Monday, July 4, 2022

336: උන්මාද චිත්‍රාදෝ මා - 68 web version



මේසය මත හිස ගසාගෙන උන් ඔහු වෙත චකිතයෙන් මෙන් ලංවූ නව්‍යා මදක් වටපිට බැලුවේ හේතුවක් ඇතිවය.

" මි.. මිස්ට දල්පදාදු ?"

හිරාන් දුන්නක් සේ කෙලින් වී සිටගත්තේ යන්ත්‍රයක් මෙනි. ඔහු එහෙට මෙහෙට වැනුනේ නව්‍යා මදක් බියපත් කරවමිනි. 

" ඕව්! මිට්ට ඩල්පඩාඩු තමයි ! මොකද මිශ් නව්‍යා.. හුටා සර්නේම් එක මතක නෑහ්"

ඔහුගේ හඬ පමණට වඩා උස් වූයෙන් නව්‍යා තැති ගත් අතර ඔහුගේ මිතුරා කවීශ වහා හිරාන් අසළට පැමිණ යුවතිය දෙස රවා බැලුවේ ඈ හඳුනාගනිමිනි. 

" ඇයි මේ? මෙච්චර බීලා?"

නව්‍යා පහත් හඬින් ඇසුවේ වචනයේ අකුරු අතරින් පවා හුස්ම අල්ලමිනි. කාලවර්ණ හිරාන් සිටියේ සිය කැරළි කොණ්ඩය පවා අවුල් කරගෙන නිසා පෙනුම එතරම් හොඳ නොවීය. 

" මමහ්?? බීලාහ්?? ආ ඔව්.. බිව්ව! බෙස්ටා බැන්දා ඉතින් මම සතුටට බිව්ව.. ඔව් පුදුමාකාර සතුටක්!!"

එසේ කීවද හිරාන්ගේ වෙරිවූ දෑස් වල එවන් සතුටක පෙනුමක් හෝ නොතිබුනු අතර නව්‍යාගේ මුහුණ මත නතරවූ ඒ ඇස් ඒ සැනින් නව්‍යාට පසුපසින් සිටගත් රුවක පැටලීමත් සමඟ සිහින් වී තෙල් පැහැය වඩා ඉස්මතුව පෙනුනේය.

" සත්‍යා... Is everything ok?"

ඩිලෝන් නව්‍යාගේ දෙඋර හරහා යැවූ අත ඔස්සේ ඈ සිය උරයකට තද කරගනිමින් මේ බීමත් තරුණයා දෙස නොපහන් බැල්මක් හෙලා ඇගේ මුහුණ දෙස පසෙකින් බලන්නේ හැඟීම් කියවන්නට මෙනි. නව්‍යා වහා ඇගේ මුහුණ බිමට හරවා ගන්නේ ගැහෙන සිතෙනි.

" ඕකේ ඕකේ.. කිශි අවුලක් නෑ..  අපි ගියා.."

හිරාන් ආපසු හැරුනද ඔහු විසිවී ගොස් බිම වැටුනේ ඔහුගේ මිත්‍රයාටද අල්ලා ගන්නට ඉඩක් නොතබමිනි. නව්‍යාට හීල්ලුනි.

" හි.. රාන්! අය්යෝ.. !!"

ඩිලෝන්ගෙන් මිදී ඉදිරියට පයක් තැබූ නව්‍යා බිම වැටී සිටි හිරාන් වෙත නැමුනු සැනින් කාවින්ද ඔහුව කෙලින් කරන්නට දරමින් සිටි අසාර්ථක උත්සහයට ඈටද සහභාගි වන්නට අවශ්‍ය වුවද, කාවින්ද ඈට ඔරවා සිටියේය.

" නංගි මේ මේ.. යනවද පව් නොදී?"

ඩිලෝන් වහා නව්‍යාගේ අතින් අල්ලා කෙලින්කොට සෘජු බැල්මකින් ඈගේ බැල්ම අහුරා ගත්තේය.

" කලින් boyfriend ද? "

නව්‍යාගේ උගුර සිරවිනි. ඈ 'නැහැ' කියන්නට හිස දෙපසට වනද්දී හිරාන් ඈ දෙස බලා මහ හඬින් සිනාසෙන්නට විය. මදක් කල්පනාවට වැටුනු ඩිලෝන් නව්‍යා දෙසත් හිරාන් දෙසත් මාරුවෙන් මාරුවට බලද්දී නව්‍යා පත්වූයේ තදබල අපහසුතාවයකටය.

" Dilon, can you give me two minutes ? Please ?? ( ඩිලෝන් , මට විනාඩි දෙකක් කාලය දෙන්න පුළුවන්ද? කරුණාකරලා ?)"

" I can't leave you here. They are drunk. ( මට ඔයාව දාලා යන්න බෑ. මෙයාලා ඉන්නේ බීමත්ව)"

" බයවෙන්න එපා.. I'm safe."

ඩිලෝන්ගේ සිත නොපහන් වුවද කියන්නට ආ දේ ගිලගෙන ඔහු පියවර කීපයක් පිටුපසට ගොස් බිම බලාගෙන සිටිනා නව්‍යා දෙස දෑස නොවසා බලා සිටියේය. 

උත්සවයේ තමන් ආ මොහොතේ පටන්ම මේ තරුණයාගේ ඇස නව්‍යා වෙතම තිබුණු බව තමාට වැටහෙන්නට එතරම් වේලාවක් ගතවූයේ නැත. කලබල නොවූයේ , ඈ වන් තරුණ රූමතියක් දෙස දෙවරක් හැරී බලන්නට තරම් තරුණයෙකු පෙළඹෙන බව නිසැක නිසාමය. නමුත් මෙය ඕනෑවට වඩා වැඩිය.

" කවුද බං මේ අර වලහා?"

ඔහු ඇසුවේ ගමනායක සමූහයේ සිට නිතර සිය මූල්‍යමය කටයුතු වලට කතා කරනා හිතවත් කොල්ලෙකුගෙනි.

" ආ.. ඒ අර බත්තරමුල්ල බ්‍රාන්ච් එකේ අලුත් ලොක්කනෙ බං. ඇයි මොකෝ කේස් එක? බීලා උඹේ ටෝක් කරපු කෑල්ලට කේස් දැම්මද? අඩේ ඌ හෙන කූල් පොරක්නෙ.. අම්මටසිරි වෙන්න බීලා නේද? "

මදින් මද ඔහුගේ හඬ පුදුමයෙන් පිරී යන්නට යද්දී ඩිලෝන් දකින්නේ ඔහුගේ ඉවසීම නතර කරනා දර්ශනයකි.

-------------------------------------------------

සේවකයා විසින් ගෙනා ගමන් මලු සියල්ල කාමරයේ දැමූ සැනින් ඔහු එළවාගත් රශිඳු දොර දෙස බලා නිර්මලීට ඇසෙන් පැවසුවේ එය වසා දමන ලෙසය. 

සිංහරාජ වනාන්තරයට මායිම්ව තනා තිබුණු තරු පන්තියේ හෝටලය සම්පූර්ණයෙන් පරිසරයෙන් වෙන්කල පරිද්දෙන් තනා තිබුනු කබානා වලින් සමන්විත වූ අතර මධුසමය සඳහා වූ නිසා එයටම වෙන්වූ තටාකයක්, හුරුබුහුටි වැරැන්ඩාවක් සහ සියළු පහසුකම් සහිත විය. මෙය දිමුත් විසින් සියළුදේ සකසා තිබුනේ ඔහුගෙන් ත්‍යාගයක් ලෙසට වූ අතර දුටුවනම එහි ඇති ආකර්ෂණීය බවට රශිඳුත් නිර්මලීත් ආශා කළහ.

දොර වසා දමා ආපසු හැරෙත්ම සැප පහසු සෝපාවේ වැතිරී උන් රශිඳු ඇයට හිසින් එන්නට කියූ නිසා ඈ ඒ අසළට ඇවිද ගියාය. ඈ අතින් ඇද සිය ගත මතට වට්ටවාගත් රශිඳු කිසිදු අවසරයකින් තොරව මෙන් ඇගේ දෙතොල් සිපගන්නට විය.

උත්සව ශාලාවෙන් පිටවී බරසාර ඇඳුම් වලින් මිදී උන් දෙදෙනා සිටියේ සැහැල්ලු ඇඟලුම් වලින් නිසා රශිඳු ඇගේ ඒ සරල සහ ආලේපන යන්තම් ඇති වත පුරා සිය දෑසත්; කෙටි ඇඳුමේ කරෙන් ඇතුලට ඇදෙනා දෑතත් රිසි ලෙස සරන්නට තවත් කල් වේලා ගත්තේය.

" ආදරෙයි මම මහ ගොඩක් මගේ baby girl ට"

නිර්මලී දැනුණ රැකවරණය නිසාම තවත් තුරුළු වී සිටියාය. ඔහුගේ හදවත මෙතරම් ගැහෙන්නේ ඇයි? 

" මාත් ආදරෙයි...."

"මහන්සිද මගේ කෙල්ලට මෙච්චර දුර drive කරලා?"

නිර්මලී හිස වැනුවේ නැහැ කියන්නට වුවද රශිඳු එය මහන්සි බව දනී.

"... කොහෙද මට දුන්නෙම නෑනෙ බක පණ්ඩිතකම "

" අනේ යන්න... අම්ම මට දෙපාරක්ම කිව්ව දෙන්න එපා කියලා. මට මතක් උනා ඔයා හාමුදුරුවන් කිව්ව කියලා.."

වැකිය අවසන් වන්නට පෙර රශිඳු කෙටි මුත් ආවේගවත් හාදුවකින් ඇගේ දෙතොල් අල්ලා ගත්තේය.

" ඇති! ආයෙත් පටන් ගත්ත ඒපාර.. යකෝ මේක මගේ හනිමූන් ! මගුලක් කරනව මෙතන"

දෙදෙනාගේම සිනාව එකිනෙක බද්ධ වී අවසානයේ එකිනෙක ලොක්වී ගිය බැල්ම පමණක් ඉතිරිවිය. ඇගේ නෙළුම් පොහොට්ටු හැඩැති දෑස පුරා උතුරා හැලෙන ආදරය විසින් රශිඳුගේ මුහුණ මත සිත්තම් කලේ මනමාල සිනාවකි.

" ඇයි ?"

නිර්මලී සෙමෙන් ඇසිපිය හෙලමින් ඇසුවේ ඒ බැල්මේ ; සිනාවේ ඇති ආසක්ත බවට මත්වෙමිනි. මෙය හුදු සිහිනයක්මද? එසේ වී නම් මෙලෙසම මියගොස් ඒ මතක එලෙසම ඉතිරි වනවාට තමා කැමතිය.

"..  හීනයක්..  ඔයාව මෙහෙම අයිති කරගන්න එක.."

නිර්මලී ලය පුරා දැනෙනා ගමන ඉවසමින් වෙනස්වීගෙන යන රශිඳුගේ වත වෙතම නෙත් රඳවාගෙන මිමිණුවාය. 

"හැදිලා දැන් ගානට! මූණ බලන්නෙත් හොරෙන් ඉස්සර මේ මැඩම්"

නිර්මලීගේ රතුවූ කොපුල් වල සිපුමක් තැබූ රශිඳු ඈ සිය සිරුරට තදින් තෙරපා ගත්තේය.

".. Baby girl.. මම හරි ලෝබයි උඹට. හිතින් අල්ලගත්ත දවස මතකත් නෑ. අතාරින්නේ නම් නෑ ආයෙ, යන්න නම් හිතන්නවත් එපා මම උඹව මරනවා සත්තයි !"

" අන්නේ.. මගේ නපුරා.. මම කොහේ යන්නද?"

ඈ එසේ කීවද හිත තුල තෙරපෙන පීඩනය දන්නේ රශිඳු පමණකි. ළඟ ළඟ සිදුවූ දේවල් වලට අනුව ඒවා පසෙකලන්නට නොහැකිය. එක් දෙයක් ඇරුණුවිට, අනෙක් සියල්ල අවිනිශ්චිතය; ඒ ඇගේ ආදරයයි.

" බඩගිනි ඇති.. කාලා ඉම්මු.. ඩිනර් එක මම මෙහෙට ගේන්න කිව්ව.."

" වොෂ් එකක් දාගෙන එන්නම්.."

කියන්නට ආ වචන එකවරම නතරකොටගත් රශිඳු ඕනානැති හිනාවකින් තමා දෙස බලද්දී නිර්මලී වහා ඔහුගෙන් මිදී නැගී සිට දුවන්නට තැත් කලේ කෑ ගසාගෙනය. නමුත් රශිඳු ගෝකුල ඊට ඉක්මන් විය.

" බෑ! අද උඹ මගේ ක්‍රමේට වොශ් දාන්නෙ"

" ආ ඒ මොන ක්‍රමයක්ද?"

ක්‍රමය ගැන ඇගේ සවනට සෙමෙන් කෙඳිරූ වදන් නිසා නිර්මලී මහ හඬින් සිනාසුනේ රතු වෙමිනි. රශිඳු ඈ තදින් අල්ලා ගත්තේ ඒ සිනාව විසින්ම ලද අවසරයෙනි.

සවන්පත් වලින් ඇරඹී, ගෙල ඔස්සේ පහලට ගමන් කල ඒ දෙතොල් වෙන හැමදාටමත් වඩා ආවේගයෙන් නිර්මලී මුසපත් කොට තිබිණ. එතරම් හදිස්සියක්? 

සැහැල්ලු සුදුපැහැ කපු ඇඳුම කර අසලින් හඬනඟා ඉරී ගියේ රශිඳුගේ දෙතොලින් අවසඟව ගිය නිර්මලී මදක් තිගස්සවා වුවද, රශිඳු ගෝකුලට නම් ඒ ගැන වගක්වත් නොමැතිව උමතුවෙන් මෙන් ඈ සෝපාවට තෙරපාගෙන වේගයෙන් වැටෙන හුස්ම අතරේ ඇගේ රුව විඳින්නට මොහොතක් ගත්තේය. 

' perfect'

ඈ ඉතා ප්‍රවේශමෙන් කල ග්‍රීක ප්‍රථිමාවක් වැනිය. ඇය දැන් තමාගේ බිරිඳය ; ජීවන සහකාරියය. සිත ඉල්ලන සියල්ලත් ; සැනසීමත් ඇත්තේ ඈ ළඟය. 

" මට ආදරේද baby girl?" 

--- removed----

" හ්ම්ම්.. ආදරෙයි !"

සරාගී පෙනුමෙන් මත්වූ ඇගේ මුහුණත් ඔහුට හරි හරියට ප්‍රතිචාර දක්වන ඇගේ රූමත් සිරුරත් රශිඳු ආවේගශීලී පෙම්වතෙක් බවට පත්කොට තිබිණ. 

---removed---

' උඹ මාව පිස්සු වට්ටනවා! කොහෙද මෙච්චර දවස් හිටියේ?'

අවසන මහා ප්‍රේමයෙන් ඈ බදා වැළඳගත් රශිඳු , ඇගේ පියවුනු දෑසින් දෙපසට ගලා ගිය කඳුළු දැක මදක් වික්ශිප්ත විය.

" did i hurt you baby girl?? Was it too rough ? Sorry baby girl.. Extremely sorry "

( මම ඔබට රිද්දුවද? මම පමණට වඩා රළු උනාද? සමාවෙන්න baby girl)

නිර්මලී හිස දෙපසට හරවමින් නැතැයි පැවසුවද ඈට හැඬූනු නිසා රශිඳු වහා කෙලින් වී හිඳගෙන ඈ සිය ලයට තුරුල් කරගත්තේය.

" I'm so happy.. "

රශිඳු දෙස සිය දීප්තිමත් දෑසින් බලා , ඔහුගේ මුහුණ දෝතින්ම ගත් නිර්මලී මද වේලාවක් ඒ මුහුණේ කඩවසම් බව විඳිමින් හිඳ නළල මත තෙත හාදුවක් තබද්දී, රශිඳු ගැඹුරට හුස්මක් ගෙන ඇගේ නිරුවත් ලයට තුල සිය මුහුණ හොවා ගත්තේය.

" baby girl.. මගේ නේද? "

----------------------------------------------

නිර්මලී මදක් පසුබා ආපසු හැරෙන්නට උත්සහ කර සේවකයා දෙස බලද්දී රශිඳු ඇගේ අතින් අල්ලා තමා වෙත ඇදගත්තේය.

" ලස්සනයි ගවුම"

රශිඳු වහා ඈට පමණක් ඇසෙන්නට ඇගේ වම් කනට කොට මිමිණුවේ ඈ අපහසුවෙන් මෙන් දැඟලූ නිසා ඔහුට මුවා කරගනිමිනි. කහපාට අත් රහිත ගවුම තිබුනේ ඇගේ දනිස්සට මදක් ඉහලින් වූ අතර ඇගේ බුහුටි සිරුරේ කෝමල හැඩය ඉන් වසාලිය නොහැකිය.

' හොට් කෙල්ල මගේ'

රශිඳු ඈගේ නළලේ පැත්තකින් සිප ගත්තේ ආදරයෙන් සිය උරයට තද කරගනිමිනි.

රශිඳු සමඟ සෙල්ෆි ජායාරූපටක් ගත් තරුණයා වහා එතැනින් ඉවත් වූයේ නිර්මලී දෙස යන්තමින් බලමිනි. රශිඳු ගෝකුලගේ රූමත් බිරිඳ ගැන ඔහු දන්නේ ඔහුගේ instagram ගිණුම ඔහු එතරම් ප්‍රවේශමෙන් follow කරන නිසාමය. ඇත්තටම ඈ දිලිසෙන සමක් ඇති අමුතුම ලස්සන තරුණියකි. 

" කමු? "

" මාව කාල මදිපාඩුවටද?"

" අන්නේ ඉතින්.. ඕකනෙ.."

"ඔව් ඉතින් මේක තමයි ! "

රශිඳු තරවටුවට මෙන් සිය යටිතොල සැපුවද නිර්මලීගේ කොපුලක් මෘදුව ඇඟිල්ලෙන් පිරිමැද්දේය. නිර්මලී නිර්භීතව ඒ වෙනස්වන දෑස දෙස බලා සිටියේ ගිණිකන වැටෙමිනි.

".. ඒකට කමක් නෑ මම කැමතියි එහෙම මගේ වයිෆ් ඩ්‍රාමා නැතුව තමන්ට ඕනෙ දේ මගෙන් ගන්නවට. තව එතකොට ( කල්පනා කරමින්) මට ඕනෙ දෙයක් කරගන්න කියලා ඉන්නෙ නැතුව ඉන්නවට"

නිර්මලීගේ මුහුණ ඈ රශිඳුගේ උරයේ ගසාගෙන ගෙල පාමුල රඳවා ගත්තේ ඇඹරෙමිනි. රශිඳු ඇගේ හිස සිපගෙන මනමාල සිනාවෙන්ම ඇගේ බඳවටා අත යවා තදින් සිරුරට තෙරපා ගත්තේය.

"අන්නේ... ඉතින්..  "

"ආදරෙයි මම...!"

" ගොඩක් පිං ඔයාට මාව තේරුම් ගත්තට"

නිර්මලී හුස්මක් ඉහළට ගනිමින් ඔහුගේ සුවඳ ලයපුරා ඉහළට ඇද්දේ දෝතින්ම ඔහුට තවත් තුරුල් වෙමිනි. ඔහුගෙන් නික්මෙන විලවුන් සහ දහදිය මිශ්‍ර සුවඳ ඈ අවුලවාලයි. නිරායාසයෙන් ආ කඳුළක් නෙතු අග නතර වූයේ වැසුනු නෙත් පියන් වලින් මිදෙන්නට අවසර ඉල්ලන්නාක් මෙනි.

" හොටු ගාන්න එපා බං..! මූණ පුරාත් එක එක ඒවා ගාලා.. මේ  ---removed---"

දසන් වලට හසුවූ ලය නොරිදුනද රශිඳු ඈ මිරිකා අල්ලා ගත්තේ සිනාසෙමිනි. මේ කියන්නේ මොනවාදැයි නිර්මලී දැන් හොඳින් දනී. හංසයින්ට පීනන්නට කියා දෙන්නට අවැසි නැත. අවශ්‍ය වන්නේ ගැලපෙන දියකඩිත්තක් පමණි. 

රාත්‍රී ආහාරය දෙදෙනාම සප්පායම් වූයේ රාත්‍රී අඳුර මැද කිසිවකුගේ ඇසක් නොගැටෙන උපරිම නිදහස අත් විඳිමිනි.

" දිමුත්ගෙ මාමණ්ඩිගෙ හොටෙල් එකක් මේ.. ඌ මට කිව්වෙත් නැතුව බුක් කලේ. මම එනකල් දැකලා තිබ්බෙවත් නෑ. ඒ උනාට මරු නේද?"

රශිඳු වරෙක පවසද්දී නිර්මලී ඇස කරකවා බැලුවේ හේතුවක් ඇතිවය.

".. ඔව් ඔව්.. උඹව දන්නව. මාමණ්ඩි සෑහෙන රෙකමදාරුවක් දීල තිබ්බ. "

 නිර්මලී ඇද සිය උකුලේ හිඳුවාගනිමින් එසේ පැවසුවේ අත වූ වතුර වීදුරුව මේසය මත තබමිනි. 

" මම ගැන?? "

" ඔව්.. "

නිර්මලී මදක් හැරී ප්‍රවේශමෙන් රශිඳුගේ මුහුණේ හැඟීම් කියවා ගන්නට උත්සහ කරමින් කඩයිම් පැනයට පැමිණියේය.

" මම ගැන ඇත්තටම ‍රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ?"

රශිඳුගේ දෑස් එකවරම වෙනස් වී ගියද ඔහු හැකි උපරිමයෙන් එය වසාගන්නට උත්සහ කළේය.

" පිස්සුද ? මට මොකටද කාගෙන්වත් රෙකමන්ඩේශන්?? මගුලක් කියන්නෙ නැතුව ඉන්න"

නිර්මලී බිය නොවූවත් , බිමට හැරවූ නෙත එලෙසම තබාගත්තාය.

"වෙන්න ඕන හැමදේම වෙලාත් මම මැරුණේ නෑ රශී.. මැරෙන්න හේතු දාහක් තිබුනත් මට ජීවත් වෙන්න තිබ්බ හේතුව.. අනූජ, ඊට පස්සෙ ඔයා.."

නිර්මලී සුසුමක් සැලුවේ ටොන් ගණනක් බරටය. අනතුරුව හුස්මක් ඉහලට ඇද්දේ තීරණාත්මක ලෙසටය.

"... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා "

රශිඳු සිය දෙනෙතේ ඇඳුන කුතුහලයෙන් ඈ දෙස බලා අහේතුකව ඈ වෙත මෘදු සිනාවක් පෑවේය. ඔහුගේ එක අතක් ඇගේ කොපුලක් මෘදුව පිරිමැද්දේ ආදරයෙනි.

" කියන්න "

නිර්මලී මදක් කල්පනාවට වැටී තත්පර කීපයක් ගත කළාය. ඒ කාලය තුල රශිඳුගේ සිත මහා වේගයෙන් ඒ මේ අත සැරුවද දිගටම ඇගේ කොපුල පිරිමදින්නට වූයේ කල්පනාව නොමැතිවමය.

"මම ඔයාට වඩා ගොඩක් වැඩිමල්.. ඔයාට කලින් වයසට යනවා. කවදාහරි දවසක ඔයාට හිතුනොත් මගෙන් ඔයාට ඕනෙ දේවල් මදි කියලා , මට ඒක කියන්න.. මම.. මම ඒකට තරහ වෙන එකක් නෑ. තේරුම් ගන්න පුලුවන් මට"

රශිඳු නිර්මලී දෙස කිසිදු හැලහොල්මනක් නොමැතිව බලා සිටියේය. අනතුරුව හිස සලා එකඟ වූයේ නිර්මලීගේ සිත ගිනි වදිද්දීය. ඈ අපේක්ෂා කල ප්‍රතිචාරය එය නොවේ!

එබැවින් ඇය මුලින්ම කියන්නට ගිය කාරණය කියන්නට හිත හදාගත්තාය.

".... මම.. මම හිතුවේ නෑ ආයෙ කවදාවත් මැරි කරන්න.  ඒ හින්දා.. මම.. මීට අවුරුදු ගානකට කලින්.. "

නිර්මලී හුස්මක් ඇල්ලුවේ වැකිය නැවතත් හදාගන්නට කාලය ගන්නටය. රශිඳුගේ අත කොපුල් පිරිමැදීමෙන් මිදී ඔහුගේ හිස පසුපසට ගියේ නිරායාසයෙනි.

".. මම.. එග්ස් ඩොනේට් කලා.. බෑන්ක් එකකට.. මගේ තරුණ කාලේ.. මේ ගැන කවුරුත් දන්නෙ නෑ.. කාටවත් මම කිව්වෙත් නෑ. මම.. මම.. දන්නෙ නෑ ඒක වැරැද්දක්ද කියලා. මම හිටියේ අනූජ එක්ක.. එයා නැති උනාම මම ඒක ලොකු ශොක් එකක් උනා.. එයාගෙ හීන ජීවත් කරවන්න තමයි මම මගේ ජීවිතේ ඉතිරි කාලේ ගතකලේ.. ඒ බිස්නස්.. ඉගෙනගන්න එක...  මම කොටින්ම..."

" මම ඒ රෙකෝඩින් ඔක්කොම ඇහුවා baby girl "

රශිඳු එසේ පවසද්දී නිර්මලී තිගැස්සී ඔහුගේ මුහුණ දෙස බැලුවේ අවිනිශ්චිත බවකිනි. ඔහුගේ බොරපාට ඇස්වල තේරුම් ගන්නට නොහැකි ගුප්ත ‍යමක් තිබුනු නමුත් අපහසුවෙන් නගාගත් සිනාවක් විය.

".. අනූජව මම ඒ තරම් හිතින් අල්ලගෙන ඉඳලා මට මාවම නැතිවෙලා ඉන්නකොට තමයි ඔයා මගේ ජීවිතේට ආවෙ. රශී.. මම ගොඩක් වීක් වෙලා කරපු දේවල්.."

රශිඳු වහා ඈ සිය ලයට තදකොට ගත්තේ ඇගේ දෙතොල් අතර සිය දබර ඇඟිල්ල තබා නිහඬ කරවමිනි.

" ෂ්... ඒවා වෙලා ඉවරයි. මම ඒවා අමතක කරල තියෙන්නේ.. නෑ ( සිය වැකිය නිවැරැදි කරමින්) අමතක කරලා නෑ, මම ඒවා මකලා දාලා ඔයාගෙ ජීවිතේ අලුතින්ම ලියලා තියෙන්නෙ.. හ්ම්ම්ම් තේරුනාද? ඔයා මගේ... මගේ විතරමයි!! ඒක අයිතියක් baby girl.. ඒ අයිතිය මට ඕන!!! අපි සමහර දේවල් ගැන ඕපන්ලි කතා කරන්න ඕන.. මම කැමති ඒ විදියට.. "

නිර්මලීගේ දෑස හා ලොක්වී ගිය තම දෑස මුදා නොගෙනම ඔහු සිය රළු ඇඟිලි වලින් ඇගේ දෙතොල් සෙමෙන් අතගා එක එල්ලේම ඒ දෑසේ කිමිදෙමින් පිලිතුර නිහඬව ලබාගත්තේය.

".. මම එහෙම ලොකු ඉවසිල්ලක් තියෙන කොල්ලෙක් නෙවෙයි. ඔයාට වගේ ලොකු හාට් එකක් මට නෑ. මට ඒ දේවල් වලට මාත් එක්ක ඔයා ඉන්න ඕන. මමත් මගේ අතීතය ගැන ගොඩක් සතුටු නෑ.. 

වන්‍යා ගැනවත් මම ඔයාට මුකුත්ම නොකියා, ඔයාම ලස්සනට ඒක තේරුම් ගත්තා. ඔව්.. වන්‍යා එක්ක මගේ affair එකක් තිබ්බ. ඒකි එක්ක විතරක් නෙවෙයි , මට ගොඩක් girl friends ලා ඉඳලා තියෙනවා ( සිනාසෙමින්) මට උන්ගෙ නම්වත් මතක නෑ. චාන්ස් සෙට් උනත් ඒ කාත් එක්කවත් මම සෙක්ස් කලේ නෑ.. "

නිර්මලී තිගැස්සී මෙන් රශිඳු දෙස බැලුවේ විසල් කරගත් දෑසිනි. රශිඳුට සිනාවක් නැඟුනි.

".... ඒ කියන්නෙ &)&6$&@ කලේ නෑ බං! මොකද ඇස් කරකවන්නෙ? මාව විස්වාස නැද්ද?"

රතුවූ වතින් නිර්මලී බිම බලාගත්තාය. ඈට රශිඳු පලමු වරට මහල් නිවාසයට ආ දිනය සිහිවී නැවත සිනාවක් නැඟිනි.

".. ඊට මෙහා.. එහා දේවල් නම් කරලා තියෙනවා.. ( නිර්මලී ඔහුගේ ලය කොනිත්තයි) ඌයි! ගෑනියේ ඒක නම් රිදුනා.. දැන් උඹ ඒවා ඇහුවොත් නම් කියන්නෙ නෑ හරිද? "

රශිඳු ඇගේ කනක් දසන් වලින් තද කලද නිර්මලී එය ඉවසාගෙන සිටියේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.

".. ඒත් මේ මැඩම් ඉතින් පලවෙනි දවසෙම මාව අල්ලගත්ත."

" අන්නේ... එහෙම නෑ.. ඔයා තමයි.."

"හ්ම්ම්... හරි මමමය කියලා කියමුකෝ.. ඒ උනාට පාඩු නෑනෙ! අපරාදෙ මම පාසිකුඩා හොටෙල් එකේදිම අල්ලගත්ත නම්.."

නිර්මලී වහා හිස එසවූවාය. 

" ඔයා කොහොමද දන්නෙ මම එදා පාසිකුඩා ගිහින් හිටියා කියලා? හිරාන්?? "

" මැඩම්.. මාත් හිටියේ ඒ හොටෙල් එකේ තමයි.. අපි තුන් දෙනාම!"

" තුන්දෙනා? මම.."

අනතුරුව රශිඳු තමාට ජානක සූරියප්පෙරුම වෙතින් ගත් තොරතුරු ගලපා ඔහු එතැනට ගිය ආකාරය සහ සිදුවූ දේවල් එකින් එක විස්තර කරද්දී නිර්මලීගේ වත කෙමෙන් වෙනස්ව යන්නේය.

".. රශී.. එදා ඔයා ඒ හොටෙල් එකේ..?? කොහොමද මට ඔයා මිස් උනේ.. ආ.. ඔව්.. නව්‍යා එයාගෙ නංගි එක්ක... මම දැක්කා.. "

" මොකක් හරි හොඳ හේතුවක් හින්දා අපි දෙන්නා එදා හම්බුනේ නෑ. මොකද එදා මම ඔයාව අර $ල්ලා එක්ක දැක්ක නම්, ඌව මරන්නෙ එතනම! "

නිර්මලී මදක් ගොළුවී ගියද මද වේලාවකින් රශිඳු කියූ කරුණ ගැන නැවතත් සිතුවාය. 

" එදා ඒ සිංග් කලේ ඔයාද? මම කොරිඩෝ එකේ කළුවරේ ඉඳලා අහගෙන හිටියේ.. ඔයාට ලස්සනට.."

" එක නෝනා කෙනෙක් කිව්වනෙ සිංදු කියන්න ඉගෙනගන්න ක්ලාස් යන්න කියලා. මම මේ ක්ලාස් එකකට ගිහින් ඉගෙනගන්න ඉන්නෙ.. කියලා දෙනව කිව්වනෙ.. "

" අන්නේ..  මම ඉතින් දන්නෙ නෑනෙ.. "

රශිඳු ඒ සිදුවීම සිහිවී බොරුවට ඔරවා ඇගේ හිස සිපගත්තේ ආදරයෙනි. 

"පිස්සි මගේ!  දැන් ඇති.. මට අයිස්ක්‍රීම් බඩගිනී.. "

" අයිස්ක්‍රීම් ?? මේ සීතලේ??"

" ඔව්.. ඔය කප් එකේ තියෙනවා, ටිකක් දාගන්නකො.. "

නිර්මලී ඔහුගේ තුරුල්ලෙන් මෑත්වී හිමකිරම ඇති භාජනය දෑතට ගත්තේ කුඩා දැරියක පරිද්දෙනි. අනතුරුව හැන්දෙන් කටවල් කීපයක් රශිඳුට කැව්වේ එකිනෙකා දෙස නෙත් ලොක් කරගනිමිනි. 

ඊළඟ කට කැවූ මුත් රශිඳු ඇගේ අතින් අල්ලා එය වැලැක් වූ නිසා ඔහුගේ වේගයෙන් වෙනස්වන මුහුණ දෙස බලා සිටි ඒ බැල්මෙන්ම නිර්මලී ගිණිකන වැටී සිටියාය. ඉදිරියට නැමී සිය සරාගී ආදරවන්තිය දෝතින්ම සිය දෑත් අතරට මැදි කරගත් රශිඳු මුවෙහි ඇති හිම කිරම වල සීතල පහස ඇගේ මෘදු දෙතොල් මත තවරා සුපුරුදු බඩගිනි හාදුවකට ( hungry kissing ) මුලපුරන්නට වූයේ නිර්මලීට ලෝකයම අමතක කරවමිනි. 



ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැළිලමින්සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි - තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් - ඔබ මගේ.. ඔබ මගේ

ගිටාර් වාදනය අතරතුර දෙදෙනාටම ඉබේටම එකිනෙකා දෙස බැලූනු අතර රශිඳු සිය පෙර පෙම්වතිය සහ අද මනාලිය සහ බිරිඳ ලෙස ජීවිතයට එක්වූ නිර්මලී දෙස ආදරයෙන් බලා ඇගේ වාත්තුකලාක් වන් වූ නිරුවත් උරහිසේ අග සිය රළු දෙතොලින් හාදුවක් තැබුවේය.

හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ - ඔබේ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් - ඔබ මගේ...ඔබ මගේ

නා ගසක් දලු දමා - වසන්තය එලඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ - දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරි සරන තෙක් - ඔබ මගේ...ඔබ මගේ

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැඟෙනවා

සසර සැරි සරන තෙක් - ඔබ මගේ...ඔබ මගේ

අහස් තල පොලෝ තල - ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න  බෑ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක්  - ඔබ මගේ...ඔබ මගේ 


***************** මතු සම්බන්ධයි *************

සැලකිය යුතුයි: සයිබර් අවකාශයේ ලිවීමක් නිසා සමහර කොටස් සංශෝධනය/remove කොට ඇති බව කරුණාවෙන් සලකන්න 

4 comments:

  1. ඉතින් ඇයි එහෙම remove කරන්නේ

    ReplyDelete
    Replies
    1. :-) පොතක් කලොත් දාන්නම්.. නිකන් මොකටද

      Delete
  2. පොතක් කරන්න හොඳේ. අයින් කරපුවත් එක්කම ආපහු අපිට කියවන්න බැරියැයි එතකොට.

    ReplyDelete
  3. ලියමු ලියමු .....අපි බලාගෙන ඉන්නවා.......රතු පාට මල් .......මතකනේ ඊලඟට ඕනේ

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...