Friday, April 7, 2017

98. ශන්මුගම් උඹ


Oil Painting by : South Indian Legend Ilaiyaraaja




ශන්මුගම් උඹ!
මගේ ඒ මොහොත හඳුනන,

සොය සොයා පාරවල්
සිතියම්ද දිගහැර
මා එනතුරුම බලා හිඳ.....

රස මසවුලෙන් සතපා
හිනාවී,
යන තුරුම බලා හිඳ.....

හෝරාවක් වත්ම නො ඉඳ
සියලු මසවුළුද - ඒ මොහොතද
කානු පල්ලක යවා
තාමත් හිනා වී ඉන්න හැටි...?

ශන්මුගම් උඹ....
කතාකරපන් ශන්මුගම්
ඒ සමුගන්න ආ හමුව ගැන!


21 comments:

  1. ෂන්මුගම් ෂන්මුගම් වලිඛිතා කතා කරනවා

    ReplyDelete
    Replies
    1. ෂන්මුගම් නැහ්නං ඉලයියරාජා හරි වාංග

      Delete
    2. ඉවාන්: ආපෝ... මේ කෑගහන විදියට ශාන්මුගම් නෙවෙයි බල්ලෙක්, කාක්කෙක් නැහැ!

      Delete
    3. ප්‍රා: කවුද අනේ වාංග කිව්වේ.. 'සොල්ලුංග' කියලනේ කිව්වේ...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //කතාකරපන් ශන්මුගම් //

      Delete
  3. Replies
    1. ආන්න බලන්න... කොච්චර දෙයක්ද? තවත් කවියක් ලියන්න හිතුනා

      Delete
  4. රිදවන්නම මඟ බලාගෙන හිටි හැඩයි.. :/

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. ඒක හිතේ තියාගෙනම බඩකට පුරා කන්න දුන්නද කවුද දන්නේ.

      Delete
  5. මේකි මගුලක් කියවනවා. ඒ වෙලාවේ වීසිකලාට දැන් බඩගිනියි යකෝ....

    ReplyDelete
    Replies
    1. මට ඔබ හිමි නැති බැව්
      හිත නෑ අදහන්නේ
      හිත හැඬුවා ඇති දැන්
      ඔබ නෑ යලි එන්නේ....

      Delete
  6. Replies
    1. විසිරි,

      ඔහෙගෙ ඔය වෘත්තීය චිකිත්සාවෙ නැද්ද බෙල්ල අංසක එකසිය අසූවක් කරකවන ක්‍රමයක් එහෙම? තියේනං මෙන්න මේ යෝදිගෙ බෙල්ල කරකවන්නකො තරහ නැතුව. ඔහෙගෙ ගාස්තුව මම දෙඤ්ඤං

      Delete
    2. රවියා...
      හිතුවද මම බස්සෙක් කියල බෙල්ල එකසිය අසූවට කරකවන්න! හුහ්.. දැන් ඉතින් මොකක් හින්දද මේ බළල්ලු ලව්වා කොස් ඇට බාවන්න හදන්නේ?

      Delete
  7. "හෝරාවක් වත්ම නො ඉඳ
    සියලු මසවුළුද - ඒ මොහොතද
    කානු පල්ලක යවා
    තාමත් හිනා වී ඉන්න හැටි...?"

    හරි අගෙයි තාමත්
    හිනැහි හිනැහී ඉන්න ලස්සන..
    සංකල්ප රූප මැවෙනවා
    මැවි මැවී ආයෙමත් මැවෙනවා...

    ReplyDelete
  8. කතාව කියවන්න ආවේ. නියම කවියක් නේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කතාව ඉතින් කියෙව්වද? කෝ ඉතින් කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැනේ? ඔව් ඔව්.. මේවා මල් කතා.. ගත යුත්තක් නැහැ

      එනිවේ ස්තුතියි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...