Wednesday, July 12, 2017

120. පැතුම් සිතුම් | missing it!



බදා තෙරපී තැලී,
පුරුදු සිරුරම පෙළයි
මේ සියුම් තනිකම...

විටෙක දෙකොපුල් හොවයි
ආදර චුම්බන රිසිසේ නිදහස්කළ
තුරුණු මත - ලා පාට....

අහස ගුගුරා
හෙලන වැහිබිඳු,
මුදන මේ සුසුමද
අකම්පිත අකුණක
එළියම පතයි...

එහෙයින්
අකුණු නම් පිපිරිය යුතු,
හඳ පවා
නොබැලියයුතු


12 comments:

  1. හුදෙකලා මොහොතක
    නැගෙන හැඟුමන් එකවිට
    පරදවාලයි මහමෙරක්
    නිවෙන ඇවිළෙන නිතී
    යළිත් ඇවිළෙන හරි හරී
    හිතට කෝ අස්වැසිල්ලක්
    වැහි බිඳුද මදනලද
    ඵලක් නැත සිසිලද
    පෙරේතයි අකුණක හඬක්.....

    ලිඛිතගේ මට නොතේරෙන කවියට දන්න තරමින් ලිව්වා. රහක් තියෙනවද මන්දා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. එකක් කියන්නම් අර රයිටරයා වගේ ලියාගෙන ලියාගෙන යන්න එපා ඕං කියවන අපිට බලන්න වෙලාව දෙන්න පීස්.. එකක් දැනටමත් මිස් වෙලානෙ

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි ඉහි ඉහි ඉහි
      එහෙනම් ඒ රයිටරේට බනින්නකෝ වේගෙන් ලියාගෙන යන්න එපා කියලා... එව්වටනේ මේ උත්තර ලියන්නේ මම මෙව්වා වෙලා!

      ( සොසා ට කියන්න සොසා මට තියෙනවනේ ඔය ආබාදේ.. නෑ අනේ ඒ ආබාදේ නෙවෙයි... වේගෙන වේගෙන් ලියාගෙන යන ආබාදේ...! වැඩේ උනේ එහෙම තවත් එකෙක් දැක්කහම බෙර හඬට මායම් වෙනවා වගේ.. මාවත් මෙව්වා උනානේ බොලේ... ෂරි ෂරි.. උන්ද ළමයා තමා වෙනවා.... )

      Delete
    2. එකාට මම බැනල තියෙන්නෙ පලු යන්න ඇයි වදේ එකක් කියවල හුස්ම අත අරින්නවත් දෙන්නෙ නෑනේ

      Delete
    3. ආ.. ෂරි ෂරි
      එහෙමනම් 'රයිරේට බනීමේ ජනතා වියාපාරය' අපි එහෙනම් බලමුළු ගන්නමු. හා නේ?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...