Wednesday, June 28, 2017

114. සැකැස්ම | Arrangement






පොත් රාක්කයකි  - පාමුල,
තැටි ගබඩාවකි  - දකුණු පස,
සෝපාවකි දිගටි
හැරමිටියක් ඒ අසළ  - බිම

සුසුම් හඬ පවා
නෑසෙන

සෝපා කොට්ටයකි
ඔළුගෙඩි දෙකට තදවුන !

18 comments:

  1. හුස්ම ගන්න වටින තැනක්

    ReplyDelete
    Replies
    1. හුස්ම හිරවෙනවා ඒ උනාට

      Delete
  2. මතත් තියෙනවා මෙහෙම හීනයක් පොත් ගබඩාවක් තැටි ආකරයක් එක්ක ජීවිතයේ සැදෑ කල ගෙවන්න

    ReplyDelete
    Replies
    1. සොඳුරු... ඉල්ලීමක්!

      ආයෙමත් කවිය කියවන්නකෝ බලන්න ;-)

      Delete
    2. මගේ කමෙන්ටුව කවියේ අර්ථයට පිටින් වෙන්න පුලුවන්, මොකද දෙපාරක් විතර කියෙව්වට හරිම තේරුම වැටහුනේ නෑ. තේරුම් කීපයක්ම එනවා ඔලුවට.

      Delete
    3. හි හි හි... එහෙනම් මගේ නොහැකියාව තමයි. මට වහෙන් ඔරෝ කියන්න හැකියාවක් නැහැ. කමක් නැහැ..... මම එහෙමයි කියලා ආයෙත් ලියන්නේ නැතුව එහෙම ඉන්නේ නැහැනේ! හි හි හි

      Delete
    4. හැක් හැක් එහෙම තේරුම හිතා ගන්න බැරි ඒවා තමා පට්ට. දිගටම දිගටම ලියන්න මෙයා....මට හිතුන එක තේරුම මෙතන දාන්න බෑ බෑ වගේ

      Delete
    5. හෑ ! මගේ කවි කියෝන උන් ඔක්කොම දේවාලේ පොල් ගහල තියෙන්නේ තේරෙන්නේ නැහැ කියලා. දැන් මම සමාජෙන් කොන්වෙන්න ඕනේ නැද්ද ඒ කියන්නේ??

      හි හි හි
      සොඳුරුට කියන්න බැහැ කියන්නේ නම් බරපතල තත්වයක්? හම්මියෝ!!

      Delete
  3. මින් පෙර දිනෙක මෙහි ආ බවනම් මතකයි
    දැන් ඉදිරියේදිත් එන්නට හිත රුචියයි
    පින් තූරයත් සමගින් ගැළපෙන කවියයි
    යන් නයි හදන්නේ තබමින් අත්පුඩියයි.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පෙරදින ඇවිත් අදහස් පලකල මතක
      වරදින නොවේ ඇත්තයි සත්තයි නිසැක
      කවියෙන ඔබේ ආගමනය කල වරෙක
      නොලියන හේතු කිම පිළිතුරු කවි පෙළක?

      https://kadadasikole.blogspot.com/2017/06/112.html

      Delete
    2. මෙතන තිබුණු පාරක් ගැන අහන් ගියා
      එතන හොඳයි කවි පිට කවි ඇතිය ලියා
      හිතන ක්‍රමේ හැටියට මා කවිය ලියා
      එතන තැබුව ලිඛිතෝ දැක්කාද ඔයා.....

      ජ්යවේවා!!!

      Delete
    3. සැපෙන විටදී රස අංකුර සලිතවන
      කියන කවිම ඇතිපදමට රසය දෙන
      වැටෙන කොමෙන්ටුව දුමියගේ අගේ වෙන
      පැහෙන කළේ රා මදු වැනි මත ගෙනෙන

      Delete
  4. මට බෑ ලිඛිතා... එක එක දේවල් ලස්සනට ඔයා ලියනවා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ එක දෙයක්වත් හරියට නැහැ කියන එකයි!!

      Delete
  5. Replies
    1. හි හි හි.. ඔබ විතරයි ඒ ප්‍රශ්නේ ඇහුවේ.. හැරමිටියකින් අඟවන්න පුළුවන් නොයෙක් දේවල්. ඒක සංකේතයක් විතරයි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...