Sunday, July 17, 2022

340: උන්මාද චිත්‍රාදෝ මා 72



" තමුසෙ හිතුවද මට පිස්සු කියල?"
අසලංක සෝපහාස බැලුමෙන් තමා ඉදිරියේ රුදුරු ලෙස ඔරවාගෙන සිටි අසේකා දෙස බලා කට කොනට සිනාවක් නඟා ගත්තේ සිය ඉහවහා යන කෝපය තවදුරටත් පාලනය කරගන්නට නොහැකිව ඈ ඒ මේ අත බලද්දීය.
" තමුසේ... තමුසෙ මහ තිරිසනෙක්!"
ඈට තමා ගැනම දැනුනු ආත්මානුකම්පාවෙන් දෑසම බොඳව යද්දී අසලංක ඈව ඊට අවුරුදු ගණනාවකට පෙර අතීතයකට රැගෙන යයි.
" අසේකා... මේක කොහොමද ඔයාට suprise එකක් වෙන්නෙ? ආ?? තමුන් කැමැත්තෙන් නේද මාව මැරි කලේ? මැරි කරන්න කලින් මම පැහැදිලිව කිව්වා මගේ තීරණේ..  දැන් මැරිලා ඉපදිලා වගේ මොකද මේ?"

ඒ ස්වරයේ ඇති සන්සුන් ස්වභාවයම අසේකාගේ හිස අවුල්කොට තිබේ. ඔහු කියන්නේ සත්‍යයක් බව ඈ දනී. 

"... අසේකා මේ! තමුන් තමයි ඒකට කැමති උනෙත්.. ඊටත් පස්සේ දරුවෙක් ඕන නිසා තමුන්මයි අනික් හැමදේටම කැමති උනේ. දරුවට මාස දෙකක් වෙනකොට මේ ඔක්කොම දමල ගහලා boyfriend එක්ක පැනල ගියෙත් තමුන්මයි. ( සෝපහාස ලෙස සිනාසෙමින්) ඊට පස්සෙ මැරිලා ඉපදිලා වගේ ඇවිත් මගේ අම්මලා රවට්ටගෙන නටපු සේරමත් මම ඉවසුවා."

අසේකා මුහුණ හංගා ගත්තේ දනුක විසින් අතටම අල්ලාගත් සිය පෙම්වතා ගැන ගින්නෙන් මේ වනවිට සියල්ල ඇවිලී ගොස් හමාර බැවින් ඇතිවූ පරාජිතබව නිසාය.
අසලංක මේසය මත වූ පෑන සිය දබර ඇඟිල්ලෙන් වට කීපයක් කැරකුවේය.
"..  තමුන්ගෙ තාත්තගෙ කැමැත්ත හරි අකමැත්ත හරි ගන්නෙක මගේ වැඩක් නෙවෙයි. ඒ මනුස්සයා මැරුනාම ජේනුගෙ භාරකාරයා විදියට මට ඒ දේවල් ලැබෙයි. තමුසෙට ඕනේ දේපල නම් ඒක ගන්නවා! ජේනුව දෙන්නේ නෑ!! එච්චරයි!!!"

අසේකාගේ දෑසින් කඳුළුත් ගින්දරත් එකවර පිටවන්නා සේය.
" තමුසෙ වගේ බල්ලෙක්! මාව යූස් කලා!!"
අසලංක හඬනඟා සිනාසුනේ වියරුවෙන් මෙනි. 
" තමුන්ට මම කලින්ම කිව්වා.. අනික.. තමුන් මගේ එක්ක කලේ අන්තිම ජරා සෙල්ලමක්! ඔව්.. මම යූස් කලා.. "
අනතුරුව වහා සිය අසුනෙන් නැඟිට අසේකා අසලට වේගයෙන් ඇවිද විත් ඈ දෙස එක එල්ලේ බැලුවේ තීරණාත්මක ලෙසිනි.
"... මාව යූස් කරනවට වඩා ඉක්මනින් මම තමුන්ව යූස් කලා.. තමුන් ඩිවෝස් එක දෙන්න ඕන! ජේනුගෙ කස්ටඩි ඉල්ලන්න හිතන්නවත් එපා! තමුන්ගේ තාත්තත් එක්ක දෑවැද්ද ඕනෙ හැටියකට බෙදාගන්නව!! මේ අසලංක කියන්නේ ගෑනිගෙන් කන මිනිහෙක් නෙවෙයි.. අනික තමුන් වගේ තුට්ටු දෙකේ තොරොම්බලයක් ගාව නැවෙන එකෙකුත් නෙවෙයි "

අසේකාට දැනුනේ සියල්ලම විනාශවී ගිය පරිද්දෙනි. ඈ සෑම අතින්ම සිරවී ඇත. සිය දෙමවුපියන්ට පවා සත්‍ය කියන්නට නොහැකි වූයේ පෙම්වතා සමඟ හසුවීමෙන් පසුව ඒ ගැන දැනගත් කම්පනයට හෘදයාබාධයකින් මේ වනවිට රෝහල්ගතකොට සිටිනා සිය පියා නිසා සියල්ලන්ම තමා සමඟ වෛරයෙන් සිටිනා බැවිනි. 

' මේ මිනිහා මාව ලස්සනට හිරකලා.. මට ඕනෙ නැති උනාට බබෙක්ට මාව හැම පැත්තෙන්ම තද කලා.'
අසේකා හිතින් සාප කරන්නට වූවාය.

' බැඳලා දරුවෙක් මල්ලෙක් ඉන්නකොට ඔය ඔක්කොම ඇරිලා යයි මිසිස් මිහිඳුකුලසූරිය.. ඒකමයි මම මේ දේපලත් එහෙම ලිව්වෙ.. නැත්තං මුං දෙන්නා මේක සුළුවට ගන්නවා'

සිය පියාට අවශ්‍යව තිබුනේ කෙසේ හෝ ධනවත් ,කඩවසම් අසලංකට තමා විවාහ කරවා දීමටය. ඔහුගේ බංකොලොත් බව අසලංක දන්නා බවක් ඔහු දැන සිටියේ නැත. තමා ගැසූ ගැටයට හසුවූයේ තමාගේම දුව බව මේ වනවිට සහසුද්දෙන්ම දන්නේ අසේකාගේ පියාය.

පියා විසින් සියල්ලම මුනුපුරාට පවරා තිබීම නිසා පෙම්වතා පැවසුවේ දරුවා ලැබීම හොඳ බවයි. 

නමුත් ඇතිවූ පීඩනය නිසා දරුවා කෙරෙහි කිසිම බැඳීමක් නොමැති ඈ දිවිනසාගැනීමේ තැත නිසා පෙම්වතා රැගෙන ගියේ එතරම් දුරදිග සිතා නොවේ. 
ඒ වනවිට අසලංක සෑම අතින්ම වරදකරු බවට සැවොම පැවසීම නිසා වාසිය තිබුනේ තමන්ටය. දරුවාගේ මව තනතුර නිසාත් නිර්මලී නම් ගැහැනිය එලවා ගැනීමේ ප්‍රයත්නය නිසාත් නැවත තමාට ලැබුනු ඉඩත් දැන් ගිලිහී ගොසිනි. 

දික්කසාදය ලබා දෙනවාට වඩා වෙනත් විකල්පයක් නැත. 
" තමුසෙගෙ අර හොර ගෑනි... ඕකි තමයි මේ ඔක්කොම කලේ.. කොටින්ම.. කොටින්ම මගේ හනිමූන් එකේදි.."
අසේකා කොටි දෙනක මෙන් අසලංකගේ ඇඟට පැන්නේ අනපේක්ෂිතව ය. 
" අසේකා!!!!"
ක්ශනයෙන් අසේකාගේ ගෙල තද වූයේ අසලංකගේ වෙව්ලන අතෙනි. ඈට ඉබේටම අසලංකගේ කමිසය අතහැරුනි.

".... නිර්මලී ගැන තමුසෙගෙ ඔය හැකර කටෙන් තව එක වචනයක් කිව්වොත් තමුසෙව මම අදම ඉවරයක් කරනවා!! තමුන් දන්නවනෙ මගේ හැටි?? දැන් යනව යන්න මගේ ඇස් දෙකට පේන්නේ නැතිවෙන්න"

සිරවූ ගෙල නිසා කැස්සක් එත්ම ඈ අල්ලා දොර දෙසට විසිකල නිසා දොරේ වැදී තරමක හඬක් නැඟුනි.

තවත් විනාඩි කිහිපයකින් අසේකා සිය කාර්‍යාලයෙන් පිටත් වූ සැනින් පුටුව මතට කඩා වැටුනු අසලංක දබර ඇඟිල්ල සහ මටපට ඇඟිල්ල සිය නළලට තෙරපමින් හිස ඒ මේ අත සැලුවේ තමන්ගේ මධූසමය රාත්‍රිය සිහිවෙමිනි.

තමාගේ සිතට ඒ අදහස පළමුවෙන්ම පැමිණියේ එදිනයි.
------------------------------------------------

කොවිඩ් වසංගත තත්වයෙන් ලෝකය පුරාම ඇතිවූ කැළඹීම නිසා IPL තරඟාවලිය වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගෙනයන්නට තීරණය කලේ සියල්ලන්ම දැඩි පීඩාවකට පත් කරමිනි. 
ඉන් වඩාත්ම පීඩනයට පත්වූයේ රශිඳු ගෝකුල බව පෙනුනද, එයට හේතුව දන්නේ ඔහුත් නිර්මලී ගෝකුලත් පමණක් විය.
තරඟය ගැන ඔහුගේ අවධානය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇති බව වැටහුණු දිමුත් ඒ බව වහා නිර්මලීව දැනුවත්කොට තිබුනේ මේ දඩබ්බරයා නිවන්නට ඇති ලේසිම මග එය බැවිනි.

නමුත් නිවසට ආ මොහොතේ පටන් රශිඳු ගිනි පිඹිමින් සිටියේය.

" රශී.. ඉතින් එක්කෝ මම මෙහෙ ඉඳලා ට්‍රීට්මන්ට් කරන්න ඕන.. නැතිනම් පස්සේ දවස.."
" පිස්සුද? ඒ දෙකම හරියන්නෙ නෑ.. මම.. මම එහෙ තැනක් හොයන්න කිව්ව ඩොක්ටර්ට.. හදිස්සියේ එහෙම appointment ගන්න බෑලු.."
රශිඳු මෙතරම් කලබල වන්නේ ඇයිදැයි නිර්මලීට වටහාගත නොහැකි විය. වෛද්‍යවරිය හමුවී පැමිණි දා සිටම රශිඳුගේ හැසිරීම මදක් අසාමාන්‍ය වෙමිනි. 
වෙනදා තැනක් නොතැනක් නැති ඒ ඇවිලීමට රශිඳු වාරණ දමාගෙනය. රෑ බෝ වනතුරු instagram හි කෙලවරක් නොමැතිව  නොයෙකුත් දේ බලන ඔහු වෙත ගොස් නින්ද යන්නේ නැති බවට ඇවිටිලි කලද , විටෙක ඔහුගේ ඇකයේ තමා නිදා වැටෙනතුරු නොඑයි. නොඑසේ නම් ඉබේම නින්ද ගිය සයනයේ ඈට නොදැනෙන්නට අතොරක් නැතිව සිපගනී. බරැති සුසුම් සළයි.
".. ඔයාව ඉන්ඩියා දාලා යන්න බෑනෙ.. "
රශිඳු නිර්මලී දෙස වරක් බලා වේගයෙන් ඇසිපිය සලන්නේ ඉවත බලාගෙනය. හෙට දවසේ ඔවුන් සියළු දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පියාසර කළ යුතුය.
නිර්මලී සෙමෙන් ඇවිද විත් රශිඳුගේ බඳ වටා දෑත යවා ඊට බර වූයේ පපුවේ ඉහලින් දෙතොල් තබමිනි.
" රශී... "
" හ්ම්.."
වරක් දෙකක් උත්සහකොට ඈ ඒ දෑස තමන්ගේ දෑසින් අල්ලා ගත්තේ ඇගේ ඒ බැල්මෙන් මිදීම ඔහුට අපහසු නිසාමය.
"මේ වෙලාවෙ ඔයාගෙ ෆෝකස් එක ඔයාගෙ මේ ටූනමන්ට් එක.. රිලැක්ස්.. මම හොඳින් ඉන්නවා රශී.. ඇයි මේ?"
එකවරම තමන්ට දුම්වැටියක අවශ්‍යතාවය දැනුන නිසා රශිඳු මදක් නෙත් ඉවත් කරගන්නට උත්සහ කලද, නිර්මලී ඊට ඉඩක් දුන්නේ නැත.
".... මගේ හොට් ඇන්ඩ් ස්පයිසි හස්බන්ඩ්ට රිලැක්ස් වෙන්න පොඩි උදව්වක් කරන්න පුලුවන්.. "
රශිඳු හිස දෙපසට වැනුවේ මේ කෝලම් නිසාය. කීයද බං උඹේ වයස??

අනතුරුව පසෙක තිබෙන දුරකතනයෙන් වේගවත් සංගීත රිදමයක් වයන්නට හැර දැමූ නිර්මලී ඒ තාලයට ඉඟ නලවමින් සහ කැරකෙමින් සිය ඇඟලුම් එකින් එක ඉවත් කරන්නේ , වේගයෙන් වෙනස්වන රශිඳුගේ මුහුණ එකවරම සිහින් වූ දෑසකට පරිවර්තනය වී වහා පැන ඇගේ බඳෙන් අල්ලා පෙරලාගන්නා විට සිහින් හඬින් සිනාවක් දක්වමිනි.

' මායාකාරි මගේ! '
--------------------------------------------

අතොරක් නැති දුරකතන ඇමතුම් සහ පිලිතුරු පොරොත්තු වන විද්‍යුත් ලිපි රැසක් අවසානයේ හෙම්බත් වූ නව්‍යා හිතාමතාම සිය සවස කාර්‍යාල ප්‍රවාහනය මගහැර , සෙමෙන් අසළ වූ ගොඩනැගිල්ලේ ඇති කෝපි අවන්හලට ගොඩවූයේ නිදහසේ කෝපි බොන්නටත් වඩා හිත හිතාමතා රිදවාගන්නටය.
මෝකා කෝපි කෝප්පයක් සමඟ ඩාක් චොක්ලට් කේක් කැබැල්ලක් ඇණවුම්කොට නව්‍යා තනි රවුම් මේසයේ කොනක හිඳගනිද්දීම ඈට හිරාන් හා මෙහි පැමිණීම සිහියට නැඟීම වලක්වනු නොහැකි විය. 

ඔහුගේ ගැඹුරු ඇස් සහ ගුප්ත බැල්මට තමා එතරම් ප්‍රිය කලේ මන්දැයි විටෙක පුදුම සිතේ. 
" තමන් ආදරේ කරන කෙනා තමන්ට ආදරේ නැති එක මහ කරුම වේදනාවක් හලෝ... මට තමුසෙගෙ දුක තේරෙනව. ඒ මොනවා උනත් ජීවිතේ ඉස්සරහට යනවා. අපේ වගකීම් අපිව ශක්තිමත් කරනවා"
මීට දින කිහිපයකට පෙර සිය සොයුරිය සමඟ වූ සංවාදය සිහිවී නව්‍යා සුසුමක් සැලුවාය.

සිට නැගණිය ඉතා උනන්දුවෙන් එම පාඨමාලාවේ වැඩ කටයුතු කටන බව දැනී ඈට දැනුනේ සතුටකි. විටෙක ප්‍රේමය විසින් අයෙකුගේ ගමන අඩාල කරද්දී තවත් කෙනෙකුගේ ජීවිතය බබලවනු ඇත.
රශිඳු ගෝකුල කෙතරම් වාසනාවන්තද? 

".. මිසිස් ගමනායකට අපේ සර් මැරෙන්න හදන්නේ නිකං නෙවෙයි නව්‍යා. අවුරුදු විස්සක්ම බලාගෙන හිටියා කියන්නේ ලේසි නෑ.. සිරාවටම ලව් තමයි! සර් එහෙම යකෙක් වගේ නපුරු උනේ ඔය අසේකා මිස් බැන්දට පස්සෙ. අපි ඔක්කොම පුදුම උනා හිටි හැටියේ බැන්දම. "
එයත් එක්තරා අහිමිවීමකි. 
දුරකතනයට ආ කෙටි පණිවිඩය දුටු සැනින් නව්‍යාගේ සිත බර විය. එය සුපුරුදු සවස කෙටි පණිවිඩයයි. 
' සත්‍යා කෙල්ල transport එකේද?'
නව්‍යාට දැනුනේ අනුකම්පාවකි. තමන් ඩිලෝන්ව රවටනවාද? ඔහු තමා වෙත ලබා දෙන්නේ රැකරවණයකි. අයිතියක් ගැන කතා නොකලද ඔහු හැසිරෙන්නේ ඔහු තමා අයිතිකරගෙන මෙනි. එහි බලහත්කාරයක් නැති වුවද, පොඩියට දැනෙනා කොලුකමක් ඇත. පියෙක් නොමැති ඈට එය මහ මෙරක් සේ දැනේ.

 පෙර දිනයේ විවාහ උත්සවය තුලදී වූ කලබැගෑනිය විසින් දැනුන ලැජ්ජාව ඉදිරියේ වඩාත් අසරණ වූයේ හිරාන් ය.
" පාඩුවෙ පැත්තකට වෙයං මචං.. ගෑනුන්ට කියලා හුරතල් කරවගන්න ඕන නම් වෙන කෙල්ලෙක් හොයාගනිං.. ඇඹලයා වගේ පෙරන්නෙ නැතුව"

බිමට වැටෙන්නට ගිය හිරාන් වත්තන් කරන්නට ගිය ඈ අතින් ඇද පසෙකට කල ඩිලෝන් , දවා හළු කරන බැල්මක් හිරාන් දෙසත් ඔහුගේ මිතුරා දෙසත් හෙලා තමාවත් ඇදගෙන ගිය හැටි සිහිවන විට හිරාන්ගේ මුහුණේ ඇඳුනු අසරණකම හදවත කීතුකොට දැමුවේය.

අනතුරුව දින කීපයක් සේවයට වාර්ථා නොකල ඔහුට නිර්මලී විසින් පැවරූ නව ව්‍යාපාරයේ වැඩ ආරම්භ කලබව ඈ දැනගත්තේ වෙනත් මාර්ගයකිනි. හිරාන් තමාව ප්‍රතික්ශේප කරන්නේ නම් තමාට කැමති අයෙකුට ලංවීම ඔහු රිදවන බව කීම සරළ ඊර්ශ්‍යාවක් පමණකි.

කල්පනාවේ නිග්මනව උන් ඈ බිමට නැඹුරුව තිබුනු නෙත එකවරම ගැටෙන්නේ හුරුපුරුදු පාවහන් යුගලකි.

------------------------------------------------
මේ අතර කොළඹ එක්තරා ප්‍රසිද්ධ  අවන්හලක අඳුරු මුල්ලක...

මේසය මත තිබෙන තොරතුරු අඩංගු දුරකතනය දෙස මද වේලාවක් ඔරවාගෙන සිටි මිනිසා ඊට එපිටින් සිටි තවත් අයෙකු දෙසට ඒ බැල්ම පා කරන්නේ ඔහුගෙන් එන තීන්දුව බලාපොරොත්තුව මෙනි.

".. කොවිඩ් නිසා බබල් එක කැඩුවා කියලා පටන් ගන්න.. මොකද එහෙම ගමනක් යන්න බෑනෙ කියන්නෙ නැතුව"

" ගිහින් තියෙන්නේ කාව හම්බෙන්නද කියලා නම් තාම තහවුරු කරගත්තෙ නෑ. ගෑනිත් එක්ක ගිහින් තියෙන්නේ"

" හ්ම්ම්ම්.."
එදිරිමාන්නගේ දෑස දිලිසින.

".. පොසිටිව් කරන්න.. "
අනික් දෙදෙනා තමාට ඇසුනේ නිවැරදි දේ දැයි මදක් විමතියෙන් බැලුවේ එදිරිමාන්නගේ හැඟීමක් නැති බැල්ම කියවන්නට උත්සහ කරමින් මෙනි.

" සර්?"
" IPL නැති උනා කියලා ලංකාවෙ ක්‍රිකට් වැටෙන්නෙ නෑ අයිසෙ! ඊටත් ගෝකුලයාට තව කල් තියෙනවා. ඩුබායි එයාපෝට් එකෙන් කෙරුනාම ඇති. මෙහෙතාට වැඩේ බාර දෙනවා. ඌ ගානට කරයි"

ඉතිරි තිදෙනා එකිනෙකා දෙස බලාගෙන නොසතුටෙන් මෙන් බිම බලාගත් හ.

" රශිඳු සිරා බුලට් එකක් සර්.. ඌට IPL එකේ සෑහෙන්න අවධානය තියෙනවා. ඌව බාගන්න එක ඊට හොඳයි කියලා මට හිතෙන්නෙ. "
" හෙහ්! ඌ අවුරුදු විස්සක කොල්ලෙක් කියලා පෙනුනට, උගේ ගෑනි ඌ බාගන්නකල් ඉඳී කියලා හිතනවද? ඒ ගෑනි එහෙම ගන්න බෑ. මූට වටින්නේ career එක. "
මේ නම් එදිරිමාන්න අල්ලන්නේ වෙනත් කුහකකමක් බව තේරුම් නොයන්නට තරම් ඉතිරි දෙදෙනා අත දරුවන් නොවේ.

හිසින් කල ඉඟියෙන් එකිනෙකා වෙත සංඥා කරගත් දෙදෙන එතැනින් පිටව යන්නේ , තවත් මත්පැන් වඩියක් එදිරිමාන්න ඉදිරියේ වූ වීදුරුවට පිරවෙද්දීය.

' ප&$ වේ@!! උඹ හිතුවද මේ එදිරිමාන්න ඒ කම්මුල්පාර අමතක කළා කියලා ?? උඹගෙ හෝටලේ මම දානවා කැසීනෝ එකක්..  හහ්... නෑ ඒක මසාජ් ක්ලිනික් එකක් කරලා.. උඹව එතන වැඩට ගන්නවා! '

දිලිසෙන ඇස්වල නලියන ගිනි පුපුරු අතුරින් එදිරිමාන්න මීට වසර ගණනාවකට පෙර සිදුවු ඒ සිදුවීම නැවත සිහි කැඳවන්නේය.

එදින ඇමතිවරයාගේ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රවර්ධන වැඩ සටහන් පවත්වා , ඊට සමඟාමීව පැවති ප්‍රිය සම්භාෂණයට ඈ පැමිණි බව දැනුනේ පිරිමින් කිහිප දෙනෙක්ම දෙතුන් වරක් බලමින් මල් මල් සිනා සලන්නට වූ නිසාය.

අනූජ ගමනායකගේ මරණයෙන් පසුව නිර්මලී ගමනායක මෙවන් සම්භාෂණයට සහභාගී වූ පලමු වතාව වන්නට ඇතත් ඈ සිටියාටත් වඩා පියකරුව පෙනුනේය. 
වාත්තු කලාක් වැනි ඒ සිරුරට රහසින් ලොබ නොබඳින්නට තරම් තමන් ශාන්තුවරයෙකු නොවේ. අනූජ ගමනායක ජීවත්ව සිටි කාලයට වඩා දැන් තම ධනයෙන් සහ බලයෙන් සවිමත් වන අතර අවශ්‍ය ඕනෑම විටෙක තමන් සමඟ එන්නට නිළියන් බොහොමයක් නොපැකිලෙයි. 
ඉතින් ඈ වැනි වැන්ඳඹුවක් මහා කජ්ජක්ද?
හිතවත් ව්‍යාපාරිකයින් සතුටු සාමිච්චියේ උන් කවයට එක්වී ඈ හා මදක් කතා කරද්දී ඒ මේ අත විහිලුවක් දෙකක් පාවී ගියේ නිර්මලී ඒවාට සිනාසී පමණක් ප්‍රතිචාර දක්වමිනි.
' ඒවාට හිනා වෙනවානම් ඉතින් අවුලක් ඇත්තේම නැත'

".. මිස්ට එදිරිමාන්නගේ බිස්නස් ඔක්කොම නැග්ගේ ඩිවෝස් උනාට පස්සෙද කොහෙද"

මිතුරෙකු නැඟූ සරදමට වටා උන් පිරිස සිනාසෙද්දී එදිරිමාන්න එකවරම නිර්මලී දෙස බැලුවේය.
" අනිත් ඒවත් නගින්නේ අපේ තමයි බං හොඳටම! නේද නිර්මලී ?"

නිර්මලී එකවරම ගල්ගැසී ගිය අතර ඈ අසළම සිටගෙන වෙනත් අයෙක් හා කතාවේ උන් හිමාල් එය ඇසීමෙන් තමන් අනුභව කරන්නට මෙන් බැලූ හැටි තාම මතකය. 
ඒ සමඟ උත්සව සභාවට අගමැතිතුමා පැමිණි හෙයින් පිරිස විසිර යාම වූ නමුත් අත ඇති වීදුරුව තදින් ග්‍රහණය කොටගෙන බියවී සිටිනා අවිහිංසක ඈ දැක දඟකාර කොලු සිතක් පහළවූ නිසා පියවරක් ඉදිරියට තැබූ ඔහු නිර්මලීගේ කනට ලංවිය.

"... මොකද කියන්නේ? නිකන්ම තියෙන එකේ"
එසැනින් වැදුනු අනපේක්ෂිත කනේ පහර වැඩි දෙනෙකුගේ අවධානයක් නොලැබුනද හිමාල් පැමිණ නිර්මලී අල්ලා ඔහුගේ උරයට තෙරපා ගැනීම කීප දෙනෙකුම දැක තිබිණ.
" මොකක්ද කිව්වෙ බල්ලො?"

සිද්ධිය සමනය වූයේ නිර්මලී වහා හිමාල්වත් ඇදගෙන එතැනින් ඉවත්ව ගිය නිසා වුවත් , ඈ එදින නයාට දණ්ඩෙන් පහර දුන් බව වැටහුනු නිසාදෝ පසුව හමුවන සෑම විටකම ඔහු දුටු සැනින් ඉවත්ව යන්නට උත්සහ කළාය. 
අවසානයේ රශිඳු ගෝකුල බලන්නට ඈ පැමිණ ප්‍රේක්ෂකාගාරයේ  හිඳගත්තේ නොවිසඳුනු ඒ පලිය අවසන් කිරීමට තමාට අවස්ථාවක් ලබාදෙමිනි.

' මහ ලොකු පත්තිනි අම්මා.. පොඩි කොල්ලෙක්ට $සි වෙලා දැන්!'

----------------------- මතු සම්බන්ධයි --------------------

4 comments:

  1. හරි ටැංකිව් සුදු. 72ත් කියෙව්ව. නියමයි. ඔන්න මතක තියාගන්න ඊ ළඟට දාන්න තියෙන්නෙ 74 හොඳේ.

    ReplyDelete
  2. හරි හරි
    දැනුයි හොඳටම තේරුනේ
    අර කොළ ටික ලිඛිතා නෝන නෙවෙයි වෙන කවුරු හරි තමයි අහුලලා තියල තියෙන්නේ.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...