Thursday, April 6, 2017

97. තෙල් ඉහිරුණු





තෙල් තාච්චිය බලාගෙන
ඉන්නවා මගෙ දිහා ඔරෝගෙන
කොකිස් නැති බව කියාගෙන
කැවුම් ආවෙත් නැහැ හිනාවෙන

වෙනදාට කඩිගුලක් වගේ වෙන
කුස්සියේ තෙල් සුවඳ නෑ හමන
පැත්තකට වෙලා බුම්මගෙන
උඳුවැල් අඩනවා මම අහගෙන

වැඩ දමා පැණි රස හදන
වළලු අත් අද වෙව්ලන
තුන් මසක් ගිය ඉක්මන!
පියතුමනි සිහිවෙන්නේ ඔබ දෙන



4 comments:

  1. මෙහෙත් එහෙමයි.. හරියටම මාස හයයි.. හැමතැනම තාත්තා ඉන්නවා වගේ.. :'(

    ReplyDelete
  2. අනේ දුකයි ලිඛිතා

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...