Saturday, October 23, 2021

274: උන්මාද චිත්‍රාදෝ මා 08




ඇතුලාන්තයෙන් මහා අරගලයක් කරමින් අනුජ සිටියේ දහනය වෙමිනි. එය ඊර්ෂ්‍යාවද කියා ඔහුට සිතන්නට තරම් සිත එකලාසයක් නැත.

ඇගේ මිතුරිය නේහා, සිය පෙම්වතා සමඟ දුටුවිටම ඇතිවූ ඒ බය සහ නිර්මලී කෑම මේසයේදී කියූ වැකිය විසින් තමන් මේ බොළඳ හැසිරීමට පත්වූ බව, ඒ මොහොතේ අනුජට කල්පනා වුයේ නැත. නිර්මලී තමන්ට අයිති බව මිස, වෙනත් යමක් ඔහුගේ සිතට ආවේම නැත. 

තමන්ට අවුරුදු විසි අටක් වුවද, ඇය අවුරුදු දාහතක තරුණියකි!

පැන්ට්‍රිය අසල සිය සිරුරේ යන්තමට ගෑවෙමින් සිටි සිය සිතගත් තරුණිය ගැන වූ අධිකතම ලෝබකමකින්  ඔහු ඒ මොහොතේ අන්ධව ගියාද?

"ඔතනින් වාඩිවෙන්න"

අනුජ නිර්මලිට බැල්කනියේ ඇති හාන්සි පුටුව දක්වා සිටියේය. එතැන තව තිබුනේ මේසයක් පමණි. අනුජ බැල්කනියේ ඩිම් වූ විදුලි පහන දැල්විය. නිර්මලී පුටුවේ හිඳගත්තේ අනුජ ඉන්නේ කොහිදැයි සිතමිනි.

මිට පෙරද නිර්මලී අනුජගේ හිසේ තෙල් ගා සම්බාහනය කර ඇත. නමුත් ඒ සාලයේ ඔහුගේ කුඩා පුටුවේදීය. ඔහුට පිටුපසින් නිර්මලිට හිඳගන්නට වෙනම පුටුවක් එතැන තිබිණ. දවසේ නොයෙකුත් ජාති කියවමින් නිර්මලී සම්බාහනය කරන්නේ අද මෙන් පීඩාවකින් නොවේ.

විදුලි පහන දල්වා කෙලින්ම පැමිණ අනුජ හිඳගත්තේ නිර්මලිගේ දෙපා මුලයි. ඉන්පසුව හරිබරි ගැහී පුටුවට හේත්තු වුයේ යන්තමට ඇගේ කකුලේ යට කොටසේ ගෑවෙන්නටය. නිර්මලී මදක් ගැස්සුනද ඉක්මනින් සන්සුන් වුවාය.

එක අතකට අද නම් අනුජගේ මුහුණ නොපෙනීම පහසුවකි. යන්තමින් කකුලේ ගෑවුනත් දැනෙන්නේ අමුතු හැඟීමකි. නිර්මලී වම'තට තෙල්  ටිකක් ගෙන එය අනුජගේ හිස මතට දැමුවාය. ඔහුට ඇති ඝනකම් කාලවර්ණ, ඉත්තෑකූරු කොණ්ඩයට නිර්මලී කැමතිය.

තෙල් දමා ඇඟිලි තුඩු අගින් සෙමෙන් සෙමෙන් ඈ හිස සම්බාහනය කලේ අනුජ නිහඬවම දෑස වසාගෙන සිටියදීය. කොහේ හෝ සිට පැමිණි ආගන්තුක මිහිරක් දැනුනු නිර්මලිගේ කොපුල්  රෝස පැහැ ගෙන තිබිණ. 

ඔහුගේ සුවඳ අද වෙනස්ය. කෙතරම් හකුලාගෙන සිටියත් , කමිසය පසාරු කරගෙන එන  ඔහුගේ උණුසුම් පිටේ පහස නිර්මලිගේ කකුලේ පහල කොටසට දැනේ. ඇඳ සිටි ස්කිනි ආකාරයේ කමිසය නිසා පෙනෙන පැහැපත් ඔහුගේ උරහිසේ සිට තරමක් පහලට එන ඒ ටැටූ එකට නිර්මලී කැමතිය. කමිසයක් නොමැතිව ඔහු සිටින්නේ අඩුවෙන් නිසා එය දකින්නට නම් ඔහු පිහිනුම් කරන වෙලාවක විය  යුතුය.

සෑහෙන දිනකින් ඔහු මේ ස්කිනි එක ඇන්දේ... නිර්මලී සිතයි.  

දහවල් පාසලේ  සිට සිත පෙලන කාරණා නිසා තරුණියගේ සිත මේ සියල්ල සමඟම තරමක් වේදනා දුන්නේය. සිත තුල ඇතිවූ ප්‍රේමයක්; ගැඹුරුම තැනින් හටගන්නා වූ ප්‍රේමයක් පොරකමින් සිය අවනඩුව කියා සිටියි. ඇඟිලි වලට දැනෙන ඔහුගේ ඒ උණුසුම් ස්පර්ශය එතරම් දුර වන්නේ , තමන් කල වරදට දඬුවම ලෙසද? එය එතරම්ම දරුණු දඬුවමක් බව ඒ මොහොතේ වැටහුනේ නැත...  

අනුජ..... ඔහු මෙතරම් තමන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ වේදනාවටද  ? තමන් නිකන්ම ඔහුගේ යුතුකමක්ද? වගකීමක් පමණක්ද?

ඈ නොදැනුවත්වම ඇගේ රිද්මය වෙනස්වූ බව වැටහුණු අනුජ දෑස විවර කළේය. බැල්කනියේ සීත සුළං මගින් වින්ග් චාම් එක ඉමිහිරි නාදයක් විසුරුවයි. අන් කිසිදු ශබ්දයක් නැති රාත්‍රී හාත්පස නිහඬය.

"නිර්මලිට මහන්සි නම් දැන් ඇති..."

නිර්මලී ගැස්සී ගොස්  මන්දගාමී වූ සම්බාහනය නැවතත් පටන් ගත්තාය. අනුජට වෙනස නොදැනුනා නොවේ. අද දින ඇගේ බැල්ම පවා වෙනස්ය. ඇගේ පමණක් නොවේ, තමන්ගේත් සිත වෙනදාට වඩා නොසන්සුන්ය. 

"න.. නෑ අයියා..... මට මහන්සි නෑ "

 අහේතුකව මෙන් නිර්මලිගේ දෑසට කඳුළු ඉනුවේ ඒ ක්ෂනයෙනි. වහා අනුජ හිස හරවා නිර්මලී දෙස බැලුවේ ඇගේ දෑත ගෙල දෙපසින් තදකොට අල්ලාගෙනය. නිර්මලී ඉවත බලාගත්තද, අනුජ ඒ දෑස දැක හමාරය.

"ඇයි මේ?"

නිර්මලී දෑත තමන්වෙත ඇද්දද , අනුජගේ ග්‍රහණය ඊට වඩා වැඩිය. අනුජට එකවරම නැවත සිහි වුයේ කෑම කද්දී ඈ කියූ වැකියයි.

පපුව තුල ටයිම් බෝම්බයක් කාලය මනිනවාක් මෙන් ඔහුට දැනුනි. 

".. මට කියන්න..... මොකක්ද උනේ? කවුද ඔයාට මොනවාහරි කිව්වද?"

නිර්මලිට හැඩුනේ නිරායාසයෙනි. නමුත් ඇය 'නැහැ' කියන්නට මෙන් හිස දෙපසට වැනුවාය. අනුජ නැගී සිට නිර්මලී අසලින්ම සිටගෙන ඇගේ උරහිසට අතක් තැබුවේය. 

තරුණිය කඳුළු පිරීගිය දෑසින් එකවරම අනුජ දෙස බැලුවේ ඔහු අපේක්ෂා නොකරන බැල්මකිනි. අනුජ සැබෑවටම ඒ බැල්මට අතරමංව ගියේ එය එතරම්ම ප්‍රභලව හදවතට සංනිවේදනය වූ බැවිනි.

ඒ ක්ෂණයෙන් ඈ තමන්ගේ උරහිසේ ඇති අනුජගේ අත තදින් අල්ලාගෙන තොල්වලට තබා සිම්බාය. අනුජ වේගයෙන් ඉහල පහල යන සිය හුස්ම පාලනය කරගෙන නිසොල්මනේ ඈ දෙස බලාගත්වනම සිටියේ හැඟීමක් නොමැත්තාක් මෙනි. ඇතුලත මුරගෑම පිටතට ඇසෙන තරමකි.

'නිර්මලී.... එපා.. කරුණාකරලා එපා....'

නැවත තමන් වෙත හෙලු බැල්මෙහි තිබු සියල්ලම අනුජ එක ක්ෂණයෙන් ග්‍රහණය කලද, හුස්මක් ඇල්ලු ඔහු නිර්මලිගේ දෝතට හසු නොවූ දකුණතින් ඇගේ හිස මුදුන මෘදුව පිරිමැද්දේ සිතුවිලි සමනය කරන්නට මෙනි.

"ඇති .... දැන් නිදාගන්න යන්න..."

අනතුරුව ඔහු ආපසු යන්නට හැරුණද නිර්මලී දෝතින්ම මුහුණ වසාගෙන හඬන්නට වූ නිසා මදක් නතර විය. නිර්මලී අසලින්ම සිටගත් ඔහු ඇගේ හිස තවමත් සෙමෙන් පිරිමදිද්දී නිර්මලිගේ හැඬුම තවත් උත්සන්න විය.

".. අඬන්න එපා මැණික"

ඒ ඇමතුමෙන් නිර්මලී වේල්ල කැඩීගිය වැව් බැම්මක් සේ මහා හඬින් හැඬුවාය. අනුජගේ ඉන වටා දෑත ගෙනගිය ඈ  සිය නළල ඔහුගේ සිරුරේ ගෑවෙන්නට තබාගෙන හඬයි.

"දැන් ඇති..  හ්ම්ම්? "

"මට... මට සමාවෙන්න අයියා... මම ආදරෙයි... ගොඩක් ආදරෙයි.... මගේ ජීවිතේටත් වඩා ආදරෙයි... අනේ මට බනින්න එපා "

හදවත මත පුපුරාගිය මල් බෝම්බය සහ ඇතුලාන්තයේ උන් අනෙත් මිනිසාගේ විලාපය එකවිට අනුජට ඇසුනි.

'මට හිතුන.... අනේ මට හිතුනා.... මෙච්චර බය උනෙත් ඒකනේ !'

අනුජගේ උගුර සිරවී ,හුස්ම කෙටි හා වේගවත් විය. වහා නිර්මලිගේ පාමුල දණගසා ගත්  ඔහු නිර්මලිගේ මුහුණට එබුනේ ඇගේ මුහුණ දෝතින් ගනිමිනි. දෙදෙනාම එකිනෙකා දෙස බලා සිටියදී අනුජගේ සිහින් දෑසට කඳුළු ඉනුවේ ක්ෂනයෙනි.

".. දෙවියනේ...චුටි කෙල්ලෙක් මැණික ඔයා..."

පළමුව සිහි එලවාගත් අනුජ සෙමෙන් , මෘදු හාදුවක් ඇගේ නළල් තලය මධ්‍යයේ තැබුවේ පරෙස්සමට මල් පෙත්තක් සිපගන්නාක් මෙනි. නිර්මලීගේ දෑස පියවි හුස්ම නතරව ගියේ ඒ හාදුවේ තිබුණු ප්‍රේමයේ අධි මාත්‍රාවෙන් මත්වුවාක් මෙනි. ඇගේ  අත්ලට අනුජගේ ස්කිනි එකෙහි ඉදිරි කොටස ගුලිවී ගියේය.

මහත් පරිශ්‍රමයෙන් දරාගෙන උන් හැඟීම් සමුහයා සමඟ කල පොරබැදීම් අතරේ, අනුජ අනතුරුව නළලට නළල තබාගෙන , තමන්ගේ දෙතොල් ඇගේ නළලෙන් පහළට නොයවා  සිටිමින් මහත් අසීරුවෙන් තවත් මොහොතක් සිය හැඟීම් සමඟ පොරබදමින් කාලය ගෙවා දැම්මේය. සිය ප්‍රථම ප්‍රේමනීය හාදුවේ ස්පර්ශය සමඟ නිර්මලී සිටියේ සිහින ලොවක පාවෙමෙනි. ඒ පොරය විසින් ඔහුගේ සුසුම් වඩාත් උණුසුම්ව සහ තීව්‍රව නිර්මලිගේ මුහුණ පුරා විසිරිණ.

".. මට හීනයක් වගේ මැණික..."

නිර්මලී සිය  සිරුරට වත්තන් කරගෙන නැගීසිටි අනුජ, තමන්ගේ පපුවට තුරුලුවී දෑස වසාගෙන සිටින තරුණිය දෙස බැලුවේ උතුරා යන ප්‍රේමයෙනි. දෝතින්ම තමන් වැළඳගෙන සිටින නිර්මලිගේ දෑත මත සිය දෑත තැබූ අනුජ නැවත වරක් ඇගේ හිස් මුදුන සිම්බේය. අනතුරුව ඇගේ අතක් ගෙන පිටි අල්ල මතද හාදුවක් තැබුවේය. 

අවසිහියෙන් මෙන් ඈ සිපගන්නට යයි කියනා අතොරක් නැතුව නැගෙන හැඟීම් සියල්ලම දරාගෙන අනුජ ඉවසා සිටියේ දත්මිටි කමිනි. 

'පොඩි කෙල්ලව බයකරන්නේ කොහොමද මම?'

බොඳවූ දෑසින් ඔහුගේ වැටුනේ සතුටු කඳුළුය. නිර්මලී ඔහුගේ පපුව තුල තව තවත් තුරුල්ව යද්දී අනුජ ඇගේ බිමට බරවූ මුහුණ ඔසවා , මුදු මුදු කෙස් සහිත කොණ්ඩය පසෙකට කොට ඒ මුහුණ පාදා ගත්තේය.

"... ඕ ගෝඩ් ! මෙච්චර අඬන්න තරම් මොකක්ද මම මගේ  මැණිකට  කලේ? හ්ම්ම්?"

නිර්මලී කිසිවක් නොකියාම ඒ දෑස දෙස  වශීකෘතව බලා සිටියාය. අනුජ ඇගේ මෘදු කොපුලක් සිය මහපට ඇඟිල්ලෙන් පිරිමදිමින් දෑස සිහින්කොට සිය ආකර්ශනීය සිනහව දක්වා සිටියේය.

".. හීනයක් වගේ... ඇත්තටම...... මේක හීනයක්ද? "

නිර්මලී දෑස නොදල්වා බලා සිටියේ ඒ සිනාවයි. ප්‍රේමය යනු මෙයද? මදක් නැවී තමන් දෙස බලාසිටින නෙලුම් පොහොට්ටු හැඩති දෙනෙත් සිපගත් අනුජ නිර්මලී තදින් වැළඳ ගත්තේ දෑස වසාගෙනය.

'ඒ කියන්නේ අනුජ මට ආදරෙයි? එහෙම නෑද ? අනේ ඒ ඇස්වල කඳුළුත් තිබ්බ, ඒවා දුකටද? මට බෑ දෙවියනේ.... ' නිර්මලී උමතුවෙන් මෙන් සිතුවද සිතට දැනෙන්නේ අමුතුම හැඟීමකි.

"අ....යියා.... "

"හ්ම්ම්?"

"ම.. මාත්...එක්ක තා..මත් ත-ර-හ-ද?"

"ආ...? මොනවටද පිස්සි? "

"මම අ-ර පි-න්තූ-ර..."

"පිස්සු කෙල්ල... එදා වගේම මම තාම ආදරෙයි මැණික. මම එහෙම කිව්වට... ඔයා තාම චුටි කෙල්ලෙක්නේ... මෙහෙම ලඟින් තියාගෙන ඉන්න බයයි... "

ඒ කිසිවක් නෑසුණු නිර්මලීට දැනුනේ ඈ සිහිනයක පාවෙන්නාක් මෙනි. හෙටක් නැත්තාක් මෙන් දෑස පියාගෙන ඈ ඒ උණුසුමේ ඇති රැකවරණය වින්දාය. අනුජ එවර සෙමෙන් සිය බඳ වටා එතුණු ඈගේ දෑත සිය අතින්ම සෙමෙන් බුරුල් කර , දෑස වසමින් ලයපුරා ලොකු හුස්මක් ගත්තේ දෝතින්ම නිර්මලිගේ මුහුණ අල්ලාගනිමිනි. ඇගේ තරු ඇස් වල තිබුණු ප්‍රේමය මත්වනසුලුය.

"..   අද පුදුම දවසක්... මගේ ජිවිතේ අමතක නොවෙන දවසක්... මගේ සුරංගනාවී මට ආදරේ කිව්ව දවස... හීනයක් වගේ මැණික !"

තවත් විනාඩි කිහිපයක්ම එකිනෙකා වැළඳගෙන උන් පෙම් යුවල, නිහඬවම පරිසරයේ වූ ගෘන්ගාරය වින්දෝය. තවදුරටත් මේ ඉරියව්ව පවත්වාගන්නට තමන් අපොහොසත් බවට සිහි එලවාගත් අනුජ අනතුරුව නිර්මලි මදකට මෑත්කොට සිටියේය. 

නිර්මලිගේ මුහුණ දෙස බද වෙලාවක් අඩ අඳුරේ බලාසිටි අනුජ වෙත ඈ සිය මන්මත් කරවන සිනාව ලබාදෙද්දී, අනුජද ඇගේ ඒ රෝස පැහැ කම්මුල් දෙස සංයමයෙන් බල සිටියේ , දහස් වරක් සිය සිතට තරවටු කරමිනි.

"පිස්සු කෙල්ල මගේ..."

නිර්මලී ලැජ්ජාවෙන් ඇඹරුනාය. 

"අ....න්නේ....."

ඇගේ කෝල බව බලා සිටින්නට ආසාය.

"ඇඹරෙන හැටි විතරක්... දැන් මොකටද ඔච්චර ඇඩුවේ ? ආ?"

නිර්මලී තරු වැනි දෑසක් සාදාගෙන උන්නාය.

"මට බනී කියල හිතුන.."

අනුජට සිනාවක් නැගුණි. ඒ සිනාවෙන් වඩා වශීකෘත වන්නේ නිර්මලිය. තමන්ගේ මිතුරියන් පවා කියවන්නේ එය නොවේද?

"ඔව් බනිනවා තමයි... පණ්ඩිත ආච්චි.."

"අන්නේ.. ඉතින් ඕකනේ.... මට බෑ මම තරහයි"

"ආ.... මෙන්න විනාඩි හයෙන් තරහත් වෙලා... මෙන්න මෙහෙ එනවා"

අතින් අල්ලාගෙන ගොස් ඈ ඇගේ කාමරයේ දොර අසල නතරකොට, නැවතත් හිස සිම්බේ ආදරයෙන් උතුරා යමිනි. 

"දැන් නිදාගන්න.. හ්ම්ම්ම්... හෙට කතාකරමු "

"අනේ...."

නිර්මලී අනුජගේ අතේ එල්ලුනාය. අනුජගේ සිත මුරගානු ඇසේ. 

'නැත, මේ පුංචි කෙල්ල මහලොකුවට ආදරෙයි කිව්වට මොනවා දන්නවටද? පොඩ්ඩක් සිහියෙන් වැඩකරපන් අනුජ '

පිළිතුරු ලැබුණු ඔහුගේ ඇතුලාන්තයෙන් මහා පොරයකි. අනුජ සිය මනමාල සිනාව අපහසුවෙන් යටපත් කරගෙන බිම බලාගත්තේය.

"හෙට ..සෙනසුරාදානේ... හෙට කතාකරමු හ්ම්ම්? දැන් නිදාගන්නකො... මෙහෙම ඉන්න බැහැනේ.."

"ඇයි බැරි?"

ඒ දෑස් දෙස නොබලා අනුජ ඈට පිටුපසින් ඇති අඳුරු කාමරය දෙස බැලුවේ බෙල්ලේ පිටුපස සෙමෙන් අතගාමින්, හැඟුම් සමඟ අරගල කරමිනි.

"ඔයා තාම චුටි කෙල්ලෙක්... එහෙම ඉන්න එක හොඳ නැහැ මැණික... මට... ටිකක් හිතන්න ඕනේ..."

තරුණියගේ දෑසේ ආලෝකය මැලවී ගියේය. අනුජ එය නොබලාම අනුමාන කළේය.

".. ඔයා මගේ රෙස්පොන්සිබිලිටි එක.... මගේ ජීවිතේම ඔයා තමයි. දැන් ආයේ දුක් වෙන්න එපා හොඳද.... හ්ම්ම්ම්?"

නිර්මලී ඔහේ බලා සිටියේ දොර අසල උළුවස්ස කොනිති ගසමිනි.

".....මගේ ඔලුවේ කැක්කුම අඩුකරන්න ඇවිත්, මොනාද මේ කලේ ආ??"

"අ....න්නේ..........."

නිර්මලී ලැජ්ජාවෙන් රතු වන සැටි බලන්නට අනුජ ඈ දෙස බැලුවේය. එය නිරායාස මනමාල බැල්මකි. නමුත් සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත්තේ සිතට තරවටු කරමිනි.

"හරි දැන් නිදාගන්න මැණික... හෙට කතාකරමුකෝ ඕනේ තරම්.. හ්ම්ම්?"

තරුණිය බලෙන් මෙන් කාමරයට දැමු අනුජ දොර වසා දමා දොරට පිටදී සිටගත්තේ සිහි එලවාගන්නට මෙනි.

"මමා..... දෙවියන් වහන්සේට ස්තුති වෙන්න... නිර්මලී මට ආදරෙයි කිව්වා මමා ! සන්තෝසෙට මම මැරෙයිද මමා ????"


-------------------------------------------------------------------------------

ජිවිතයේ සුන්දරම උදෑසන අවදිවූ නිර්මලී උදෑසන කෑමට කිරිබත් සාදන්නට පොඩිනාට උපකාර කලේ කිරිබත් අනුජගේ ප්‍රියතම ආහාරය නිසා පමණක් නොවේ ; අද සුවිශේෂී දවසක් නිසාය. ඈට කාලය ගතවෙනවා දැනුනේ ඉබි ගමනේ මෙනි. කිරිල්ලියක මෙන් සිනාසෙමින් උන් නිර්මලී දැක පොඩිනා තනිවම සිනාසුනේ ඈ මෙතරම්ම ප්‍රීතියෙන් දුටු පළමු දිනය නිසාය. 

සෙනසුරාද දිනයක් වූ එදින ,අනුජ පහල මාලයට එන බවට සලකුණු ඇසුනේ වෙනදාට වඩා ප්‍රමාදවය. කෑම මේසය අසල රැඳුනු නිර්මලිගේ පපුව වෙනදාට වඩා වේගයෙන් සහ ශබ්දයෙන් ස්පන්ධනය වනවා ඇසුනි.

අනුජගේ සපත්තුවල හඬ තමන්ගේ පපුව මතින් දැනෙන්නාක් මෙන් නිර්මලී හුස්ම සිරකරගෙන අසා සිටියාය. පඩිපෙළ පාමුල අනුජ ය; ඔහු සිටියේ කාර්යාලයට යන්නට මෙන් හැඳ පැළඳ ගෙනය. නිර්මලිගේ දෑස විසල්වී නොසෙල්වී ඔහු දෙස බලාගෙනය.

අනුජ.... 

මුළු රාත්‍රිය පුරාම නළලේ හාදුව සිහි කරමින් ; ඔහුගේ පපුවේ උණුසුම සිතින් විඳිමින් ; උදෑසන ඔහු දකිනා තුරු සිටි නොඉවසිල්ල.....

කිරි සුදුපාට අත්දිග කමිසයේ වැලමිටක් දක්වා නමා, මනාව පීරන ලද කොණ්ඩය මදක් සකසමින් සහ අතක දුරකථනය ඔබමින් පහල මාලයට පැමිණියේ නිර්මලී ගැන වගක්වත් නොමැත්තා සේය. 

ඊටත් ඔහු අද නිවසේ සිටිනවා කිව්වා නොවේද?

"පොඩිනා... මේ සපත්තු දෙකේ පොඩ්ඩක් පොලිෂ් ගාලා දෙන්න... මම හිතන්නේ ලාරා දත් පාරක් ගහල වගේ"

නිර්මලී නොසෙල්වී බලා සිටියදී පොඩිනා ඉක්මනින් පැමිණ අනුජ ගලවා දුන් සපත්තු දෙක අතැතිව ආපසු ගියේ පසෙක තිබුණු ගබඩාව දෙසටයි. නිර්මලී ඈතින් පෙනෙන අනුජ දෙස බලා සිටියාය.ඔහු කොතරම් කඩවසම් තරුණයෙක්ද? 

තමන්ව හිතාමතා ගණන් නොගෙන ඉන්නවාද? නිර්මලිගේ කට උල්වී, දෑස හැකිලී , ඇස්වල කඳුළු එලියට එන්නට සුදානමිනි. අනුජ එකවරම හිස හරවා නිර්මලී දෙස බැලු අතර ඔහුගේ මුවට නැගුනු සිනහව නම් වලක්වා ගන්නට සමත් නොවුනි.

"ඇහැරිලාද ? වෙනදට සෙනසුරාදා නිදිනේ මේ වෙලාවට.. හ්ම්ම්?"

අනුජ පොඩිනා ගිය දිසාව වරක් බලා සෙමෙන් සෙමෙන් නිර්මලී වෙත ඇවිද ආවේය. එරවීම මැකී ඇඳුනු ලැජ්ජාශීලි සිනාව සමඟ නිර්මලී දෑස නොදල්වා බලා සිටියාය. 

"ඒ වෙනදටනේ.."

කොපුල් රෝස පාට වී තිබුණු නිර්මලී ඉදිරියේ නතරවූ අනුජ ඇගේ වතපුරා සිය ඇස ගෙනගියේ වේගයෙනි. එය අවසන් වුයේ ඇගේ මෘදු තොල් අසල වුවද, සැනින් ඔහු ඉවත බලාගත්තේ සිනාසෙමිනි. එය සරදම් බවකි.

".. කිරිබත් හැදුව"

"හ්ම්ම්... සුවඳයි"

නිර්මලී බිම බලාගත්තාය. ඇගේ කෝල බව අනුජ අවුස්සා දැමු බැවින් ඔහු පියවරක් ඉදිරියට තැබුවේ නිර්මලිගේ ඇඟේ ගෑවී නොගෑවෙන තරමටය. 

"ඔෆිස් එකට ටිකක් යන්න ඕනේ . ගෙදර ඉඳල අද පාඩම් කරන්න, ක්ලාසුත් නෑනේ.. "

"මට බෑ !"

ඒ එරවිල්ලට අනුජට සිනාවක් නැගුනද ඈ හඬවන්නට අවශ්‍ය නොවූ නිසා ඇගේ වමතේ ඉහල කොටස යන්තම් පිරිමැද්දේ ආදරයෙනි. 

'අනේ මේ පුංචි කෙල්ල...'

නිර්මලිගේ දෑස පියවි ගියේ මොහොතිනි.

"ඕක තමයි මම කිව්වේ... පාඩම් කරන එක ඩිස්ටර්බ් වෙනවා මේ විකාර ඔලුවට වැටුනම. හ්ම්ම්?"

"මට පාළුයි"

පිරිමදිමින් සිටි වමතේ පහලට අත ගෙනගිය අනුජ ඇගේ අත්ල සිය අත්ලට තදකොට අල්ලා ගත්තේය. රැයක් පුරා සිය තරුණ සිතට දුන් බිලියන ගණනක් අවවාද ඈ අභිමුව විසිරීගිය මුතු අහුරක් ලෙසටය. 

"බඩගිනිත් නෑ වගේ..  කෝ දැන් පොඩිනා ආවොත් බයවෙයි , හ්ම්ම්.... "

අනුජගේ හඬ තුලද ඇත්තේ ප්‍රේමයමය. නවතාගත් සිනාව සිය දෑසින් දක්වමින් අනුජ තම ළද බොළඳ තරුණිය දෙස බැලුවේ , ඈ කට උල්කොට ඔරවන විටය. තවත් අවුල් වන්නට පෙර අනුජ ඒ අත අතහැර  දුරකතනයේ කුමක් හෝ පිරික්සුවේය.

ඒ නෙත්වල ඇති ප්‍රේමය තමන් මුසපත් කරවන තරමක්! ළඟින් තබාගෙන කෙසේ සිල් රකින්නද? තවමත් කුඩා දැරියක් වන ඈ එලෙස පෙලන්නට ඇති වරදකාරී හැඟීම සිතින් මුදාගත නොහැකිය.

බොරු එරවිල්ල නවතා නිර්මලී වහා පිඟානට කිරිබත් කැබැල්ලක් බෙදා , කට්ට සම්බෝලයෙන් සරසනවිට දුරකතනයට එබීගෙන මෙන් උන් අනුජ ඒ ලතාව දෙස බලා සිටියේ ඇස කොණෙනි.

"කන්නකෝ....."

"මට  බෑ වගේ...."
අනුජ කියුවේ ඈ අවුස්සන්නටය.

"ඒවා හරියන්නේ නැහැ.. වාඩිවෙන්න කිව්වේ.. කන්න ඕනේ මගේ කිරිබත් "

නිර්මලී  ඔහුගේ අතින් ඇද පුටුවට හෙලුවාය. තරුණියගේ මුහුණ බෙරිවී තිබිණ. අල්ලන්නටම සිතෙන ඒ කොපුල්....

"අම්මෝ මේ කොච්චි කරලක්නේ... "

අද දින මේ ගමන යොදාගත්තේ මේ අකීකරු සිත නිසාමය. 'අනේ මේ කෙල්ල පොඩි ළමයෙක් වගේ තාමත්' සිත කියයි.නිර්මලී ඇස් නටවමින් සිනාසෙයි.

තම පිඟානෙන් ගත් පළමු කට ඈ අනුජගේ කටට ලං කළාය. අනුජට එය ප්‍රතික්ෂේප කරන්නට නොහැකිව කුරුළු පැටියෙකු සේ කට ඇරියේය.

"ඒයි.... මොකද මේ තඩි ලුණුමිරිස් තලියක් කැව්වේ ?"

"හොඳ වැඩේ! දැන් අද ගෙදර ඉන්නවා කිව්වේ?  යන්න තියාගත්තේ.. හුම්..."

කට උල්කොට ඈ නෝක්කාඩු කියන මුත් වතුර වීදුරුව ලං කළාය. අනුජ ඇගේ දකුණතේ මැණික් කටුව ආසන්නයෙන් තදකොට අල්ලා ගත්තේ කෙලිලොල්වය.

"... ආව්... රිදුන"

"රිදුන? එහෙනම් මට ලුණුමිරිස් තලියක් කැව්වේ?"

අනුජ යටිතොල සපාගෙන තරවටු බැල්මක් හෙලුවේය. නිර්මලී දිව දිගුකොට සරදම් කලේ සිනාසෙමිනි.

'අල්ලාගෙන ඉඹින්න හිතෙන ඒවා කරන්න එපා පිස්සි!'

පොඩිනාගේ පියවර හඬ ඇසුන නිසා අනුජ ඒ අත අතහැරි අතර,  නිර්මලී හොර පුසියක මෙන් මුහුණ සඟවා ගත්තාය. අනුජට මේ තරුණියගේ සුරතල් වැඩ වලට සිනාය. සිත තුල ඇති ආදරය අතිමහත්ය.

පොඩිනා පැමිණ අනුජගේ පාමුල සපත්තු යුවල තබා මේ කුරුළු ජෝඩුව දෙස බැලුවේ , ඇගේ වියපත් සිතට දැනුන වෙනස නිසාය. අනුජගේ කන් දෙකත්, නිර්මලිගේ කොපුල් යුවලත් හොඳටෝම රතුවී ගොස්ය. ඈ යන්නට ගියේ නොදන්නා පරිද්දෙනි.

"කාලා ලෑස්ති වෙන්න එහෙනම්.... මගෙත් එක්ක යමු "

තරුණියට ඒ හොඳටම ඇතිය!



------------------------------------------------------------

අනුජ දිගටම සිටියේ දුරකථන ඇමතුම් දෙකකය. රේගුවේ සිරවී ඇති රුපලාවන්‍ය ආලේපන ප්‍රශ්නයක් විසඳමින්, ඊට අමතරව ඔහුගේ ලේකම් තරුණියට ගොරවමින් ඒ ඇමතුම දිගටම ඇදුනි. ඔහුගේ ප්‍රධාන කාර්යාලය තිබුනේ තව කිලෝමීටරයක පමණ දුරිනි. රථයේ දොරට හේත්තු වූ නිර්මලී හොරෙන් හොරෙන් අනුජ දෙස බලමින් තනිවම සිනාසුනාය.

'හිතාගන්න පුලුවන්ද අනුජ මට ආදරෙයි කියල? ඊටත් මම කැමතිම විදියට? ආඩම්බරකමට  ගණන් ගන්නෙත් නැතුව. කොච්චර නපුරෙක්ද? අනේ ඒ උනාට කොච්චර ආදරේ හිතෙනවද?'

"මොකද? හොරෙන් බලන්නේ?"

ඔහුගේ දුරකථන ඇමතීම විසන්ධි වත්ම එසේ අසද්දී, නිර්මලී ගැස්සී ඉවත බලාගත්තාය.

".. අප්පෝ රතුවෙන තරම්... මොනවා කිව්වත් රතු වෙනවා"

නිර්මලී සිනාසෙමින් ඇඹරෙනු අනුජ බලා සිටියේ ප්‍රේමයෙනි. තමන් ඉදිරියේ ඇත්තේ ලේසි අභියෝගයක් නොවන බව අනුජ පෙරදින නිදි වර්ජිතව කල්පනා කළේය.

"...උදේ  මට ලුණුමිරිස් කවපු එක මම අතාරින්නෙ නෑ... ඉන්නවකෝ මම අල්ලගන්න!"

නිර්මලී හිකි හිකි ගගා සිනාවෙයි. 

පණ්ඩිතයා මෙන් නිර්මලී කාර්යාලයට ගෙනයන්නට සිතුනද, අනුජ මෙය ලොකු තීරණයක් බව දත්තේය. සැමන් පින්ක් පාට ගවුමක් ඇඳගෙන, උදෑසන පිපුණු මලක් දෙස සිටින නිර්මලිගේ එක දසුනෙන් කාර්යාලය ඇවිලී, අවසානයේ ගින්න එංගලන්තයෙන් මතුවනු අනිවාර්යය. 

නමුත් එම සිත අද මේ කිසි තර්කයක් නාසයි. මේ දැන් පෙනෙන දැනෙන දේට පිටුපා ඈ දමා යන්නට තරම් තමන් හදවත් නැත්තෙකු නොවේ. 

'ආදරෙයි කියලා තාම පැය කියද? ඊටත් මේ පුංචිම පුංචි කෙල්ලෙක් '

වාහන අංගනයෙන් සිය රථය නතර කල අනුජ නිර්මලිට බසින්නට දොර විවර කළේය.  තරුණිය පසුපසින් එද්දී අනුජ ඉක්මන් ගමනින් ඔහුගේ කාර්යාල කාමරයට  යන කෙටි පාර තෝරා ගත්තද, එතැනම තුෂාරා සිටියේ කුමක් හෝ ලිපි ගොනුවක් සේවකයෙකුට ලබාදෙමිනි. 

එකවරම තුෂාරාගේ ඇස අනුජ සමඟ පසුපසින් බිම බලාගෙන එන නිර්මලී වෙත වුවද, තුෂාරා වහා එය ගලවා ගත්තේ අනුජගේ හැටි දන්නා නිසාය.

"සර්?"

ඔහු අද කාර්යාලයට එන දවසක් නොවේ. ඒ මදිවට මේ ලස්සන කෙල්ලෙකුත් එක්ක!

අනුජ යන්තමට තුෂාරාට හිස සලා නිර්මලී ඉස්සරකොට ගත්තේ වෙනසක් නැති මුහුණක් දක්වමිනි. මේ මොහොතකට පෙර තමන්ට ගිගිරු අනුජ නොව, මේ තරම් පෙම්පාටක් දුටුවාමය. ඔහුගේ ලොකු අඩි වලට කුඩා තරුණිය ගියේ දුවමින් වාගේය.

'මෙයා තමයි එහෙනම් මේ චූටි !'

තුශාරාට සිනා ගියද සිනා වන්නට නොහැකිය. ඇය සේවකයාගේ අවශ්‍යතාවය ඉක්මනින් ඉටුකොට කාර්යාලයේ ඇගේ පුටුවට දිවගියේ, තමන්ව ගෙන්වීම  ඔහුගේ පළමු රාජකාරිය නිසාය.

පුදුමයකට ,අනුජගෙන් ඇමතුමක් ආවේ නැත.

කාර්යාල කාමරයට පිවිසි අනුජ කාර්යාලයේ පාර පැත්තේ බ්ලයින්ඩ්ස් වසා දමන අතර නිර්මලී ඒ සුඛෝපබෝගී කොටසේ විසිතුරු විඳිමින් සිටියාය. සැම දෙයක්ම පිරිසිඳුව සහ පිළිවෙලකට තිබිණ. අනුජගේ මේසය වෙත ගිය ඇය මේසය මත තිබුණු කුඩා රාමුකල ජායාරුපයක් දුටු අතර එය අතට ගත්තාය.

"අන්නේ...... මේ අයියද?"

එහි සිටියේ දෙවසරැ'ති අනුජ වඩාගෙන සිටින සංදිරිගම යුවලයි. අනුජ සිටියේ සිය මවගේ බෙල්ල බදාගෙනය. තාත්තා අතේ කුඩා ගැහැණු ළමයෙක් වුවාය. සිව්දෙනාම එකිනෙකාට තුරුළු වෙමිනි.

අනුජ සිනාසී නිර්මලී දෙස බලා වායුසමීකරණයේ උෂ්ණත්වය සැකසුවේය.

"මමා වගේද මම? "

"මිස් හරිම ලස්සනයි... ලොකු සර් නම්  අයියා වගේමයි.. එතකොට මේ...."

දොරට තට්ටුවක් පැමිණියේ ඒ මොහොතේය. උඩ කොටසේ මුහුණ පමණක් පෙනෙන දොරෙන් ඒ සිටින්නේ තුෂාරා බව අනුජ දුටුවේය. ඔහුට සිනා නැගුණි.

"යර්ස් තුෂාරා?"

තුෂාරා දොර යන්තමට විවර කර කෙලින්ම අනුජ දෙස බලා ලිපි ගොනුව දිගුකලාය.

"සර්... කස්ටම් වැඩේ දැන් හරි. හෙට උදෙන්ම මම නෙවිල්ව යවන්නද?"

"හ්ම්ම්"

අනුජ තුෂාරා දෙස නොබලාම ලිපිගොනුව ගත්තේය. සිය කාර්යාල මේසය අසළ සිට නිර්මලී ආපසු හැරී බැලුවේ ඒ මොහොතේය.

"තුෂාරා... මීට් නිර්මලී... මයි ෆියෝන්සේ"

නිර්මලී 'ෆියෝන්සේ' යන්නෙහි තේරුම දැන සිටියේ නැත. නිර්මලී සිය හදවතින්ම ආ සුදත්වයෙන් සිනාසුණාය. 

'ෆියෝන්සේ???'

තුශාරාගේ ඇස්දෙක ගියේ නළලටය. සිරවූ හුස්ම මදක් පාදාගෙන තුෂාරා අපහසුවෙන් නිර්මලිට සිනාසුනාය.

"හෙලෝ මෑම් ! "

"නිර්මලී... තුෂාරා කියන්නේ මට ඉන්න විශ්වාසවන්තම කෙනෙක්. ඔයාට ඕනේ වෙලාවක එයාට කතාකරන්න. එයා ඕනේ දේවල් හොයලා කරයි"

තුෂාරා ඒ වචන වලට උද්දාමයට පත්වූ නිසා පහන් හැඟීමෙන් සිනාවක් පෑවාය. අනේ.. නිර්මලී සිය ළදරු සිනාවෙන්ම බලාගෙනය. ලිපිගොනුව පරික්ෂා කල අනුජ එය ආපසු තුෂාරාට දුන්නේය.

".. තුෂාරා මම තව ටිකකින් යනවා. මේ ෆයිල් එක ඔයා ගාව තිබුනාවේ. ඔක්කොම ටික ස්කෑන් කරලා තියාගත්තනේ?"

"ඔව් සර්"

"හරි"

තුෂාරා සිහිනයෙන් මෙන් ආපසු හැරුණාය. ඒ කුමක්ද ඒ කිව්වේ? විවාහ අපේක්ෂා කරන යුවතිය කිව්වා? අනුජ මේ ඇරඹුවේ ගාසා තීරයේ දෙවන කොටස නොවේද?

නිර්මලී දුටුවනම තුෂාරා ඈ කෙරෙහි පැහැදුණු අතර, වඩාත්ම කැපී පෙනුනේ අනුජ ඈ වෙත හෙලාගෙන උන් බැල්මේ වෙනසයි. අනුජ ගැනත්, සාමාන්‍යයෙන් මිනිසුන් ගැනත් තරමක් දන්නා තුෂාරාට, ඒ සියල්ලම ග්‍රහණය වන්නට ඒ තත්පර කිහිපය ප්‍රමාණවත් විය. රුමත්කම කෙසේ වෙතත්, නිර්මලී අහිංසක බව පමණක් ඇයට ප්‍රත්‍යක්ෂ වන්නට ඒ සිනාවම ඇත. 

තුෂාරා පිටවත්ම නිර්මලී අනුජ දෙස බැලුවේ ඔහු සෙමෙන් ඈ වෙත ඇවිද ආ බැවිනි. මේසය අසලට පැමිණි අනුජ ඈ මේසයට හේත්තු කොට දෙපසින් දෑත් මේසය මත තැබුවේය. ඒ ඇස්වල පෙනුම වෙනමම කතාවකි. 

ඈ වෙතින් හමන්නේ ජෝන්සන්ස් කොලොන් සුවඳයි. අනුජ නිර්මලී දෙසම බලා සිටියේ අසන්නට ගිය පැනය අතරමග අමතකව ගියාක් මෙනි. අනුජගේ මුහුණ වෙනස්වන ආකාරය නිර්මලී ඔහේ බලා සිටියාය.

"ලස්සනයි... මලක් වගේ ඔයා"

අනුජ නිර්මලිගේ වමතේ පිටි අල්ලට හාදුවක් තැබුවේ ඈ වෙතම නෙත යොමුකරගෙනය.  නිර්මලිගේ හදවත මහා කලබැගෑනියක් කරනු දැනුනත්, කිසිවක් පැහැදිලි නැතිවාක් මෙනි. අනුජට වශීවී ඇති තරම!

".. හිතාගන්න බැහැ මට තාමත්... හිතින් කොච්චර ආදරේ කලත්....මම ඒ හැම දෙයක්ම කලේ ඔයාගෙන් ආදරේ බලාපොරොත්තු වෙලා නෙවෙයි මැණික... හිමාල් දන්නවා ඒ හැම දෙයක්ම "

අනුජ සිය වමතේ අල්ල නිර්මලිගේ මුහුණේ පසෙකින් තබා, මහපට ඇඟිල්ලෙන් සෙමෙන් ඒ කොපුලක් මෘදුව පිරිමැද්දේ ය. ඔහුගේ අනෙක් අත ඇගේ බඳ වටා මෘදුව වෙලී තිබිණ.

"මම කරපු නපුරුකම් වලට සොරි අයියා...."

"පිස්සි මගේ...... මගේ හිත රිදුනේ නැහැ කියන්න බැහැ  ඉතින්. ඒ උනාට චූටි කෙල්ලෙක් නිසා පව් හිතුනා. ඔයාව අර මිනිස්සුන්ගෙන් බේරගන්නකල් මම හිටියේ පිස්සුවෙන් වගේ. "

"මට හිතාගන්න බැහැ අපේ තාත්තා..."

"ආයේ කවදාවත් ඒ ගැන කතා කරන්න එපා මැණික. ඒක අමතක කරන්න දැන්.. මම ඉන්නවනේ.. හ්ම්ම්?"

නිර්මලී ලය පුරා හුස්මක් අල්ලා නිදහස් කළාය.

 "...ආදරේ නම් එදා ඔයාව ඉස්කෝලෙදි දැක්ක වෙලේ ඉඳන්ම තිබ්බ තමයි. හිමාල් මාව පණපිටින් මැරුවා චූටි කෙල්ලෙක්ව අල්ලාගෙන කියල. ඌගේ වැඩේම බනිනවා"

නිර්මලිගේ සිත පහන්වී ගියේය. ඇය අනුජගේ පපුවේ කොටසේ කමිසයේ  බොත්තමක් පහුරු ගාන්නට වුවාය. අනුජ හිස පහතට හරවා නිර්මලිගේ මුහුණ දෙස බැලුවේය.

"...දන්නවද.... මේ පිස්සු නෙවෙයි... ඔයා ඉගෙනගන්න ඕනේ.. තේරුනාද හ්ම්ම්? 

ඔහුගේ ප්‍රේමනීය හඬ තරවටුවකට හැරුනේ ක්ෂනයෙනි.

"...තාම ඉගෙනගන්න  කෙල්ලෙක් ඔයා.. මම ඔයාට වඩා දෙගුණයක් විතර වැඩිමල් මැණික... මට දැන් විසි අටක්! "

අනුජ සිය දෙතොල් නිර්මලිගේ නළලේ පසෙක ගාවා දෑස පියාගත්තේ , මෘදුව ඈ වැළඳගනිමිනි. වචනයක් නොකී නිර්මලී කුරුළු පැටියෙකු සේ ඔහුගේ දෑත් අතර ගුලි උනා පමණය.

".. හැමදෙයක්ම කියන්න හිටියේ තව ගොඩක් පස්සේ... ඒත් මැණික ඔයා දන්නවද මට හරි බයයි ඔයා කොයි වෙලේක හරි මට නැතිවෙයි කියල... "

"..අනේ...එහෙම වෙන්නේ නැහැ "

"ඔයාට තේරෙන්නේ නැහැ......  කොච්චර විඳේව්වද මම ඔයා මා ගාවට ගන්නකල්..."

අනුජ නිර්මලිගේ මුහුණ බැලුවේ යන්තමට කොණ්ඩය පසුපසට අතගාමිනි. අනතුරුව ඔහු මහපට ඇඟිල්ලෙන් ඇගේ මෘදු කොපුලක් ස්පර්ශ කළේය.

ඇය ඒ අත සිය කම්මුලට තදකොට දෑස වසාගත්තාය. නෙලාගත් මලක් දැක දැක තවත් ඉන්නට තරම් සංයමයක් තරුණ අනුජ සංදිරිගමට ඉතිරිව තිබුනේ නැත. වඩා උස් නිසා ඉදිරියට නැඹුරු වූ අනුජ සිය ලාබාල පෙම්වතිගේ දෙතොල් සිය දෙතොල් වලින් වසා මහත් ආදරයෙන් සිපගත්තේය. 

තරුණිය මුව පැටියෙකු සේ අවනතව උන් නමුත් පළමු වතාවට තරුණියක් සිපගන්නවාක් මෙන් අනුජ සංයමයක් ඇතිව මෘදු හාදුව තත්පර පහක් පමණ අල්ලාගෙන සිටියේය.

හාදුවේ මෘදුබව ගිලිහි වෙනස්ම මගකට යන්නට තත්පරයකට පෙර  සිහි එලවාගත් අනුජ, නිර්මලීගේ දෙතොල් අතහැර වහා ඈ සිය ලයට තෙරපාගෙන මහත් ආවේගයෙන් හුස්ම අල්ලන්නට විය. 

".. එක්ස්ට්‍රිම්ලි සොරි මැණික... අයි ලොස්ට් මයි කන්ට්‍රෝල්!"

සන්තාපය, වරදකාරී බව විසින් ඔහු කුඩුපට්ටම් වෙමින් තිබිණ. ඒ කිසිවක් ගැන වගක් නොමැතිව නිර්මලී සිය මුහුණ ඔහුගේ උණුසුම් පපුව පුරා  එහෙ මෙහෙ හරවමින් ඔහුට තව තවත් තුරුල් වෙමින් උන්නාය.

".. අනේ සොරි පැටියෝ.. මෙච්චර බරක් ඔයාගේ ඔලුවේ තියන්න නෙවෙයි හිටියේ.... ශික් "

අනුජ නිර්මලිට පිටුපා දෑතින්ම සිය හිසකේ අවුල් කරගෙන ඒ මේ අත ඇවිද්දේය. පාවෙමින් සිටි නිර්මලී කිසිවකට පිළිතුරු දුන්නේ නැත. ඔහුගේ දෙතොලින් ලැබුණු කුමක්දෝ මින්ට් රසයක් කැවී සිහිය විකල්ව උන් ඈට  මහා කලබලයකින් , බලෙන් මෙන් උදුරා නොගත් ඒ හාදුවේ මිහිර නිර්මලිගේ ආත්මය පුරාම සිලිරාරක් ලෙස දැනුනා මිස, අනුජගේ මේ පසුතැවීම ඈට දැනුනේ නැත.

අනුජගේ දුරකථනය නාද වුයේ හිමාල්ගේ නම සටහන් කරමිනි.

"අප්පෝ ඉවරයි දැන්..."

එසේ කියමින් අනුජ දුරකතනයට පිළිතුරු දෙන්නට කාර්යාලයේ පසෙක තිබුණු රැස්වීම් කාමරයට ගියේය.

"මොකද?"

"උඹ අද ඔෆිස් ගියාද?"

"ඔව් ඇයි ?"

"ආ.... ඇයි දන්නේ නැහැ නේද? උඹ අද මගෙත් එක්ක දහයයි තිහට නිලුක බලන්න යනවා කියල කිව්වා මතකද මන්ද. අඩෝ ඌ දැන් හොඳ වෙලා ගෙදරත් එක්කගෙන ඇවිත්. තෝ සුවර් නැති නිසා මම කෙලින්ම තුශාරාට කතාකලා. ඒකි කිව්වා උඹ ඔෆිස් කියල. ඇත්ත කියපන් මොකක්ද වෙන්නේ?"

"හරි බන්... මට මතකයි ...මම මේ ආවා අර කස්ටම් වැඩේ ගොඩදාගන්න. මල කරුමයක් බන් ඒක. ඒක හරි දැන්... අපි එනවා"

"අපි??? ආ... ඒකයි මේ? උඹ ගොන් තඩියා වගේ කෙල්ලව ගෙනාවද ඔෆිස් එකට? කරන එකක් ගෙදර කරගනින් බන්..  චුටි කෙල්ල මැරෙයි උඹේ කුපාඩිකම් වලට. ඕකි දන්නේ නැහැනේ උඹේ දහ අට වන්නම් "

හිමාල්ට අනුජගේ වෙනසක් නොදැනුනා නොවේ. අනුජ තනිවම සිනාසුනේය.

"යකෝ... උඹගේ ඔය කතා අහලා ඒ කෙල්ල හිතනවා මම ඇත්තටම කුපාඩියෙක් කියල. ^%$%^$%^"

"හිතන්න දෙයක් නැහැනේ... බලන කෑදර බැල්මෙන්ම කෙල්ලට නෝට් වෙලා ඇත්තේ. දැන් වරෙන් යන්න රන්දිකයාගේ ගෙදර... "

"මම මෙයාව ගෙදරින් බස්සලා එන්නම්.."

ඇමතුම විසන්ධි කර නැවත එනවිට නිර්මලී සිටියේ කාර්යාල කාමර පැත්තක තබා තිබෙන විසිතුරු මාළු  බලාගෙන සිනාසෙමිනි. අනුජ දුටු සැනින් ඔහු වෙත ආ ඇගේ මුහුණේ ඇඳුනේ පියකරු ප්‍රේමනීය සිනාවකි.

"අපි මෙතනින්  යමු.. හ්ම්ම්? "

අසලට පැමිණි නිර්මලී හිසමත සුපුරුදු හාදුව තබා අනුජ සුරැකිව ඇගේ උරහිසින් අල්ලා තමන්ට තදකොට ගත්තේය. පිළිගැනීමේ කවුන්ටරය අසල හිඳ , නිර්මලී ඇදගෙන ඉක්මනින් කාර්යාලයෙන් එළියට යන අනුජ දුටු තුෂාරා තනිවම සිනාසුනද, ඒ රහස ඈ වෙත පමණක් ඇති බව අනුජට විශ්වාසය.

---------------------------------------------------------------

නිර්මලිගේ ප්‍රේමය ප්‍රකාශ කිරීම හිමාල්ගෙන් සඟවාගත හැකිව තිබුනේ සතියකි. නිර්මලී සහ අනුජ එකවර දකින්නට ලැබුණු පළමු ක්ෂනයේම හිමාල්ට එය ඉව වැටෙන්නට තරම් ඒ නෙත් කැලුම් ප්‍රකටය. හදවතින්ම එන ප්‍රේමයක් සඟවා දැමීම කලහැක්කේ අවංක නොවූ අයෙකුට පමණි.

අනුජ තදින්ම අවවාද කල නිසා සතියක් දෙකක් යනවිට නේහා සහ ප්‍රමිලා දෙදෙනාටම නිර්මලී පැවසුවේ තමන්ගේ සිතේ අනුජ ගැන අදහසක් තිබෙනවා කියා පමණකි. එයින් වඩාත්ම ප්‍රීතියට පත්වුයේ නේහාය. ඇය අනුජ ගැන පැහැදී සිටියේ ඇගේ පියා අනුජගේ පියාට ගරු කරන බව ඈ දන්නා නිසාය. ප්‍රමිලා නම් පැවසුවේ ඈට ලැබෙන චොක්ලට් තෑගී අඩුවන දුක හැරුණුවිට ඈ සතුටුවන බව පමණකි. 

"එයා කැමතියි ඔයාට.... දැක්ක ගමන් තේරෙනවා"

"එග්සෑම් ලියපු ගමන් අහන්න.... උඩින්ම කැමතියි"

දෙදෙනාම එකිනෙකා පරයා අදහස් කියද්දී, නිර්මලී ඒවා අසා සිටියේ සිනාසෙමිනි. තමන්ගේ යෙහෙළියන්ට බොරුවක් කියන්නට වීම ගැන නිර්මලී දුක් වුවද, අනුජ පැවසුවේ කාටවත් සත්‍ය තත්වය නොකියා සිටීම යහපත් බවය. අනුජගේ සැලසුම තිබුනේ ඔහුගේ හිස තුල පමණකි.

ඊට ගැලපෙන්නට හිමාල් සහ දුලීකා අදහස් දක්වමින් සිටියෝය.

"අනේ නංගි... මට හරි සතුටුයි... අනුජ බයෙන්ම හිටියේ ඔයා එයාව දාලා යයි කියල. අනුජව තේරුම් ගන්න පැටියෝ.. එයා හරි ආදරෙයි ඔයාට. ඔයා හරි ලකී"

දුලීකා දෑසේ කඳුළු පුරවාගෙන සිටි නිර්මලී සිය ලයට තදකර ගත්තාය. දුලීකා ඉදිරියේ නිර්මලිට දැනෙන්නේ මවකගේ ; යෙහෙළියකගේ රැකවරණයකි.

නමුත් දුලීකා වදවුයේ වෙනත් දෙයක් ගැනය.

"අනේ හිමා... මේ දෙන්නට කරදරයක් නම් වෙන්න දෙන්න එපා.. දන්නවනේ රේසිකා. මට නම් හරි බයයි අය්යෝ.. අනුජ මේ කෙල්ල නැති උනොත් මැරෙයි. නිර්මලී එහෙම ලෝකේ කාලා වතුර බීපු කෙල්ලෙක් නෙවෙයිනේ. කුරුළු ජෝඩුව වගේ ඉන්නකොට මට පපුව පත්තු වෙනවා හිමා... පව්"

හිමාල් සුසුමක් හෙලා කිසිවක් නොකියා සිටියද දුලීකා කියන්නේ ඇත්තක් බව දැන සිටියේය.

"තෝ මේ කෙල්ලව නරක් කරන්නේ එහෙම නැහැ ගොන් තඩියා. කොහෙද උඹට තිබ්බ කුලප්පුවේ හැටියට ඇති කෙල්ල කැමති උනා"

හිමාල් එසේ කීවද, නිර්මලී විෂයෙහි අනුජ කෙතරම් ඉවසීමෙන් කටයුතු කලාද යන්න ඔහු තරම් දත් වෙන අයෙකු නොවිය. වෙබ් අඩවියේ දැන්වීම ගැන ඉව වැටුණු මොහොතේ පටන් පැයෙන් පැය මහා කලබැගෑනියක් කරමින් ඈ බේරා ගන්නා තරමට එනතුරු අනුජ විඳවූ තරම් හිමාල් දෑසින් දැක ; කනින් අසා තිබුයේ ඒ සියල්ලේදීම ඔහු හා සිටියේ තමන් බැවිනි. කොටින්ම, සමහර තොරතුරු දුලීකා පවා දැන උන්නේ නැත.

වෙබ්  අඩවියේ කතාව ආරම්භ වුයේ උරේෂ් නම් ඔවුන්ගේ විදෙස්ගත යහළුවෙකු නිසාය. ඔහු නිවාඩුවට ලංකාවට පැමිණි මොහොතේ ඉරේෂා නම් ලාබාල තරුණියක් මිලටගෙන තිබී ඔහු ඒ ගැන වහසිබස් දොඩද්දී අනුජ ඔහු හා දබරයකට පැටලුණි. අවසානයේ අනුජ දිවුරා පැවසුවේ ඉරේෂා නම් තරුණිය මෙයින් ගලවා ගන්නා බවයි. 

එයට සම්බන්ධ මොරිස් හා සුක්ෂමව කතාබහ කල අනුජ, ඇගේ ගැලවීම සඳහා කටයුතු කරද්දී, අනුජත් උරේෂ් මෙන් සල්ලිකාර කාමාතුරයෙක් යයි සිතු මොරිස් විසින් තමන්ගේ එකතුවට එක්වන අලුත්ම තරුණියගේ පින්තුරය එවූ සැනින් අනුජගේ ලෝකය දෙදරා ගියේය. එහි සිටියේ වරක් තමන් සියැසින් දැක ; ඒකපාර්ශිකව පෙමක් ඇතිකරගත් ඒ කුඩා තරුණිය නිර්මලීය!

ඒ මොහොතේ සිට අනුජ හැසිරුනේ උන්මන්තකයෙක් පරිද්දෙනි. වහා ක්‍රියාත්මක වී පැයක් ඇතුලත, උපායක් මාර්ගයෙන් දැනගත්තේ මේ මුග්ධ පියා සිය දියණිය අලෙවි කරන්නේ කුමකටද කියා වත් නොදන්නා බවයි. මොරිස් විසින් පවසා තිබුනේ කොළඹ නිවෙස්වල වැඩකාරකමක් බවයි. නිර්මලිගේ මුදල් කෑදර පියා එකඟ කරගතහැකි එකම ඇම වුයේ විවාහ කරගැනීම පමණකි. ඒ කුමක් නිසාද යත්, වැඩකාරකමට යන ඈ ආපසු එතැයිද , එතරම් මුදලක් එකවර නොලැබෙතැයි සිතේ තිබුණු චකිතය සහ කාගේ හෝ ඇඟේ ගසා ඉක්මනින් නිදහස් වන්නට ඔහුට තිබුණු උවමනාවයි.  

වහා ක්‍රියාත්මක වූ අනුජ ඔහුට මොරිස් ලබාදුන් ලංසුවට වඩා තුන් ගුණයක් ඇගේ පියාට දෑවැද්ද දෙන බව පැවසුවේ ඈ විවාහ කරගන්නා බව කියමිනි. විවාහ වී කටාර් යන බව පැවසු අනුජ නිසා ඔහු වඩාත් සතුටු වුයේ නිර්මලිගේ කරදරය එයින් නිමවී යන නිසාය. ලැබෙන මුදලක් මිස තමන්ට කරදරයක් වූ දියණිය ගැන ඔහුට වගක් නොවීය.

පැයෙන් පැය කතා කරමින් දිනක්  ඇතුලත සියල්ල සකසා ගත්තේ, නිර්මලී රූමත් නිසා සැනින් ඈ කවුරුන් හෝ විසින් ගොදුරුකරගනු ඉවසාගත නොහැකි නිසා බව හිමාල් දන්නා බැවින් හිමාල් ඒ සියල්ලම ඉවසා සිටියේය.

විවාහ ප්‍රෝඩාව යොදාගත්තේ මොරිස්ගෙන් එන කරදරය අවම කරගන්නටයි. නැතිනම් අවුරුදු දහසයක කෙල්ලකට නීතියෙන් විවාහයක් වලංගු වන්නේ නැත. මොරිස් දන්නේ තරුණිය කවුරුන් හෝ වැඩිහිටි මිනිසෙක් විවාහ කරගත් බව පමණකි. තමන්ගේ නම හැරුණු විට වයස ; අනෙක් තොරතුරු සියල්ලම ව්‍යාජය. ඒ කෙසේ වෙතත්  කිසිවක සාක්ෂියක් මේ වනවිට නොමැති බව අනුජ මෙන්ම හිමාල්ද දත්තෝය.

තමන් කොතරම් අවවාද කොට පැවසුවද, ඉරේෂා නම් තරුණිය මෙන් නිර්මලී නිදහස්කොට අවසන් කරන්නට අනුජ සුදානම් වුයේ නැත. ඉතින් මේ සියල්ලම ඉන් පසුවය.

-------------------------------------------------------------

"අනේ....."

"අනේ නෙවෙයි.... මෙහෙම හරියන්නේ නැහැ... එන්නේ නැහැ එලියට ඔක්කොම හොම්වර්ක් කරලා ඉවර වෙනකල්... ළඟට ගන්නෙත් නැහැ"

නිර්මලිගේ මුහුණ හැකිලී ගියේ බලා සිටියදීය. ඇතුලතින් සිටි නැවුම් පෙම්වතා කෙතරම් මුරගෑවත් , අනුජ සිය තරවටු මුහුණ වෙනසක් කලේ නැත. 

"ඔක්කොම වගේ කලානේ.... තව එකයි තියෙන්නේ.. අනේ ඉතින් මම තව ටිකකින් ඉක්මනින්  හදනවා"

"නෑ නෑ... මම දැන් කිව්වනේ.. දොරත් ලොක් කරනවා මම දැන්... ඔක්කොම හදලා ටීචර්ට වට්සැප් කරාට පස්සේ එන්න."

ඇගේ පාඩම් කාමරයේ දොර වසා දමන ගමන් අනුජ කිව්වේ සැරෙන් මෙනි. 

නිර්මලී පන්තියේ ලබාදුන් ගෙදරවැඩ අතපසු කල බවට ලද පළමු දැනුම්දීම සමඟම අනුජ  තත්වයේ බරපතලකම තේරුම් ගත්තේය. අවුරුදු දහ හතක තරුණියක් ලෙස ඈ තමන්ගේ ප්‍රේමය නිසා අධ්‍යාපන කටයුතු  අඩාළ කරගැනීම කොහෙත්ම අනුමත කල නොහැක. 

'අනේ ඉතින් කොච්චර කිව්වත් හාවෙක් වගේ අස්සේ රිංගනවා.. මොනවා තේරෙනවටද?'

නිර්මලී සිටින්නේ මේ උණුසුම් ප්‍රේමයේ ඉමක් සොයාගත නොහැකිව බව අනුජ දනී. සිය ප්‍රේමය නොමසුරුව ලබාදෙන ඈ වෙනත් පිරිමියෙකුට සමීප කලානම් අනතුර වඩාත් දරුණුය. දැන් සිදුව ඇත්තේ තමන්ගෙන් ඈ ප්‍රවේශම් කරන්නටයි!

දෙතුන් වතාවක වශයෙන් තරයේ අවවාද, තර්ජන සහ දඬුවම් විසින් නිර්මලී නැවතත් පාඩම් වැඩවලට සන්සුන් කරවන්නට යොදා ගත් අනුජ ඉඳහිට ඈ හිමාල්ගේ නිවසට රැගෙන ගියේ දුලීකාගේ ඇසුර නිර්මලී ප්‍රියකළ බැවිනි. 

දිනෙන් දින පිපෙන මලක් මෙන් සුන්දරව ; ප්‍රීතියෙන් සිටින නිර්මලී දකිමින් දුලීකා සතුටු වුයේ , අනුජ වෙනුවෙනි.

කාලය ගියද, වඩාත්ම පුදුමයට කාරනාව වුයේ තවමත් එංගලන්තයෙන් ගින්නක් නොපැමිණීමය. දිනපතා කතා කරන සිය පියාගෙන් කිසිදු ඉඟියක් නොලබාම සිටීමත් පුදුමය. රේසිකා සුපුරුදු පරිදි දින දෙක තුනකට වතාවක් කෙටි පණිවිඩයක් දැමුවද, අනුජ එයට පිළිතුරු සපයන්නට උත්සුක උනේ නැත.

"බටු ඇටේ වගේ ඉඳගෙන මොනාද ඒ කලේ ආ ?"

තමන් අසලින් යන අතර අතේ ගෑවුණු චොක්ලට් කොටසක් අනුජගේ කමිසයේ ඇතිල්ලූ සැනින් අනුජ ඈ සැනින් අල්ලා ගත්තේ යටිතොල සපා තරවටු බැල්මක් හෙළමිනි. ඉන්පසුව නිර්මලී කිචි කිචි ගගා සිනාවෙයි.

"... පිහනවා මේක දැන් !"

"මට බෑ....."

දෑතේම ගෑවුණු චොක්ලට් දක්වා හිකි හිකි ගගා සිනාසෙමින් නිර්මලී සරදම් මුහුණක් හෙලද්දී ක්ෂණිකව අනුජගේ මුහුණ වෙනස්වනු නිර්මලී දුටුවාය. 

"පිහින්න නේද කිව්වේ... පිස්සි"

වහා එක අතකින් උරෙහිසෙන් අල්ලා ,ඇගේ චොක්ලට් ගෑවුණු අත ගෙන එහි ඇඟිලි එකින් එක සිය මුවේ රුවා ඒ සියල්ලම පිරිසුඳු කල අනුජ , නිර්මලී දෙස බලා සිටියේ ඈ රතු වෙද්දීය.

"ආයේ කලොත් දෙනවා දෙකක්!"

ඒ දඟකාරකම් අනුජ වින්දේ හදවතිනි. කුඩා තරුණියක වන ඈට ප්‍රේමය දැනෙන්නේ එලෙසිනි. ඉඳහිට ළඟට ගෙන හිස, කොපුල් සිපගත්තද අනුජ ඒ සියල්ලම තදින් පාලනය කොටගෙන උන්නේ , නිර්මලී පවා නවතාලමිනි. නිර්මලී සිය කාමරයට නොගන්නටත්, ඇගේ කාමරයට තමන් නොයන්නටත් අනුජ ස්වයන් වාරණයක් දමාගෙන තිබුණි.

"අපිට තව කල් තියෙනවා පැටියෝ.. මම ඔයාව පරෙස්සම් කරන්න ඕනේ මැණික"

තවදුරටත් මේ පෙම් යුවල නිවසේ අනෙකුත් සේවකයින්ට අමුත්තක් වුයේ නැත. ඉඳහිට දෑත අල්ලාගෙන මිදුලේ සිටින , සාලයේ කිචි කිචි ගගා සිනාසෙන,  නිතරම කෑම මේසයේදී එකිනෙකාට කෑම කවාගන්නා සහ නිර්මලිගේ හිස සිඹින අනුජ ඔවුන්ට සුලබ සුන්දර දසුන් විය.

"ලොකු නෝනා ඉන්න කාලේ වගේ... පුංචි නෝනා ඉන්නකොට හරි කල එළියයි. මටත් හරි කරුණාවයි "

වීරසිරි සමඟ පොඩිනා එසේ පැවසුවේ සැනසුම් සුසුම් හෙළමිනි. එය අනුමත කරමින් බොමින් සිටි කහට කෝප්පයේ  අවසන් මන්ඩි ටික සින්ක් එකට හැලූ වීරසිරි පොඩිනා දෙස  බලා හිස සැලුවේය.

"ඉස්සරහට අපි ඒ නෝනව බලාගන්න ඕනේ පොඩිනා.. පුංචි මහත්තයා වෙනුවෙන්.. ලොකු නෝනා වෙනුවෙනුත් "

වීරසිරි එසේ පැවසුවේ ඇයිදැයි පොඩිනා දනී. තවමත් යුද්ධයක් ආරම්භ වී නැත. මෙවර කලින් වතාවේ මෙන් නොව පුංචි මහත්තයා පසුබසිනු නොවේ.


 ------------------------------ මතු සම්බන්ධයි  -------------------------------------

17 comments:

  1. අද කතාව රොමෑන්ටික් වෙලා ත්‍රිල් එක බැහැල. 😃😃😃😃
    මරු හොඳේ... ලියමු ඉතුරු කොටසත් ඉක්මණටම ❤️

    ReplyDelete
    Replies
    1. රොමෑන්ටික් උනාම ත්‍රිල් එක බහිනවය කිව්වා? හ්ම්ම් හ්ම්ම් ඒකත් එහෙමද? හැමදාම මිස්ට්‍රි වෙන්නත් බෑනේ... බලමු ඉදිරියට

      Delete
  2. මට නැවතත් මතුකොට දැක්විය හැක්කේ කුමරතුඟු මුනිදසුන්ගේ හීන් සැරයේ දෙවන පරිච්ඡේදයේ දක්වා ඇති; අලි හාමිනේ විසින් අලි රාළහාමිව ආදරයෙන් බැඳ තබන සැටිය! මේ මා ලියන්නේ නිර්මලී ගැන නොවේ! ඔබ අපව ගිල්වා දැනූ රොමාන්තික පොකුණේ අප කිමිදෙමින් ය! මතුපිටට පැමිණ හුස්මක් ගත් සැනින් පෝස්ටුව පිළිබඳව ලියන්නම්!

    ReplyDelete
    Replies
    1. අලි රාළහාමි තමයි ඕව දන්නේ.. මොකද අපිට කිව්ව එකක්යැ ? පොකුණට වැටෙන්න එපා පරෙස්සමෙන්. හෙට එනකොට උණ බටයක් එහෙම ගේන්නකෝ එතකොට හරි...

      එහෙම කිව්වට හෙට කොටසක් එහෙම නෑ හරිද

      Delete
  3. අම්මෝ ඒක..... අද කතාව වෙනදට වඩා දිගයිදත් මන්දා..... ඒ උනාට මම මේක කියවන්නේ පට්ට බයෙන්...
    1. කතාව (මේ කොටස) දැන් ඉවරවෙයි දැන් ඉවරවෙයි කියන බය
    2. plot twist එකක් වෙලා මේ සතුට දැන් දැන් නැති වෙයි කියන බය

    ReplyDelete
    Replies
    1. මේක ලියන ඇත්තිට; කියවන අපි මලත් ගානක් නෑ! මෙයාගෙ තියෙන්නේ "අති බිහිසුණු ආදර කතා", "ඇඟ කිළිපොලා යන ප්‍රේම ජවනිකා", "ඉළ ඇදෙන සටන්", "දෙනෙත් කඳුළින් නැහැවෙන විහිළු". අපි කියවන්නේ "දැන් කෙල වෙයි!" දැන් කෙල වෙයි!!" කියලා!ඇ

      Delete
    2. Nayanthara> දිගයි නේන්නම්... ඔක්කොම නොලිව්වොත් රසවින්දනය මෙව්වා වෙයි කියලා හිතලා ඔක්කොම එකට දැම්මා. ඇයි මේ ඔක්කොමල්ල බයයි කියන්නේ... මම මොනා කරන්නද දෙවියනේ

      Delete
    3. තට්ට මහතාට > ඇයි දෙවියනේ මම මොන වරදක් කලාටද මේ? අච්චර පෙම් ජවනිකාවක් ලියලත් බලන්ඩකෝ මෙහෙම කියන හැටි.

      ඒ උනාට කියවන්න එන්ඩ ඈ

      Delete
  4. අඩෙහ්... තාම බැරි උනා නෙව මේක කියවන්ඩ...

    කියවල ම කියන්නං මොකද ‌හිතුනෙ කියල.

    ReplyDelete
    Replies
    1. කියවන්න බැරි උනා කියලත් කමෙන්ට් එකක් දාන එක කොච්චර ලොකු දෙයක්ද ඉතින්... හරි හරි

      Delete
  5. මං හිතුවා අර තීස්සණයා විතරයි මෙහෙම එකෙකුට හිටියේ කියලා.ඒකාටත් කෙල්ලගේ අතින් අල්ලන්න උම්ම එකක් දෙන්න හත් අවුරුද්දක් ගියා.හම්මෝ ඒ දවස්වල හම්බෙච්ච චාන්ස් වලදී ඒකා ප්‍රයෝජන නොගත්‍ත එකට මං සෑහෙන විස්සෝපෙන් හිටියේ.දැන් ඉතින් මේ අනුජයා කියලත් වෙනසක් නෑ..ඒකා ඉවසුවා ට මට ඉවසන්න බැරි හැටි.

    ReplyDelete
    Replies
    1. අනුජයා සිල් රැක්කාට නිර්මලියා සීලෙ ළඟදීම බිඳිනවා වගේ මට නම් පේන්නෙ.

      Delete
    2. සොඳුරු සඳවතී >>>>
      හැබෑව හැබෑව... මෙව්වා ඉතින් අපිටම බලාගෙන ඉන්න උනානේ

      Delete
    3. විනීත >>
      පෙනේද කැත සිත

      Delete
  6. නියම උන්මා..ද වූ ප්‍රේමා..දරේ. මෙය ලියන සුහදිනියට රේසිකා දැන්ම කරළියට ගෙනෙන්නට නොසිතේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි නේද?
      රේසිකා ඕනෑම මොහොතක පැමිණිය හැක

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...