------------------
පාන්දර දෙකේ බට්ටා ඔරලෝසුව වදිනවා ඇහුනා. මම ඇඳෙන් බිමට කකුල තියෙනකොටත් පිටේ තුවාලවල ඇදුම්කන වේදනාවට කෙඳිරි ගෑවුනා.
ඒසී එකට තොලකට වේලිලා වගේ. මම කලිසම හදාගෙන, ඇදෙන් බිමට බැහැලා , සෙරෙප්පුත් නැතුව මම කාමරෙන් එළියට ආවේ එළියේ දාලා තිබ්බ ලයිට් එළියෙන් පාර හොයාගෙන.
සාලෙට එබුනත් මට තාම ගේ හුරු නැති නිසා කුස්සිය හරි, වතුර හරි තියෙන තැනක් හොයා ගන්න බෑ.
මම යන්තම් බිත්තිය දිගේ අල්ලමින් සාලෙ පහුකරලා පැන්ට්රි එකට හැරුනා විතරයි....
මම යන්තම් බිත්තිය දිගේ අල්ලමින් සාලෙ පහුකරලා පැන්ට්රි එකට හැරුනා විතරයි....
කොටම කොට ගවුම් කොටයක් ඇදගෙන , ෆ්රිජ් එක අස්සට ඔලුව ඔබාගෙන නැමිලා සර බර ගගා මොනවදෝ අදිමින් හිටියේ නිකිනි.
දැක්ක ගමන් මමත් කර වෙලා ගියා. මාව එතනම ගල් ගැහිලා. ෆ්රිජ් එකෙන් මොකක්දෝ හොයාගෙන ආපහු හැරුනු නිකිනි කලුවරේ හිටිය මාව දැක්කෙ නෑ. බිත්තියේ තිබ්බ අතට මට ස්විච් එකක් අහු උනා. මම මොකවත් හිතන්න කලිම්ම 'ක්ලික්' සද්දෙන් ලයිට් එක ඔන් කරලා ඒ ක්ෂනයෙන්ම ඕෆ් කලා.
ලයිට් එක වැටෙනකොටම ඒ එලියෙන් මම දැක්කා ඇස්දෙක නලලට ගියපු නිකිනි, ලයිට් එක ඕෆ් වෙච්ච ගමන් 'ඊ...' ගාගෙන පස්සට පැන්නා.
ලයිට් එක වැටෙනකොටම ඒ එලියෙන් මම දැක්කා ඇස්දෙක නලලට ගියපු නිකිනි, ලයිට් එක ඕෆ් වෙච්ච ගමන් 'ඊ...' ගාගෙන පස්සට පැන්නා.
මට හිනා. හරි අමාරුවෙන් කට තද කරගෙන මම ඒක නතර කරගත්තේ. ලයිට් එක දාපු වෙලේ දැක්කේ නිකිනිගේ කටේ තිබ්බේ සර බර ගගා හොයාගත්ත චොක්ලට් ගුලියක්!
කලුවරේම මම දැක්කා කොටම කොට ගවුම පහලට අදින ගමන් නිකිනි පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු වෙනවා.
මම ඉස්සරහට අඩියක් තිබ්බම නිකිනි බිත්තිය දිගේ එහාට තල්ලු උනා. මට හිනා මේ කෙල්ලගේ මේ පිස්සු වැඩවලට. මම අඩියක් තියෙන ගානට කෙල්ල එහාට වෙනවා. මම ඇස්දෙක නම් අහකට ගත්තෙ නෑ. අන්තිම අඩිය තියලා මම ෆ්රිජ් එක ඇරලා ,දොරේ තිබ්බ කූල් වතුර බෝතලේ අතට අරගෙන , සද්දයක් එන්නෙ නැතුව දොර වැහුවේ නිකිනි දිහා බලාගෙනමයි. එයාත් මගේ දිහා බලාගෙන.
පිස්සු හැදෙයි මැස්සො මැරෙයි!
මම ඉස්සරහට අඩියක් තිබ්බම නිකිනි බිත්තිය දිගේ එහාට තල්ලු උනා. මට හිනා මේ කෙල්ලගේ මේ පිස්සු වැඩවලට. මම අඩියක් තියෙන ගානට කෙල්ල එහාට වෙනවා. මම ඇස්දෙක නම් අහකට ගත්තෙ නෑ. අන්තිම අඩිය තියලා මම ෆ්රිජ් එක ඇරලා ,දොරේ තිබ්බ කූල් වතුර බෝතලේ අතට අරගෙන , සද්දයක් එන්නෙ නැතුව දොර වැහුවේ නිකිනි දිහා බලාගෙනමයි. එයාත් මගේ දිහා බලාගෙන.
පිස්සු හැදෙයි මැස්සො මැරෙයි!
මම තනියෙම හිනාවෙලා ආපහු හැරුනා. ඇස්දෙක කලුවරට හුරුවෙලා නිසා මම අඩියට දෙකට කාමරේ. කාමරේ දොරෙන් ඇතුලට ආපු ගමන් මම එක අඩියක් පස්සට තියලා ආයෙමත් සාලෙ දිහා බැලුවා. නිකිනි ගුලියක් වගේ සාලේ මැද්දෙ.
"හොර කෙල්ල!"
මම එහෙම කියනකොටම නිකිනි අඩියට දෙකට පැනගත්තා.
මට තනියම හිනා. පව් දෙය්යනේ අහිංසකයි.
වතුර එක බිව්වම පහසුවක් දැනුනත් වෙච්ච දේ කල්පනා කර කර මම පැයක් විතර තනියෙන් හිනා වෙවී හිටියේ.
---------------------------------
මට නින්දක් යන්තමට එනකොට උදේ පාන්දර යාමෙට වෙලා මම හිතන්නෙ. ඔලුව කම්මලක් වගේ අවුල් වෙලා. ගෙදර වෙච්ච සිද්ධිය මට මැවි මැවී පේනවා වගේ.
දැන් ඉතිං කොහොම හරි දෙපයින් හිටගන්නත් එපැයි. මාධවී අක්කා ගැන තාත්තා දන්නව නං? මාධවී අක්කා තාත්තට කේලම කිව්වා වෙන්න බෑ එයා හැසිරිච්ච විදියට නම්. ඒ උනාට මට තාම හිතාගන්න බෑ කොහෙන් කවුරු දීපු ජරා තොරතුරක්ද කියලා. කවුරු නමුත් හිතවතෙක් වෙන්න බෑ.
'ටොක් ටොක්'
මම දනි පනි ගාලා නැගිටලා කමිසයක් දාගත්තා.
"එන්න"
නිකිනි තේ එකක් එක්ක දොරකඩ.
"....එන්න. ඇතුලට එන්න..."
නිකිනි
දගකාර විදියට බෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා. මම අඩියක් ඉස්සරහට
තියලා නිකිනිව ඇතුලට අදිනකොට තේ එක මගේ ෂර්ට් එකට විසි උනා.
ශික්!
ශික්!
"ඊ... පිස්සු කරන්න එපා හරිද?"
"ගුඩ් මෝනින්"
ඒ ඇස්වල තිබ්බේ නිදි වර්ජිත රාත්රියක සලකුනු. ඒ උනාට උදේ තියෙන නැවුම් ගතිය මූණ පුරාම.
"... කෝ ඉතිං උදේම ගුඩ් මෝනින් වත් කියන්නෙ නැද්ද මේ මැඩම්?"
"තේ එක බොන්න. "
මම ඔහේ බලාගෙන හිටියා.
"කෝලං කරන්න එපා මාධවී ඉන්නවා බාත්රූම්. "
"ඉතිං බාත් රූම්නෙ "
"කාන්ති සාලෙ අතුගානවා. "
"ඉතින් සාලෙනේ... ෂ්.........."
"කෑ ගහනවා දැං මම"
"කෑ ගහලා කරයි. දැං මොනවා කියලද කෑගහන්නෙ? "
නිකිනි රතු වෙලා.
"නිකී...!"
මාධවී අක්කගේ කටහඩ සාලෙන් ඇහෙනවත් එක්කම අපි දෙන්නා ගැසිසිලා දෙපැත්තට විසි උනා.
"ඔයා යන්න"
නිකිනි අඩියට දෙකට කාමරෙන් එළියට පැන්නා. මට දැනුනේ මහා දුකක්. මාධවී අක්කා මම මෙහෙ ආපු එකට මලෙන් වගේ ඉන්නෙ. පව් දෙය්යනේ හැම පැත්තෙන්ම තැලෙන්නෙ නිකිනි.
උදේ කෑමට කාන්ති ඉදි ආප්ප , පරිප්පුයි පොල් සම්බෝලයි එක්ක හදලා. මාධවී අක්කා කන්නෙත් නැතුව කලබලෙන් ගියේ ඔෆිස් වෙන්න බෑ. ඇහුවේ නැතුවට මට දැනෙනවා කොස්සක්. තාත්තට මාට්ටු කරලා දෙයිද?
"කලණ අද ගෙදර යනවා නේද?"
මම නිකිනි දිහා බලාගෙන ඉන්න දැහැන බිදෙන විදියට නිකිනි කතා කලා.
"......... එයාලට අඩුගානෙ කෝල් එකක්වත් දෙන්න. ඔයාගේ අම්මා කොච්චර බය වෙලා ඇද්ද? ඔහොම එයාලට දුක් දෙන්න එපා කලණ"
මගේ මූණ ඇකිලෙන්න ඇති.
"ඔයාට මාව තියාගන්න කරදරයි කියලා මට තේරෙනවා. මේ ළග මගේ ඉස්කෝලෙ යාලුවෙක්ගෙ ගේකුත් තියෙනවා. බෝඩිමක් හොයා ගන්නකල් මට එහෙ ඉන්න පුලුවන්"
නිකිනි මේසේ උඩ නිදහසේ තිබ්බ මගේ වම් අත මුදු විදියට ඇල්ලුවා.
"එහෙම එකක් නෙවෙයි ළමයෝ මම කිව්වෙ. ඔයාට ඕන තරම් දවසක් ඉන්න. ඒත් ඔයා ගෙදරින් තරහ වෙලා ආපු නිසා... අනේ පව් එයාලා ඔයාව හොයනවා ඇති. ගිහිං සමාව ගන්න"
"සමාව ගන්න මොකක්ද මම කරපු වැරැද්ද? "
නිකිනි බිම බලා ගත්තා.
"ඔයාට තරහ ගියාද?"
මම කතා කලේ නැහැ. නිකිනි හෙමින් මගේ අත පිරිමදිනවා.
"....කලණ. මම හුගක් ආඩම්බර වෙනවා ඔයා ගැන. මට ඔයාව මගේ ජීවිතේටත් වඩා වටිනවා. ඔයාගෙ අම්මට... තාත්තට, නංගිට... චලනට.... මේ හැමෝටම ඔයාව ඕන. ඒ අයගෙ හිත් බිදලා ඔයාව උදුරගන්නෙ කොහොමද මම? මම එහෙම නපුරු ගෑනියෙක් නෙවෙයි. අඩුම තරමේ ඉන්න තැනක් හරි හොදින් ඉන්නවා හරි කියලා කතාකරලා වත් කියන්න"
"තාත්තා මට ගෙදරින් යන්න කිව්වා. ඔයා දන්නවද මට 'යන්න එපා හිටපං' කියලා එක වචනයක් වත් බැල්මක්වත් දැම්මෙ නෑ. ඉතිං මට මොකටද?"
"එයාට තරහ ගිහිං හිටපු නිසා වෙන්න ඇතිනේ. නැතුව ඔයාට ආදරේ නැතුව නෙවෙයිනෙ. සමහර වෙලාවට දැන් දුක හිතිලත් ඇති."
"මම වෙන තැනක් හොයාගෙන යන්නම් නිකිනි. ඔයාට මගෙන් නැති ප්රශ්න ඇතිවෙයි. "
"නෑ නෑ ඔයා මම කියනදේ තේරුම් ගන්නෙ වැරදියටනේ. "
අපි දෙන්නා අතරේ නිහඩතාවයක්. කාන්ති ඇවිත් අත හෝදන කෝප්ප තියලා පිගන් දෙක අරගෙන ගියා. මම අත් සෝදගෙන අත පිහාගන්න හදනකොට නිකිනි මගේ දිහාම බලාගෙන ඉන්නවා.
"මොකද? කෑවා මදිද?"
"හි හි හි"
"හොර කෙල්ල. ඉන්නව මම අල්ලගන්න. "
නිකිනි ඉක්මනට කාන්ති ඉන්න කුස්සිය පැත්තට ගියා.
"....නෑ නෝනා. මට ඔය ටික අස්කරන්න පුලුවන්. "
මම කෑම මේසෙන් නැගිටලා ගිහින් කුස්සියට එබුනා. නිකිනි හෝදපු පිගන් පිහනවා. මම ආපු බව තේරිලාද කොහෙදෝ නිකිනි රෝසපාට වෙලා ආයෙමත්.
"..... ඇති නෝනා. යන්නකො ඉතිං සාලෙට. මම බීම හදල ගේනකල් මහත්තයා එක්ක කතා කරකර ඉන්න"
නිකිනි දග පොඩි කෙල්ලෙක් වගේ හිනා වෙවී මාව පහු කරගෙන සාලය පැත්තට ආවා.
"ඉතිං ඔයා අද මොකද කරන්නෙ? තුවාල තියාගෙන ඔෆිස් යන්න පුලුවන්ද? බෑනෙ"
"මං දන්නෙ නෑ"
මම කිව්වෙ ඇත්තටමයි. මොනවද කරන්නේ කියලා මමත් තීරණේක හිටියේ නැහැ. නිදි මරලා මට හරි වෙහෙසයි.
"අද අපි ඇවිදින්න යමු? මම අද කොහෙමත් නිවාඩු දාන්න හිටියේ. "
"මගේ ඔෆිස්?"
"කෝල් එකක් දෙන්න කරූට. එයා බලාගනී ඉතිරි ටික"
"බොසුත් ගෙදර"
"ගෝලයත් ගෙදර"
අපි දෙන්නම ඒකට හිනා උනේ පොඩි එවුන් වගේ
කාන්ති හදලා දුන්න කෑම ටික බාස්කට් එකට අහුරගෙන අපි දෙන්නා කාර් එකට නගිනකොට අටට විතර ඇති. ලා නිල්පාට ඩෙනිමට සරළ ලස්සන ටී ෂර්ට් එකක් ඇදලා නිකිනි නිලියක් වගේ
ලස්සන මොකක් උනත් නිකිනිගේ මේ රැකවරණයට මම කොච්චර බැඳිලාද කියලා මටම හිතාගන්න බැහැ. නිකිණි මගෙත් එක්ක ඇවිදින්න යන්න හිතුවේ මගේ හිත හදාගන්න උදව් වෙන්න කියලා මට ඒ වෙලාවේ නම් හිතුනේ නැහැ. නිකිණි බලෙන්ම මාව ඩ්රයිවින් සීට් එකට තල්ලු කළා.
"කොහෙද අපි යන්නේ?"
"ඔයත් එක්ක ඕනේ දිහාවකට මම යන්න කැමතියි"
මම එහෙම කියලා නිකිනිගේ නිකටින් අල්ලලා හෙලෙව්වා. නිකිණි මගේ අත අරගෙන වර්චුවල් කිස් එකක් දුන්නා ඒ අතට. මේ කෙල්ලට බැරිද මාව පිස්සු වට්ටන එක ටික වෙලාවකට වත් නතර කරන්න?
".... මේ මේ.. ඩ්රයිවර්ට මානසික හිරිහැර කරන එක තහනම් හරිද? තව ඩින්ගෙන් හැප්පෙනවා අර ලයිට් කණුවේ"
නිකිනිගේ ජම්බුගෙඩි පාට කම්මුල් මට පේනවා. අපි දෙන්නටම හිනා.
"ඔයා මෙහෙම හැමදාම හිනා වෙලා ඉන්නවට මම ආසයි"
"මමත් ආස එහෙම ඔයත් ඉන්නවා නම්"
"හරි හරි.. පණ්ඩිතයා කියන්න කොහෙද අපි යන්නේ කියල?"
"හොස්පිටල් එකට?"
නිකිණි මිනි කිංකිනි හඬින් හිනා වෙනවා.
"හරි.. හරි.. හරවන්නකෝ සර් දිගන පාරට"
අපි දෙන්නා ට්රැෆික් එක මැද්දේ වැවරවුම පහුකරගෙන ආවා. මේ වැවරවුමේ මගේ ජිවිතේ කොතරම් නම් දේවල් උනාද. ඒ හැම දෙයක්ම දැන් හීනයක් වගේ. දැන් නම් දකින්නේ හීනයක් නෙවෙයි. මම ඉන්නේ මගේ හැබෑවෙච්ච හීනයක් එක්ක.
"පුදුමයි නේද?"
"හ්ම්ම්?"
"පුදුමයි නේද අපි දෙන්නට වෙන වැඩ?"
"..................."
"මම දෙයක් අහන්න.. මම ගැන වැරදියට හිතන්නනේ නැහැ නේද?"
"....?"
දළදා මාලිගාව පහුකරගෙන මම දිගන පාරට හැරෙව්වා. පාරේ වංගු ගොඩයි.
"උත්තරයක් දෙනවද?"
"මොකක්ද?"
නිකිණි මගේ දිහා බැලුවේ මෘදු විදියට. මම පාරේ ඉඩ තියෙන තැනකින් වාහනේ අයිනට කරලා නතර කළා.
"මගෙත් එක්ක ඔයාගේ ෆ්ලැට් එකේ ඉන්න බයට නෙවෙයි නේද අපි එලියට ආවේ?"
නිකිණි ඒ ප්රශ්නය ඉවර වෙන්නත් කලින් පැනලා මාව තදකරලා බදාගත්තා. ගැඹුරු නිහඬතාවයක් උනත් අපි දෙන්නම එකවරම බ්ලෑන්ක් උනාද කොහෙද.
නොදකින් මගේ නොසන්ඩාල කට! නිකිණි මම ගැන මොනවා හිතනවද දන්නේ නැහැ. මට එයත් එක්ක කියන්න බැරි දෙයක් නැති නිසයි මම ඇත්තටම එහෙම ඇහුවේ.
"ඔයාව තරම් මම කිසිම කෙනෙක් විස්වාස කරන්නේ නැහැ කලණ.. මටවත් මාව ඒ තරම් විස්වාස නැහැ"
නිකිණි මගේ නළලට එයාගේ නළල තියලා මගේ මුණ දිහා බැලුවා.
".... ඔයාට හොඳ නැහැ බේබි අපි එහෙම හිටියොත්. මාධවී උනත්... කොටිම්ම කාන්ති උනත් ඔයා ගැන එහෙම හිතනවට මම කැමති නැහැ"
ආයාසයක් නැතුවම මම නිකිනිගේ නළල උඩ මගේ ආදර සලකුණක් තිබ්බා. නිකිණි මට ආදරේ කරන්නේ කොයි විදියටද කියන එක මට හොඳට තේරෙනවා. ඒ ගරුත්වය මම හැමදාම රකිනවා.
"යමු දැන්... මෙතන නතර කරගෙන ඉන්න එක හොඳ නැහැ"
කිකිණි බලෙන්ම වාගේ මාව තල්ලු කලේ හිනාවෙන ගමන්. අකමැත්තෙන් උනත් මම වාහනේ පාරට අරගෙන පුළුවන් වේගෙන් දිගන පාර දිගේ ස්පීඩ් කළා.අපි එකිනෙකාගේ ඇතුලාන්තය එක්ක දොඩමලු වෙලා හින්දා වෙන්න ඇති, ගොඩක් දුර එනකල් දෙන්නාගෙන් කවුරුත් කතාකලේ නැහැ.
කොළඹීස්ස පාරට හරෝපු ගමන් මම නිකිණි දිහා බැලුවා. කෙලින් පාර. ලෑල්ලට පාගන්න පුළුවන්.
"මැඩම්..."
"හ්ම්ම්..."
"දැන් කොහෙද යන්නේ අපි?"
"දන්නේ නැහැ"
"පාරක් තොටක් දන්නේ නැතුවද පිස්සියේ මට මේ පාරට හරවන්න කිව්වේ?"
නිකිණි හිනාවෙලා මගේ දිහා බැලුවා. අපි දෙන්නගේ ආදරේ, එකිනෙකාට තිබ්බ ගෞරවේ අලුත් වෙලා කියලා මට දැනුනා.
"අපි දෙන්නම.. මෙහෙම්මම යමුද යන්න කොහේ හරි..."
නිකිණි මගේ දිහා බලාගෙන හිටියේ හදවත පසාරු කරගෙන යන නෙත්සරකින්.
"පිස්සා.."
"ඔයා තමයි."
"මම? පිස්සද?"
"නෑ.. ඔයා තමයි මාව පිස්සු වැට්ටුවේ "
"හි හි හි... ඔයත්"
මම වැවක් පේන මානයෙන් කාර් එක නතර කරලා කාර් එකේ විදුරු ඇරියාම සනීපදායක හුළඟක් ඇතුලට ආවා.
"ඒ ඇයි එහෙම උනේ?"
"දන්නේ නැහැ.. ඒක එහෙම වෙන්න තිබ්බ නිසා එහෙම උනා"
"මම මහා මෝඩ විදියට හැසිරුනේ.. මට තිබ්බා...."
"ආ.. හරි හරි.. දැන් කියන්න හදන්නේ මෝඩ වෙලා මම ඔයාව දැලේ දාගත්ත කියලද.. දෙනවා මම දෙකක්!"
මම නිකිනිගේ ඉනෙන් අල්ලලා ඇදලා ගත්තා උනාට සීට් බෙල්ට් එක නිසා ආවේ නැහැ ඇදිලා.
"ඒයි.. නෝටි ළමයා.... මිනිස්සු බලයි"
"මිනිස්සු? කොහෙම මේ පලාතකවත් මිනිස්සු පෙනෙන්න නැහැනේ... මම බය නැහැ දැන්.. තේරුනාද මැඩම් ?"
"අත අරින්න........... ඔන්න නැත්තම් මම හපනවා "
"හපනවා ?? දෙය්යනේ මේ මම උස්සගෙන ඇවිත් තියෙන්නේ බලු පැටික්කියක්ද ?"
"හපනවා ඔන්න මම දැන්..... කෝ...?"
"........."
"දැන් මම කිව්වේ.. හපනවා හරිද?"
"කෝ හැපුවේ නැහැනේ.. කට විතරයි!... ඌයි..."
"අනේ.. කෝ තුවාලේ පෑරුනාද ? අනේ.. බෙහෙත් දාන්න වෙයිද ?"
ආයෙමත් මගේ ගැටේට නිකිණි අහුවෙලා. පව් දෙය්යනේ.
".. කෝ බහින්න බහින්න...."
"දැන් ඔයා මට මෙතන බෙහෙත් දාන්නද හදන්නේ? ෂර්ට් එක ගලෝලා... බිම දිගා කරලා????"
නිකිණි ලැජ්ජාවේ ඇඹරෙනවා.
"හරි නරකයි..."
එහෙම කියලා නිකිණි කාර් එකෙන් බිමට බැස්සා. මම කාර් එක ලොක් කරලා එහාපැත්තෙන් බැහැලා නිකිණි ගාවට ඇවිත් හිටගත්තා. නිකිණි කාර් එකට හේත්තු වෙලා ඈත බලාගෙන. මහා පල්ලමක් එක්ක පහලින් වැව පේනවා. අව්ව ටිකක් තිබුනට, හුළඟ නිසා රස්නයක් නැහැ. මම හොරෙන් නිකිණි දිහා බලලා තවත් ළඟට වෙලා හිටගත්තා.
"දන්නවද?"
"හ්ම්ම්?"
"..........."
"මොකක්ද?"
නිකිණි මගේ දිහා බැලුවා. දිලිසෙන ඇස් !
"ආදරෙයි මම"
උත්තරයක් නොදී නිකිණි ඒ දිලිසෙන ඇස්වලින් මගේ දිහා බලාගෙනම හිටියා. ඒ බැල්මේ තියෙනවා එකම උත්තරේ සිය දහස් වාරයක්. නිකිනිගේ කොන්ඩේ හුළඟට ඇවිත් මගේ උරහිසේ වදිනවා.
"මෙතන හරිම ලස්සනයි"
විනාඩියකට විතර පස්සේ නිකිණි එහෙම කියලා වටපිට බැලුවා.
මම හෙමීට හොරා වගේ නිකිනිගේ ඉන වටේට අත දාගන්න සෑහෙන්න වලියක් කනවා. කාර් එකේ බොනට්ටුව දිගේ යාන්තමට අත ගෙනියලා හෙමීට ලං කරනකොටම නිකිණි මගේ ඇලපතට වැලමිටෙන් ඇන්නා.
"...හොර වැඩ.. නෝටි වැඩ තහනම් හරිද?"
"ඌයි"
"අනේ..තුවාලෙට වැදුනද?"
නිකිණි ආයෙමත් බය වෙලා. මම වගේ නපුරෙක්!
"..."
"සොරි අනේ.."
"ඔක්කොම තුවාල පාරනවා විතරයි.. කිසිම බෙහෙතක් නැහැ"
මම නොක්කඩුවට එහෙම කියලා ගානක්වත් නැතුව නිකිනිගේ ඉනෙන් තද කරලා අල්ල ගන්න හදනකොටම කෙල්ල පැනගත්තා.
"හි හි හි හි.. ඇයි බෙහෙත් දැම්මේ ඊයේ?"
ආයෙත් ඒ හිකි හිකි හිනාව. මම බොහොම අමාරුවෙන් හිත හදාගෙන බොරු අමනාපයක් මුනේ ඇදගත්තා.
"අතනට යමු.... ඒ ගහ යට සනීප ඇති"
"ඉන්න මම ගෙනාපු සැන්විච් ටික අරගෙන එන්නම්"
නිකිණි එහෙම කියලා මට කියලා කාර් එකේ දොරත් අරවාගෙන, කෑම කූඩේ අතේ එල්ලගෙන මගේ පස්සෙන් වැටුනා. මම මට අඩියක් දෙකක් පස්සෙන් එන මගේ නිකිණි දිහා බැලුවේ ආදරෙන්. නිකිණි ඒකට දුන්නෙත් ඒ වගේම බැල්මක්. මගේ හිත පිරිලා ඉතිරිලා යනවා වගේ දැනෙන්නේ.
එතන තිබ්බේ විශාල නුග ගහක්. ගහේ හෙවන කොටසට ආවහම දැනුනේ සිසිලසක්. හොදට සරුවට වැඩිලා තිබ්බ නුගගහ නිසා සෑහෙන හෙවනක් තිබ්බා. වටෙන්ම එන තද හුළඟ නිසා අපි දෙන්නගෙම ටීෂර්ට් පවා ඉගිල්ලෙන්න යනවා.
කුඩෙන් ගත්ත ෆොල්ඩින් මැට් එකක් එලපු නිකිණි, කූඩේ බිමින් තියලා ඒ ළඟම බිම මැට් එක උඩ එරමිනියා ගොතාගෙන වාඩි උනේ පොඩිම පොඩි කෙල්ලෙක් වගේ දඟකාර විදියට.
"කෝ... වාඩිවෙන්න"
මගේ කමිසෙන් ඇද්දහම මම හිතලම නිකිනිගේ ඇඟට වැටෙන්න වැටුනා. අපි දෙන්නම පැදුරේ පෙරලිලා. නිකිණිට කෑගහුනා.
"අය්යෝ...."
"අද දවස මතක තියෙන්න හරි.... අඩුම තරමේ..... මට කිස් එකක්වත් දෙන්නකෝ"
"නරකයි ඔයා"
"ඔව්. නරකයි තමයි මම. වෙලාවත් අන්තිම නරකයි"
නිකිණි මාව කොනිත්තලා ආයෙමත් වාඩි උනා. කෙල්ල හොඳටම රතු වෙලා. මම එක අතක් උඩ ඔලුව වාරු කරගෙන පැදුරේ පෙරලිච්ච ගමන්ම හිටියා.
"ඔයා හොඳයි... ඕනෙවටත් වඩා හොඳයි... ගොඩාරියක් හොඳයි"
නිකිණි බිම පහුරුගාන ගමන් කිව්වේ ඔලුව දෙපැත්තට වන වන.
"බොරු බටර්.. මාව රවට්ටන්න කියන චාටු කතා... ඒවා මම දන්නේ නැහැ. දැන් නම් අන්තිම වනචර අදහස් විතරයි මට එන්නේ.... මම මොකද රහත් වෙලාද?"
නිකිණි හය්යෙන් හිනා උනා. මට හරි ලෝබයි... කාටවත් අයිතිකරගන්න බැරි වස්තුවක් මට ලැබුනාම වගේ මට දැනෙන්නේ.
"කෝ... කන්න මේ සැන්ඩ්විච්... මේවා හොඳයි ඔය වගේ ලෙඩ වලට"
"මොන වගේ ලෙඩද?"
ආයෙමත් නිකිණි හිනා වෙනවා.
"... පොඩ්ඩක් ඔය හිකි හිකිය නවත්තගන්නවද... මට අල්ලලා මිරිකන්න හිතෙනවා එතකොට"
නිකිණි බය වෙලා වගේ එකපාරට හිනාව නතර කරලා ඉක්මනට මගේ අතේ සැන්විච් එකක් තිබ්බ.
"කන්න කන්න.... ලෙඩේ හොඳවෙයි"
"නිකිණි..."
මගේ හඬ වෙනස් වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති නිකිණි මගේ දිහා හොඳට බැලුවේ.
"ආදරෙයි මමත් ඔයාට"
මගේ පපුව 'දඩ බඩ' ගගා ගැහෙනවා. නිකිණි පහත් වෙලා මගේ නළලට කිස් එකක් දුන්නා. ඊට පස්සේ ගැස්සිලා වගේ වටපිට බැලුවා.
"කවුරුත් නැහැ ළමයෝ මේ පාලු පළාතේ"
නිකිණි මගේ දිහා බලාගෙනම ඉන්නවා.
".. ඔන්න ඉතින්.... ආයේ මට එහෙම වනචරයා කියන්න එපා හරිද... ඊයේ පිස්සු හැදෙන කොට ගවුමක් ඇඳගෙන රෑ යාමේ ගේ පුරා මාව හෙව්වා... දැන්"
"ඊ.... මොනාද මේ කියන්නේ... මම චොක්ලට් කන්න ආවේ"
නිකිණි ලැජ්ජාවෙන් රතුවෙලා අහක බලාගත්තා.
"චොක්ලට් කන්න එනවද ඔහොම කොට ඇඳුම් ඇඳගෙන? ඊටත් රෑ දෙකට විතර? ඔක්කොටමත් වඩා.. මාව ෆ්ලැට් එකේ ඉස්සරහ කාමරේ අරෙහෙම හිරකරලා තියෙද්දී?"
අපි දෙන්නම හොඳටම හිනා උනා. හිනාව වියැකිලා යනකොටම නිකිණි මගේ ඔලුව අතාගෑවා.
"ඔයා... ඇත්තටම.... ඇත්තටම... ගොඩාරියක් හොඳයි.... ඇයි ඒ කලණ ?"
ඒ වෙලාවේ මට මුළු ලෝකෙම අමතක උනා. කොහෙද ඉන්නේ කියලත් අමතක උනා.
".. ඔයාව මම විස්වාස කරන තරම්......! මම මාවවත් ඒ තරම් විස්වාස කරන්නේ නැහැ... කවදාවත්...කවදාවත් ඔය ඒ විස්වාසේ බිඳලා නැහැ"
"ඔන්න දැන් තමයි ඒක බිඳෙන්න යන්නේ"
නිකිණි හිනාවෙලා මගේ දිහා බලලා දිව දික් කළා. මම ගැඹුරට හුස්මක් අරගෙන මැට් එකෙන් නැගිටලා නිකිණි ගාවම, නිකිනිට හේත්තු වෙලා වාඩි උනා.
නිකිණි සැන්විච් එකක් අතට අරගෙන බාස්කට් එක ඇතුලෙන් ජූස් බෝතලයක් ගත්තා.
"නිකිණි... මා..ධ"
"මම දන්නවා ඔයා අහන්න යනදේ... මාධවී ඔයා කවුද කියලා දැනගත්ත දවසේ ඉඳන්ම මේ එෆෙයාර් එකට කැමති උනේ නැහැ. එයාගේ හැසිරීම් ගණන් ගන්න එපා. මාධවී එහෙම හිටියට අපි දෙන්නටම ආදරෙයි. ඔයත් එයා ගැන තරහක් හිතන්න එපා... "
"මට ඇහුනා උදේ මාධි අක්කා ඔයාට කියපු දේවල්"
නිකිණිගේ මුණ හොඳටම වෙනස් උනා. සමාව ඉල්ලන්න වගේ මගේ මුණ දිහා අසරණ බැල්මක් එක්ක බැලුවා. මට හරිම දුක හිතුනා.
"මාධිට විතරක් නෙවෙයි කලණ.. ඕනෙම කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඒ උනාට අපි දන්නවනේ අපි කවුද කියල. මම දන්නවා.... ඔයා කවුද කියල. මට සමාවෙන්න බේබි ඔයා විඳින මේ අපහාස වලට."
"ඔන්න ඉතින් පටන්ගත්තා.... අය්යෝ ළමයෝ කවුද ඒවා ඇහුවේ"
නිකිණි ඇඩුවේ නැහැ. හූල්ලනවා.
".. සමහරවිට මාධවී අක්කා අපේ තාත්තට කෝල් කරලා කියයි මම ඉන්නේ කොහෙද කියල"
නිකිණි ගැස්සිලා මගේ දිහා බැලුවා. ඊට පස්සේ කල්පනාවට වැටුනා.
"ඉතින් බේබි.... ඊට කලින් ඔයා ඉස්සර උනොත් නේද හොඳ? ගෙදරට කෝල් කරලා කියන්න ඔයා හොඳින් ඉන්නවා කියලා. දැනටමත් පොලිසියට ගිහින්ද දන්නෙත් නැහැ. ඔයාව හොයනවා ඇති"
"........................"
"යාලුවෙක්ගෙ ගෙදර ඉන්නවා කියලවත්?"
මටත් ඒ මොහොතේ හිතුනා කතාකරලා කියන්න ඕනේ කියලා. මම සැන්විච් කන ගමන් ඒ ගැන හිතුවා. තාත්තා ඔෆිස් ගියාම කතාකලොත් චලන ගෙදර ඉන්න නිසා ඌ ගනීවි.
"හ්ම්ම්ම්.."
"අන්න හොඳ ළමයා... එහෙමනේ කියන දේවල් අහන ළමයි උනාම"
"මෙහෙම හිටියට.. මේ ළමයා.... නරක ළමයෙක් හරිද?"
"ඔන්න ඉතින්..! ඔය සැන්විච් කන්න.. මොනවද බොන්නේ? ජූස් ගෙනාවා, වතුරත් තියෙනවා... ආ.. මෙන්න කාන්ති තේත් දාලා"
"තේ එපා.. කූල් මොනවා හරි.. ඊයෙත් මම කූල් හොයාගෙන යනකොට තමයි හොඳ හොඳ දේවල් පෙනුනේ"
"අනේ............... නරකයි ඔයා"
"එහෙම මිනිස්සු අපහසුතාවයට පත් කරන එක හොඳයිද එතකොට"
"ආ.. ආ... මෙන්න කූල් බොන්න... මම යනවා කාර් එකට වතුර බෝතලේ ගේන්න"
නිකිණි මගේ ළඟින් ජූස් එක තියලා පොඩි එකෙක් වගේ දුවගෙන කාර් එක ගාවට ගියා.
කාර් එකේ දොර අරිනකොටම ඒ ළඟ නතර කරපු ත්රීවිලර් එකකින් හෝන් එකක් වැදුනා. මාව ඉබේටම නැගිට්ටුනේ බයටමයි. මම දුවගෙන නිකිණි ගාවට ගියේ ඒ අනවරත බයෙන්මයි.
'මලා' මේ තිස්ස අය්යා.
"සර්!.. මැඩම් ??"
තිස්ස අය්යාගේ කට බලියට ඇරිලා.
".. කොහෙද සර් මෙහෙ?"
"ඔයා කොහෙද මෙහෙ?"
"මම මේ හයර් එකක් ගිහින් එන ගමන්.."
තිස්ස අය්යා උවමනාවෙන්ම නිකිනිව නොපෙනුනා වගේ මගෙත් එක්කම කතාකලා.
"තිස්ස"
නිකිණි මගේ ගාවින් ඇවිත් හිටගෙන ගොත ගහන්න වගේ කතාකලේ. තිස්ස අය්යා අමාරුවෙන් හිනා උනා. මාර වැඩේ.
"මැ-ඩ-ම්.. කොහෙ-ද?.. ස-ර්?"
මම තිස්ස අය්යාගේ උරහිසට අතක් තිබ්බා.
"අපි දෙන්නම.. මෙතැනදී දැක්කා කියලවත්, වෙන මොකවත් වත්.. කාගේත් එක්කවත් කියන්න එපා තිස්ස අය්යා.. ඒක ඉල්ලීමක්"
තිස්ස අය්යා එක එල්ලේ මගේ දිහා බලලා බිම බලාගත්තා. ඊට පස්සේ උරහිසේ තිබ්බ මගේ අත උඩින් අතක් තිබ්බා.
"මම යන්නම් සර්"
ඊට පස්සේ තිස්ස අය්යා වාහනේ ස්ටාර්ට් කරලා ටිකක් ගිහින්, ආයෙමත් ඔලුව එලියට දැම්මා, හිනාවක් මූණේ.
"නෑ සර් නෑ.. මම කියන්නේ නැහැ."
තිස්ස අය්යා එහෙම කියලා යනකොට තමයි මම මගේ උඩට ගත්ත හුස්ම ටික පහළට දැම්මේ. නිකිණි මගේ දිහා බැලුවා.
"ඔයා... එයාව?"
"ඔයා එයාව තමයි.... ඇත්තටම හොස්පිට්ල් එකට උස්සගෙන ගියපු එක්කෙනා පැත්තක් ඉන්නකොට.... එක්කගෙන ගියපු ත්රිවිලරේ එකාගේ නංගිට ඔයා ජොබ් එකක් දුන්න නේ?"
නිකිනිට හිනා.
"පව් අනේ දුප්පත් මිනිස්සු."
"මම පව් හිතුනේ නැහැ නේද එතකොට?"
නිකිණි දිලිසෙන ඇස්වලින් මගේ දිහා බැලුවා. අම්මෝ ඒ බැල්ම! නිකට මගේ උරහිසේ තියල තදකරපු නිකිණි මට විරිත්තුවා.
"ඒකනේ ඔයාට මේ ඉතින් මේ මාව ඉන්නේ.?"
"හ්ම්ම් හ්ම්ම්ම් ගත්තේ නැති එකනේ වැඩේ!"
"අනේ මේ... "
ඒ මොහොතවල් මම මැරෙනකල් මගේ හිතේ තියෙයි. නිකිණි එක්ක ඒ ගෙවපු වෙලාව මගේ ජිවිතේ මම වැඩියෙන්ම සතුටුවෙච්ච වෙලාවල්. දවල් වෙනකොට අව්ව ටිකක් සැර වැඩි නිසා දෙන්නම ආයෙමත් අකුලාගෙන කාර් එකට ආවා.
වෙලාව ගෙවුනේ කොහොමද කියලා මම කිසිම ගානක් නිනව්වක් තිබ්බේ නැහැ. දැනුන එකම දේ මම ඉන්නේ මගේ සැබෑවෙච්ච හීනයක් ගාව කියලා විතරයි.
මුළු දවසම ඒ ලෝකයේ අපි දෙන්නා විතරයි හිටියේ.
*******************************
ගෙදරට අහුවෙන එක හොඳයි කියලා දැන් නම් මටත් හිතෙනවා....
ReplyDeleteඒකත් එහෙමද? කිරිමේල් එකක් නියමිතයි
Deleteපැණි හැලිලි ටික තමයි. සුජීව ප්රසන්නාරච්චි නෑදෑයොද?
ReplyDeleteඔව් ඔව්.. කොහොමද අනේ හරියටම දැනගත්තේ?
Deleteඒ 'ලොකු අය්යා' මට 'නෑ' වෙන්නේ මෙහෙමයි
අපේ අම්මගේ , අක්කගේ දුවගේ නංගි බැඳලා ඉන්න එක්කෙනාගේ, පොඩි මල්ලිගේ , යාළුවෙච්ච ගෑනුලමයාගේ ගෙදරට හැරෙන හන්දියේ ඉඳල කිලෝමිරටයක් නැහැ ඒ ගෙදරට.
අක්කගෙ දුවගෙ නංගි අක්කගෙ දුවෙක් නෙවෙයිද?
Deleteඅන්නොහොම දවසක් දෙකක් ඇදහන්.. ගුටි කාලම ඇඟට අමාරුයි නැත්නං.. :))
ReplyDeleteදවසක් දෙකක්? හුහ්
Deleteහිතේ ඇති දවසක් දෙකක් ඉන්න??? අර ගෑනුලමයා කලණව ගෙදර යවන්න හදනවා... මේ උන්දා අර නාවන්න ගෙනියන බල්ලා වගේ පොලව බදාගෙන!
අද රෑටවත් චාන්ස් එකක් නැතිවෙයිද?
ReplyDeleteමම ඇහුවේ මේ නිදාගන්න එක ගැන
ඉවාන්, ඔය ගෙදරින් පිටවුණ වෙලේ ඉඳලා විස්තර කරල තියෙන විදිහට ඒකත් විස්තර කළොත් 18+ කැටගරියට දාන වෙයිද 25+ වෙයිද?
Deleteඉවාන්: ආ... පවු දෙය්යනේ ඔයා වදවෙන තරම්!!
Deleteඉයන්: 18ට අඩු නිසා ඒ කොටස් ටික බලන්නේ නැතුව ඉන්න. බයවෙන්න එපා... මම හෙඩින් එකේම දාන්නම්කො. ( පවු දෙය්යනේ.. ඔයත් වදවෙන තරම්!)
Deleteමේ වගේ මුසල කථා ලියලද ඔබ තුමිය මීලඟ 2017 බ්ලොග් සම්මාන උකුලෙ බඩුව වෙන්න හදන්නෙ?
ReplyDeleteඒකනේ ජල්තරේ...
Deleteපිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ කොමෙන්ට්ස් දාන්න ඈ
මේ වගේ මුසල කතා නැති උනොත් අනිත්වා කොහොමද බැබලෙන්නේ..? තව ඩිංගක් උත්සාහයෙන් ඇවිලෙන ගින්නට පිදුරු දාමු.
කමියාගේ සහ ඉවානයාගේ පහන් සංවේගය පිණිස තව ටිකක් මේක මෙව්වා කරලා දාන්න ලිඛිතෝ
ReplyDeleteකොහෙද මේකි කැත්තට පොල්ල වගේ..කිසිම මෙව්වා එකක් මෙව්වා වෙන්න දෙන්නේ නෑනේ.. කියවනවට අපිට ගහන් ඕනේ මඩු වලිගෙන්.. හැක්
Deleteවිසිරි සිහින : ඒ දෙන්නගේ මෙව්වා එක මෙව්වා කරන්න ගිහින් දැන් මේ කතාවේ මෙව්වා එකත් යනවා.
Deleteක.මි:
Deleteඅනේද කියන්නේ. මොකටද මගේ කට
/කොළඹීස්ස පාරට හරෝපු ගමන් මම නිකිණි දිහා බැලුවා. /
ReplyDeleteඅඩෝව් කොහෙද ඩෝ කොළබිස්සෙ යන්නෙ? කන්දෙ හන්දියෙන් හැරෙව්වම නව නැළිය, කොළබිස්ස පහුකරල දෙල්තොටට යනකල් ඔය හරිය ඔක්කොම අපේ යාලුවො ඉන්නෙ අරී? ඒ හරියෙ ඉන්නෙ හෙණ ඩීසන් මිනිස්සු..උඹල එහෙ ඇවිල්ල පෙං කෙළල අහුවෙන්ට එපා අරී? කලිසම ඔලුවෙ ඔතල යවන්නෙ අරී?
/මහා පල්ලමක් එක්ක පහලින් වැව පේනවා./
ඔතන තියෙන්නෙ මුරපොළඇල ජලාශය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කරන්නෙ...
ඒ පැත්තේ අඟලක් ගානේ දන්නවා ඇතිනේ?
Deleteපෙං කෙලින්න පුදුම දිහාවකට යන්නේ නේද? හැබෑටම ඔය ඩීසන්ට් මිනිස්සු කියන ජාතිය පෙං කෙලින්නේ නැද්ද? පවු දෙය්යනේ...
කෝ මේ ලිඛිතා කෙලි මැරිලද අද? නැහ්නන් මගෙන් මැරුම් නොකා 'අපේ කතාව' දාපං.. බත් කටක් උගෙරෙන් පහලට යවා ගන්න බෑ මක්කෙන් මක්ක වෙලාද කියල නිනව්වක් නැතුව.. හුහ්..
ReplyDeleteහි හි හි හි හි....
Deleteකුලියට ටයිපිස්ට් කෙනෙක් ඉන්නවා නම්.. මමත් දානවා. සෝදුපත් බලන්නවත් කෙනෙක් නැහැ. මෙව්වා ලේසි නැහැනේ ඔය තොප්පි දාගෙන අනුන්ගේ සේෆ්ටි බලනවා වගේ...