Thursday, September 14, 2017

136. සති තුනයි | Just passed three weeks





කාලයද දීපයද නොබලා
සාක්ෂි කැඳවන්නට
සෙනෙහෙ කොළ නොමැති
ආදර අවනඩුව අසමි -
නඩුකාර හාමුදුරුවනේ...

සැත්කම් අඬු දැමුවද
හසුනොවුණු - හදවත බැඳි
රැහැන් , කෝෂිකා පසාරුව
වෙදදුරුට සෙවීමට නොහැකිය
බැවින් - වෙද වාර්තා
නොගෙනාවෙමි මම !

නොතීසිය ආ විගස
මුත්‍රා සාම්පලයක බහා,
නැතිය කිසි සැනසිල්ල.....
කුලය , මව නොසිතාම
ලැබුණු තැන ඉන්නටම
අවසරද..

12 comments:

  1. Replies
    1. http://rasthiyadukarayaa.blogspot.com/2017/08/blog-post_31.html

      Delete
  2. http://economatta.blogspot.com/2017/09/blog-post_10.html

    ReplyDelete
  3. දීමට අවසර
    හැකිද නොහැකිද
    කියන්නට
    හේතු බොහෝය....

    ReplyDelete
    Replies
    1. ස්වාමිනි පැමිණිල්ලේ
      පුරුෂයා
      විත්තියේ
      - සාක්කිය වී !

      Delete
  4. මොනාද බන් මේ ලියලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හි හි හි....
      උඩ ඇති ලින්ක් වලට සම්බන්ධයි.... පොදු නොවන පොදු කතාබහකට ලිව්වේ. සැර වැඩිද මන්ද

      Delete
  5. හිතුවේ නැති වෙලාවක සිදු උණ දෙයක් ගැනද ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනපේක්ෂිත කළලයක් තමන්ගේ දුක කියාගෙන අධිකරණයට ගියොත්?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...