Monday, August 1, 2022

347: උන්මාද චිත්‍රාදෝ මා 78



" දුව ටිකක් ඇඟ හෝදලා නිදාගන්න. ඇහැරුනොත් මම බලන්නම්."

වෙහෙස සමඟ සයනය මත හිඳගත් නිර්මලීගේ හිස අතගා මාලතී ගෝකුල පැවසුවේ ඈ ගැන ඇතිවූ අනුකම්පාව නිසාමය. 

එක වාගේම කැරලි කරමින් කිරි ඉල්ලන තිදෙනෙකුට මවක් වීම එතරම් ලේසි කාරණාවක් නොවේ.

ඒ වනවිට නිර්මලී වෙනුවෙන් අවශ්‍ය කෑම සකසන්නට නිත්‍ය කෝකියෙක් ද, ඇගේ සියළු ගමන් සඳහා සැදී පැහැදුනු රියදුරෙක්ද මෙන්ම දිනපතා පැමිණෙන නැනී කෙනෙක්ද වශයෙන් පිරිසක් රැඳී සිටියද සවස් වනවිට මාලතී ගෝකුල ඉන්නේ පාන් කියාගන්නට නොහැකි තරමක වෙහෙසකිනි.

"... මහ ලොකුවට ටෝක් දුන්නෙ බලාගන්න පුලුවන් කියලා.  හික් හික්"

සවස නිවසට එන සිය පුත්‍රයා එසේ සරදම් කරද්දී ඇගේ පිහිටට එන්නේ ලේලිය පමණි.

" පව් රශී. අම්මා හැම එකම එයාගෙ අතින්ම කරන්න හදනවා. බත් එක උනත් බෙදලා කොච්චර කිව්වත් උණුවෙන්ම මට වහගෙන ඇවිත් අතටම දෙනවා. "

මාලතීගේ දෑස තෙත්වෙයි. ඇගේ ලේලිය ඈට දක්වන්නේ නොනිමි සෙනෙහසකි. කෙතරම් ඇඟට අමාරු වූවත් ඈ දරුවන් තනිවම නහවන්නීය. ලොකුකමක් ගෑවිලාවත් නැත.

' පව් මම එහෙම නපුරු උනා සූරිලාගෙ කේලම් අහලා.. සූරිගෙ හිතේ තිබ්බෙම මගෙ කොල්ලා ගැන. වැඩිමල් උනාට සීදේවි කෙල්ල මේ දරුවා... මොන තරම් ආදරේද මගේ කොල්ලට.. මට කුලේ මතක් වෙනව දෙවියනේ..'

මාලතීගේ කීමට හිස සළා සෙමෙන් නාන කාමරයට ඇදෙන නිර්මලීගේ සිත කුමක් හෝ අනවරත තැතිගැන්මකින් යුතු විය.

උදෑසනම රශිඳු හමුවට පැමිණි දිමුත් අනතුරුව ඉහළ මහළට ගොස් හෝරාවකට පමණ පසුව මහා කලබලයෙන් යුතුව නිවසින් පිටව ගිය අයුර තමන්ට හිතට හරි නැත. 

සෑම විටෙකම නිවසින් බැහැරව යන්නට පෙර සිය දෙතොල් වලට ලැබෙන හාදුව අද නතර වූයේ නළලතෙනි. ඇස් වහා මගහැරීමකි. 

ඉන්දියානු සංචාරය නිමාකොට පැමිණෙන්නට දින කීපයකට පෙර රශිඳු සිටි කැළඹීම ගැන දිමුත් හා තමන් පැවසූ නිසාදෝ රශිඳු පසුදින ඒ ගැන තමන්ගෙන් සමාව ඉල්ලීම පවා දැනුනේ හරහටය. 

' අළුත් තාත්තා ටිකක් නෙවෙයි ගොඩක් නර්වස්'

ශෂී තමන් හා පැවසූයේ සිනාසෙමිනි. 

නැවත පැමිණි රශිඳු වේගයෙන් පියෙකු වීමට උත්සහ කරනු බලා රංග පවා සිටියේ උද්දාමයට පත්වීමෙනි. දෙදෙනාටම එකිනෙකාගේ උණුසුම නොමැතිව ගෙවූ මාසයක කාලය වඩා දීර්ඝ සහ නොසන්සුන් කාලයක් වීම දන්නේ දෙදෙනා පමණකි.

' මට පිස්සු වගේ හිටියේ.. සොරි baby girl.  මම රිද්දුවේ නෑ නේද? පැටියා බය උනේ නෑනේ?'

ආදරය ගලා හැලෙන දෑසින් තමා තුරුල් කරගෙන රශිඳු එසේ නොපවසන රාත්‍රීයක් නොවන තරමකි. 

' මාත් ඔයාට ඇබ්බැහි වෙලා'

යන යන තරඟයට නිර්මලීට එන්නට කියා ගොරවන්නට හේතුව ඈ දැන් දනී. ඔහුගේ ආතතිය මෙන්ම ප්‍රේමයද තමාය. ඒ සියල්ල නිදහස් වන්නේ තමාගේ උණුසුම මැදය.

.

.

.

වසර දහයකට පසුව තවදුරටත් නවසීලන්තයේ එක්තරා සිනමාහළක් අසළ..

' හුඟක් මිස් වෙනවා මට ඔයාව.. මේ දැන් මේ මොහොතේත්! දවසක්වත් ඈත්වෙලා ඉන්න බෑ කියලා මට වැඩියෙන්ම දැනුනේ එදා වෙන්න ඇති.'

අනතුරුව නවතම මාවල් චිත්‍රපටය සඳහා වූ ටිකට් පතක් ගන්නට නොඉවසිල්ලෙන් පෝලිමේ ඉදිරියට ඇදෙන ජෙම් හෙවත් JK දෙස උවමනාවෙන් බලා සිටියාය.

ඇගේ දුරකතනය නාදවත්ම ඈ ඒ දෙස බලන්නේ ඉබේටම වේලාව දෙස බලමිනි.

' මගේ දෙවියනේ.. අද දවසින් බාගයක්ම ඉවරයි! '

අනතුරුව දුරකතන ඇමතුමට සම්බන්ධ වන්නේ මුවට නඟාගත් සිනාවක්ද සමඟිනි.

" මැඩම්.. බබාලා දෙන්නගෙ ස්විමිං ලෙසන් එක ඉවරයි. මැඩම් එනකල් ඉන්නද, ගෙදර ගෙනියන්නද?"

" නෑ රෝහිත්.. ගෙදර එක්කගෙන යන්න. සර් ඇති ගෙදර.. මම එනකොට තව රෑ වෙයි."

එසැනින් පසුබිමේ ඇහෙනා කාලගෝට්ටිය ඇසී ඇගේ සිත ප්‍රීතියෙන් සහ දුකෙන් එකවරම පිරී ගියේය. සතුට පැටවුන්ගේ කටහඬ ඇසීම වෙද්දී දුක වූයේ ඔවුන්ව ගන්නට තමාට ඒ මොහොතේ යන්නට නොහැකි වීමය.

එවිටම ජයග්‍රාහී ලෙස සිනමා ප්‍රවේශපත් අතැතිව තමා වෙතට ඇවිද එන ජෙම් දැක ඇගේ මුවේ අනායාසයෙන්ම සිනාවක් ඇඳී යයි.

' එන්න එන්නම තාත්තා වගේ වෙනවා. '

නිර්මලී තමාටම කියාගත්තේ ඔහුගේ ඒ කැරළි කොණ්ඩය වෙත ඇති අවධානය විතැන්වී සෙමෙන් ඒ මුහුණ මත පතිත වෙද්දීය.

' නිර්! ඔය හිනාවම වෙන්න ඇති ඩඩාව ඔතරම් පිස්සෙක් කලේ. නෑ... ඔයා කොච්චර කිව්වත් මට එයාට සමාව දෙන්න බෑ. එයා හිතාමතාම තමයි මගෙන් ඒ දේවල් ඈත් කලේ. ඒ තරම්ම නපුරු දෙයක් එයා ඔයාටත් කලේ. කොහොමද එයා එහෙම කරන්නෙ?'

.

.

.

නැවතත් වර්තමානයේ නිර්මලීගේ නිවසේ ආලින්දයේ....

මහත් කැළඹීමෙන් සිය දුරකතනය සවන් වලට තදකොට ගත් නිර්මලී ගැඹුරු හුස්මක් ඇල්ලුවේ දිමුත්ගේ සිත එයින් කුණාටුවක් දකිද්දීය.

".. හරි දිමුත් මම බබෙක් නෙවෙයි. මට හරියට කියන්න රශී මොකක් හරි කරදරේකද කියලා. මට ස්ට්‍රෙස් කියලා කිසි දෙයක් හංගලා තේරුමක් නෑ. "

ඈ තවදුරටත් එසේ පවසන්නේ දිමුත්ගේ හඬෙහි ඇති ව්‍යාකූලත්වය වහා තේරුම්ගත් බැවිනි. දිමුත් ඒ ඇමතුමට සම්බන්ධ වූ එකට ප්‍රථම වරට පසුතැවිලි වූයේ ඒ මොහොතේ වුවත් ඈව තවත් පෙලන්නට නොහැකිය.

" පොඩි ප්‍රශ්නයක් නැත්තෙත් නෑ නිර් ඒත් කලබලවෙන්න දේකුත් නෙවෙයි. රශියා ඔයාට කෝල් එකක් දෙයි. දැනට ඌ ඉන්නේ පොඩි discussion එකක.

" මට ඒ කතා වැඩක් නෑ දිමුත්. ඔයා ඇවිත් කියපු දෙයක් නිසා රශිඳු අවුල්ගියා කියලා මට හොඳටම් තේරුනා. ඔයා හොඳටම දන්නවනෙ මට ඒව තේරෙනව කියලා. මට නොකිව්වොත් මම මේ බබාල ටික අම්මට දාලා මේ දැන් එනවා ඔතනට!"

මේ ඉන්නේ රශිඳුගේ බිරිඳය. දෙදෙනාම තකට තක බැවින් එලෙස නොකරනවා යැයි කියන්නට නොහැකිය. 

".. රශී මොකක්ද පටලවාගෙන තියෙන ප්‍රශ්නෙ?"

කෙසේ වෙතත් මෙය ඈට ආරංචිවනු ඇත. ඒ කිමද කියනවා නම් මේ පුවත ගොසිප් අඩවි හරහා ලැව් ගින්නක් සේ පැතිරී ඇගේ කනට යනවාට වඩා සත්‍ය තත්වය සැර බාලකොට හෝ ඈ දැනගැනීම අවශ්‍යය.

" හ්ම්ම් පොඩි misunderstanding එකක්"

නිර්මලී සෙමෙන් සාලයේ අසුනකට බර වූයේ දිදුම්දෙන තුනටිය අල්ලා ගනිමිනි.

" misunderstanding between whom ?"

" බෝඩ් එකේ අය.. "

" මට කියන්න රශී මොකක්ද කරපු වරද ?"

" ඩිසිප්ලින් කේස් එකක්"

නිර්මලීගේ මනස තුල රතු එළි දහස් ගණනක් පත්තුවී ගියේ සැනෙනි.

" related to a women  ?"

දිමුත් උඩ විසි වන්නේ ඇගේ අනුමානය එතරම්ම නිවැරැදි නිසා පමණක් නොවේ, රශිඳු එතරම්ම ලොකු අමාරුවක වැටී ඇතිබව වැටහිමෙනි.

------------------------------------------


" Mr. Gokula. They are expecting you" 

( ගෝකුල මහතා, ඔවුන් ඔබව බලාපොරොත්තු වෙනවා)

එකවරම දොර විවරව පිටතට එබුන තේරීම් කාරක සභාවේ නිලධාරියාගේ ඇමතුමෙන් දෙදෙනාගේ කතාව සැනින් නතර වී ගියේය.

 " උඹ හරියට කතා කරපං.. එච්චරයි. "

අනතුරුව දිමුත් සිය මිතුරාගේ දෑත දැඩිව ග්‍රහණය කරගෙන ඔහු දෙස තත්පර කිහිපයක් එක එල්ලේ බලා සිටින්නේ හදවත මහා වේගයෙන් ඒ මේ අත දඟලද්දීය. එහි වූ වේදනාව සහ පසුතැවීම හොඳින් හඳුනාගත් දිමුත් සිය මිතුරා වෙනුවෙන් කිසිවක් කල නොහැකි බව වටහාගත්තේය.

ඔහුගේ ඉරණම මේ වන විටත් තීරණය කොට හමාර වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. 

පසුගිය ඉන්දියානු සංචාරය අතරතුරදී තාවකාලිකව අනුයුක්ත කොට සිටි කායික චිකිත්සකවරිය සමඟ නොමනා හැසිරීමක් කළ බවට වූ ප්‍රභල සාක්ෂි සහිත බරපතල චෝදනාව අද රශිඳු ගෝකුල මෙහි කැඳවන්නට හේතු විය. 

කීප දෙනෙක්ම ඇයත්, රශිඳුත් ඊට පෙර දින කීපයක්ම ඇගේ පුද්ගලික කාමරය අසළ සහ ක්‍රීඩාගාරයේ තැන් කීපයක තනිව දැක තිබෙන බවට සාක්ෂිද ඒ අතර වූ නිසා තත්වය බරපතල වී තිබේ.

' මූ මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නවත් බෑ මට!'

ඔහු ඉදිරියේ සිනාසෙන නිර්මලීගේ සොඳුරු වත ඇඳී මැකී ගියේ සැනිනි.

කාමරයට පිවිසි රශිඳු ගෝකුල දකින්නේ තේරීම් කාරක සභාවේ තවත් සාමාජිකයෙකු වූ රත්නායක සමඟ පාලක මණ්ඩලයේ දෙදෙනෙක් හා තට්ට බුම්මට්ටෙකු වූ එදිරිමාන්න එක පෙලට වාඩිවී සිටින තැන , ඔවුන්ට ඉදිරියෙන් , මේසය අසළ පනවා තිබුනු පුටුවයි. 

ඔහුගේ පැමිණීමත් සමඟම එදිරිමාන්නගේ දෑසේ ඇඳුනු දුශ්ඨ සිනාවෙන් හා රත්නායකගේ කපටි බැල්මෙන් මෙය කෙසේ එන්නට ඇතිදැයි රශිඳු එකවරම නිගමනය කළේය.

' &රි බල්ලො තොපි!'

මිට මෙලවුනු අත එලෙසම පහලට කරගෙන ආසනය වෙත ඇවිද ආ රශිඳු ඔහුට පෙන්වූ ආසනයේ හිඳගෙන මේසයේ කොනේ උන් මිනිසා දෙස වරක් බැලුවේය. දොර විවර කල මිනිසාද ඔවුන් හා පෙලට ඇති ආසනයකට බරවූ සැනින් හඬ අවදි කලේ රත්නායකය.

" මිස්ට රශිඳු ගෝකුල..  අපි කෙලින්ම කාරණාවට බහිමු.. අද අපි මේ එන්න කිව්ව කාරණාව මොකක්ද කියලා දන්නවා ඇතිනෙ"

රශිඳුගේ දෑස් බොරපාටට හැරී ඉවතට යොමුවිය.

" නෑ!"

සියළු දෙනාම එකිනෙකා දෙස බලමින් සෝපහාස සිනා පෑහ. එදිරිමාන්න මුව විවර කරත්ම වහා රත්නායක එය වලක්වා කතා කරන්නට විය.

" එහෙමනම් ඒක මමම කියන්නම්කො.. රශිඳු මේ පාර ගියපු ටුවර් එකේදී තාවකාලිකව හිටපු තෙරපිස්ට් එක්ක නරක විදියට හැසිරිලා විනය විරෝධී විදියට ක්‍රියා කරලා කණ්ඩායමටත් රටටත් ලොකු අපකීර්තියක් කරලා තියෙනවා ! ඒක තමයි අපි අද මේ එන්න කිව්වේ ඒ ගැන inquire කරන්න. "

රශිඳු ඔරවා බැලුවේ රත්නායක අනුභව කරන්නට මෙනි.

' තෝ ටෝක් නොදා කියන දෙයක් අහගෙන හිටපං බූරුවා!'

දිමුත්ගේ අවවාදය සිහියට ආ නිසා ඒ බැල්ම විතැන්වී මේසය මත වූ ලැප්ටොප් පරිඝනකය වෙත රැඳුනු අතර එය ඔහුට විරුද්ධ අතට හරවා තිබුනු නිසා එහි මුහුණත පෙනුනේ නැත.

" ඒ ගැන අපිට ප්‍රශ්න කරන්න වෙනවා මොකද ඒකට අපි වගකියන්න ඕන නිසා.. ක්‍රීඩකයෙක් රටක් නියෝජනය කරලා අපි යවන්නේ මේ වගේ තර්ඩ් ක්ලාස් වැඩ කරන්න නෙවෙයි. මොකක්ද ‍රශිඳුට මේ ගැන කියන්න තියෙන්නෙ?"

" මොකක්ද මම කළා කියන්නෙ?"

එදිරිමාන්නගේ මුහුණ තෙල්පාටින් බබලන්නට වූයේ ඇයි? 

" විනය විරෝධී විදියට හැසිරිලා."

" මොකක්ද විනය විරෝධී කියල මේ කියන්නෙ?"

රත්නායකගේ මුව ඇදවින. 

" තමුන් ඒ තෙරපිස්ට් එක්ක සෙක්ස් කරලා තියෙනවා"

එදිරිමාන්න මදක් උස් හඬින් පැවසුවේ ඔරවාගෙනය.

" ඒක බොරු! එහෙම එකක් උනේ නෑ" 

" දහතුන් වෙනිදා කියන්නේ ඕෆ් දවසක්, එදා එහෙනම් ඒ ලේඩිගේ ප්‍රයිවෙට් රූම් එකේ තමුන් මොකද කලේ?"

පැනය එල්ලවූයේ වෙනත් අයෙකුගෙනි.

" මගේ බැක් පේන් එකට මසාජ් එකක් ගන්න එන්න කියලා තිබ්බ. මම ගියේ තනියෙන් නෙවෙයි. වයිස් කැප්ටන් තිවංක එක්ක. "

" හෙහ්..  මිනිහා පිලිගත්තා ඒක. ඒ ගැන අපි බලන්නම්.. ඒ රූම් එකෙන් හම්බුන අනිත් දේවල් ගැන තමුන්ගෙ උත්තරේ අපිට අවශ්‍ය නෑ. මොකද ඒක ගංජා ගැහිල්ලක් විතරයි කියලා තමුන්ට අවවාද කරන්න පුලුවන්. අපිට දැනගන්න ඕනේ මේ කාරණේ ඇත්තද කියලා "

රත්නායක එක එල්ලේ රශිඳු දෙස බලා පැවසුවේ එදිරිමාන්න වෙත ඇසෙන් ඉඟියක් කරමිනි. අනෙක් දෙදෙනා පියවූ දෙතොලින් සහ වේගවත් ලෙස හුස්ම ඉහළ පහළ ගන්නා රශිඳු ගෝකුල දෙස දෑස නොපියවා බලා සිටියහ.

" තමුන්ගෙ වයිෆ් එක්ස්ප්ක්ටිං වෙලාවට තරුණ කොල්ලෙක් විදියට වෙන ගෑනියෙක්.. මම කිව්වේ ඒ ඉන්ඩියන් තෙරපිස්ට් වගේ සුපිරි කෙල්ලෙක් එක්ක ටිකක් රිලැක්ස් වෙන්න හිතන එක තේරුම් ගන්න පුලුවන් පුතා අපිට.."

රශිඳුගේ මේසය මත වූ අත මිට මෙලවනු දැක දැකත් , රත්නායකගේ ඉඟිය නොසලකා එදිරිමාන්න සිය සෝපහාස ස්වරය එලෙසම පවත්වාගෙන ගියේය.

".. ඊටත් උඹගෙ වයසට ඒ වගේ කෙනෙක්.."

රශිඳු මිට මෙලවූ අතින් මේසයට පහරක් එල්ල කරමින් පුටුව පෙරලාගෙන නැඟී සිටියේය. 

" That's ENOUGH! Don't drag her into this!"

සියල්ලෝම එකවරම ගල්ගැසී ගිය අතර දොර දෙස බැලූ රත්නායක ආපසු රශිඳු දෙස ඔරවා බැලුවේය. එදිරිමාන්න දෙස අනෙක් තිදෙනා හෙලූ නොරිස්සුම්සහගත බැල්ම නිසා ඔහු මදක් පසුබා ගියද අයෙක් කතා කලේය.

" ඉලන්දාරියා මේ! තමුන් මෙතන සද්ද දාලා හරියන්නේ නෑ. කරල තියෙන්නෙ බරපතල විනය විරෝධී වැඩක්. අපිට පුලුවන් තමුන්ව අවුරුදු දෙකකට සස්පෙන්‍ඩ් කරන්න!! "

" එතන එහෙම දෙයක් උනේ නෑ. තිවංක මගේ එක්ක හිටියා. මට.."

" තිවංක මේ වෙනකොටත් ඒ ඔක්කොම වැරදි පිලි අරගෙන තියෙන්නෙ."

රශිඳුගේ දෑස් තද බොරපාටව එය කියූ නිලධාරියා වෙත යොමුවිය.

" මොන වැරදිද? මිස්ටර් තල්දූව.. මේක ලොකු වැරදීමක්. මම එදා එතනට ගියා කියලා තිවංක කිව්වා නම් ඒක මට පිලිගන්න පුලුවන්. තිවංක ගියේ ඇයි කියලා මම දන්නෙ නෑ මම ගියේ මගේ පේන් එකට ඕනේ ට්‍රීට් එකට. එතනදි..  ඔව්... අපි ගංජා පාවිච්චි කලා. ඒක වැරැද්දක් වෙන්න ඇති. නමුත් ඔහොම දෙයක් උනේ නෑ."

නිලධාරියා එක් ඇහිබැමක් ඔසවා රශිඳු දෙස බලා නළල රැළි ගන්වා යාබද නිලධාරියා දෙස බැලුවේය.

" ඒකට තුන්දෙනාම ඇත්ත කිව්වත් එකයි, දෙන්නෙක් ඇත්ත කිව්වත් එකයි. මොකද මේක ***** එකක්නෙ!"

රශිඳුගේ හුස්ම වේගයෙන් ඉහළ පහළ ගිය අතර දෙතොල් තදින් පියවී තිබිණ.

" මිස්ට ගෝකුල.. මේ වීඩියෝ එක දැක්කද?"

මේසය මත වූ පරිඝනකය රශිඳු වෙත හරවා එහි මත වූ වීඩියෝව ධාවනය වන්නට හැරියේ රශිඳු පුටුවේ හිඳගෙන ඒ දෙස ගැහෙන හදින් බලා සිටියදීය.

-----------------------------------------------

හඬ නඟා විවර වූ දොරෙන් එළියට වේගයෙන් අඩි තබමින් පැමිණෙන රශිඳු දුටුමතින්ම හුනස්නෙන් නැඟී සිටි දිමුත්ට තත්වය අයහපත් ලෙස විසඳී ඇති බව තේරුම් ගොස් තිබින. ඔහු සමඟම උන්  නීතීඥ දාබරේ දුටු මතින්ම රශිඳුගේ දෙපා ඔහු අසළ මදක් පමා වුවද එය නොනැවතී කොරිඩෝව ඔස්සේ විවෘත අවකාශය දක්වාම නොනැවතී ගමන් ගත්තේය. මහලු නිසා දාබරේ මහතා ඔහුට පසුව ඔහුගේ පසුපසින් හැකි ඉක්මනින් ‍යන්නට වූයේ දිමුත් ගල්භීතව බලා සිටියදීය. 

" මිස්ට ගෝකුල ඇයි මම එනකල් හිටියේ නැත්තෙ? ඇයි මට කලින් කෝල් නොකලේ??"

නීතීඥයා රශිඳුගේ උරයට අතක් තබමින් පවසද්දී එතෙක් දෑතම ඉනේ ගසාගෙන ඈත ඉමක නෙත් රඳවාගෙන උන් රශිඳු මදක් ගැස්සී ඔහු දෙස හිස් බැල්මෙන් තත්පර කීපයක් බලා සිටියේය.

රශිඳු සිටියේ අතිශය කුඩුපට්ටම් වූ තත්වයක බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.

තමාගේ ආතතිය, නොසන්සුන්කම සහ නොසැලකිලිමත්කම විසින් සියල්ල විනාශකොට දැමු බවත් දෑස් ඉදිරියේ තමාගේ සියළු හීන කුඩා කැබලි වලට පුපුරා කඩා හැලෙනුත් දැනීමෙන් රශිඳු ගෝකුල සිටියේ නිර්වින්දනය වූ ලෙසිනි.

' baby girl.. I'm sorry.. මම දන්නෙ නෑ කවදාවත් ඔයා මට සමාවක් දෙයි කියලා. මගේ පපුව රිදෙනවා baby girl.. මම එදා.. '

අනතුරුව තමාගේ උරහිස අල්ලාගෙන සිටිනා නීතීඥ දාබරේ දෙස තවදුරටත් බලා සිටියේය. 

".. මිස්ට ගෝකුල මොකද උනේ කියලා මට කියන්න "

දාබරේ මහතා මදක් මෘදු හඬින් ඇසූ නිසා පියවි සිහියට පැමිණි රශිඳු  තමන් ආරම්භ කලයුතු කතාව සිතින් පෙලගස්වන්නට විය.

අනතුරුව මේ සිද්ධිය සහ සිද්ධි දාමය පිලිවෙලින් නොවුනත් සිතට එන පරිද්දෙන් සෙමෙන් පවසන්නේ බිම බලාගෙනය. 

.

.

.

මාස කිහිපයකට පෙර ඉන්දියාවේ බැංගලෝරයේ තරු පංතියේ හෝටලයකදී...

වතුර බෝතලය පසෙක තැබූ රශිඳු සපත්තු යුවල ගලවා දමන්නට වූයේ නිදහස් දිනයේ ගත මෙන්ම සිතද පෙලා දමා තිබියදීය. අනෙක් සියල්ලෝම සිටියේ නව නායකයා සමඟ කතාබහේ වූ අතර දිමුත් ඔහුගේ ඉන්දියානු මිතුරන් දෙදෙනෙකු සමඟ පිටත ගතකරන්නට පිටත්ව සිටියේය.

තිවංක පැමිණ රශිඳු අසළින්ම වූ බංකුවේ හිඳගත්තේ කමිසය ගලවා දමමිනි.

" ඌගෙ කැටයම්.. !"

තිවංක කියූව වැඩි ගණනක් නොගත් රශිඳු ඔහුට යන්තම් බැල්මක් පා කලේ එය කීවේ කාටදැයි නිශ්චය කරගන්නට මෙනි.

".. අරූ බං.. අලුත් කැප්පා දුලිත්! උගේ ටෝක් කොහොමද ?"

රශිඳු ඔහු දෙස යන්තමින් බලා කට කොනකින් සිනාසී නිහඬ විය. දිමුත්ගෙන් උදුරාගත් නායකත්වය ලැබුනේ එදිරිමාන්නගේ සුරතලෙකු වූ දුලිත් අබේකෝන්ට මුත් රශිඳු ඒ ගැන කැරලි නොගැසූ මුත් කාගේවත් පැත්තක් ගත්තේ නැත. 

ඔහුට කණ්ඩායම තුල වූයේ වෙනත් පීඩනයකි. ඊට අමතරව නිර්මලී අවදානම් ලෙස ගැබ් ගැනීමත්, ඈ නැති පාළුවත් දැඩිව දැනේ. දින කීපයක් තිස්සේ නින්ද නොමැතිකමින් ඔහු පීඩා වින්දේ එබැවිනි.

".. ආහ්"

සිය මුහුණ ඉදිරියෙන් ආ දුම්වැටිය දෙසත් තිවංක දෙසත් දෙවරක් බැලූ රශිඳු තවත් නොසිතා තිවංක ලබාදුන් දුම්වැටිය අතට ගත්තේ දුම්වැටියක අවශ්‍යතාවය තදින් දැනුන නිසාය. එය දල්වාගෙන ඈතින් පෙනෙන පිහිණුම් තටාකය හා අලංකාර තණබිම දෙස බලාගෙන  දෙදෙනාම මද වේලාවක් එහි නිහඬව දුම් පානය කරමින් වල් පල් කතා කරමින් උන්හ. 

"මේ සීරීස් එක පට්ට ස්ට්‍රෙස් බං.. ඉන්ජරීස් වැඩී.. ප්‍රෙශර් එක වැඩී.. ඔක්කොම මැචස් ෆේල්... "

ඒ අතරේ තිවංක එසේ පැවසීමත් සමඟ රශිඳුගේ සිතට සහනයක් දැනුනේ තමා වන් තවත් අයෙකු ලෙස ඔහු දැනුන නිසාය. දිමුත් තමන් එසේ පවසන විට ' ගණන් ගන්න එපා මචං' කීමම හිතට එක්කරන්නේ ආතතියකි.

"හ්ම්ම්.. මටත් මේ වෙදර් එක හින්දද මන්දා නින්ද ගියේ නෑ.. බැක්පේන් එක හින්දා ෆුල් කැපෑසිටි එකත් නෑ. "

රශිඳුද එසේ පැවසුවේ නිරායාසයෙනි. රශිඳුගේ එලාම් එක වැදුනේ ඒ මොහොතේය.

" ආහ්.. Appointment එක.. මෙඩිකල් සෙන්ටර් එකට යන්න ඕන."

කිසිත් නොකී තිවංකද ඒ සමඟ නැඟී සිටියේය.

"අර තෙරපිස්ට් නේ?! කත්‍රිනා කයිෆ් වගේ ඒකි!. පට්ට ක$"

තිවංක රශිඳුගේ මුහුණ විමසිල්ලෙන් බලමින් පැවසුවේ දෙබැම ඔසවමිනි. රශිඳු කට කොනින් සිනාසුනේය.

"හ්ම්ම්.. "

කාන්තාවන් ගැන කතාකරන්නට තරම් තිවංක මිතුරෙකු නොවේ. ඊටත් ඔහු පෙර දිනයකදී නිර්මලී ගැන කියූ කට කැඩුනු කතාව රශිඳුට ඒ මොහොතේ සිහියට පැමිණියද එය එතරම් ලොකුවට සිතුවේද නැත.

දෙදෙනාම ඉන් අනතුරුව තවත් දේ කතා කරමින් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පිය නැඟූ අතර එහි පිවිසුම අසළ තිවංක මදක් තාවර විය.

" නින්ද යන්නෙ නැත්තං කේජී පාරක් ගහපං.. "

තිවංකගේ ඇස්වල ඇඳුනු අමුතු පෙනුම ඔහු නොදකින්නේ රශිඳු ඒ මොහොතේ දුරකතනය වෙත එබී ඒ සැනින් ආ instagram යාවත්කාලීන පණිවිඩයක් බැලූ නිසාය. පාළුව නිසා ඔහු වඩ වඩාත් instagram වලට ඇබ්බැහි වී සිටියේ නිරායාසයෙනි. 

රශිඳු එය ගණනකට නොගෙන යන්නට හැරුනේය.

".. උඹත් ඉල්ලපං ඒකි ගාව තියෙනවා "

" මොකක්ද "

" කේජී බං..! සුපිරි බඩු!!"

රශිඳුගේ දෑස දැල්වෙනු තිවංක ක්ශනයෙන් ග්‍රහණය කරගත්තේය. රශිඳුගේ ආතතිය ඔහුගේ අවධානයට ලක්වූයේ අද ඊයේ නොවේ. 'කේරල ගංජා වලින් හෝ සහනයක් ලැබේ නම් '  ඒ මොහොතේ දඩබ්බර සිත ඉල්ලා සිටියේය.

" පිස්සුද @ත්තෝ තෙරපිස්ට් ගෙන් කේජී ඉල්ලන්න? මාව ගස් යයි! අනික කෙල්ලෙක්ගෙන්?"

" මාත් අද ආවේ ඒක ගන්න තමයි බං. වරෙං මම ඉල්ලලා දෙන්න"

මදක් පැකිලුනද රශිඳු තිවංක සමඟ ඇතුලට පිවිසෙද්දී වෛද්‍ය මධ්‍යස්ථානය හිස්ව පැවති අතර ඇගේ පුද්ගලික කුටියේ පමණක් බල්බයක් දැල්වෙමින් තිබිණ.

".. ඉඳපං මම ඉල්ලලා දෙන්නම්... "

අනතුරුව තිවංක රශිඳු වෙනුවෙන් නොයෙකුත් දේ කියා අවසානයේ ඇගෙන් ගංජා සුරුට්ටුවක් ඉල්ලාගන්නට සමත් වූ නිසා දැනුනේ සහනයකි.

" රශිඳු අද appointment එක මම හවසට දාන්න හිතුවේ. මට උදේ වැඩ වගයකට යන්න තියෙනවා. කෝල් කලාට ඔයා ආන්සර් කලේ නෑනෙ"

නාඩියා මුකර්ජි සිය දෙබැම නටවමින් පැවසුවේ තිවංක දෙස බලා සිනාසෙමිනි. 

" එහෙමද? සොරි මම අද උදේ ටිකක් ඇහැරෙනකොට පරක්කු උනා"

රශිඳු දුර්වල ලෙස සිනාසෙමින් පැවසූ නිසා ඒ ඔස්සේ නාඩියා සහ තිවංක එකිනෙකා දෙස බලාගත්හ.

" මම කේජී දුන්නා කියලා මෙයා කියයිද මන්දා. "

ඈ තිවංකට පැවසුවේ නෝක්කාඩුවට මෙනි.

" නෑ නෑ පිස්සුද මූ මගේ ෆිට් එක. ඒ ගැන අවුලක් තියෙනවා නම් මම මූව ගේන්නෙ නෑනෙ බේබි"

" ඒ උනාට.. හ්ම්ම් එහෙනම් ඔයාලා මෙතන යූස් කරන්න. මම ටිකක් එළියට යනව. "

රශිඳු මදක් ඒ මේ අත ඇඹරුනත් තිවංක ඔහුට කලබල නොවන්නට පැවසුවේ නාඩියා නැවත යන අතරය.

" මෙතන සේෆ් බං.. රූම් එකේ අවුල්."

තිවංක සිටි නිසා චකිතය මදක් පහවූ නිසාත් අවශ්‍යතාවය නිසාත් රශිඳු ඊට වඩා කරදර වූයේ නැත. ආතතිය නැති වෙනවානම් ඒ මදෑ!

වෙනදාට වඩා මත් බවක් සහ විකාරී බවක් එන්නට ඇත්තේ ඉස්තරම් ගංජා නිසා බවත් සෑහෙන කාලයකින් භාවිතා කල නිසා කලින්ම තමන්ගේ පාලනය මදක් ගිලිහී යන බවත් වැටහුනු නිසා වැඩේ අතරමඟ නතරකොට නැඟී සිටියද කාමරයට යන්නට තරම් ශක්තියක් නොවූ නිසා රශිඳු එතැනම බිම වැතිරුනු බව යන්තම් මතකය. 

අනතුරුව කමිසයක් නැති තිවංකගේ නොටෝරියස් මුහුණත්,  නාඩියාගේ මුහුණ සහ ඇගේ නිරුවත් ලැම එහෙන් මෙහෙන් පෙනුනාද මතකය. සිනා සහ අමුතු ශබ්ද වලින් දෙසවන් පිරී යනවා දැනීම සිදුවූයේ මත්ද්‍රව්‍ය නිසා වන්නට ඇත. කුමක් හෝ කලබැගෑනියක් වූවා නම් විය හැකිය. නමුත් කිසිවක් මතක නැත.

සිහියක් එනවිට නැවත සිටියේ තමන්ගේ කාමරයේය. අත කැපී එයට බෙහෙත් දමා තිබිණ. නමුත් සිදුවූ දේ අසන්නට තිවංක නොසිටියේ ඔහු කුමක් හෝ හේතුවකට දින කීපයක්ම නොසිටි නිසාය.

සිත තුල ඇතිවූ ආතතිය , වරදකාරි බව හා වික්ශිප්තභාවය නිසා දිමුත්ට හෝ ඒ ගැන කියන්නට නොගියේ ඔහුගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගන්නට වන නිසා සහ වාසනාවට එදිනෙන් පසුව ඒ චිකිත්සකවරිය දක්නට නොලැබුනු නිසාය. නැවත ලංකාවට එනතුරුම ඒ ගැන කිසිවක් කිසිවෙකුත් ඇසුවේ නැත.

අනතුරුව ඔහු හැකි උපරිමයෙන් සාමාන්‍ය වන්නට උත්සහ කලා මතකය.


නමුත් මේ දක්වන වීඩියෝවේ සටහන්වී ඇති සියල්ලම සිදුවූවා නම්, තමන් අතින් සිදුවී ඇත්තේ බරපතල වරදකි. ක්‍රිකට් වලට නොවේ, තමන්ගේ ජීවිතයට එය මරණීය පහරකි. 

' සොරි baby girl.. මම මෝඩයෙක් වගේ එහෙම කලේ.. මම වීක් උනා.. මට ඕනේ කලේ මගේ ප්‍රෙශර් එක දරාගන්න. ඔයා පව් හිතලා මම කිව්වෙ නෑ.. ඔයාට කියන්නත් බෑ ඒ දේවල්, ඔයාට ඕනෙ තරම් දේවල් තිබ්බා අපේ පැටව් ගැන හිතන්න.. බලනකොට මට වඩා ප්‍රෙශර් එකක් ඔයා තනියෙන් දරාගෙන, මම වගේ විනාසයක් කරගෙන නෑ! '

දෝතම හිසකේ අතරින් යවමින් නොසන්සුන් ලෙස ඒ මේ අත යන රශිඳු දෙස දාබරේ මහතා බලා උන්නේ මැදහත් සිතිනි.

එහි ඇති නෛතික , වාර්ථාමය කරුණු වලට වඩා බැඳුනු හැඟීම් නිසා මේ තරුණයාගේ කම්පනය ඔහු හඳුනන්නේ නිර්මලී නිසාමය.

".. පුතා.. People say they men will forget what they've done after pulling on pants ( පිරිමින්ට තමන්ගේ කලිසම ඇඳගත්තාම තමන් කරපු දේ අමතක වෙනවා කියලා කතාවක් තියෙනවා ) ඒක ඇත්තම නෙවෙයි..."

" අංකල්.. මට විශ්වාසයි එක දෙයක්! මම එහෙම දෙයක් කලේ නෑ. ඒත් මට ඒක ඔප්පු කරන්න බෑ. ඒ වීඩියෝ කොහෙන්ද කියලා මම දන්නෙත් නෑ"

දාබරේ මහතා මදක් කල්පනා කලේය. 

--------------------------------------------

ජීවිතය.. දෛවය ..

ජීවිතය කෙතරම් දුෂ්කරද? දෛවය මෙතරම් කුරිරුද? නිර්මලී සිටියේ අභ්‍යන්තර සිදුවූ දරුණු කැපුමකින් තුවාලව නිසා ඈට දැනුනේ නිර්වින්දනය වී ඇති ලෙසකි. 

දරුවන් තිදෙනාගේ අවසන් රාත්‍රී කිරි වඩිය ලබාදී, වෙනදා මෙන් නැවත ඔවුන්ගේ නිදන කාමරයට නොගිය නිර්මලී, බේබි රූම් එකෙහි වූ අනෙක් තනි සයනයේ ඇලවූයේ නින්දක් අසළකවත් නොමැති නිසාය. යාබද කුටියේ දල්වා ඇති මේස ලාම්පුවෙන් පවසන්නේ අදත් රශිඳු නොනිදා පහන් කරන බවයි. 

' baby girl.. I'm sorry'

රශිඳුගේ බොරපාට ඇස්වල ඇති පසුතැවීම, දුක හා ප්‍රේමය ඈට හඳුනාගතහැකි වුවද ඇයට තවදුරටත් තනිව සිටින්නට අවශ්‍ය බව පැවසූ නිසා රශිඳු මදක් කල් දුන්නේය.

ඇගේ හදවත පැලී ලේ වහනය වන්නා සේ දැනෙද්දී ඈ ඉදිරියේ සිය විලිස්සාගත් සිනාවෙන් බලා සිටිනා රුවක් නැවත නැවතත් දර්ශනය විය.

' ඇයි ? ඇයි මේ මෙහෙම වෙන්නේ? ඉතිහාසය නැවත නැවතත් වෙන්නේ? '

අද මේ මොහොත දක්වාම සිත පැවසුවේ එකම දෙයකි. මේ විඳවීම අවසන් විය යුතුය. වේලාව දක්වන හෝරා යන්ත්‍රයේ ලුමිනස් පැහැයෙන් වේලාව පාන්දර දෙකට මිනිත්තු දොලහක් ඇති බව සටහන් කරමිනි.

ඈ සිය පැති මේසය මත නිහඬකොට තිබුනු ජංගම දුරකතනය අතට ගෙන ඇමතුමක් ගත්තේ වෙව්ලන සුරතිනි. පාන්දර නිසාමදෝ ඇමතුම සෑහෙන වේලාවක් නාදවී එහා පසින් නිදිබර නොවූ හඬක් කිසිඳු කලබලයෙන් තොරව මෙන් ඇසුනි. නිර්මලී දුරකතනය ඇගේ සවනට තදකොට ගත්තාය.

" යේස් මිසිස් ගෝකුල!"

ආඩම්බර බවින් සහ තැන්පත් බවින් පිරුනු ඒ කටහඬ නිර්මලී තවත් වේදනාවට පත්කලාක් මෙනි. 

" I want to meet you in person "

නිර්මලී සිය වෙව්ලන හඬ මදක් පාලනය කරගන්නට උත්සහ කරමින් පැවසුවේ රහසින් මෙනි. කිරිකැටියන් වෙනුවෙන් දමා ඇති මන්ද ආලෝකිත බල්බයේ එළිය මළානික ලෙස ඇගේ සයනයේ පසෙකට වැටී තිබුණ.

අනෙක්පස උන් ගැහැණියගේ මුවේ ඇඳුනේ සෙමෙන් සෙමෙන් මෝදුවන සිනාවකි. ඇගේ හඬ ඇසීමත් , අද මේ කරනා ඉල්ලීමත් විය යුත්තකි. 

" absolutely ! මම හොටෙල් ලොකේශන් එක එවන්නම්.."

" හ්ම්ම්.. මට තියෙන්නෙ පැයයි. උදේ දහයට එන්නම් එහෙනම්"

පිලිතුර ගැන වද නොවී ඈ ඇමතුම විසන්ධි කළාය. 

නිමන්තිකාගේ කපටි ඇස් හා තවත් ඇස් යුවලක් තමා දෙස බලා සිටිනවාක් මෙන් ඈට දැනුණි. 

සිනමාපටයක් මෙන් ඈ ඉදිරියේ මේ සියල්ල එකිනෙක සම්බන්ධ කරනා රැහැණ වූ දිනය දිගහැරෙන්නට විය.

.

.

.

අවුරුදු විස්සකට පෙර මලයාසියාවේ ක්වාලාලම්පූර් නගරයේ එක්තරා හොටලයක ලොබියේදී.... 

නිර්මලී හෝටල් පරිශ්‍රයේ භෝජනාගාරයට ඇතුළු වන මොහොතේම, ශාලාවේ කොනක සිටි කතක් අත ඔසවා ඇගේ පැමිණීම සනිටුහන් කරනවා ඇත. 

නිර්මලී කිසිදු චකිතයකින් තොරව නිමන්තිකා සිටි මේසය වෙත ඇවිද ආ අතර, ඇය නොදත් තවත් දෑසක් මේ හමුව දෙස බලාගෙනය.

"හායි නිර්මලී... ගොඩක් ස්තුතියි මගේ ඉල්ලීම පිලි අරගෙන අද නතර වෙච්ච එකට. "

නිර්මලී එයට පිළිතුරු දුන්නේ මද සිනාවකිනි.යි.

" වාඩිවෙන්න නිර්මලී.. "

නිමන්තිකාගේ මුහුණ දෙස එක එල්ලේ බැලූ නිර්මලී ආසනයක් ඇද එහි හිඳගනිද්දීම නිමන්තිකා යමක් තේරුම් ගත්තාය. 

" මට තියෙන්නෙ විනාඩි හතලිහයි මිස් නිමන්තිකා.. ෆ්ලයිට් එක කැච් කරන්න ඕන"

"හ්ම්ම්.. එහෙනම් අපි වැඩිපුර කාලය නාස්ති නොකර කෙලින්ම කතාවට එමු. මට එක පැත්තකින් මිසිස් ගමනායක දැක්කම දැනෙන්නෙ හිතාගන්න බැරි අමුතු හැඟීමක්.. ඒ මොකද කිව්වම..  ඔයා ඇත්තටම ඉන්නේ මායාවක.."

නිර්මලී මේසය මත දිවෙන ඇගේ දිගු ඇඟිලි දෙස වරක් බලා දෙතොල් තදින් පියවා ගත්තාය.

".. අනූජ ගමනායක කියන්නේ ඔයාගෙ හස්බන්ඩ් වෙන්න ඇති. නමුත් අනූජ කියන්නේ සල්ලාල, කුපාඩියෙක්! තමුන් අදහාගෙන හිටියට අනූජගෙ ඇත්ත තත්වේ දන්න කිසි කෙනෙක් එයාගෙ මරණෙන් දුක් වෙන්නෙ නෑ"

හදවත මැදට අතහැරි ඒ විසල් කොන්ක්‍රීට් බිත්තිය නිසා නිර්මලීට හුස්ම ගන්නට ප්‍රමාද වූවද, ඈ දෑස වසාගෙන සෙමෙන් හුස්මක් ඇල්ලුවාය. මේ කියන්නේ රේසිකා සමඟ තිබුනු සම්බන්ධය ගැනද? 

".. මිසිස් ගමනායක ඉස්සරහ උපාසකයෙක් උනාට අනූජ කියන්නේ කවුද කියලා බලාගන්න ලේසිවෙන්නත් ඉස්සෙල්ලාම මෙන්න මේ ෆොටෝස් ටික බලලා ඉන්න"

එතැන් පටන් සිදුවූ දේවල් සියල්ල හදවත මත ලාවා වත්කරන්නා සේ වුවද, නිර්මලී හැඟීමක් දැනීමක් නැතිව ඒ සියල්ල බලා; අසා සිටියාය. 

අනූජ ගමනායක , රේසිකා මාකඳුර සහ නිමන්තිකා අතර පැවති තුන්කොන් සම්බන්ධයට පින්තූර සාක්ෂි කී අතර නිමන්තිකා ඇගේ සුපුරුදු සෝපහාස ආඩම්බර සිනාවෙන් නිර්මලී දෙස එක එල්ලේ බැලුවේ මෙතරම් දේ පැවසුවත් අනූජට කිසිවක් නොකියන මේ යකඩ ගැහැණිය ගැන තමාගේ තක්සේරුව අවමදැයි සිතමිනි.

" නිර්මලී හිතන්නෙ මම බොරු කියනවා කියලද?" 

නිර්මලී හිස දෙපසට වැනුවේ නෑ කියන්නට මුත් එහි එවැන්නක් නොතිබිණ.

"... අනූජ ගත්තේ මගේ වර්ජිනිටි එක විතරක් නෙවෙයි. මගේ ජීවිතේම! මම අන්තිමට ගෙදරින් පැනලා ගියා.."

සංවාදය අතරතුර නිමන්තිකා එලෙස පවසද්දී නිර්මලී සුසුමක් සලා දෑසම වසාගත්තේ අවට ලෝකයම ඈ වටා භ්‍රමණය වන්නා සේ දැනුනු නිසාය.

දේවත්වයෙන් පිදෙන ඔහුගේ අතීතය එතරම්ම අඳුරු ඛේදවාචකයක් යයි නිකමටවත් දැන නොසිටීම පුදුමයක් නොවේ. අනූජ ඈ දැනගන්නා විට වයස දාසයක කෙල්ලකි. යාන්තම් විස්ස වනවිට විවාහ වූවා ඇරුනාම තමා ඔහු ගැන දන්නේ මොනවාද?

ඈ මද වේලාවක් කල්පනාවට වැටුණාය. අනතුරුව ගැඹුරින් හුස්මක් ගෙන ලය සැහැල්ලු කරගත්තාය.

" අද මට එන්න කිව්වේ මේව පෙන්නන්නද? සොරි... අනූජ මේ වෙනකොට ජීවතුන් අතර නෑ. ඔයා ඔය පෙන්නන්න හදන ඉමේජ් එක කිසිම තේරුමක් නෑ. මට මේ දේවල් ඇත්තටම වැඩක් නෑ. "

අනතුරුව ආසනයෙන් නැඟී සිටි ඈ නිමන්තිකාගේ දෙසට නැඹුරුව අපහසුවෙන් නඟාගත් සිනාවකින් මුහුණ සරසා ගත්තාය.

" සොරි මිස් නිමන්තිකා.. මට හරි කණගාටුයි ඔයාගෙ හැලහැප්පීම් තිබ්බ ජීවිතේ ගැන. ඒකට සම්පූර්ණයෙන් වගකියන්න ඕන අනූජ කියන දේ ඔයා කියනවා නම් මම ඒක චැලෙන්ජ් කරන්නෙ නෑ. "

නිර්මලී මේසය මත තිබෙන දුරකතනය වෙත නැවත නෙත යොමු කරන්නේ ඒ මත ඇති වීඩියෝව දෙස යලිත් වරක් බැලීමෙන් ආ ඉකිය වලක්වා ගනිමිනි.

"... මිස් නිමන්තිකා අද මාව හම්බෙන්න ආවේ මට මේ වගේ දෙයක් පෙන්නලා මොකක් බලාපොරොත්තුවද කියලා මට තාම තේරුම් ගන්න අමාරුයි.. ඒත් මම එක දෙයක් දන්නවා.. මගේ හස්බන්ඩ් මට ගොඩක් ආදරේ කලා. එයා දැන් නෑ.. ඒකට වගකියන්න ඕන ඔයාලා.. නෑ. මම ඔයාල මිනීමරුවෝ කියලා පොලිසියට කියන්නෙ නෑ. මම ඒ ටයිප් නෙවෙයි. නමුත් කියන්න කණගාටුයි ඔයා වගේ well known ,strong ලේඩි කෙනෙක්ට ගැලපෙන්නේ නෑ මේ වගේ වැඩ.."

නිමන්තිකාගේ පුලුටු වී ගිය මුහුණ දෙස බලා ආපසු හැරුනු නිර්මලී , තත්පරයෙන් ආපසු ඈ දෙස හැරී බැලුවාය.

"...and No. I can not help you. Afterall , he will still be my beloved husband forver ( ඔබට උදව් කරන්න අමාරුයි. කොහොමත් සදාකාලිකව එයා මගේ ආදරණීය ස්වාමියා වෙලා ඉඳීවි.) "

නිමන්තිකාගේ මුහුණේ ඇඳුනු පරාජය මහා වෛරයක්ව නැඟී ආවේ ඈටද පාලනයකින් තොරවය.

".. For the fact.. I will not give up his business and will be stronger..( මම එයාගෙ ව්‍යාපාර අතාරින්නෙ නෑ. ඒ වගේම මම තවත් ශක්තිමත් ) අනූජ නැති උනාට එයාගෙ හීන මම හැබෑ කරනවා. මිස් නිමන්තිකා.. මිසිස් ගමනායක ඒක ඔයාට සහතික කරනවා"

 තමා මේ දැන් ඉස්තරම් වර්ගයේ වෛරක්කාරියක ඇතිකර ගත් බවට ඈ ඒ මොහොතේ ගණනකට නොගත්තාය. ඊට වඩා රිදවුනු බිරිඳක් ලෙස ඈ අවි අමෝරාගෙන සිටියාය.

ඒ සමඟම නිර්මලී පසුපසින් සිටගෙන සිට එකවරම ඈ පසෙකින් මතු වූයේ රේසිකා මාකඳුරය.

ඔව්! රේසිකා මාකඳුර.. තමන්ගේ වැන්දඹු බවට හේතුව හෙවත් අනූජ ගමනායකගේ මරණයට වගකිවයුත්තිය!! විශ්මයජනක ලෙස ඇගේ රූ සපුව වියැකී ගොස් තිබුනු අතර කම්මුල් වලගැසී, ඇවිදින ඇටසැකිල්ල ඈ හඳුනා ගත්තේ රේසිකාගේ දිගු නාසය නිසාමය.

රේසිකා වහා සිය අවුකණ්නාඩි පැළඳගත් නිසා, ඇගේ හැඟීම් කියවීම උගහට මුත් ඇගේ නෙත හා බැල්ම තිබුනේ නිර්මලීගේ වත දෙස‍ය. ඒ වනවිට නිර්මලීගේ දෑසින් කඳුළු ගුලි දෙකක් කම්මුල් ඔස්සේ බිමට වැටී අවසානය.

" ඇයි අනූජව මැරුවේ රේසිකා? ම-ගේ අනූජව? මට ගොඩක් ආදරෙයි එයා.. මාව මැරුවත් ආයෙමත් ඔයාට ලැබෙන්නෙ නෑ අනූජව. ආත්ම ගානක් ගියත් එයා මගේ තමයි ! 

උත්තරයක් ඕන නෑ මට. අනූජගේ ගෑවිච්ච දෙයක්වත් මම දෙන්නෙ නෑ ඔයාට. එයා මගේ! ඇත්තටම මගේ!!

අන්න ඒ ටික කියන්න තමයි මට ඔයාව දකින්න ඕන කලේ.. "

රේසිකා කිසිවක් කියන්නට මුව විවර කලත් ඇගේ මුවින් කිසිවක් පිටවූයේ නැත.

අනතුරුව දෙදෙනාම දකින්නේ ඔවුන් වෙතින් ඉවතට ඇවිද යන නිර්මලී ගමනායක දෙසයි.


ඉන් වසර විස්සක් පසුවනවිට අධික බීමත්කම නිසා රේසිකා ඉක්මනින්ම ජීවිතයෙන් සමුගෙන තිබුනද, පලිගැනීමේ සිතින් උන් නිමන්තිකාගේ පළමු ඉඟිය නිර්මලී වෙත ලැබෙන්නේ ඇගේ විවාහය සිදුවූ දිනයේදී පැමිණි මල්කළඹ අතුරෙන් දුරකතන අංකය සඳහන්වූ සටහනක් ඇති නම් පතකිනි.

නමුත් ඇගේ ප්‍රහාරයට ඉලක්කය රශිඳු බව ඈ සිතුවේම නැත. 



---------------------- මතු සම්බන්ධයි ------------------------

2 comments:

  1. පැයෙන් පැයට බල බල හිටියේ ඕ0 .....දැන් තමයි ටික ටික ලිහෙන්නේ.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...