරදින් නැති උන අපේ පැටියා ඔයාට දෙන්නම ඕනෙ කියලා "

" එතකොට ඔය මැඩම් හිතුවේ නැද්ද මට මොකද වෙන්නේ කියලා? හ්ම්ම්?? ඒ වෙලාවේ මට ගුටියක් දීගන්න බෑ ඉතින් මහ ලොකු හපන්කමක්නේ කරලා තිබ්බෙ.. තුන් දෙනෙක් ඔය බන්ඩියේ කොහෙද තියාගෙන හිටියේ ආ?  "

ආදරය උතුරායන නෙතින් රශිඳු ඔහුගේ සුපුරුදු බඩගිනි හාදුව ඇරඹුවේ ඈ අඩපණ කරමිනි.

".. තව ටිකෙන් මම මැරෙනවා බං!"

හුස්මක් ඇල්ලු ඔහු ඇගේ කොපුලක් සපා කෑවේ ඈ සිනාසෙන විට නැඟෙන ආවේගය පාලනයෙන් තොර නිසාය.

ජීවිතේ තම සහකරුවා හෝ සහකාරියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? රූපය ; ධනය හෝ වෙනත් හේතුවක් නිසා එකිනෙකාට ආකර්ෂණය වන්නට හැකි නමුත් එහි පැවැත්ම සඳහා එකිනෙකාගේ කඩතොළු වලට සරිලන දැති දාර මෙන් එකිනෙකා දරාගත යුතු නොවේද? 

වයස? එය ඇත්තටම අගයක් පමණි!! ඒ කිසිවක් ඒ අගයෙන් පසිඳෙන කාරණයක් නොවේ.

'..  මේක ඇත්තටම මගේ ප්‍රශ්නයක් ‍රශී.. මම ඒක විසඳනකල් චුට්ටක් ඉවසීමෙන් ඉන්න හ්ම්ම්ම්? මුකුත් අහන්න එපා දැනට.. මගේ යුතුකමක් තියෙනවා ඉශ්ඨ කරන්න.'

නිර්මලී තමාගේ ලයට ගුලිවී කුඩා දරුවකු සේ සැනසිල්ලේ නිදනා රශිඳු ගෝකුලගේ ඉත්තෑකූරු කොණ්ඩය අතරින් ඇඟිලි ගෙනයමින් සිතා ඔහු තවත් තුරුල් කරගත්තේ තමා සතු සන්තකය එය බව සිතමිනි.


ප.ලි : මේ සිද්ධිය අකුරක් ගානේ ඇත්ත ළමයි ! ඒ නිසා අකුරක් ගානේ කියවන්න.

------------------------------------------------------

තද නින්දේ උන් රශිඳුගේ හිස සිපගෙන , දරුවන්ට දෙවූ කිරි සියල්ල සැකසූ නිර්මලී අදාල හෝටල් පරිශ්‍රයට යන්නට පෙර තවත් ඇමතුම් දෙකක් ලබා දුන්නේ වෙනත් අත්‍යවශ්‍ය දෙදෙනෙකුටය.

ඈ එහි ළඟාවනවිට නිමන්තිකා ලබාදුන් කාමර අංකය අනුව යමින් ඈ ඉහළ මාලයට යන්නට සෝපානයට නැංඟේ සුසුමක් සළමිනි. නිමන්තිකා විසින් විවරකළ දොරටුව සමඟ ඈ ඒ විසල් කාමරයේ පසෙක ඇති විසිත්ත කොටසේ අසුන් ගන්නා තුරුම එකිනෙකා දෙස නොබැලුවත්, නිමන්තිකාගේ මුහුණේ ඇඳුනු රුදුරු අකරුණාවන්තකම නොදැකීමම යහපතකි.

' උද්දච්ච බැ&ලි! '

නිමන්තිකාගේ සිත කියන්නේම එලෙසය. 

පුටුවට බරවූ නිර්මලී දෙස වරක් බැලූ නිමන්තිකා හිසින් බීම වීදුරුවක් ලබා දුන්නද ඈ එය ප්‍රතික්ශේප කලේ හිස දෙපසට වනමිනි. ඒ අවසරයෙන් නිර්මලී තමන් සිතූ සැලසුම ක්‍රියාත්මක කරන්නට වුවාය.

" ගොඩක් ස්තූතියි එවපු මල් වලට.. නිමන්තිකා ඒ දවස්වල ඉඳලා ලංකාවේද හිටියේ"

සරදම් සිනාවක් නඟාගත් ඈ සිය ස්කොච් වඩිය අතට ගෙන නිර්මලී වෙත ඇවිද ආවාය. ඒ වනවිට හැට හැවිරිදි වියට ආසන්න ඈ වේගයෙන් වයසට යමින් සිටිනා බවට ඇගේ වැහැරී ගිය දේහයත් , අඳුරු දෙනෙතත් කියූවද ඈ සිටියේ ඉස්තරම් වර්ගයේ සන්නාම සහිත ඇඳුමක් ඇඳ සහ ඇති පදමට ආලේපන යොදාගනිමින් එය වසා ගැනුමට නවීනතම මෝස්තරයේ මාලයක්ද පැළඳගෙනය.

" අහ්.. මිසිස් ගෝකුල..! You are welcome !! Hmmm congratulations on your motherhood too.. "

අහේතුකව නිර්මලීට දැනුනේ අපුලකි. නමුත් ඈ මද සිනාවක් පා එය පිලිගත්තාය. ඇගේ දෑස් ඔරලෝසු මුහුණ මත මදක් රැඳුනු නිසා බිමට නැඹුරු වූයේ නිතැතිනි.

" තෑන්ක්ස්.. මිස් නිමන්තිකා.. "

අනතුරුව ඈ කෙටි හුස්මක් ඇල්ලුවාය.

"...  ඔයා සෑහෙන්න මම ගැන ඇලර්ට් එකේ ඉන්න බව මම දන්නව. ඒකට ගොඩක් ස්තූතියි. "

සරදම් සිනාව මදක් හඬ නඟා පිටකල නිමන්තිකා ඈ ඉදිරියේ ඇති පුටුවට බරවී ඉහළ බලමින් එය අවසන් කළාය.

" හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්.. Successful business women ! ආ.. අමතක උනා.. Successful wife.. Successful mother.. හ්ම්ම් සම්ප්‍රදායික ලිස්ට් එකේ... Long time boyfriendට බූට් එක තියලා නරකම නෑ ආපු දුර!"

ඈට වේදනාවක් දැනුනේ නැත. ඒ වෙනුවට සෘජුව ඈ නිමන්තිකා දෙස බැලුවාය.

" අසාව මේ දේවල් වලට පටලවාගෙන මිස් නිමන්තිකා කලේ ලොකු වරදක්.. අනූජ කරපු දේවල් දැන් ඔක්කොම ඉවරයි... "

" ඇත්ත.. අනූජ කියන &හර බ&ල්ලා මැරුනාට මට හිතට මදි. රේසිකා පරක්කු නොවෙන්න ඌ මැරෙන්නේ ඉන්ග්ලඩ් වලදී! "

" රේසිකා ප්ලෑන් කලේ ඇක්සිඩන්ට් එකෙන් මාව මැරෙන්නනේ නේද? "

" හෙහ්.. ඔව්.. ප්ලෑන් එක ටිකක් එහෙ මෙහෙ උනා ඩ්‍රයිව් කලේ අනූජයානේ.. කොහොමත් ඔයා මැරුනා කියන්නේ ඌව පනපිටින් මැරුවා වගේ තමයි.. ආහ්.. We missed that fun "

එය අමුතු සිනාවකි. ගැහැණියක් විසින් තවත් ගැහැණියක් ඝාතනය කරන්නට සැලසුම් කිරීම.

"... නමුත් මට සතුටුයි ඌ මැරුණා.. උගේ අම්මත් මැරුණාම මට ආවෙත් ඒ සතුටමයි. ඒ ගෑනි තමන්ගේ පුතාගෙන් මට වෙන දේවල් කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. මෝඩ ගෑනි.. සල්ලි වලට ඩඩාව මැරි කලා.. මට පේන්න බෑ මාව හුරතල් කරන්න එනකොට"

ඇගේ හඬේම ඇත්තේ එක්තරා වියරුවකි.

" මිස් නිමන්තිකා , මට හරි කණගාටුයි ඔයාගේ broken childhood එක ගැන. මමත් ආවේ එහෙම broken family එකකින්. නමුත්... කවදාවත් මම එහෙම මගේ අම්මටවත් තාත්තාට වත් එහෙම වෛර කලේ නෑ. "

" හෙහ්.. මේ මැඩම් මට මෛත්‍රීය ගැන දේශනයක් දෙන්නද ආවෙ?"

හොරැහින් ඔරලෝසුව දෙස බැලූ සැනින් දොරට ඈ සිතූ ලෙසම තට්ටුවක් වැටුනේ නිමන්තිකා මදක් තිගස්සවා හරිමිනි. 

ඒ අවසරයෙන් නිර්මලී දොර විවර කලේ නිමන්තිකා සිතන්නටත් පෙරය. ඇගේ රුවට වැසුනු ඒ මිනිසා ඈ මදක් දොරෙන් මෑත්වත්ම ඇගේ නෙත් නතර වන්නේ නළලතය.

නමුත් කිසිවක් නොකී ඈ ප්‍රශ්නාර්ථයෙන් නිර්මලී දෙස බැලුවේ රැවීමක් සමඟිනි. විශ්මයෙන් උන් මිනිසා ඉබේම ඇතුලට පය තබද්දී ඈ දොර වසා එය හරස්කොට සිටගෙන සිටියේ එකිනෙකා දෙස නොබලා ඉවත බලාගත් දෙදෙනා දෙස සාවඥ සිනාවක් පාමිනි.

" ඔය දෙන්න අඳුන්වලා දෙන්න ඕන නෑනෙ.. අඳුනනවා නේ? මිස් නිමන්තිකාට ලේසි වෙන්න මම නමත් කියන්නම්කෝ.. Please meet Mr. Edirimanna , director of the cricket board!"

නිර්මලීගේ ආරාධනාත්මක ඇමතුමෙන් ඉපිලුනු සිත හුලං පුපුරාහැරි බැලුමක් සේ වෙනස්ව ගිය නිසාදෝ එදිරිමාන්න අපහසුවෙන් සිනාවක් නඟා ගත්තේ නිර්මලී දෙස ප්‍රශ්නාර්ථයෙන් බලමිනි.

" සොරි මම හිතන්නේ නිර්මලීට වැරදීමක් වෙන්න ඇති. මට මෙයාව අඳුනගන්න ඕනෙකමක් නෑ.. "

" ආ ඔව්නෙ මට අමතක උනා. අළුතෙන් අඳුනගන්න දෙයක් නෑ ඔය දෙන්නා දන්නවනෙ. මීට කලින් හම්බෙලා කතා කරලත් ඇතිනෙ.. Let me come to the point.. "

නිර්මලී තීරණාත්මක ලෙස එදිරිමාන්න දෙසත් චප්ප වී ගොස් ඇති නිමන්තිකාගේ මුහුණ දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය.

".. තමුසෙලා හිතාගෙන ඉන්නේ ගෑනියෙක් අසාධාරණයක් ඉදිරියේ කට වහගන්නේ ඒ ගෑනිගෙ දුර්වලකම හින්දා කියලද? ආ?? 

නිමන්තිකා..  මම මගේ ex husband ගේ මිනීමැරුම ගැන මුකුත් නොකලේ මම අසරණ හින්දා කියලා හිතුවද? ආ?? මම එහෙම කලේ ඒකෙන් එයාගෙ පණ ආයෙත් ගන්න බැරි නිසා! ඔයා හිතුවද මට සාක්ෂි නැති නිසා මම පස්ස ගැහුවා කියල? ඔයාට වැරදිලා.."

ඈ එතෙක් සිය බෑගයේ දමාගෙන උන් කොලයක් ගෙන නිමන්තිකා දෙසට විසි කළාය.

".. ඔය තියෙන්නෙ මීට අවුරුදු විස්සකට කලින් නිර්මලී චාරුකාව මරන්න කියලා හිතපු කුරුමානම වැරදිලා එයාගෙ ex boyfriend ව මැරුනා කියලා රේසිකා මාකඳුර එවපු ඊමේල් එක. නිකං නෙවෙයි ඔක්කොම සාක්ෂි එක්ක.. රේසිකා මැරුනේ ඒ හිතේ අමාරුවෙන් කියලා මම දන්නවා. මම එයාට අනුකම්පා කලා.. "

නිමන්තිකාගේ මුහුණ වඩා මහලුව පෙනුනේය.

"... මට ඕනේ කමක් තිබ්බා නම් ඔය දෙන්නවම හිරේ දානවා.. නැතිනම් මරණ දණ්ඩය දෙනවා. නමුත් ගිය දේ ගියා.. මට ඒක කලා කියලා අනූජ ලැබෙන්නේ නෑ.. ඊට වඩා මට අරමුණක් තිබ්බා.."

දෑස තෙත් වන්නට ගත්තේ නිමේෂයකි. ඇගේ දෑස් එවර රැඳුනේ එදිරිමාන්න වෙතය.

"... මිස්ට එදිරිමාන්න! තමුන්ගේ පහත් ආසාවල් වලට මාව ගන්න බැරි උන නිසා ඒ වෙනුවට මගේ රශිඳුට කරපු harrasment මම ඔක්කොම දන්නව. බොහොම ලස්සනට දෙන්නා එකතුවෙලා අනූජගේ වීඩියෝ එක රශිඳුගේ වගේ හදල ඒ අහිංසකයාව ඇල්ලුවා නේද? කොටින්ම inquiry එක යන්නත් කලින් ගොසිප් සයිට් වල විස්තරේත් ගිහින්.. "

නිර්මලී කිසි දිනෙක මෙලෙස ආවේගයෙන් කතා කරනවා නුදුටු නිසාත් තමන් ඇගේ උගුලට හිතුවාට වඩා පහසුවෙන් හසුවී ඇති බව වැටහුනු නිසාත් එදිරිමාන්න සිටියේ නිහඬවමය.

".... ඒක ලස්සන සෙටප් එකක් උනාට දෙන්නටම අමතක උනා අනූජගෙ ටැටූ එක! රශිඳුට එහෙම ටැටූ එකක් නෑ. හිතුවද ගහන ගහන පාරට තැලෙන හින්දා මම ශක්තිමත් නෑ කියලා ? මගඇරලා යනකොට හිතුවද බයගුල්ලෙක් කියලා ?  හිතුනා නේද රශිඳුගේ සිද්ධිය  ගොඩදාගන්න මම තමුසෙගෙ ඇඳට නඟී කියලා ??   ලැජ්ජයි මනුස්සයෝ! මැච් ෆික්ස් කරලා, අපි දෙන්නව බොරුවට කොවිඩ් පොසිටිව් කරවලා මදිවට මගේ රශිඳුව සස්පෙන්ඩ් කරවන්න ?? "

"mind your language මිසිස් ගෝකුල ! misunderstanding එක.."

" misunderstanding නේද?? IPL එකේ කරපුවාට inquiry එකක් යනවනෙ? Covid වැඩේට දාපු නඩුව හින්දා නිමන්තිකා අඳුන ගත්තාම හිතුවද තමුන්ගෙ අරමුණ ලේසි උනා කියලා ?"

" හෙහ්.. කියවනවා විතරයි!"

එදිරිමාන්නගේ නොදැමෙන ඇස් වල රෞද්‍ර බවක් නිසා රතු පැහැය ඉස්මතුව සිටියේය. 

" වීඩියෝ එඩිටිං ගැන කියන්න දෙයක් නෑ මගේ ගාව රේසිකා එවපු ඔරිජිනල් වීඩියෝ එක තියෙනවා. එදා දාපු තෙරපිස්ට් නිළියක්! තිවංක තාමත් සික් ලීව්! එයා දැනටමත් පොලිසියට කට උත්තර දීලා ඉවරයි"

" පොලිසියට ?"

" ඔව් පොලිසියට තමයි.. "

අනතුරුව ඈ දෙදෙනාටම හෙළුවේ ඔවුන් හලු කරනා බැල්මකි.

".. මතක තියාගන්න.. මේ පලිගැනිල්ල මම ඉවසුවා. අන්තිම වෙනකල්.. But no more, not anymore !! ඔක්කොටම වඩා බලවත් සත්‍ය කියන දේ.. හෘදසාක්ෂිය කියන දේ.. This is your words against yours" 

එසැනින් ඈගේ දුරකතනය නාද වූ අතර ඇගේ අනෙක් සාක්කුවෙන් ගත් රොකෝඩරය නිවා දමා ඈ වහා දොර විවර කළාය.

දොර අසළින් කාමරයට පය තැබූ දේහදාරී මිනිසා වහා හඳුනාගත් නිමන්තිකා පුටුව අල්ලා ගත්තේ එයට වාරු වෙමිනි.

" hello Miss. Nimanthika... Nice to see you again.. I'm Vinod Dunukara.. මතක ඇතිනෙ මම තමයි මිස්ට අනූජ ගමනායකගේ කේස් එක handdle කරපු CID officer "

( ආයුබෝවන් මිස් නිමන්තිකා. ආපහු දකින්න ලැබුන එක සතුටක්. මම විනෝද් දුණුකාර.. )

---------------------------- මතු සම්බන්ධයි -----------------------

6 comments:

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...