Tuesday, May 10, 2022

323: උන්මාද චිත්‍රාදෝ මා 55



අසේකා දොර දෙස වරින්වර බැලුවේ ගැහෙන හදෙනි. නමුත් හීයක් එල්ල කරගෙන සිටිනවාක් මෙන් ඈ වෙත රුදුරු බැල්මක් යොමුවි තිබිණ. කාමරයේ වෙනත් අයෙක් නොමැත.

" තමුසෙ හිතන්නෙ මම මැටි හරකෙක් කියලද? තමුසෙට ඕනෙ වෙලාවට යන්නයි.. ඕනේ වෙලාවට එන්නයි?... මම හොඳ හිතින් කියන්නේ.. අද.. මේ අද.. දෙකෙන් එකක් තෝරගන්නවා"

" අනේ.. කෑගහන්න එපා බේබි.."

" කෑගහන්න එපා? මට කියන්නේ මුමුණන්න කියලද? ආ?? තමුසෙ කසාද මිනිහත් එක්ක මෙතන @$නෙන්න ගත්තම මට කියන්නේ සෙත් පිරිත් කියන්න කියලද? ආ? උත්තර දෙනව අසේකා!"

අසේකා කළබලයෙන් වටපිට බලමින් ඔහු අසළට පියවර තබන්නට උත්සහ කලත් ඔහු සිටි අයුරට ඈ මගදීම නතර වූයේ බිය නිසාමය.

"... දැන් කොච්චර දවසක්ද? තමුසෙ කියන්නේ තමුසෙගෙ ඔය කෙබර අහගෙන මට එහෙට වෙලා $&නයෙක් වගේ බලාගෙන ඉන්න කියලද? මේ ඉන්නෙ කොහොමත් තමුසෙගෙ ලීගල් මනුස්සයානේ.. "

" අය්යෝ එරික්... එහෙම නෑ... මම ඔයාට කිව්වේ මම දැන් ඔෆිස් එකටත් යනවා.. ටික ටික අල්ලගන්න ඕනෙ.. ඔයා දන්නවනෙ අසාට සැක හිතුනොත්"

අසේකා ඔහු සමනය කරගන්නට ඔහු වැළඳගන්නට උත්සහ කළද, කෝපයෙන් උන් එරික් ඈ වෙතින් ඉවත්ව වෙනතක හැරුණේය.


" අනේ මේ අසේකා! තමුසෙගෙ මිනිහා ගැන මට කියන්න එන්න ඕන නෑ. ඌ මගේ කම්පැනි එකට කරපු දේ මට අමතක නෑනෙ.. මට තමුසෙගෙත් බයිලා අහලා ඇතිවෙලා...සල්ලි ඕන නෑ තමුසෙ මගෙත් එක්ක යන්න ලෑස්ති වෙනව"

" එතකොට පොඩි එකා?"

" මම තමුසෙට කිව්වනෙ.. මට ඕන ඇති පොඩි එකෙක් නෑ. උගේ බූදලේ තමුසෙගෙ තාත්තට කියනවා කෙලින්ම තමුසෙට ලියන්න කියලා. කොහොමත් ඒක ලාස්ට් විල් එකක්නෙ.. ඒක වෙනස් කරන්න පුළුවන් නේ.. තමුන්ගෙ ළමයට නැතුව grand kids ලාට බූදල් ලියන මල කෝලං මම මේ දැක්කමයි! "

අසේකා අසරණ මුහුණින් යුතුව හිසකේ අතර ඇඟිලි යවමින් ඒ මේ අත බැලුවේ එරික්ට කිවයුත්ත ගැන සිතමිනි. 

" අය්යෝ එරික්.. මෙතන කළබල කරන්න එපා.. දැන් ඔයා යන්න.. මෙහෙම ආපු එක මාර රිස්ක් එකක්. අපි මේ ගැන හෙට මීට්වෙලා කතාකරමු. "

අසේකා හඬ පහත් කරමින් බැගෑපත්ව පැවසුවේ එරික් කෙසේ හෝ එතැනින් පිටත්කොට හැරීමටය. නමුත් ඉන් ඔහු වඩාත් කිපුනේය.

" හෙට? මොන හෙටක්ද? අද.. මේ දැන් තමුසෙ මගෙත් එක්ක යන්න එන්න ඕන"

" හරි හරි... මම එන්නම්..ඒත් මේ අද මේ දැන් බෑ බබා. එකපාරටම ඔයා මෙහෙම ලංකාවට ආවහම මාත් බය වෙනවනෙ. මට කිසි දෙයක් ප්ලෑන් කරගන්න වෙලාවක් නැති උනා... මගේ ගාව හංග ගත්ත සල්ලි වගයක් තියෙනවා.. මම ඒ ටික හෙට දෙන්නම්.. දැන් යන්න එරික්!"

තවත් නොයෙකුත් ජාති කියා සිය පෙම්වතා තරමක් දුරට සංසුන් කරගත් අසේකාට ඇසෙන්නේ අසලංකගේ මව නිවස තුල සිට තමන් සොයන බවයි. ඈ ඉක්මනින් එරික්ව පිටත කොරිඩෝව ඔස්සේ පසුපස ගේට්ටුව වෙත රැගෙන යන්නට උත්සුක වූයේ නිවසේ ඉදිරිපස සියල්ලන්ම සිටින නිසාය. 

කාමරයේ දොර වසා කොරිඩෝව ඔස්සේ ආලින්දයේ පසෙක ඇති අඳුරු කොටසෙන් එරික් සමඟ ඇවිද ආ අසේකා ගේට්ටුව පෙනෙද්දී සැනසුම් සුසුමක් හෙලූවද, එකවරම මුළුතැන් ගෙය පැත්තේ ඇති දොරක් විවර වී පිරිමි සපත්තුවක් එළියට පියවරක් තැබූ සැනින් අසේකා ගල්ගැසී ගියාය.

" අසේකා??? මේ වෙලාවෙ මොක..."

ඒ රුව අසේකා අසළම සිට ඈ තුරුල් කරගෙන සිටිනා එරික් අසලින් නතරව ගියේ වචනද ඒ හා සමව ගල්ගැසී යද්දීය.

".. Who the @uck is this?"

----------------------------------------------

ගෙට්ටුවෙන් පිටවී යන වාහනය දෙස බලා සිටි අකිත් හොරැහින් මෙන් හිමාල් දෙස බලා නිවස තුලට නොපෙනී ගියේය. තරංග සෙමෙන් හිමාල්ගේ උරයට අතක් තැබුවේ ඔහුට දිරියක් වන ලෙසිනි.

" මාර වෙනසක්! මට හිතාගන්න බෑ "

තරංගගේ වචන වලට හිමාල්ට නැගුනේ සෝපහාස සිනාවකි. ඔහු වෙහෙසකර මුහුණින් යුතුව අසළ පුටුවට බරවී දෑතින්ම හිස පිරිමැද ගත්තේය.

" එදිරිමාන්නයාගේ සීන් එක ගොඩක් කල් මචං..  උගේ එක්ස් වයිෆ් දුලීගෙ බැච් එකේ. උඹල නොදන්නවට අකිත්මාගෙ ඩොක්ටර් ඒ ගෑනි. කෙල්ලට බේත් කරන්න ගිහින් මට ටිකක් හිර උනා. මම ටිකක් ඒකට මහන්සි උනා.. ගෙදර මගෑරුනා... 

උඹ දන්නවනෙ දුලී ගොඩක් ශෝ ඕෆ්.. වාහනේ නැති දවස්වල එදිරිමාන්නයා තමයි එක්කගෙන ගියේ.. ගෙනාවෙ.. ඒ අස්සෙ නිර් අපිට දුරස් උනා.. නිර් තමයි නැතිනම් ඒ ඔක්කොටම කර ගහන්නෙ... ඒකිත් හිටියේ ලොකු ප්‍රශ්න ගොඩක පැටලිලා.. මේ සීන් එක මේ වෙලාවේ මෙහෙම ඇදෙයි කියලා හිතුවෙ නෑ.. "

" සොරි මචං.. මම එච්චර සිද්ධියක් දන්නෙ නෑනෙ! "

රංග හැබෑවටම ඒ ගැන දුක් විය. හිමාල් අපහසුතාවෙන් නගාගත් සිනාවෙන් ඈත ඉමක නෙත රඳවාගත්තේය.

" දුලී නරක ගෑනියෙක් නෙවෙයි. සල්ලි නැති උනාම කරන්නේ මොනවද කියලා කල්පනා කරන්නෙ නෑ. එදිරිමාන්න කියන්නේ ඩීල් කාරයෙක්. ඌ දුලීව රවට්ටයි. ඒ හින්දා ළමයි යවන්න බෑ. නමුත් මේක මේ විදියට ඉවර උනාවෙ. මම කැමති නෑ දරුවෝ ඉස්සරහ එයාගෙ ගරුත්වය නැති වෙනවට. එදිරිමාන්නව අකිත් දැකලා තියෙනවා.. කොල්ලාට ඒක දරාගන්න පුලුවන් "

රංග විමතියෙන් සහ කම්පනයෙන් අසා සිටියේ මේ සියල්ල ඔහුට ආගන්තුක නිසාය. දුලීකා සහ හිමාල් යුවල සැමට ආදර්ශයක් ලෙස ජීවත් වූ දෙදෙනෙක් නිසාත් හදිසියේ සියල්ල සිදුවූ නිසාත් ඔහු සිටියේ අදහාගන්නට නොහැකිවය.

එතෙක් වේලාවක් අඩි හප්පමින් සහ වහසිබස් දොඩමින් සිටි දුලීකාට ප්‍රති උත්තර නොදී සිටි හිමාල් දික්කසාදය සඳහා එකඟ වූ බව රංගට අදහාගන්නට නොහැකි වුවත් හිමාල් යන පුද්ගලයා තුල එතරම් දරාගන්නට හැකි මිනිසෙක් සිටිනවා කියා දැනීම ඔහුගේ නොමද ගරුත්වයට ලක්විය.

".. සල්ලි ලැබුනාම ගෑනු වෙනස් වෙනවා කියලා මම අදටත් විස්වාස නොකරන්න හේතුව දුලී නෙවෙයි.. නිර්මලී! අච්චර ලොකු සල්ලි ටිකකුත් එක්ක තරුණ කෙල්ලෙක් විදියට වැන්දඹු වෙච්ච ගෑනියෙක්... මොනවා කරන්න බැරිද? ඔය එදිරිමාන්න කාරයා නිර් පස්සෙ වැටිලා හිටියා සෑහෙන්න කාලයක්.. නිර් හෙල උනේ නෑ.. එහෙම ගෑනු ඉන්නව මචං. වනියා ලකී!"

හිමාල්ගේ වචනවල ගැබ්ව තිබුනු යම් යම් කරුණු තුලින් රංග රහසේ උකහාගත් යමක් විය. 

---------------------------------------------------

"Baby girl…”

රශිඳුගේ ඇස්වල ඇති වෙනස නිසා නිර්මලී මදක් හිස ඔසවා කෙලින් වන්නට උත්සහ ගත් නමුදු ඈ සිටියේ යකඩ අත්දෙක මධ්‍යයේ තදවෙමිනි. ඒ ඇස් අඩ අඳුරේ වුවද මහත් දීප්තිමත්ව දැල්වී තිබුණි. 

“… thanks.. "

ඔහු නිර්මලීගේ ලැම මත සිය මුහුණ සඟවා ගනිමින් විඩා නිවාගන්නට මෙන් දිගු සුසුමක් හෙළුවේය. 

"... හැමදාම මගේ සැනසීම තිබ්බේ ඔයා ගාව baby girl.. ඒකට thanks"

චාමික එළවා නිදහස් කරගත් ඔවුන්ගේ කාමරය පුරා මීට හෝරාවකට ආසන්න කාලයක් තුල රැඳුනු උණුසුම් සුසුම් තවමත් කැරකෙන්නාක් මෙනි. නිර්මලී සිය ලය මත සෙමෙන් ඇදෙන ඔහුගේ ශක්තිමත් ‍රළු බාහු වල ගමන මදක් අල්ලා නතර කළාය. හදවත අවුලා දැනුන නුරා හැඟීම් සියල්ලම මුදු ප්‍රේමයේ සිලිලාර පැතිරී යන බව ඇගේ හදවත පුරාම දැනේ.

".. මදැයි මම කතාකරන්න ඕන කිව්ව.. මේ නෝනා කතාකරන්න දුන්න හැටි තමයි!"

නිර්මලී දඟකාර ලෙස සිනාසුනේ ඔහුගේ දෑස දෙසම බලාගෙනය. අනතුරුව පිලිතුරක් ලෙස රශිඳුගේ නළල මත තෙත හාදුවක් තැබුවාය. රශිඳු තදින් ඈ වැළදගෙන සිටියේ කුමන හෝ ගැඹුරු කල්පනාවකය. 

සිතින් නිදහස් නොකල යමක් ඇති බව රශිඳුගේ සුසුම් සරින් ඈ හඳුනයි.

"... කියන්න කිකී.. මගේ හිත රිදෙන්නෙ නෑ"

සිය ඉත්තෑකූරු කොණ්ඩය අතරින් මෘදුව ගමන් කරනා ඇගේ අතැඟිලි නිසා තදවී තිබෙන සිතුවිලි සෙමෙන් ලෙහා වැටෙන්නා සේය.

" මම කියපු දේවල් ඔක්කොම කිව්වේ සිහියෙන්. මේ ටිකත් කියන්නේ සිහියෙන්.."

රශිඳුගේ වත සෘජුව නොපෙනුනද හඬේ ඇති ස්වරයෙන්ම ඒ කියන්නේ නම් මැර බැල්මක් සමඟ බව ඈ දත්තාය.

"... අර @$) එක්ක මීට පස්සේ බිස්නස් බෑ!"

පිලිතුරක් නොලද මුත් ඇගේ ගෙල පාමුලින් අල්ලා ඔහු වෙත හරවාගෙන තදින් ඇගේ දොතොල් සිපගත්තේය. ඒ ඔහුගේ අයිතිය හඟවන ප්‍රථම පියවර බව ඈ දැන් දනී. 

යන්තම් පෙරී එන ආලෝකයෙන් ඔහුගේ මුහුණේ ඇති වියරුව නිර්මලී දැක දැකත් නිසොල්මනේ ඒ ලෙසම බලා සිටියේ ප්‍රේමය සිත දරාගෙනය. 

"... ඇත්ත කියන්න baby girl..  ඌ කොහොමද ඔයාව ඔච්චර කන්ට්‍රෝල් කලේ? ඌ කොහොමද ඔච්චර  ඔයාගෙ යාලුවෙක් උනේ?"

නිර්මලී දිගු සුසුමක් සැලුවේ තමන්ගේ හදවත පිටත ගැහෙන්නාක් පරිද්දෙනි. 

සඟවන්නට යමක් නොවේ. නමුත් ප්‍රථම වතාවට ඈ අසලංක මිහිඳුකුලසූරිය ගැන විවෘතව කතා කරන්නීය.

"අසලංක මගේ යාළුවෙක් වෙලා හිටියේ සෑහෙන කාලෙකට කලින්.  අසලංකට මම අනුකම්පා කලා.. මම මගේ තාත්තාගෙන් හැරස්මන්ට් වින්ද කෙනෙක්.. තාත්තෙක් නැති එකේ අඩුව මට පිරෙව්වේ අනූජ වෙන්න ඇති.. අසලංක කියන්නේ එයාගෙ තාත්තා නැතිවෙච්ච දා ඉඳලා එහෙමවත් රැකවරණයක් නැතුව දුක් වින්ද කෙනෙක්.. "

ඈ අඳුර දෙස බලාගෙන මෘදු ලෙස පවසාගෙන ගියේ හැඟීමකින් තොරව මෙනි. අනතුරුව සෙමෙන් පිරිමදින ඔහුගේ හිසමත වූ ඇඟිලි දෙස නෙත රැඳවූයේද එලෙසිනි.

"...ඒ උනත් අනූජ නැති දවස්වල මට ශක්තියක් වෙච්ච කෙනෙක්..  මම ගුණමකු ගෑනියෙක් නෙවෙයි රශි.. අනූජ නැති උනාට පස්සෙ අසලංක ගැන ගොඩක් අය මට පුශ් කලත්.. මට ඒක කරන්න බැරි උනා.. ඒක එයා අන්තිමට කරපු දේට ඒ ඔක්කොම බැර කරන්න බෑ තමයි.. "

රශිඳු හිස ඔසවා අඩ අඳුරේ පෙනෙන ඇගේ නෙතුසර අල්ලා ගන්නට උත්සහ කලේය.

තමන් මහත් ආදරයෙන් සිඹින, ස්පර්ශ කරන, විඳින ඇගේ කෝමල රේඛාවන් ඒ නරුමයාගේ කාචය තුලින් දකින්නට ලැබුනු මොහොතේ හදවතින් මැරි මැරී ගතකල මොහොතවල් ගැන රශිඳු නැවත වරක් සිහි කැඳවා සුසුමක් හෙලුවේය. 

පෙම්වතෙක්ට විඳිය හැකි මට්ටමේ ඇති අවාසනාවන්තම ඛෙදවාචයක් නොවේද එය?

"... මට ආයේ අතීතයට යන්න පුලුවන් නම්.. මම ඒ සිද්දිය මකලා දානවා සදහටම.. ඒ උනාට තාම මම අතීතයට යන්න විදියක් දන්නෙ නෑ පැටියා.. මාව හිප්නොටයිස් කරලා ඒක මකලා දානවට මම කැමතියි.."

නිරායාසයෙන් ඇගේ දෑසික් වැටෙන කඳුළු දැක රශිඳුගේ පිරිමි හදටත් වඩා ප්‍රේමවන්තයෙකුගේ හදවත සීරී යනු ඔහුට දැනුන නිසා රශිඳු ඈ සන්සුන් වනතෙක්ම සිය නිරුවත් පපුවේ උණුසුමට ලංකර ගත්තේය.

"Sometimes your worst enemy is your own memory. So let it go( සමහර වෙලාවට.. කෙනෙක්ගේ දරුණුම සතුරා වෙන්නේ තමන්ගේම මතකය.. ඉතින් එයට යන්න දෙන්න ) ඔක්කොම අමතක කරන්න.. දැන්වත් මගේ වෙන්න.. හැමදාටම. පුලුවන්ද ?"

" ඔයා වගේ මැරිලා ආයෙමත් එන්න ඕන මට!"

රශිඳුගේ හදවත රිදුනේ තදින්මය. මෙය කිසිවිටෙක අවසානය නොවේ! ඔහු නිර්මලී දෝතින් ගෙන ඔහුගේ ඇකයේ හිඳුවාගෙන දෑසට එබුනේ මත්වූ නෙතිනි.

" baby girl... කවදාවත් හිතන්න එපා එහෙම! ඔයා මට ඕනේ ඔය ඉන්න විදියටම තමයි.. මගේ ගාව ඉන්නකොට හැමදාම ඔයාම වෙලා ඉන්න.. ඔයා වගේ ලවිං කෙයාරිං හොට් කෙල්ලෙක්ට විතරයි ඒක කරන්න පුලුවන් "

" හොට්?"

නිර්මලීගේ මුවේ රැඳුනේ සිහින් සිනාවකි. 

"ඔව්.. හොට් කිව්වෙ ඒකෙ සැර චුට්ටක් බාල කරලා. විසේ.. විසේ ඒකට කියන්නෙ විසේ..! ඒකට මම කැමතියි"

මේ කියන්නේ කුමක්ද කියා දන්නා නිසා රත්වී රතුපැහැ ගැන්වුන සිය කොපුල් විදහා සිනාසුන නිර්මලී දෑස සිහින් කොට රශිඳු දෙස මත්වූ බැල්මක් හෙළුවාය. ප්‍රති පිලිතුර වහා ලැබුනි. 

මීට පෙර කිසි විටෙක නොදැනුන ආකාරයේ අයෙක් තමන් තුලින් පැන නැගී ඇතිබව නිර්මලී දනී. 

".. මගේ හැපී පිල් එක! "

ඉවසාගෙන සිටින්නට නොහැකි තරමේ සරාගී සිපගැනුමක් අවසානයේ රශිඳු ඇගේ දෑස දෙස බලාගෙනම පැවසුවේ හදවත තෙත ස්පොන්ජ් කැබැල්ලක් මෙන් පෙඟී බරවෙද්දීය.

" කිකී.. අද ඔයාට මැච් එක නේද? "

නිර්මලී හදිස්සියේ මතක් වී මෙන් පැවසුවේ රශිඳුගේ මේ ලෑස්තිය කුමක් සඳහාද යයි දන්නා නිසාමය.

".. ඔයාගෙ යාළුවා අපිට බනිනවත් ඇති.. ලැජ්ජයි අප්පා!"

" චඃ! අත තුවාල නිසා හෙට මැච් දාන එකක් නෑ.. මේ මැච් එකේ second innings තියෙනවා නේ! ඌ බැන්නට කඳු පාත් වෙනවද? අනික ඌට උනත් තේරෙනවනෙ මම හිටපු තත්වෙ!"

නිර්මලීට නැගුනු සිනාව සමඟ රශිඳු ඈ සයනය මතින් නැවතත් පෙරලා ගත්තේ දෑතම ඉහලට කොට අල්ලා ගනිමිනි. අනතුරුව ඔහු නොසෙල්වී ඇගේ රූසපුව විඳගනිමින් සිටියදී වෙනස්වන ඔහුගේ වත දෙස නිර්මලී සැලකිල්ලෙන් බලා සිටියාය.

ශක්තිමත් බාහු, තලෙලු මස්පිඬු සහිත සිරුර සහ ඔහුටම ආවේණික සරාගී ඇස් ඇති ඉත්තෑකූරු කොණ්ඩය සහිත මුහුණ..

' හොට්නස්!'

ඔහු කදිම ආදරවන්තයෙකි! තරුණියක විසින් වශීකෘතව යන තරමේ අභියෝග එල්ල කරනා පෙම්වතෙකි. ප්‍රථම වතාවට ඔහු අනූජ ගමනායක අතික්‍රමණය කරමින් ඈ වෙත එල්ලකල අභියෝග වලට නිර්මලී පිලිතුරු දුන්නේ රශිඳු මදක් තිගස්සවා හරිමිනි.

".. Baby girl! කොහෙන්ද ඒක ඉගෙනගත්තෙ ආ?"

" ගූගල් කරාම තත්පරයයි!"

රශිඳුට සිනාව පැන්නේ කැස්සක්ද සමඟිනි. ඈ නම් කිසිසේත් ලේසි නොවනු ඇත. තමන්ගේ සරාගී ෆැන්ටසි වලට ගැලපෙන ආදරවන්තියක් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මුළු ආත්මය පුරාම ඒ බැඳීම අක්මුල් සමඟින් ග්‍රහණයට පත්වන්නේ ඉබේටමය. 

"පිස්සි... මාවත් පිස්සු හදවනවා ඉතින් !"

උන්මාදයෙන් බැඳෙන ප්‍රේමයකි එය!

--------------------------------------------- මතු සම්බන්ධයි ----------------------------------

6 comments:

  1. නාරි හැගුම් උතුරවනා සරාගි හිතවති
    ආශා හැගුම් මතු කරනා නුබේ රූ තොල් පෙති

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ කවි.. මට පේන්නේ මුන් දෙන්නගේ කොටස කියෙව්වම මෙයාලට අනිත්වා අමතක වෙනවා වගේ

      Delete
  2. මගෙ අම්මෝ අද.....අපිත් උන්මාද කරවල තමයි මෙයා පස්ස බලන්නෙ.....මෙයා කිව්වෙ මේ කතාව ලියන උත්තමාවියට හොඳේ.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...