රතුපාට මල් - 2
රතුපාට මල් - 3
රතුපාට මල් - 4
'මම කිව්වා නේද නැකත් බලනකොටම....'
'අනේ මයේ කෙල්ල'
ඉකිබිඳුමක් , හැඬුම් හඬවල් කිහිපයක්...
'උඹ තනිවෙලා නැහැ මයේ දුවේ....'
'අපි බාරගන්නවා.... නැන්දලා විස්සෝප වෙන්ට කාරණාවක් නැහැ..'
'විස්සෝප නොවී කොහොමද....?'

කසු කුසු , මන්ත්‍රණ, හැඩිම් දහසක මුණු මුණුව හාත්පස පුරා විසිරී තිබුනද කිසිවෙකු පෙනෙන්නට නැත. නොඑසේනම් කොරිඩෝවේ අඳුර මඩින වපසරියෙන් පිටත වන්නට හැකිය. නමුත් මට වෙනත් කිසිවක් නොපෙනේ.
"සුදු මැණිකේ...... සුදු මැණිකේ...."
අඩක් විවරව පැවතී දොර අතරේ හිඩැසින් පෙරී ආවේ වේදනාවෙන් පෙලෙන පිරිමි හඬකි. ඒ අමතන්නේ මටම බව මම දනිතත්, දෙපා හිරිවැටී ඇති මගේ පය බිම ඇති සිමෙන්ති පොලව දිගේ ආයාසයෙන් ඇදෙයි.
මම බලවත් අපහසුවෙන් හිරිවැටි ඇති දෙපා දෙස බලන්නට උත්සහ කලෙමි. ගෙලෙහි තදින් සිරකළ යමක් නිසා මට හිස හරවන්නට නොහැකි බව මට දැනෙමින් තිබේ. බොරපාට පාණ්ඩු එලිය අතරින් මගේ දුබල දෙකකුල් බලද්දී මට වැටහුනේ මම හැඳ සිටියේ සාරියක් බැවින් කිසිවක් නොපෙනන බව උනත්, අඩ අඳුරේ එම ඇඳුමේ දණහිසෙන් පහල ඇති තෙත පැල්ලම වඩාත් කළු පැහැයෙන් දෑසට හසුවිය.
"... සුදු මැණිකේ..... උඹ මට ආදරේ නැද්ද මැණිකේ.... මට යන්න බැහැ මැණිකේ.. මට බැහැ"
නැවතත් ඒ පිරිමි කටහඬ ඇසෙන්නේ අයැදුමක් ලෙසිනි. දෙවියනේ.. ඇයි මට ඇවිදින්න බැරි? යාන්තමට බිත්තියට වාරුවී දොර අසළට යාගන්නට හැකිවත්ම මගේ නළලේ දකුණු පසින් ගලා ආ දියරයක් අළුපැහැති සිමෙන්ති පොලව වෙත වැටෙනු, ඒ අසලම බිත්තියේ තිබුණු දුබල පහන් එළියට මට පෙනුණි.
'මොනාද ඒ?'
මම හැකි උපරිමයෙන් නැමී එය නිරීක්ෂණයට උත්සහ කලද, ඊට පෙර ඊළඟ බිංදුව වැටුනේ මගේ වම් පිටි අල්ලටයි.
'දෙවියනේ ලේ!'
මට ඉබේටම යටිගිරියෙන් කෑගසුනද කිසිදු හඬක් පිටවුනේ නැත. මගේ හුස්ම සිරවෙන්නට ආ බැවින් , අඩි ගානක් ගැඹුරු ළිඳකට වැටුනෙකු මෙන් හුස්ම අල්ලාගෙන දැඟලුවෙමි.
"සුපුන්.... සුපුන්...!"
අවසානයේ යමක් පිටකර ගැනීමට මම සමත් උනෙමි.
මම උන්නේ සයනයේ පාමුල බිම වැතිරගෙනය. හාත්පස තිබුනේ අඳුරකි. එය සිහිනයකි!! සැබවින්ම සිහිනයක්ද???
"කුන්චි...?? මොකද බිම කරන්නේ?"
සයනයේ කෙලවරකින් සුපුන්ගේ මුහුණ දුටුවිටම මට මහා වියෝවක දුකක් දැනුනෙන්, එකවිටම පැන මම සුපුන්ව වැළඳ ගතිමි.
"සුපුන්! හීනයක් දැක්ක මම"
"හා.. හා.. හරි හරි.. දැන් නිදාගන්න..."
සුපුන් පැවසුවේ වඳුරු පැටියෙකු සේ ඔහු බදා උන් මගේ දෑත් ලිහිල් කරමිනි.
"සුපුන්... මම දැක්ක.... අර එදා මම කිව්වේ... ඒ කොරිඩෝවමයි.. ඒ උනාට වෙනස්.... අර"
සයනයෙහි ඔහු පසෙක ගුලිවෙමින් කියද්දී මගේ වචන පැටලෙන්නට විය.
"හරි හරි දැන් නිදාගන්නකො... හෙට බලමු... හෙට....!"
මට සුසුමක් හෙලුනේ ඉබේටමය.
එකම කොරිඩෝව දකිමින්, මේ පෙනෙන සිහිනය හිතලුවක් බව පැහැදිලි නමුත් මහා දුකක් දැනෙන්නේ ඇයිදැයි මට වැටහෙන්නේ නැත. නින්දත් නොනින්දත් අතර පහන්කළ එදින මම වෙනදාට වඩා කැළඹී සිටීමට හේතුවක් තිබිණි.
එය කිසිවෙකුට කියන්නට මට නොහැකි බව නම් ස්ථිරය.
*******************************************
"සුපුන්...."
"හ්ම්ම්..."
"සුපුන්...!"
"හ්ම්ම්"
"බස්සෙක් වගේ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ නැතුව හරියට උත්තර දෙන්නකෝ.."
"මොකද මේ අද හුරතලේ?... අම්මෝ බයත් හිතෙනවා"
"අනේ මේ... හුරතල් වෙනකොට මොකටද බය හිතෙන්නේ? ආදරේ හිතෙනවා මිසක්"
සුපුන් බලු පැටියෙකු සේ කෙඳිරිගාන්නට විය. මම අමනාපයෙන් මෙන් රැවුමක් පාකර හැරියෙමි. ඔහු සිනහ වෙමින් මා දෙස බලා සිටී.
"ඔයා නම් මෙලෝ රහක් නැහැ සුපුන්"
"හැබෑට? ඔෆිස් එකේ කෙල්ලොත් කියනවා"
"කෙල්ලෝ????"
"ඔව්... "
"අනේ මේ... මාව අවුස්සගන්න එපා හරිද?"
"අම්මෝ ඔව්.. මම හෙන බයයි ඔයාව අවුස්සගන්න... "
ඉක්බිති සුපුන් නාද වූ දුරකතනයට පිළිතුරු සපයමින් මිදුලට බට බැවින් මම දෙදෙනාම විසින් නිමකරනලද තේ කෝප්ප අතැතිව යාබද පැන්ට්‍රිය දෙසට ඇවිද ගියෙමි.
මගේ දුරකථනය නාදවනු ඇසුනෙන් මම තේ කෝප්ප එලෙසම තබා විසිත්ත කාමරයේ මේසය කරා එන අතරතුර නාදවිම නතර විය. අම්මා හෝ වෙන අයෙකු විය නොහැක. අත්බෑගයෙන් දුරකථනය අතට ගන්නා අතරතුර එයට කෙටි පණිවිඩයක් ලැබුණි.
(1) missed call from Unknown(07XXXXXXXX) 1 min ago
කවුරුන් විය හැකිද? මම කෙටි පණිවිඩය බැලුවේ සැලකිල්ලකින් නොවේ. දෑසින් තරු දහසක් පිටවුණි.
'oyage asdeka harima lassanayi Kunchana...'
එහි සඳහන් වුයේ එවැන්නකි. සැබවින්ම මම ත්‍රස්තව ගියෙමි. අතපය වෙව්ලා ගියෙන්, කෙටි පණිවිඩය මකා දමන්නට සෑහෙන වෙලාවක් ගත වුනු අතර හදවත බියකින් ගැස්සීම අරුමයක් නොවේ.
සුපුන් මිදුලෙන් විසිත්ත කාමරයට පැමිණියේ එවිටම වුවත් ඔහු මා දෙස නොබලා පැන්ට්‍රිය කරා ගියෙන් මට සැනසුම් සුසුමක් හෙලන්නට හැකිවිය. නැතිනම් මගේ බියපත් මුහුණ ඔහුට එකවරම හඳුනාගත හැකිවනු ඇත.
එදිනට නියමිතව තිබුණු මෝහන පන්තිය මගහරවන්නට මම ගත් තැත ව්‍යර්ථ වුයේ අනපේක්ෂිත විලසිනි. සුපුන් සිය යහළුවන් සමඟ ඒ අසලම හමුවක් සුදානම් කර සිටි බව මම දැන ගත්තේ ඊට මම ගොතාගත් බොරුව නිසාමය.
"ආ... අව්වේ ත්රීවිලර් එකේ යන හින්දනේ? අද අමාරු නම් මම ගෙනිහින් දාන්නම්. මම යන්නෙත් එතනටමයි "
කිසිවක් කරකියා ගැනීමට නොහැකිව කටු හිරවූ බැළලියක සේ සුපුන් විසින් පදවන රියෙහි ඉදිරි ආසනය මත ගුලිවී සිටින්නට මට සිදුවීම සැබවින්ම අභාග්‍යයකි! එතැන් පටන් පංතිය තිබෙන තැන දක්වා මම පැමිණියේ සිහිනයෙන් මෙනි.
කුමක් හෝ සිතුවිල්ලක් විසින් විකුම් විසින් සුපුන්ව දැකිය යුතු නොවන බව කියමින් මගේ සිත පෙරලි කරන්නට පටන්ගත්තේ රථයෙන් බහින්නට ආසන්න වනවිටදීට.
විකුම් විසින් සුපුන්ව දකීවිද?
*********************************
මතු සබැඳි..
හනෙ අම්මේ මගේ හුස්මත් හිර වුනා... ඊ ළඟ කෑල්ල තවත් රසවත් වේවි වගේ
ReplyDeleteහිර උනාය කිව්වා?? උණ හින්ද නෙවෙයිනේ?
Deleteපහුගිය කොටසෙන් මේ කොටසට පැන්න හැටියට මට පොඩි පුරස්නයක් ඉතිරි වුණා. හැබැයි ඉතිං කියවන අයගෙ ඔළුවෙ පුරස්න පුරෝලා අන්තිමට ඒ පුරස්නවලට නොහිතන උත්තර දෙන එකනෙ කතන්දර ලියන කියන අයගෙ වැඩේ. ඒ හින්දා මං මුකුත් නාහම සද්ද නැතුව ඊළඟ කොටස කියවන්ඩ කටත් ඇරං බලං ඉන්නවලු. ඉක්මන්ට දාන්ඩ හොඳේ ඊළඟ කොටස. :)
ReplyDeleteඑහෙම දැනෙන එක සාධාරණයි. හේතුව මම පස්සෙ කියන්නම්. කතාවක තියෙන්න ඕන ඒකාත්මික බව තියාගන්න මේපාර මට වෙහෙසෙන්න උනා හේතු කීපයක් නිසා.
Deleteබලමු නේද?
එහ්.. මේක මට මිස් උනානේ.. එකෙං පස්සේ පහ කියෙව්වම පොල්ලෙන් ගැහුවා වගේ..
ReplyDeleteඈ කමියෝ
Deleteඑකෙන් පස්සෙ පහ කියවන්නෙ මොකටද? පයිත්තියමා?
Buhaaaaaaaaaa
ReplyDeletemoko bhuthayo?
Deleteමරු මරු මරු කෝ කෝ ඉතුරු ටිකත් ඉක්මනට එවන්ඩ....එවන්ඩ එපා ලියන්ඩ..
ReplyDeleteඉන්ට අප්පා... ඉන්ට.. හදිස්සියේ පුලුවන්ද එහෙම ලියන්ට..
Delete