Thursday, June 22, 2017

112. කතා නැති කවි





පිනි බින්දු මත
දිලිසෙන හිරු කිරණ
පවසන්නෙ කිම මේ
හිමිදිරිය තනි වග?

පිනි බින්දු මත
දිලිසෙන හිරු කිරණ
පවසන්නෙ මේ
හිමිදිරියේ
තණනිල්ලකට
තනි රකින වග !

තණනිල්ල වසාගෙන
හමන මදනල, දන්නවද
මේ පවන පැමිණෙන
සුසුම්පොද..
කොයිබින් ඇරඹුනිද?

බිජු රකිනා කිරලෙකුගේ
නොව ඒ සුසුම්..
දුර පැලක - මැස්සක
කෙඳිරිගාමින් හතිලන
අනුරාග දෑසකට ගොදුරුව,
රති රමනයක සුව විඳින
ඔවුන් සුරතාන්තයක
සුසුම් බව...

හිකි හිකි ගගා හිනාවෙන
රඹුටන් පොකුරු පහුකර
තබන පියවර අතර,
පෑගෙනවාද තවමත්,
නිදිකුම්බා පඳුරු නිතර?

සරමේ තුත්තිරි ගලවන
මුව තුල රඹුටන් ඇටකි - රස මවන
සමාධිය මා බිඳින
නිදිකුම්බා මල නුඹම

සමාධිය කියා කියවෙන,
උණුහුම් පොරෝනා තියාගෙන
ගුලිවෙන්න ඉඩ නොදෙන
හපන්කම කිම සිතෙන...


???



ප.ලි: කවුද කැමති මේකට පිළිතුරු කවි ලියන්න?


10 comments:

  1. කැමති නම් තමයි.. ඒත් අර මිස් කෝල් එකටවත් තාම මොකුත් ලියාගන්න බැරි උනා.. පොඩ්ඩක් හිටාන් බලන්න..

    ReplyDelete
    Replies
    1. අන්තිම කවියේ අගට උත්තරේ අමුණන්න...

      ඊළඟ කෙනා ලියයි වම පැත්තට කවියක්.. ගෙතිමක් වගේ... පුළුවන් නේද?

      Delete
  2. අනේ හරිම ලස්සනයි.... කතා ලියන ගමන් කවිත් ලියන්න ලිඛිතා... ඇත්තටම ඔබ හරිම නිර්මාණශීලි

    ReplyDelete
  3. මුල් කවි තුනට මං ආසයි.. ඒවා හරිම ලස්සනයි... පිලිතුරු කවියක් ලියන්න උත්සහ කරන්නම් ආයේ කියවලා.. ඒත් ශුවර් නෑ.. මට කවි ලියන්න අමාරුයි...

    ReplyDelete
  4. මලේ ඇති රුව ගුන
    වසඟ වෙයි හිත සැනෙකින
    කොයිද ජගතෙකු වෙන
    ඉන් මිදී තුටුවෙන......

    (හරිද මන්දා)

    ජ්යවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇඟ බේරගන්නට බලාගෙන
      මල්වල වරුණාව කියාගෙන
      කාරණා දැන් මගහරින
      හොරගෙඩියෙක්ය මට අහුවුන

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...