Monday, May 22, 2017

106. වෙරළ






සංසාර වෙරළත
තඹ පාට වැලි අතර
සිප්පි අහුලමි නිතොර....

ඇදී එන රළ ලෙසින
බිඳී විත් හද පුරා
ඉසියි ජල මුව අරා....
ඇදෙයි යලි - සයුරම බලා...

රළක විලසින් පැමිණ
තෙමා හද ගලාගිය
සෙනේ බැමි - අමතකව
ඇදී ගිය අපුරුව !

අමතකව ගිය
සිප්පි පමණකි සතුව!



No comments:

Post a Comment

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...