Monday, July 3, 2017

116. නිදිකුම්බා




තරු පොරකන දකුණු අහසේ
දේවතා එලි දිහා බලාගෙන,
කිටි කිටියේ තද වෙලා
තණකොළ පලස මත ගුලිවෙලා...

නිදිකුම්බා මල් දෙකක්
නිදි නැතුව
ඇහැරිලා !



22 comments:

  1. පිණි රැයේ ගුලිවෙලා
    සීතලෙන් වෙව්ලිලා
    ඔවුන් දෙදෙනා එතන රැඳිලා
    මොකද මන්දා ඇහැරිලා

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වලාකුළු බිමබලා
      එබෙනවිට හැංගිලා
      වැරෙන් සිත කර මුලා
      ඉනු බලනු මැන බලා

      Delete
  2. නිදිකුම්බා කොල?

    ReplyDelete
  3. නොකිව්වට කෑ ගසා
    අඳුරේම පොරකකා
    හිතන්නට තියෙනවා
    කප්පරක් කාරණා

    ඇහැරිලත් නිදිගත්ව
    සිටින මිනිසුන් බලා
    නිදිකුම්බා මල් වලට
    දරා ගනු බැහැ සිනා

    ReplyDelete
    Replies
    1. හිනාවී ඇකිලෙන
      කොළ අතර නොවෙනස්ව
      මල ඇතත් හිනැහීම
      නොදත් එකමයි අරුම

      Delete
  4. මාත් කලින්ම නිදිකුම්බා ගැන කවියක් ලිව්වා... ලිඛිතගේ කවි ලස්සනයි මං ආසම බ්ලොග් එකක් මේ කඩදාසි කොලේ...

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම එකක් මතකයි මතකයි වගේ..... හ්ම්ම්... බලන්න ඕනේ! මේක මේ 'නිදිකුම්බර' කතාවක් !

      ස්තුතියි කවි විඳිනවා නම්

      Delete
  5. අනේ ලස්සන කවියක් ලිඛිතා.... නිවාඩු වෙලාවක් බලන්නම ලියන්න පුළුවන්ද කියලා මේකට කවියක්

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි....

      කවියෙන් උත්තරයක් ලැබෙනකොට මට හරි සතුටත් දැනෙනවා.

      Delete
    2. සෙමින් ඉහිරෙන
      පිණි බිදට ගැස්සෙන
      හීන් මල්පෙති අඟින් කොඳුරන
      ආලවන්ත හිත් දෙකක්...

      ඔන්න යන්තම් එකක් ලිව්වා :)

      Delete
    3. niyamayi

      ආලය කිමැයි නොම දැනෙන
      අහිමිවීමම හිත පෙලන
      එක්වීම තරු අහසක නොවෙන
      හිරු සදිසි සඳ සාවකු පතන

      Delete
    4. වාහ්... එරන්දි මේ මට තේරෙන ජාතියේ පද හතරක් ලිව්වමද මන්දා.. හි හී

      Delete
  6. මම ආසා මලක්
    නිසදැස එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මමත්!

      ආයේ මම ආසයි ඇඹුල් ඇඹිලියා මලට. Thanks

      Delete
    2. ඇඹුල් ඇඹිලියා වගේද අනේ කැමීලියා

      Delete
    3. එහෙනම් ඩේලියා ?

      Delete
    4. ආ.. ඔව් ඇයි අසෙලියා ඒවත් හොදා නේ ( දැකලත් නෑ හැබැයි )

      Delete
  7. සීතලට ගුලි ගැහුණු
    නිදිකුම්බා මලක්
    පෙති දෙපෙති අරින්නට
    බලා ඉන්නවා
    වැටෙන තුරු
    ඉර එළිය බිඳක් !

    මේ මම නිදිකුම්බා මල් ගැන කාලෙකට කලින් ලියපු එකක්, මේක හොයන්න ගිය නිසා තමා කමෙන්ට් පරක්කු උනේ.

    ReplyDelete
    Replies
    1. මට මතකයි මේ කවිය....

      අන්න එරන්දිත් ඒ ජාතියෙන්ම එකක් ලියල...


      ෂා.. නිදිකුම්බා මලකට ඇහැරවන්න පුළුවන් කවි හිත් ගොඩක්!

      Delete
    2. හෑ ඒ කියන්නෙ උයා ෆ්බී එන්නවැයි

      Delete
    3. උයාට කියන්ට මෙයා.... මම නෑනේ ඒ පැල්කොටේ , වැඩියෙන් ඉන්නෙම පාරේ!

      නෑ ඔයා මේක ඔයාගේ බ්ලොග් එකේ දැම්මා නේද? නැතුව මම බුකියේ කවි කියවන්නේ නැත. එතැනින් ඇතුලට ගියපු ගමන් හුස්ම හිරවෙන්න වගේ එනවා.. ඉතින් ඉක්මනට එලියට පනිනවා මිසක් කවි කියවන්න හිතක් නෑනේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...