Sunday, May 22, 2022

328: උන්මාද චිත්‍රාදෝ මා 60



දොර කඩාගෙන මෙන් ඇතුළුවූ රුව නිසා මෙතෙක් වේලාවක් නේහා සමඟ සංවදයේ යෙදෙමින් උන් නිර්මලී ගැස්සී මෙන් ඒ දෙස බැලුවේත්, බර අඩි තබමින් ඒ රුව නිර්මලී වෙත ඇවිද ආවේත් එකම විටකය. 
ඔහු කෙතරම් වේගයෙන් ආවාද යත් නේහා ඉබේටම එතැනින් විතැන් වී ගියේ එන වේගයට තමාද අල්ලා විසිකරාවි යයි කියා සිතුන නිසාය.

" baby girl! Are you ok?"

නිර්මලීගේ පිලිතුර ගැන කිසිම වගක් හෝ නොමැතිව ඇගේ තොල්පෙති උමතුවෙන් මෙන් සිපගත් රශිඳු අනතුරුව ඈ සිය ලයට තදකොට බදා ගත්තේ තදින් හුස්ම අල්ලමිනි.

' අම්මටසිරි ! '

නේහා සිය අතින් මුව වසාගත්තේ ඒ රොමාන්තික දර්ශනය නිසා පමණක් නොවේ, තමන්ට වඩා ඩ්‍රාමා කිං කෙනෙක් මේ දුටුවාම නිසාය.
".. මට පිස්සු හැදුනෙ නැති ටික විතරයි.. !"
නළලට නළල තබා මදක් හුස්මක් ගත් රශිඳු නිර්මලීගේ මුව දෝතින්ම ගෙන ඈ වෙත නැවත නැඹුරු වද්දී නේහා උගුර පෑදුවේ සරදමට මෙනි.

" එහෙම්.. එහෙම්.. මේ අපිත් මෙතන ඉන්නව..  අපි වගේ පුන්චි ළමයින්ගෙ මල් වගේ හිත් නරක් නොකර ඉන්නවද මේ ජෝඩුව!"

නිර්මලීගේ මුහුණ රතු වී ගොස් මිදෙන්නට දැඟලුවද, සරදමට මෙන් නේහා දෙස වරක් බැලූ රශිඳු ඈ සිටිනා බවක්වත් ගණන් නොගෙන සිය පෙම්වතිය ‍රිසිසේ සිපගත්තේ ඇගේ විරෝධය ගැන මායිම් නොකොටය.
' මේකි එනව මගෙ කෙල්ලව කිස් කරන මගුලක් පාලනේ කරන්න'

ඒ ප්‍රතිචාරයට නේහා මහා හය්යෙන් සිනාසුනේ බිත්තියට වාරු වෙමිනි. 
නිර්මලී ඉබේම රශිඳුගේ ගෙල වටා ගිය අතින් තදකොට අල්ලා ඔහු කෙනිත්තූ නිසාදෝ රශිඳු මදක් ඈට ඉඩක් දුන්නේය.

" ඔය කෙල්ලට ඔක්සිජන් දෙන්න වෙනව දැන්! ඉන්න දීපං බං අලියා ගහලාවත් මේකිට මෙච්චර කරදර උනේ නෑ"
දොර අසළින් ආ හඬට රශිඳු ආපසු හැරී නිර්මලීගේ සයනයේ ඈ අසළින්ම හිඳ ගත්තේ දඟකාර ලෙස සිනාසෙමිනි.

මුළු කාමරයම නේහාගේ කැකිරි පැලිල්ලට දෙවනත් වී යද්දී නිර්මලී රශිඳුගේ කමිසයේ එල්ලී ඒ ලය තුල හිස සඟවා ගත්තාය.

නමුත් මහත් සතුටින් රශිඳු වෙත ඇවිද ආ රංග රශිඳුගේ උරයට අතක් තැබුවේ සැබෑම සහෝදරත්වයෙනි. 
මීට ටිකකට පෙර නම් සිටියේ ආලවක යක්ෂයෙකි. 
' මූ මොන නාඩගමක්ද නැටුවෙ?'
ඒ සමඟ පසුපසින් කාමරයට පයතැබූ හිමාල් නිසා රශිඳු තරමක් පිලිවෙලට හරිබරි ගැහී හිඳගත්තද නිර්මලී මෑත් නොකලේය. මුහුණේ තිබුනේ දඟකාර සිනාව පමණි. 

" මැනස් දන්නෙ නැද්ද මැනස්?? මෙතන මගුලක් කරන්නෙ පලයව්කො
යන්න!"
රශිඳු කෑගැසුවේ ඉතිරි තිදෙනා එකිනෙකාගේ මුහුණු දෙස බලවමිනි.
" මේ බලපල්ලකො වැඩේ! උඹට මැනස් නැද්ද මෙතන ලෙඩෙක් මරනකල් අපිට බලං ඉන්න කියන්නෙ..  යකෝ මේ කෙල්ල අලියෙක් ගහලාවත් ඉතුරු උනේ උඹට යටවෙලා මැරෙන්නද?"

අනතුරුව එකිනෙකා පරදවමින් තිදෙනාම රශිඳුගේ පටි රෝල් කරන්නට වූහ.
" දන්නවද නිර්... මූ තව ඩිංගෙන් අර අලියවත් හොයාගෙන ගිහින් ගහනව"

රංග පැවසුවේ රශිඳු සිදුවීම ඇසූ මොහොතේ සියල්ල දුටු පරිද්දෙනි.
" ... මෙච්චර මේ අපි කියනවා නිර්ට අවුලක් නෑ කියලා මූ අපි ඔක්කොටම බනිනව. යකෝ මම ගෑනිගෙන්වත් ඔච්චර බැනුම් අහල නෑ.. "
රංගගේ කතාවට රශිඳුගේ තලෙළු මුහුණට ලේ පුරා ලස්සන පැහැයක් ගෙන තිබුන අතර නිර්මලී හොරෙන් මෙන් ඇස කරකවා ඒ හැඩ බැලුවාය.
' අන්නේ.. ඇත්තටම මේ පිස්සා එහෙම කලාද? වෙන්නත් ඇති!'

" ඇයි... ආවෙ කොහොමද ? පටාචාරා වගේ මේන්න මෙහෙම... කලිසම තිබුනද බං.? ශර්ට් එකේ බොත්මුත් නෑ.  අර නර්ස් නංගිත් බයවෙලා !"
හිරාන් හූමිටි තිබ්බේ සැවොම සිනාවේ ගිල්වමිනි.
"අලියෙක් මෙච්චර ආතල් එකක් දුන්නමද මන්ද බං"
" හිරාන් දන්නෙ නෑ.. හොස්පිට්ල් එකේ නෝමල් වෝඩ් කිව්වට මෙන්න මෙයා ICU පැත්තටම දුවනවා.. අන්තිමට මම ඇදගෙන ඇවිත් මෙතනට ගෙනත් දැම්මෙ.. "

නේහා එසේ කියමින් නිර්මලී දෙස බලා ඉඟි මැරුවාය.
" හරි හරි...  බයිට් කලා ඇතිද? තව තියෙනවාද? මම ඉතින් කියන්නෙ නෑ කෙල්ල ඉන්න හින්දා! දැන් උඹල පලයල්ලා යන්න මට නිදහසේ ඉන්න දීලා... දැන් ඩොකාත් කිව්වනෙ ඩිස්චාජ් කරනවා කියලා"

නමුත් තවත් වටයක් ඇතිවන්නට රශිඳුගේ ඩ්‍රාමා ගැන කියමින් තවදුරටත් කියවන්නට වූ නිසා ඒවා ගානකට නොගෙන මෙන් රශිඳු සිය පපුවේ සැඟවී සිටින නිර්මලී දෙස බැලුවේ ආදරයෙනි.
" මාව මැරෙනවා තව ඩිංගෙන්! මොකද්ද baby girl උනේ ඇත්තටම? වාහනේ චප්පවෙලා තිබ්බ විදිය දැක්කම මට පිස්සු හැදුනා.. "
නිර්මලී සිය නෙළුම් පොහොට්ටු වන් ඇස් විදහා අවිහිංසක ලෙස සිනාසී රශිඳු දෙස බලා සිටියේ දෙදෙනාගේම දෑස් එකිනෙකට ලොක් වීමට ඉඩ දෙමිනි.

"අම්මෝ.. හරි හරි සන්සුන් වෙන්න..  දැන් ඔයාලා යන්න එහෙනම්.. මම පොඩ්ඩක් අර දෙන්නත් බලලා එන්නම්.. "
මේ පෙම් යුවලගේ කෝලම් බලා සිටිනා නේහාට දෙදෙනා ගැනම ඇතුවූ දුකට එසේ කියමින් හිරාන් දෙස බැලුවාය.
"..හිරාන්.. උඹේ කෙල්ලට කොහොමද ?"
 ඔවුන් කිහිප දෙනාට පමණක් ඇසෙන්නට එසේ ඇසූ සැනින් එක අතකින් බෙල්ල පිටුපස කසමින්,  හිරාන් හොර හිනාවක් සමඟ සිටි නිසා සියල්ලන්ගේම අවධානය ඒ වෙත යොමුවිය. 
වහා සිය දෑත ඉහළට එසවූ හිරාන් පරාජය බාරගෙන හඬ පහත්කොට කතාකලේ නිර්මලීට නෑසෙන්නටය.
" හරි හරි... මාව දැන් බයිට් කරන්න එපා. තාම එහෙම එකක් නෑ. ඒ කෙල්ලට මුකුත් කියන්න එපා ඒ හින්දා"
" මේක මහ මගුල් සක්වලක්නෙ බං.. යං යං නේහා ඔතනින් , ඔතන ඔයා තව විනාඩි පහක් හිටියොත් මට තමයි තර්ජනය ! අම්මෝ ඇති මචං දැනටත් දෙකක් ඉන්නව "

පෙම්වතුන් දෙදෙනාට රිස්සක් කරගන්නට දී ඔවුන් රියදුරු සහ නව්‍යා සිටි කාමර වලට ගියේ සතුටින් එකිනෙකාට සිනාසෙමිනි.

මද වේලාවකින් නිර්මලී සිය තොල්පෙති විදහා සිනාසුනේ මහා හපන්කමක් කල පරිද්දෙනි.
" අලියෙක් හිටියනෙ පාරෙ... දැක්කෙ නෑ මම නව්‍යා එක්ක කය්යක ආවෙ..  "
කුඩා කෙල්ලක පරිද්දෙන් එසේ කියද්දී රශිඳු ඇගේ හිස සිම්බේ සන්සුන් වන්නට මෙනි. කෙතරම් ගින්දරක්ද ඒ පුවත!!
"අම්මෝ baby girl.. වාහනේ පෙරලිලා තිබ්බ හැටියට මම පින්තූරය දැක්ක ගමන් බය උනා දෙය්යනේ.. මම ආවේ කොහොමද කියලා වත් දන්නෙ නෑ. මොනව කලාදත් මතක නෑ.. "
දෑස පියාගෙන ඔහු පැවසුවේ ඒ වේදනාව අමතක කරන්නට උත්සහ කරමිනි. නිර්මලී ඔහු හොඳින් හඳුනයි. ආ හැටියේම කලේ රියදුරාට කඩා පැනීමය.
".. සර් මම කිව්ව මෑම්ට... වටේ පාරෙන්..."
එකවරම තමන්ට සිදුවූ වරද සිහිවී රශිඳු දෝතින්ම හිස බදාගත්තා මතකය. කෙටි පාරෙන් එන්නට කියා පැවසුවේ තමන්‍ ය. අලින් සිටින බවක් සිහියට ආවේ නැත. 
" මගේ වැරැද්ද කිකී.. මමයි ඒ පාරේ දැම්මේ. මම හිතුවේ නෑ එච්චර ඒක. එයා නිදි එතකොට..  "
නිර්මලී ඇතුළු සියළු දෙනා ආසනපටි පැළඳගෙන සිටි නිසා වාහනය පෙරලුනද බරපතල හානියක් වී නොතිබුනේ හාස්කමකට මෙනි. රථය තුලවූ ආරක්ෂක පද්ධතියේ වු දියුනුව නිසා ඇතුලත මගීන්ගේ ආරක්ෂාව සැලසී තිබුණද වනිඳු දකින්නේ මාර්ගයේ දෙතුන් විටක් පෙරලී ගොස් නතර වූ රේන්ජ් රෝවර් රථයකි. 

හදවත කෙතරම් විලාපයක් නැගුවාද යත් කිසිවකුට සවන් දෙන්නට තරම් සිහියක් තමාට නොවූ බැවින් රශිඳු සම්පූර්ණයෙන්ම හල්ක් බවට පරිවර්තනය වී තිබිණි. පසුගිය ආත්මයකදී මෙවන්ම සිදුවීමකින් තමාගෙන් වෙන්කල;  තමා මෙතෙක් සන්තකයව සුරැකි ඈ නැවතත් අහිමි වී යනු ඇතැයි සිතීම උමතු වන්නට ප්‍රමාණවත් නොවේද?

" සොරි මැණික මමනෙ ඔය පාරේ එන්න කිව්වෙත්.. මට සමාවෙන්න ඒ මෝඩ කතාවට! ඇත්තමයි මට හිතුනෙම ඔයාව ආයෙමත් මට නැති උනා කියලා.. "
නිර්මලීගේ සිත මේ දොඩවන කේන්තිකාරයා සමඟ තව තවත් ප්‍රේමයයෙන්ම බැඳුනි. ඈ දෑස පියාගෙන සුසුමක් හෙලා ඔහුට තුරුල් වී සැනසුම් සුසුමක් හෙළුවාය.
වාහනය පෙරලීම නිසා වූ කම්පනය හැරුනුකොට නිර්මලීට සීරීමක් හෝ නොවූ අතර , නව්‍යාගේ හිස තුවාල වී තිබුනේ වහලය චප්පවී තිබූ ස්ථානයක වැදීමෙනි. රියදුරුටත් සුළු තුවාල මිස බරපතල කිසිවක් නැත. 
සියල්ල එලෙස නිමාවූ වහාම රෝහලෙන් නිවසට නිර්මලී ‍රැගෙන එන්නට සූදානම්ව රශිඳු වෛද්‍යවරයා සමඟ තොරතුරු හුවමාරු කරමින් සිටි අතර නිර්මලී ඇගේ බෑගය අතට ගත්තේ හෙදිය ඒ අසළ වූ ඇගේ ඇඳ ඉහපත පුරවමින් සිටියදීය.
" මිස්.. මිස් නේද අර පල්ලියේ අනාත නිවාසෙට ආධාර කරන්නෙ?"
නිර්මලී මදක් කල්පනා කොට හෙදිය දෙස සුහද බැල්මක් හෙළුවාය.
"... මිස්ව මම දැකල තියෙනවා.  එතන මගේ නංගි වැඩ කරනවනෙ.  මම දෙතුන් පාරක් එනකොට මිස් හිටියා"
නිර්මලී කිසිවක් නොකියා සිනාසී සයනයෙන් බිමට බසින්නට මෙන් ඉදිරියට නැමුනු සැනින් ඇගේ හිස බමන්නට වූ නිසා හෙදිය වහා ඉදිරියට පැන්නාය.
".. අනේ මිස්.. බහින්න එපා උදව්වක් නැතුව. කෝ... ඉන්න "
ඇගේ ආධාරයෙන් නිර්මලී නැවතත් ඇඳ විට්ටමට හේත්තු වූයේ හෙදියගේ කරුණාබර මුහුණ දෙස බලමිනි.
" තෑන්ක්ස්"
" මිස් හරි පිංවන්තයි..  ඒවා නිකන්ම ලැබෙන්නේ නෑනෙ මිස්"
" ඔයත් ගොඩක් කරුණාවන්තයිනෙ. ගොඩක් ස්තූතියි මාව බලාගත්තට"
නිර්මලී එලෙස පැවසුවේ හදවතින්ම බව හෙදිය වටහා ගත්තාය.
" මිස්ගෙ විස්තර මට නංගි කියලා තියෙන නිසා දන්නව. ලේසි බේරිල්ලක් නෙවෙයි ඔය බේරුනේ.. ගිය සතියෙත් ඔය අලියා දෙන්නෙක්ම මරලා තිබ්බ. මිස්ව නම් දෙවියෝ බේරලා.."
නිර්මලී සුහද සිනාවක් පා තලතුනා හෙදියගේ අතක් අල්ලා ගත්තාය.
" දෙවියෝ ඉන්නේ හිතේ.. අපි කරන දේවල් වලින් තමයි අපි දෙවියන් වෙනවද යක්ශයා වෙනවද කියලා තීරණය කරන්නෙ. "
" අර මහත්තය පොලවෙ පස් කෑව මෙතන. හරි ආදරෙයි නේද? "
නිර්මලීගේ මුහුණ රතු වූයේ නිමේෂයෙනි. තමන්ගේ සදාකාලික ප්‍රේමය දුටු මතින්ම, මතකයට ආ මතින්ම සිත කෙතරම් පෙම්වත් වනවාද?

" අනේ ඔව්... ගොඩක් ආදරෙයි !"
නිර්මලී එලෙස පවසන්නේ කතාව අවසන්වී තමා දෙස බලන රශිඳු ගෝකුල සමඟ දෙනෙත් ලොක් කරගනිමිනි.
' ආදරේ කියන්නේ මැජික් එකක්! මගේ මැජික් එක ඔයා රශි!'

-----------------------------------------------------------------------

හිරාන් රශිඳුගෙන් මුහුණ සඟවාගෙන ආපසු හැරුනු සැනින් රශිඳු ඔහු අහුරා සිටගත්තේ දෑතම ඉනේ තබාගෙනය.
" ආයෙත් කියපං බලන්න ඒක?"
හිරාන් කිසිවක් නොකියා බිම බලාගෙන සිනාසුනේය.
" දැන් නෙවෙයි මචෝ... ආන්ටිට ඇහෙයි"
" ඉතින් ඇහුනම මොකෝ.. අපි ගෑනියෙක් උස්සන්න කතාවෙනවද? අඩෝ මේ! මට පොත දාන්න හදන්න එපා.. හරියට කියපං හුටපටේ"

හිරාන් බිම බලාගෙන සිට වරක් හිස ඔසවා දොර දෙස බැලුවේ රශිඳුගේ මව එතැයි සිතාය.
" එහෙම හුපටයක් නෙවෙයි මචං.. මේ අර මෑම්ගෙ... ඇසිස්ටන්ට්.. "
" හරි බං හරි නව්‍යානෙ.. ඉතින්!?"
" ඒකි වන්‍යාගෙ අක්ක බං"
එකවරම රශිඳු ගොළුවී ගිය මුත් වහා එය සඟවා ගත්තේය.
" ඉ- ඉතිං ?? ඒකෙ මොකක්ද තියෙන අවුල??"
" ඒ උනාට ඒකි හරි හොදයි බං"
" ඉතින් මොකද දැන් කේස් එක?"
හිරාන් සිය ප්‍රාණ සම මිත්‍රයා දෙස බලා ඉවත බලාගත්තේ මදක් වේදනාවෙනි. රශිඳුට කිව නොහැකි යමක් නැත. නමුත්..
" උඹ දන්නවනෙ මට කෙල්ලෙක් රන් කරන්න තරම් strong econ එකක් නෑ කියලා.. ඒ හින්දා මම කල් ඇර ඇර හිටියේ.. ඒ උනාට එදා උඹගෙ මැච් එක බලන්න මුලින්ම ආපු දවසෙ පොඩි පොඩි සීන් වගයක් උනා.. ඒ හින්දා ඒ කෙල්ල සෑහෙන්න හෝප්ස් තියාගෙන ඉන්නෙ"
රශිඳුට සිනාවක් නැගුනද ඔහු එය වසාගත්තේ හිරාන් අපහසුතාවට පත්වනු ඇතැයි සිතමිනි.
" මට බණ කියලා තෝ කෙල්ලව බඩ කලාද?"
විහිලුවක් වුවද දෙදෙනාම ඊට එතරම් සිනාසුනේ නැත.
" නෑ බං.. ඒ කෙල්ල පොඩිනෙ.. එහෙම බම්බුවක් නෙවෙයි.. දන්නෙ නැද්ද ටිකක්.. එදා විතරයි බං.. සීරියස් කැරැක්ටර් එකක්නෙ බං වන්‍යා වගේ නෙවෙයි "
රශිඳු හිරාන්ගේ උරයෙන් අල්ලා තමාගේ උරයට තද කලේ ඔහු තේරුම් ගනිමිනි. හිරාන් තමා මෙන් නොව නිවුනු චරිතයකි. කිසිදිනෙක පෙම්වතියක් සිට නැත්තේ ජීවිතයේ ඔහුගේ තිබුනු විවිධ හැලහැප්පීම් නිසාමය. 
" කෙල්ල හොදයි. බයවෙන්න එපා බං.. උඹට විහිලු කලාට අරුන් සෙට් එක කෙල්ලව නෝන්ඩි කරන්නෙ නෑ. පුලුවන් නම් අපේ නෝනගෙන් කුට්ටියක් කඩාගෙන බිස්නස් එකක් පටන් ගනින්. මම එපා කියන්නෙ නෑ"
එයට දෙදෙනාම සැහැල්ලුවෙන් සිනාසුනමුදු රශිඳුගේ සිත තරමක් බරවිය. 
"..  උඹට උපදෙස් දෙන්න තරම් මම සාන්තුවරයෙක් නෙවෙයි බං. උඹ දන්නවනෙ මම ගැන. මට කෙල්ලො හිටියා තමයි, උන් එක්ක මාත් ඔය එක එක එව්වා කලා තමයි මචෝ... ඒ උනත් මට එක කෙල්ලෙක්වත් වැදුනෙ නැති උනාම වෙන මොනවා කලත් දැනෙන්නෙ නෑ. මැස්සෙක්වත් වහලා නැති ගගා වැලලෙන්න දෙයක් නෑ බං.. කෙල්ලො කියන්නෙත් අපි වගේ ලේ මස් නහර තියෙන මිනිස්සු. උන්ටත් හැඟීම් තියෙනවා. එහෙමය කියලා උන්ව යූස් කරන උන්ට උඹ අයිති නෑ කියලා දන්න නිසයි කියන්නෙ. ඔය කෙල්ල වන්‍යා වගේ නෙවෙයි very fragile”

හිරාන් සුසුමක් සැලුවේ රශිඳු කියූ සෑම දෙයක් ගැනම ගැඹුරින් කල්පනා කරමිනි. 

" මට ඒකි හරියන්නෙ නෑ බං.. "
රශිඳුට නව්‍යාගේ උල් හැඩැති දුක්බර මුහුණ සිහිවී ඈ ගැන අනුකම්පාවක් දැනිනි. කෙල්ලන්ගේ හදවත් බිඳීමට සාමාන්‍යයෙන් හපනා වූයේ තමන්ය. සෙල්ලමට වගේ වුවද රශිඳු සෙව්වේ එක්තරා තරුණියකි. තමන්ගේ සදාතනික ප්‍රේමය හමුවූ වහාම සිය ආත්මය විසින්ම එය අප වෙත සන්නිවේදනය කරනවා නොවේද? 

සවස් වරුවේ අම්මාගේ නොයෙකුත් කතා අවසන රශිඳු ඈ වෙත ඇවිද ගියේ ජීවිතයේ තමා ඊළඟට ගන්නා තවත් තීර්ණයක් දැනුම් දෙන්නටයි.
තමා අත තැබූ ලිපිගොණු සහිත බෑගය දෙස මදක් විමතියෙන් බැලූ මාලතී ගෝකුල පළමුව බිය වූවාය.
" මොනාද මේ?"
" දිගෑරිලා බලන්නකො.."
බැගයෙන් පිටතට ගත් ලිපි අතර මද වේලාවක් දෑස් එහා මෙහා ගෙනගිය මාලතීගේ දෑස බොඳවී යන්නට ගියේ තත්පරයකට වඩා අඩු කාලයකි. 
" අනේහ් මගේ කොල්ලා! උඹට බුදු සරණයි මගේ රත්තරන් !"
මාලතී සිය පුත්‍රයා වැළඳගත්තේ ආදරයෙනි.
ලිපිගොනු සකසා පිලිවෙලට තබා තිබුනේ රශිඳු ගෝකුල තරඟයේ හොඳම පිතිකරුවාට හිමි ත්‍යාගය ලෙස ලබාදුන් නවීන නිවසේ ඔප්පුවයි. 

" මම මේක ෆර්නිශ් කරනවා එන සතියේ. අම්මා කැමති දේවල් ගන්න. මම වෙලාව තියෙන හැටියට එක්කගෙන යන්නම්..  නිර්මලී කිව්වෙම අම්මට ඕනෙ විදියට ගෙට ඕනේ දේවල් ගන්න කියලා "
අහේතුකව මාලතීගේ සිත රිදින. කෙතරම් සිතට තරවටු කලද සිත හදාගන්නට නොහැකිය.
".... මම නිර්මලීව මැරි කරන්න ඕන අම්මා... මගේ ඊළඟ ටුවර් එකට කලින් ඒක කරන්න ඕන."
මාලතී කිසිවක් නොකියා අතේ තිබුනු ලියකියවිලි නැවත බෑගයට අසුරා එය මේසය මත තැබුවාය.
"... එයා එක්ක ඉන්නකොට අම්මට තේරෙයි.. නිර්මලී කියන්නෙ"
" මම ඒ ගෙදරට එන්නෙ නෑ! "
රශිඳුගේ වචන නිම වන්නට ප්‍රථම වේගයෙන් කියූ මාලතී මේසයට බරවී ආයාසයෙන් නැගී සිටියදී, රශිඳු උපකාර කරන්නට සැදූවත් අත ගසා දැම්මාය.
රශිඳුගේ සිත රිදුන මුත් ඔහු සුසුමක් සලා සන්සුන් වන්නට අසාර්ථක උත්සහයක යෙදුනේය. 
ප්‍රතිකාර වලින් සිය මව සුවවනු දුටුවත් ඇගේ අභ්‍යන්තරයේ වූ කැපුම ඉතා දරුණු ලෙස ඔඩුදුවා තිබිණ.
' අම්මගෙ එහෙම හිත රිද්දන්න එපා රශි.. අම්මෙක් හරියට හිටපු නැති මම දන්නව ඔයා අද ඔතන ඉන්නෙම ඔයාගෙ අම්මා නිසා කියලා. එයාගෙ හිත රිද්දුවොත් පව්. '
නිර්මලී එලෙස පවසා තමාට ලැබුනු නිවස ඇතුළු මුදල් සියල්ලම ප්‍රවේශමෙන් අසුරා ලබාදුන්නේ අම්මා ඒවාට වඩාත් සුදුසු කියා කියමිනි.
"එතකොට මේ මැඩම් ඒ ගෙදර බලාගන්න ඕන!"
ඇස් ලොකු කර තමා දෙස බැලූ නිර්මලී , මද සිනාවක් පා එකඟ වූයේ කලින් කල හිතුවක්කාරකම සිහියට නැගීමෙන් මෙනි. මේ කියන්නේ අනූජගේ මහ ගෙදර හැරදා යායුතු බව වුවද නිර්මලී කිසිම ලෙසකින් ඒ ගැන දුක් වන බවක් නොපෙනුනේ, සැබෑවටද එවන් පසුතැවිල්ලක් ඈ කෙරෙහි නොවූ නිසාය.
' මම ඔයාට යන්න දුන්නා අනූජ! මගේ හිත දැන් නිදහස්'
ඈ තමාගේ සිත සෙමෙන් පිරිමදිමින් පැවසුවාය.
රශිඳු නවතම harrier වාහනයේ යතුර මේසය මත තැබුවේ ඈ සිය ඔඩොක්කුවට ඇදගනිමිනි.
" මේ කාර් එක තමයි මීට පස්සෙ අපි පාවිච්චි කරන්නෙ. මේක ලැබුනේ best bowling වලටනෙ. මම කැමතියි ඒක ඔයා ගන්නව නම්"

" එතකොට  රේන්ජ් රෝවර් එක?"
රශිඳු කට කොනට නැගුන සිනාවෙන්ම ඈ තමාගේ දෑත මැද සිර කරගත්තේ බොරුවට ඔරවමිනි.
" රේන්ජ් රෝවර් එක නේ?? අපේ ගෙදරට ඇවිත්, මගේ යාලුවාට අල්ලසට දුන්නු වාහනේද?"
නිර්මලී කුඩා එකියක සේ හිකි හිකි ගෑවාය. එසේ නම් ඔහු ඒ ගැන දනී.
" ඒක හිරාන්ට නෙවෙයි , ඔයාට දුන්නෙ"
" ඉතින් මට දුන්නනම් මට කියලා කියන්න එපැයි මැඩම්! ඌට දුන්නේ කොල්ලව අල්ලලා දෙන්න කියලා නේ?"
" ආ..නේ! හරි වැඩේම තමයි අල්ලගන්න! "
නිර්මලී කට උල්කොට පැවසූ සැනින් ඔහු ඇගේ කොපුල් දෙපසින් අල්ලා තද කලේ ඈ කෑ ගසද්දීය.
".. ඌයි! රිදුනා"
" රිදෙන්න තමයි ඇල්ලුවේ.. දන්නවනෙ අද gentle දවසක් නෙවෙයි කියලා ! අහපු දේට උත්තර දෙන්න දැන්.. "
සිය පෙම්වතියගේ රතු වූ වත ඔහු තවත් පොලඹවනසුළු නිසා රශිඳු යටිතොල සපාගත්තේ තියුණු බොරපාට දෑසේ බැල්ම අඩු නොකොටය.

".. කිව්වා නේද කොල්ලව අල්ලලා දෙන්න කියලා ?"
" අල්ලලා දෙන්න දෙයක් නෑ.. ඒ වෙනකොට කොල්ල මගේ වෙලා තිබ්බෙ"
රශිඳුට සිනාවක් පැන්නේය. ඒ සිනාව ඈ අතීතයේ ඒ දිනයට රැගෙන ගියේ සැනෙකිනි.
".. ඒ සල්ලි මම අනූජගේ නමට maintain කරපු account එකේ තිබ්බෙ. ඔයාට එදා මම කියපු දේට මට සමාවක් දෙන්න බැරි නිසා ඔයාගෙ අම්මගෙන් හරි සමාව ඉල්ලන්න ගියේ. හිරාන් තමයි.. මට එදා ඔයාගෙ පොත් දුන්නෙ.. ඒකෙන් සෑහෙන්න මාව ශොක් උනා කිකී"
නිර්මලී රශිඳුව මෘදුව වැලඳගෙන පැවසුවේ සුසුමක් සමඟිනි.
"... ඔයා අනූජ නෙවෙයි. පෙනුමෙන් එකවගේ , සමහර වැඩ වලින් එකවගේ උනාට ඔය දෙන්නා දෙන්නෙක්. ඒක මට තේරුම් ගන්න පුලුවන්. 
ආදරයක් කියලා කියන්නේ මොකක්ද කියලා මට දැනුනේ අනූජ නිසා බව ඇත්ත, ඒ උනාට මම ඒක විඳින්නෙ ඔයාගෙන්... මම දැන් පරිණත කෙනෙක් තමයි. ඇත්ත මම ගොඩක් confused නිසා සෑහෙන්න vulnerable වෙලා හිටියේ, ඒත් දැන් ඔයා වෙනුවෙන් තවත් ශක්තිමත් වෙලා.. "
ජීවිතයේ හදවතට සමීපම වූ ප්‍රේමයක් ගැන ඔබ විස්වාස නොකරන්නේ එවන් ප්‍රේමයක් හමු නොවනතාක් පමණි. එවන් ප්‍රේමයක් හමුවූ සැනින් ඔබ තමන් මෙතෙක් දරාගෙන සිටි සියළු දේ පසෙකලා ජීවිතයේ දිශානතිය ඒ වටා ගොඩනගනවා ඇත.
වනිඳු එකහෙලා විශ්වාස කල යමක් විය, එනම් මේ බැඳීම සිය ආත්මය පුරාම ඇති සදාකාලික යමක් මෙන්ම කොහේහෝ ඇති විශ්වීය බන්ධනයකින් පාලනය කරනවාක් මෙනි. නැතිනම් කිසි දිනෙක හමුවීමට සිටි දෙදෙනෙක්ද මේ?

" කොහොමත් මට ඔය අනූජයා පේන්න බෑ! ඌ මෙලෝ බෝලයක් උගන්නලත් නෑ.. මුල ඉඳල පටන්ගන්න උනා මට"
එයට නම් නිහඬව සිටිනා පෙම්වතියක් නොවේ; දැන් මේ සිටින්නේ!
"... ආව් යකෝ මාව හපන්න එපා.. ! මම කිව්වෙ බොරුද?"

" student හොදයි හරිද? හි හි"
" ඒ ඉතින් ගුරා හොඳ හින්දනේ.. "
" ගුරා කොහෙන්ද දන්නෙ නෑ ඉගෙනගත්තෙ?"
" හංසයින්ට පීන්න්න උගන්නන්න ඕන නෑ මැඩම්.. වතුර දැක්කම ඇති"
නිර්මලී හිකි හිකි ගාමින් ඔහුගේ මුහුණ දෙස බැලුවාය. නිර්මලීගේ බොරු එරවිල්ල දෙස රශිඳු හිස ඇලකොට බැලුවේ දෑස සිහින් කරමිනි.
" අම්මෝ.. මොකද ඔහොම බලන්නෙ? "
" ඇයි ? හැමදාම මෙහෙම තමයි බලන්නෙ! පළවෙනි දවසෙම මේ මැඩම් එපා කිව්වෙ නෑනෙ! "
නිර්මලී ‍රතු වූවද දෙබැම රැළි කලාය. 
" එපා කියන්න හිතුනෙ නෑ ඉතින්.. "
ඈ මදක් එසවී රහසින් මෙන් කිවූ ඉතිරියට විශ්මයට පත් රශිඳු මහ හය්යෙන් සිනාසී ඈ ඔසවා සිපගත්තේ ඉමහත් ආදරයෙනි.
' මගේ පිස්සු කේස් එක! උඹ නම් ඉතින් මටම ගැලපෙනව !!'

කෙතරම් සිපගත්තද එපා නොවන ඇගේ දෙතොල්වල ඇත්තේ මත් බවක් බවත් එදා තමන් ඉන් පාවී ගිය බවත් සිහිවී රශිඳුගේ සර්වාංගයම මත්වී ගියාක් මෙන් දැනුනි.

සිත තුල වහා සැලැස්මක් ඇඳුනේ ඒ සමඟය.

------------------------------------------ මතු සම්බන්ධයි ---------------------------------------

5 comments:

  1. ආයෙත් මෙලොවට ආවනේ බොලේ....ම‍ම හිතුවෙම අවමගුලක් කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මාත් හිතුවේ අතක් පයක් වත් කඩලා දාල ඇති කියලා අලියා. දැන් ඉතින් අලුත් ගෙදරට කැන්දගෙන යන්න පුළුවන් ආබාධයක් නැතුව. අනේ සාදු.

      Delete
    2. මෙය වාහනවලට සපෝට් කරනා වෙළඳ දැන්වීමක් බව සලකන්න....! ( උන් සල්ලි දුන්නේ නැතිනම් නිර් ව මරලා මේ කොටස වෙනස් කරනවා)

      Delete
  2. Replies
    1. කියෝලා එන්නකෝ එහෙනම්.. :)

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...