Wednesday, March 22, 2017

84. ඔබ ඇවිත් යන්න එන්න... - 20

20
----------------------------------
නිකිනි වැඩකරන තැන බලන්න මට තිබ්බෙ පුලුම ආසාවක්. ඒත් ඉතිං කොහොම යන්නද ඔක්කොම චක බ්ලාස් වෙලා යයි. මට නැත්තෙම ඔය මල ඉලව් ඉවසීමමයි. ඒ හින්දා අපි දෙන්නා හොරෙන් හොරෙන් කෝල් කරගන්නවා. මට එන්න එන්නම වැඩ වැඩි උනේ දෙන දෙන හැම වැඩේම මම ඉක්මනින් කරලා ඉවර කරන නිසා.

එදා ⁣රස්සාවට ආවට පස්සේ තිලකරත්නව වැඩිය මුණගැහුනෙම නෑ. කිසි ප්‍රශ්නයක් ආවෙ නැති නිසාත්  ,අපි දෙන්නම නිහඩව එකග වෙලා වගේ ඔෆිස් ඒවා කතා කලේ නැහැ. මට ඉවසගන්න බැරි ඒ අතරේ අර චානකයා ගැන කියවෙයි කියලා.
වැඩි දවසක් ගියේ නෑ මම කම්පියුටර් නෙට්වර්ක් එකක් කරපු නිසා ප්‍රමෝෂන් එකක් ලැබුනා. ඒ එක්කම ලක්ෂ තුනක බෝනස් එකක් කෙලිම්ම අතට ලැබුනා. චෙක් එක එදාම කෑෂ් කරගත්ත මම ඒකෙන් තිස්දාහක් තියාගෙන ඉතිරිටික ඔක්කොම අම්මා අතේ තිබ්බෙ ආඩම්බරෙන්. අම්මා අඩන්න ගත්තා. පව්.

මට එකපාරටම දැනුනේ මාව මහා ලොකු මනුස්සයෙක් උනා වගේ. ඒලෙවල් ෆේල් උනාට මටත් පුළුවන් දේවල් තිබ්බා.

ප්‍රමෝෂන් එකත් එක්කම මම ⁣හිටපු ඔෆිස් එක මාරු උනේ මැහුම් කරන බිල්ඩින් එකේ උඩට. එතනට යායක් වගේ තියෙන ලොකුම හෝල් එක පේනවා. හතර වටේටම වීදුරු. 

නිකිනි⁣ගේ ඇස් වලට කදුළු පිරුනා ප්‍රමෝෂන් එක ගැන අහලා. 

"කවුද පමෝෂන් එක දුන්නෙ? මම දන්නෙත් නැහැනෙ. ඔව් ඉතිං මම රෙක්රෑට්මන්ට් වලින් අයින්වෙලා ගොඩක් කල්. චා-න-ක තමයි..."

"තිලකරත්න තමයි ලියුම ගෙනත් දුන්නෙ. "

මම මැද්දට පැන්නෙ අහන්න ආසනැති ඒ නම ඇහෙන නිසා. 

"......... ලියුමෙ සයින් කරලා තිබ්බෙ නම් අල්විස් කියලා"

"අල්විස්?"

"ඔව්. අල්විස් තමයි. "

"ඔ- ඔයාට මුණගැහිලා තියෙනවද අල්විස්ව?"

"නෑ මම හිතන්නෙ. ඇයි?"

"අල්විස් කියන්නෙ චා-න-ක අල්විස්. දෙය්යනේ ඔයාව දන්නවද එතකොට"

"මම දන්න තරමින් නෑ. කො කොයි වගේද හැඩ රැව?"

මම එහෙම අහන්න ගලපගත්තේ හරි අමාරැවෙන්. මම ඉරිසියාවෙන් පැලෙන්න ළගයි. 

"උසයි. න-ලල පටුයි. ක-ලුයි. ෆුල් සූට් අදින්නෙ. "

"ඒ තිලකරත්නනේ"

"නෑ. තිලකරත්න කලුයි ෆුල් සූට් අදිනවා තමයි. රැවුල වවලා. ඇත්තටම මගෙත් එක්ක නෙවෙයිනෙ වැඩකරන්නෙ. දැන් රැවුල කපලා ඇතිද දන්නේ නැහැ. හුග කාලෙකින් දැක්කෙත් නෑ. 

"එහෙනං වෙන තිලකරත්න කෙනෙක්ද? හෙට හොයන්නංකො. "

"පරිස්සමෙන් බේබි. මට හරි බයයි"

"බය වෙන්න එපා අනේ. මම පරිස්සමෙන්. "

අපි දෙන්නා කාර් එකේ වැව රවුමෙන් උඩට හැරෙව්වා. නිකිනි මගේ දිහා බලන්න ඕන කියලා හැමදාම සුක්කානම මට දෙනවා. ඇති තරම් බලපුවාවෙකො. 

"අපේ ක්ලාස් තිබ්බේ මේ හරියේ."

"මොනවද?"

"ෆිසික්ස්.. බබා මොනවද ඒලෙවල් වලට කලේ?"

"කොමස්"

"ලේසිද?"

"මම ඒ කාලේ ඉගෙනගත්තේ නැහැ කලන. දැන් තමයි අපරාදේ කියල හිතෙන්නේ. මට ඕනෙකරන හැමදේම ලැබුනා. ඒක නිසා  ඉගෙනගන්න ඕනෙකමක් තිබ්බේ නැත්තේ. මම ඉගෙනගත්තනම්.. මේ හැමදෙයක්ම  වෙනස් වෙනවා"

ඒක මටත් අදාලයි. නමුත් මේක මගේ දෛවය වෙන්න ඇති. චිරනිව මගහැරෙන්න, නිකිනිව මුණගැහෙන්න ලියවිලා තියෙන්නම ඇති.

"..ඔයා කවදාවත් ජිවිතේ දිහා හැරිලා බලලා තියෙනවද? ආපහු හැරිලා බලනකොට දුකක් දැනිලා නැද්ද?"

"ම්ම්ම්.. එහෙමමත් නැහැ"

මම කාර් එක අයිනකට කරලා නතර කළා. මට ඕනේ නිකිණි දිහා හොඳට බලාගෙන ඉන්න. අර ඇස් සෙල්ලමට.

".. මාධි මට වෙලාවකට බනිනවා. මම හිතනවා වැඩියි කියලා. මම හිතනවා වැඩියිද කලන?"

"මම හිතන්නෙම නැහැ. ඉතින් කොහොමද මම මුකුත් කියන්නේ?"

නිකිණි ඇස්දෙක පුංචි කරලා හිනා උනා. අම්මෝ ඒ බැල්ම, මාව හිරිවට්ටනවා.

".. මොනවා නැතත් ඒ හිනාවනම්... අන්තිම සෙක්සි"

"ඊ.... නෝටි වෙන්න එපා..."

"හරි හරි මැඩම්.. අතේ දුරෙන්.. මේ.. පේනවනේ...."

අපි දෙන්නටම හිනා. නිකිණි වීදුරුවෙන් එලිය බලාගෙන, ඈතට ඇස්දෙක රඳවාගෙන.

"මම හිනාවෙලා හිටියට හරි බයෙන් ඉන්නේ. ඔයාගේ ආදරේ තමයි මාව ජිවත් කරවන්නේ. මම මොඩයි දෙය්යනේ.. ඒ නිසා බයයි"

මම නිකිනිගේ රෝසපාට තොල්පෙති මගේ අතින් වහලා ඒ හඬ නතර කලේ අහගෙන ඉන්න බැරි නිසයි. නිකිණි එකවරම මගේ අත දෝතින්ම බදාගෙන ඇස්දෙකත් පියාගත්තා. මම ඒ විදියටම එයාට ඉන්න දුන්නේ ආදරෙන් බලා ඉන්න ගමන්.

"ඔයා... චානක යටතේ වැඩකරනවට මම බයයි..."

"බය වෙන්න එපා. තාම මිනිහා මම කවුද කියලාවත් දන්නේ නැතුව ඇති. මාව ගත්තේ හදිස්සියේ. තාම බයවෙන්න තරම් දෙයක් වෙලා නැහැ ළමයෝ"

නිකිණි එයාගේ දැල්වෙන ඇස් වලින් මගේ දිහා බැලුවා.

".... මගේ ජොබ් එක හොඳට හරි ගියාම.... ඉතිරි සේරම බලාගම්මු. ඊට පස්සේ මම ඔයාව මගේ ළඟට ගන්නවා. මෙන්න මෙහෙම"

මම කමිසයේ උඩ සාක්කුවේ තිබ්බ පෙට්ටිය එළියට ගත්තා. නිකිනිගේ අතට දෙන්න කලින් මම එයාගේ ඇස්දෙක වැහුවේ මගේ අත් දෙකින්මයි.

මම ඒ මුද්ද අරගෙන නිකිනිගේ වම් අතේ වෙද ඇඟිල්ලට මුද්ද දැම්මා. නිකිනිගේ ඇස්වලින් කඳුළු බේරෙනවා. ඊට පස්සේ මම ඒ මොලොක් ඇඟිල්ල මල් පෙත්තක් තැලෙයි කියලා වගේ පරිස්සමෙන් හාදුවකින් සැරසුවා.



".....මේ.. මම උපයපු සල්ලි බබා..."

"ඒක හරිම ලස්සනයි කලන"

නිකිණි පැනපු ගමන් මගේ බෙල්ලේ එල්ලුනා. මම නිකිනිට ඇති තරම් අඬන්න දුන්නේ මගේ හිතත් ඒකෙන් සැහැල්ලු වෙන නිසා.

අතේ පිච්චියක්වත් නැතුව හිටපු මම හීනෙකින්වත් හිතුවද කෙල්ලෙකුට ඩයමන්ඩ් මුද්දක් දෙන්න? ඒක වටින්නේ නිකිණි වගේ කෙනෙක්ට.

ඒ ආදරේ තියෙන්නේ මුද්දේ නොවෙන බව මම දන්නවා.

----------------------------------------------

 නුවර එළියේ තියෙන මීටින් එකකට මටත් යන්න වෙලා. ඒක හරිම පුදුමයි. අහපු ගමන් මම හිතුවේ පියන්ට වැරදිලා මට ඇවිත් කිව්වා කියලා. ඒත් ප්‍රශ්න කරන්න විදියක් නැහැ. තිලකරත්න තමයි පණිවිඩේ එවලා තිබ්බේ. ඒ මොහොතේම ලෑස්ති වෙන්න අණ ලැබුණ නිසා නිකිණි එවලා තිබ්බ ෆයිල් එක අස්සේ කොලේක ලියලා පණිවිඩේ නිකිනිට යැව්වේ ඒ වෙලාවේ හැටියට ඇමතුමක්වත් ගන්න බැරි නිසයි.

මම ඉක්මනට පහල තට්ටුවට ආවේ කලබලෙන් වගේ.

එතකොට තිලකරත්න ඉන්නවා කාර් එකේ පිටිපස්සේ වාඩිවෙලා මම එනකල් බලාගෙන වගේ. මාව දැක්ක ගමන් තිලකරත්න සර් මගේ දිහා ටිකක් වෙලා පිළිමයක් වගේ බලාගෙන හිටියා.

"නගින්න"

මට අමුත්තක් දැනුනත් මම වාහනේට නැග්ගේ වෙනසක් පෙන්නන්නේ නැතුව.

"..ඇඳුම් එහෙම?"

"ඇයි සර් ඇඳුම්?

"අපිට දවසක් දෙකක් ඉන්න වෙයි. යනගමන් කලනගේ ගෙදර ගිහින් අරගෙන යමු.. කටුගස්තොට නේද?"

"ඔව් සර්"

"යමු පියසිරි...

මම කියපු මග සලකුණු එක්ක ගිහින් පියසිරි අපේ ගෙදර මිදුලේ කාර එක පාක් කළා. මම ඉක්මනට ගිහින් බෑග් එකකට ඇඳුම් ටිකක් ඔබාගෙන ආවා. අම්මට කියන්න පණිවිඩේ තිබ්බේ නංගි අතේ.

"මේකද කලනගේ ගෙදර?"

"ඔව් සර්.."

"හ්ම්ම් හ්ම්ම්"

කාර් එක ආපහු යනකොට තිලකරත්න සර් ඒ ප්‍රශ්නේ අහපු තාලෙත්, ඒකට දක්වපු ප්‍රතිචාරෙත් මට ඇල්ලුවේ නැහැ. පල් එකටද කොහේද? මම හිඟන්නෙක් කියලද දන්නේ නැහැ හිතුවේ. සල්ලි තිබ්බත් තාත්තා අපිට ඒ සල්ලි වලින් පිස්සු කෙලින්න දෙන්නේ නැහැනේ.

යනකල්ම තිලකරත්නගෙන් බර බරේ. ගෙදර විස්තරයි, පවුලේ විස්තරයි අහනවා. මම පුළුවන් වෙට්ටු ඔක්කොම දැම්මා. තාත්තගේ බෑන්ක් එකේ නමයි, අම්මගේ ඉස්කෝලේ නමයි වෙනස් කරලා කිව්වා.

'හෝ..... තාම විස්සක කොල්ලෙක්නේ!!"

තිලකරත්න මගේ වයස අහපු ගමන් බෙරිහන් දුන්නේ අදම ඒක දැනගත්තා වගේ නාඩගම් විලාසෙන්. යකෝ.. වයස ඇහුවහම හිනා යනවද? ඇයි ? මම හැටක හැත්තෑවක පෙනුමක් තියෙන නාකියෙක් වගේද පේන්නේ ?

'සර්ගේ වයස කීයද ?'
මම එහෙම ඇහුවේ නැහැ. අහන්න ඕනෙකම තිබ්බත්. මට තද වෙලා හිටියේ. තිලකරත්න හිටියේ අමුතු මූඩ් එකක වගේ. පමණට වඩා වැඩි හිනාව මට ඇල්ලුවේ නැහැ. මූ බීලද ? කරුණාරත්න මම දුවගෙන එනකොට මොනාද කියන්න හැදුවා වගේ මතකයි. මට ඒ වෙලාවේ ගානක් ගියේ නැහැ.

 කාර් එක පාවෙලා වගේ යනකොට මට දැනුනේ සනීපයක්. ඒක අලුත්ම මොඩ්ල් එකේ බෙන්ස් එකක්. තාත්තගේ කාර් එකට වඩා මාර සැපයි. තිබ්බ එකම අපහසුව තිලකරත්නගේ කන්දොස්කිරියාව විතරයි. මම කල්පනා කළෙම මමත් කාර් එකක් ගන්න ඕනේ කියලා.

තාත්තා අපිට කාර් එක නොදුන්නේ , නරකට නෙවෙයි. අපිම මහන්සියෙන් හම්බකරලා ගන්නවට තමයි එයා කැමති. මමත් දියුණු වෙලා ගන්නවා කාර් එකක්!

යන්තම් මම වැඩිය උත්තර දෙන එක අඩු කරපු නිසා තිලකරත්න කියවිල්ල අඩු කරගත්තා. ඊට පස්සේ ලැප්ටොප් එකේ මොනාද කොටන්න පටන්ගත්තා.

"මම දැන් එතන මොකද්ද සර් කරන්න ඕනේ?"

"හාහ්.. හඃ.. ගියාම තේරෙයි"

මට ඒත් අවුල්. යන කාරණේ දන්නෙත් නැහැ. සැකයි වගේ උනත් සැකයක් නැහැත් වගේ.

අපි නුවර එලියට යනකොට දවල් දොළහත් පහු වෙන්න එනවා. කලින් වෙන්කරලා තිබ්බ හෝටලයකට අපි ආවේ කෑම කන්න බලාගෙන. මට ලොකු බඩගින්නක් තිබ්බා. ඒ ලස්සන මල් දකිනකොට මට මතක් වෙන්නෙම නිකිනිව. මීදුමයි , තේ වතුයි, දිය ඇලියි දකිනකොට නිකිණි හිටියනම් කියල හිතුනේ.

"කලන.. අපි යමු කන්න."

"සර් අර ඉවෙන්ට් එක?"

"ඒක තියෙන්නේ හවස් වෙලා හලෝ. මොකද තමුසෙට තියෙන හදිස්සිය ඔතරම්? කවුරුහරි එනකල් බලාගෙන ඉන්නවද?"

මගුලක් කියනවා. මට ලෝබයි, අද හවසත් මුණගැහෙන්න හිටියේ නිකිනිව. හරිම අඩුවෙන් තමයි එහෙම චාන්ස් වදින්නේ එක ළඟ දවස් දෙකක නිකිනිව මුණගැහෙන්න. අර චානකයා රට යනවද කොහෙද කියලා කිව්වේ.

දවල්කෑම ගත්තේ තිලකරත්න එක්ක. මිනිහා ඔෆිස් එකේදී වගේ නෙවෙයි. මාර විදියට කියෝනවා. ඒ උනාට කරන්නේ අන්තිම ගොන් විහිළු. මට පව් හිතුනා. මුල ඉඳලම තිබ්බ නුරුස්නා ගතිය වෙනුවට මට ඌ පවු කියලා හිතුනා. ප්‍රසන්න නොවුනත් අනුකම්පාවක් වගේ දෙයක් දැනුනේ.

කෑමෙන් පස්සේ මාව බලෙන්ම කාමරේට යන්න නොදී තිලකරත්න ඇවිදින්න ඇදගෙන ගියා. අපරාදේ මගේ මනෝපාර ! කරන්න දෙයක් නැහැනේ. වවුලගේ ගෙදර ඉන්න එපැයි එල්ලිලා.
අපේ ඩ්‍රයිවර් අපි දිහා බල බල ගියේ බයෙන් වගේ. තිලකරත්නට මුන් ඔක්කොම මාර බයයි. හැඟීමක් හොයාගන්න බැරි ඒ මුණේ තියෙන්නේ භයානක පෙනුමක්ද කියන්න මට තේරුනේ නැහැ.

මීදුම දකිනකොට මේ සිතල එක්ක මට නිකිනිවමයි මතක් උනේ. කවදා හරි එක්කගෙන එන්න පුළුවන් නම්... තිලකරත්නගේ ගොන් ජෝක් අහගෙන ඉන්න ගමන් මම මගේ මනෝ ලෝකේ සැරිසැරුවා.

"කලනට ගර්ල් කෙනෙක් නැද්ද?"

ආපහු එන අතරතුරේ තිලකරත්න එහෙම ඇහුවම ඇත්තටම මගේ හොර හිත ගැස්සුනා.

"ම්ම්.. තාම.. නෑ "

"බොරු කියන්ඩ එපා අයිසේ"

මම බය වෙලා වගේ ගිහින් පොඩ්ඩක් උගේ මුණ බැලුවේ තද වෙලාද කියලා. ඒ ලොරි මුනේ මොකුත් හොයන්න බෑ. අන්න අර කෘතීම හිනාව.

"මොකටද මම සර්ට බොරු කියන්නේ?"

"ඔය වයසේ ඕනෙම කොල්ලෙකුට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ස්පෙෂලි.... තමුසේ වගේ ගුඩ් ලුකින් උන්ට"

මම තනියෙන්ම වගේ හිනා උනා. එහෙනම් මම 'ගුඩ් ලුකින්'.. මට දැන් හිනා.. ඌ හිතයිද දැන් මම කේජු කෑල්ලට 'කාක්' කියයි කියලා?

"ඇයි සර් එහෙම කියන්නේ?"

"මට නිකන් හිතුන"

මම මුකුත් කිව්වේ නැහැ.

".. කලන දන්නවද... ඔය කාලෙට හැදෙනවනේ පිස්සුවක්... එක්කෝ කෙල්ලෝ තුන් හතර දෙනෙක් එක්ක යාලු වෙනවා.. එක්කෝ.. හෙහ් හෙහ්... ප්‍රොස්ටිටියුට් කෙනෙක් එක්ක හරි.. හෙහ් හෙහ්... වැඩේට බහිනවා.. නැත්තන් ඔය දෙකම කරනවා"

මට දැන් මුගේ කට කඩන්න හිතෙනවා. අමාරුවෙන් පාලනය කරගත්තා තරහ. මූ හරියට කතාකරන්නේ මම එහෙම කරලා අහුවෙච්ච ගානට!

"මිස්ටර් තිලකරත්න ඒ කාලේ ඒවා කරන්න ඇති"

නොදකින් මගේ කට! කෙටේරියක් වගේ.. මම චුට්ටක් බය වෙලා හොරැහින් වගේ බැලුව ඒ ලොරි මුණ දිහා. කිසි වෙනසක් නැහැ.

"අපොයි නෑ අයිසේ... මම දන්නා නිසයි කිව්වේ. මම හෙන අහිංසක කොල්ලෙක් ඒ කාලේ. දැනුත් එහෙම තමයි.. හෙහ් හෙහ්... මගේ නෙෆුයුස් ලා එක්ක මම හරි ක්ලෝස්.. උන් කියනවා මට උන් කරන ජාති.. හෙහ් හෙහ්"

මගේ කට පොපියනවා. හරි අමාරුවෙන් මම කට පරිස්සන් කරගෙන හිටියේ. ඌ හිතාගෙන ඉන්නේ මම වලත්තයෙක් කියලද?

".. හොදයි නැද්ද?"

"......."

"කලන කතා කරන්නේ නැත්තේ ඇයි ?"

"මම ඕව දන්නේ නැහැ මිස්ටර් තිලකරත්න"

"මේකයි.. talking about me..... තමුසෙගෙ වයසේදී හරිම අහිංසක කොල්ලා. මෙලෝ හසරක් දන්නේ නැහැ. තැලිලා පොඩිවෙලා නැහැ. මම හිතුවේ මැරේජ් ලයිෆ් එක කියන්නේ වොන්ඩලෑන්ඩ් එකක් කියලා. මාව හදයි කියල"

"ඇයි එහෙම හිතන්නේ?"

ආයෙත් මගේ නොසන්ඩාල කට ඉස්සර උනා.

".. සොරි සොරි.... මට නිකම්ම ඇහුනා. මම කාගේවත් ප්‍රයිවට් දේවල් අහන්න කැමති නැහැ"

තිලකරත්න ඔලුව හරවලා මගේ දිහා බලාගෙන හිටියේ තරහින්ද කියලා මට තේරුනේ නැහැ. මූ ඇත්තටම තාප්පයක්ද?

"නෑ කමක් නෑ ... ඔය වයසට මේවා හිතෙන්නේ නෑ. හැමදෙයක්ම විනෝදෙටනේ... කසාද බැන්දම ගෑනු වෙනස් වෙනවා. ගෑනුන්ට බෑ සැනසෙන්න කවදාවත්... කසාද මිනිහ ගැන කිසි ගානක් නෑ "

මට මේ කතාව නීරසයි. ඊටත් වඩා අනුන්ගේ කුනුවෙච්ච වැල මට මොකටද? ගඳ ගහනවා විතරනේ. පුළුවන් වෙට්ටුවක් දාගෙන 'හ්ම්ම්' කියලා උත්තර වලින් විතරක් ඔලුව බේරගත්ත නිසා තිලකරත්න ටික වෙලාවකින් කතාව නතර කළා. මොකක් උනත් තිලකරත්න ගැන පොඩි දුකකුත් ඇති උනා.

තිලකරත්න මුළු ජීවිතේම බිස්නස් වලට කැපකරපු කෙනෙක්ලු. වයිෆ් ගැන නම් කතාකලේ ප්‍රසාදයෙන් නෙවෙයි. එයාට මොකද්දෝ ප්‍රශ්නයක් තියෙන බව නම් පෙනුනා උනත් මම උවමනාවෙන්ම අහන්නේ නැතුව මග ඇරියා.

යන්තං හවස් වෙනකල් කාමරේට වෙලා සැනසිල්ලේ මනෝ ගහගෙන ඉන්න පුලුවන් උනේ පැයයි. අරකා මල වාතයක් වගේ කියෝගෙන එනවා. ඒ මදිවට ඔක්කොම පුද්ගලික දේවල් අහනවා. යන්තං ඇග හෝදගන්න කියලා කාමරේට රිංගගත්තේ.

හවස තිබුනේ ඇත්තටම මොකක්ද කියලා මටම නිනව්වක් නෑ. ඒක බොහොම සරල බිස්නස් කතාබහක් විතරයි. ඇවිල්ලා හිටිය එකා වැඩිපුරම කලේ තිලකරත්න එක්ක වල් පල් දොඩෝපු එක. අතරින් පතර අලුත් නෙට්වර්ක් එක ගැන විස්තර කියන්න ලැබුනා. මොන එහෙකට මාව ඕන වෙනවද කියලා මම කල්පනා කලේ. 

නමුත් ඒ කතාව අවසානයේ මම ගැන පැහැදිලාද කොහෙද ඌ උගේ බිස්නස් කාඩ් එකත් මට දුන්නා. තිලකරත්න හරි කපටියා උනත් දක්ෂයා. මම බොරුවටනේ කොක්ක වෙලා එිටියේ. 

මේවා ඉවරවෙනකොට හොදටම රැ වෙලා. නමයත් පහුවෙච්ච නිසා අපි කෙලින්ම රැ කෑමට යන්න හැදුවේ. 

රෑ කෑමට අපි බුෆේ එක පැත්තට යනකොට තවත් දෙන්නෙක් ආව අත වනාගෙන.

"ආ... මිස්ට අල්විස්... are we late?"

මාව ගල් ගැහිලා ගියා. උන් දෙන්නා එහෙම කියාගෙන් ආවේ තිලකරත්න ගාවට. තිලකරත්න කොහොමද අල්විස් උනේ? මගේ පපුවේ සද්දේ ඇහෙන්නේ නැතුව ගියා. දෙය්යනේ මූද අල්විස්? මෙච්චර දවසක් මම ගොනා සේ හිටියේ චානක අල්විස් එක්කද?

මට කෑම ඔක්කොම එපා වෙලා ගියා.

"මොකද කලන බය වෙලා වගේ"

"න්.. නෑ .. න් නෑ... ප්‍රශ්නයක් නැහැ"

මම කෑම ටික එහෙට - මෙහෙට අනලා ඉක්මනට නැගිට්ටා.

"මොකද ? කාලා ඉවරද?"

මූ හිනා වෙනවා. මට ඕනේ මග ඇරලා යන්න. ඇත්තටම මේ අල්විස්ද? නැත්තම් මුගේ කැත විහිලුවක්ද? මම කවුද කියල දන්නවනම් ඉවරයි.. වෙනසක් පෙන්නනත් බැහැ. මාව දැන් සරුවාන්ගෙම වෙව්ලනවා, මේ හදිස්සි කම්පනයට. මෙහෙම දේකට මුනදෙන්න මම හිතාගෙන හිටියෙත් නැහැ. එක්කෝ.. බොරුවක්ද?

කෑමෙන් පස්සේ අර බූරුවෝ දෙන්නා යන්න ගියා. මම ඩෙසර්ට් කන්න කියලා එහාට වෙලා හිටියා. මූ ගානක් නැතුව ඉන්නවා. මම හිටියේ දෙගිඩියාවෙන්. වෙනසක් නොපෙන්වා ඉන්න මම මාර විදියට උත්සහ කලේ. ආයෙමත් ඌ මාව උගේ ටේබල් එකට කතාකරනකොට මේසෙටම බීම එවලා තිබ්බා.

"මොකද කලන ගොළු වෙලා?"

"මට හරි.. මහන්සියි.. ස.. ර්ර්"

මම හරි අමාරුවෙන් කියාගත්තම ඌ හිනා උනා.

"බයවෙන්න එපා අයිසේ... මම නිකිනිගේ හස්බන්ඩ් තමයි!"

තරු දහසක් එක්ක හෙන දහසක් මගේ ඔළුවට කඩන්පාත් වෙලා ඇස්දෙක නිලංකාර උනා. මාව පුටුවටම හා වෙලා වගේ ගල්භීත වෙලා කටේ කෙලත් හිඳිලා ගියා. මූ මෙච්චර දවසක් රඟ පෑවා?? එක්කෝ මාව ටෙස්ට් කරනවද?

".. මොකද හලෝ බය වෙලා. මට තමුසේ ගැන දුකක් මිසක් තරහක් නැහැ"

'අල්විස්' බියර් බෝතල් වලින් එකක් කඩලා වීදුරු දෙකට වත්කලා. මම කටුස්සෝ කාපු බළලා වගේ බුකෝගෙන හිටියේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව. අද මගේ අවසානේ.



".. මම තමුසෙව මෙහෙම තනියෙම හම්බෙන්න ඕනේ කියල හිතාගේනමයි හිටියේ. කොහෙද අයිසේ මට හරියට වැඩ. කොහෙද තමුසෙගෙ කෙල්ල මේවා ගැන කිසි දෙයක් බලන්නේ නැහැනේ. මමම ඕනේ නහින්න. මොකක් උනත්.. තමුසේ වැඩකාරයා... ඒකෙ ආයේ දෙකක් නැහැ... පස්සෙයි හැබැයි මම දැනගත්තේ... තමුසෙත් ඉතින්... හොඳ....... වැඩ කාරෙයෙක් වෙන්න ඇති.. මම මේ කිව්වේ.... හෙහ් හෙහ් හෙහ්"

අල්විස් කොක්හඬලා හිනා උනා.

මගේ ඇඟේ මාළු නටනවා. මුගේ හොම්බ තලන්න හිතයි මට. දැන් මට ෂුවර් මූ දන්නවා මමයි නිකිනියි ගැන. මම තනියම දත් කුරු කෑවා... මම මොනවහරි කලොත් මූට ඒක නිකිනිට තමයි වගකියන්න වෙන්නේ.

".. මගේ වයිෆ්.. අර තමුසෙගෙ කෙල්ල... කෑල්ල.. අන්න ඒක ! ආන්න නියම භාණ්ඩේ... නියම නිළිය... දන්නවද අයිසේ? දුකයි හලෝ ඒ උනාට... මමනේ ඉතින් විඳින්නේ... විඳවන්නේ... අහු උනානේ.. මමත්.. ඔව් මේ මමත් "

"තමුසෙට ලජ්ජා නැද්ද ඕයි ඔහොම කතන්දර කියන්න?"

මම දත්මිටි කෑවා. අල්විස් 'හික්' ගාල කිච හිනාවක් දැම්මා.

"ලැජ්ජා ? ලැජ්ජා නැත්තේ මට නෙවෙයි හලෝ. ඒ ගෑනිට. තමුසේ ඒ ගෑනිට අහුවෙලා. තමුසේ... මොනවද.. හලෝ.. දන්නේ... ඒකි ගැන? ආ? තමුසේ මොනවද දන්නේ? නිකමට හිතපන්... අර ෆ්ලැට් එකකට වෙලා මොනවද කරන්නේ? හිහ්... මම ගෙස් කරනවා... තමුසෙත් එතනට ගිහිල්ල ඇති දවසකට හරි... එතනට යන තවත් පිරිමියෙක් විතරයි තමුසේ. ආන්න ඒකයි මම නොයන්නේ... ඕඕ යේස්... ඒකයි මම පවුලෙන් අයින් කරලා තියෙන්නේ"

මම බය වෙලා වගේ අල්විස් දිහා බැලුනා. මාව දැන් වෙව්ලනවා. මේ ඇහෙන්නේ මොනවද? මමත් එතනට එකපාරක් ගියානේ. අල්විස් උගේ යකඩ අතක් මගේ උරහිසක තිබ්බා.

".. මේ බලනවා අයිසේ... මම මගේ ගෑනි ගැන කලකිරිලා ඉන්නේ. ඔය වයසට එක එක ජාතියේ පිස්සු හැදෙනවා. මට තමුසේ එක්ක තරහක් නැහැ.. මේ බලනවා මට තරහ ගිහිල්ලද ඉන්නේ කියලා? නෑ ! මට මම ගැන කලකිරිල්ලක් විතරයි තියෙන්නේ. පවුල decent උනත්... නිකිණි එතරම් හොඳ කෙනෙක් නෙවෙයි අයිසේ..."

මගේ ඉහින් කනින් දාඩිය දාන්න අරගෙන. මම අඬු කපපු කක්කුට්ටෙක් වගේ අසරණ වෙලා කිසිදෙයක් කරකියාගන්න විදියක් නැතුව හිටියා. අල්විස් එක බියර් වීදුරුවක් මගේ ලඟට ලං කළා. මගේ ඔලුව කැරකෙනවා.

"........ගෑනු මායම් අයිසේ... අපි 'සුටුස්' ගාල අහු වෙනවා. අපි මොන බිස්නස් ට්‍රික්ස් දැනගෙන හිටියත්.. එව්වා කැලේ අයිසේ... මම දන්නවා.. තමුසේ මේවා විස්වාස කරන එකක් නැහැ... මේන් බලනවා..."

අල්විස් කෝට් එක ඇතුලේ තිබිල මොනවදෝ මිටියක් එලියට ගත්තා. ඌ ඒක මේසෙ උඩට අත ඇරියා. ෆොටෝස් වගයක්. මම යන්තමට ඔලුව හරවලා බැලුවා.

විසිරිලා තිබ්බ පින්තුර අතරේ මම දැක්කා, හැම එකකම හිටියේ නිකිණි. තනියෙම නෙවෙයි එක එක පිරිමි එක්ක. එකක, එකෙක්ව බදාගෙන නටනවා. තවත් එකක මිනිහෙක් එක්ක ඇඳේ තුරුල් වෙලා. ඒ මිනිස්සු සල්ලිකාර පෙනුමක් තිබ්බේ. මට කාපුවා උගුරට එන්න වගේ.

".. මේන් බලනවා"

මම එකක් පින්තුරයක්වත් අතින්වත් ඇල්ලුවේ නැති නිසා අල්විසා ඒ ෆොටෝ අතරින් එකක් එලියට ගත්තා. ඒකෙ නිකිණි හිටියා... දෙය්යනේ.. නිකිනිගේ ඇඟේ ඇඳුම් නොතිබ්බ ගානයි. මම අහක බලාගත්තා..

"හිතනවා.. මම හස්බන්ඩ්... මම මේවා කොහොම විඳගත්තද කියලා. මේ හැම මිනිහම වැඩකලේ මගේ පාර්ට්නර්ස්ලා විදියට. සමහරු මගේ යාළුවො.. කාලෙන් කාලෙට එක එක මිනිස්සු. හැමෝම දන්නවා ඒකිව ඕනේ වෙලාවක....... උස්සන්න පුළුවන් කියලා.."

"ඇති ඇති"

මම එක හුස්මට බියර් එක බීගෙන බීගෙන ගියා. උගුරට එන්න වගෙයි.

"මම නිකිනිට හෙන ලවු අයිසේ.. මට ඕනේ එයාව හදාගන්න. මොන වැරැද්ද කලත් මම හෙන ලව්. මම එයාව තාත්තෙක් වගේ බලාගන්නේ. ඒ උනාට එක ගෙදර ඉන්න බැරුව යන්න ගියා.. හෙහ්.. තමන්ට ඕනේ නැටුම් නටාගන්න වෙන්න ඇති"

මගේ කනට උල් වලින් අනිනවා වගෙයි.
පින්තුර ටික කීතු -කීතු ඉරන්න තරම් ආවේගයක් මට ආවේ. ඒ එක්කම මම ගැන තරහක්; පිළිකුලක්;වෛරයක්;දුකක් මේ ඔක්කොම මිශ්‍ර වෙච්ච එපාම කරපු හැඟීමක්.

"කලන.. අයිසේ... මගෙත් එක්ක තරහ වෙන්න එපා. මම ඇත්ත කිව්වනේ. මම නිකිනිව හදාගන්න තමයි හදන්නේ. ටේක් ඉට් ඊසි "

මම මුකුත්ම කියන්නේ නැතුව නැගිට්ටා. මගේ ඔලුව පුපුරන්න වගේ. මේසේ උඩ විසිරිලා තිබ්බ ෆොටෝ ටික මගේ වටා කැරකෙන ගමන් 'බක බක' ගගා හිනාවෙනවා වගේ... මම ඒවා දිහා ඇස්දෙක දල්වාගෙන හිටියා. මගේ ඇඟේ ලේ රත්වෙනවා.

'මම එහෙනම්.. දෙවැනි පාරටත් මෝඩයා උනා.. එකපාරක් චිරනි.. අනිත් පාර නිකිණි...'

මම මේසෙ උඩ තිබ්බ සේරම දේවල් බිමට පෙරළලා දැම්මේ මහා සද්දයක් එක්ක.
මුළු ශාලාවම එකපාරටම තග්බීර් වෙලා යන්න ඇති. මම කෙලින්ම එතනින් ඇවිත් නතර උනේ කාමරේ.

මුළු රෑම මම හිටියේ නින්දක් නැතුව. මට චිරනිව මතක් උනා. එක අතකට චිරනි මට ආදරේ කළා, මේ වගේ බොරුවක් කලේ නැහැ. මම ඇත්තටම චිරනිව ප්‍රතික්ෂේප කලේ නිකිණි නිසා නේද?  නෙවෙයිද? චිරනි ඉන්නකොටමනේ  පිස්සෙක් වගේ නිකිණි පස්සේ වැටුනේ.

නිකිණි මෙහෙම කෙනෙක් කියලා මට හිතාගන්න බැහැ. චිරනි ඒකද එයාව ගණිකාවක් කියලා කිව්වේ? දෙය්යනේ.. වෙන්න බැහැ.. මේ කියන්නේ බොරු..

අම්මා, තාත්තා, නංගි.. මාධි අක්කා , කොටිම්ම චලනයාට පවා බොරු කරලා මම නිකිනිව රැකගෙන හිටියේ. නිකිණි බැඳපු කෙනෙක් බව දැනගෙනත්; එයා මට වඩා වැඩිමල් කියලා දැනගෙනත්, මගේ ප්‍රථම ප්‍රේමයට පයින් ගහලා මම නිකිනිට ආදරේ කලේ. ඒත්... මේ කියන්නේ ඇත්තද?

මම පරාද උනා. බල්ලෙක් වගේ බලු උනා. නිකිණි සෙල්ලම් කලේ මගේ ආදරේ එක්ක විතරක් නෙවෙයි, මගේ ජිවිතේ එක්ක.

ඇත්තටම මම ඇඩුවා. ඉකිගහලා අඬන්න පුළුවන් තරම් ඇඩුවා. මගේ ආදරේ තරම නොදන්නා නිකිණි වෙනුවෙන් ඇති වෙනකල් ඇඩුවා.

මගේ මුළු ඇඟම දාඩියෙන් පෙඟිලා. ෆොටෝ වල තිබ්බ දේවල් මගේ ඔලුව වටේ කැරකෙන්න ගත්තා. ඔක්කාරෙටත් ආවත් මට ඇඳෙන් නැගිටගන්න බැහැ. අල්විස්ගේ නැහැදිච්ච හිනාව මගේ ඔලුව ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා.

දෙය්යනේ.. මම ලොකු රැවටිල්ලකට අහු උනා නේද? නිකිණි ෆ්ලැට් එකට වෙලා ඉන්නත්, දැකපු ගමන් මට ෆ්ලැට් එකට එන්න කියලා විස්තර දෙන්නත් ඇත්තේ එහෙනම් ඒකද ? එදා අල්විස් කෝල් කරපු නිසාද මාව බේරුනේ? දෙය්යනේ මම මොනවද මේ හිතන්නේ???

අනිත් එක.. එයා ඇයි වෙඩින් රින්ග් එක බෑග් වල දාල තියෙන්නේ? මොකද පිටරටකට වත් යන්න බැහැ කියන්නේ? චානකයා මොකක් උනත් එයාගේ හස්බන්ඩ්.. මගෙත් එක්ක වගේ කීදෙනෙක් එක්ක රවුම් ගහන්න ඇතිද?

දෙය්යනේ අර පින්තුරවල තිබ්බේ නිකම්ම රවුම් ගහපු ඒවා නෙවෙයි!

මට දැනුනේ තද අප්පිරියාවක්. දෙය්යනේ මම ඒ සිනිඳු අතට කොච්චර ලෝබද ? අර මිනිස්සු ඔක්කොමත් එක්ක... මට බෑ හිතන්න.. එයාගේ ලස්සනට රැවටෙන්න ඇති...

මාව වෙව්ලනවා... නින්දක් අහලකවත් නැහැ. ඇස්දෙක ඉලිප්පිලා යන්න වගේ. බියර් වලට ඔලුව බඹරේ වගේ කැරකෙනවා.

පොඩ්ඩක් ඇහැ පියවෙච්ච ගමන් නිකිණි මහා සද්දෙන් හිනා වෙනවා ඇහෙනවා... මම නිදාගත්තේ නැහැ.
*****************************

24 comments:

  1. මේ කඩදාසි කොළෙත් අගෙයි හරිය.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි

      Delete
  2. සේහ්.. උඹ මගේ ෆැන්ටසිය කෑවා.. :((((

    ReplyDelete
    Replies
    1. ඉයාව්???

      හෙහ්.. හෙහ් හෙහ්.. ( අල්විස්ගේ හිනාව)

      Delete
  3. අයියෝ මේ කළණය මහ මෝඩයෙක්නෙ. අර ටෙලිෆික්ස් එකෙං ඕන හැටියට ෆොටෝ ෂොප් කරල ඔය වගෙ ෆොටෝස් හදාගන්ට බැරිද? ඔයි යකා දන්නෙ නැද්ද ඒක?

    අහ්හ්..මට අමතක වුනානෙ මේ කතාව ලිව්වෙ අටළොස් වියේදි කිව්ව නේ? ඒ සම් ටයිම්ස් ෆොටෝ ෂොප් හොයාගන්ට කලිං වෙන්ටැ එහෙනං...:)

    ReplyDelete
    Replies
    1. කට වහගෙන හිටපාන්......

      වයස විස්සක පොඩි කොල්ලෙක් අප්පා... අනුකම්පා කරන්නකෝ බනින්නේ නැතුව
      හුහ්.. කොහෙද හලෝ එතරම් කාලයක් ගියේ? හිතුවද ඔබතුමාගේ තරුණ කාලේ වෙච්ච දෙයක් කියල?

      Delete
    2. ඇයි අනේ අර මිතිල දාල තියෙන්නේ ලිපියක්, හිටලර්ගේ කාලෙත් ඔහොම ෆොටෝ එඩිටින් ලෙසටම කරලා තියෙනවා කියල. හෑ.. ඒ කියන්නේ ඔබතුමාගේ තරුණ කාලේ..... (අම්මෝ.. ඇති ඇති)

      Delete
  4. langadi meka dakke..okoma tika eka digata kiyewwa.. meka niyamay..hamadama enawa kiyawanna

    ReplyDelete
    Replies
    1. ආවට බොහොම ස්තුතියි

      Delete
  5. ane deyyane...mehema wei kiyala nam hithwema naha mama...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. කලන හොඳටම අවුල් ගිහින් නේද?

      Delete
  6. පොටෝ ෂොප් වෙන්ටැ නේද?

    ReplyDelete
    Replies
    1. කවුද ඉතින් දන්නේ.... නිකිනිව විස්වාසයි නේද එතරම්ම? හි හි හි

      Delete
  7. Replies
    1. මම මේ බැලුවේ.. මෙච්චර හරියක් වෙනකල් ඔයා කොහේ ගියාද කියල...

      Delete
  8. danne nadda ithin... Apith indala hitala hari trip ekk yanna epai.....

    ReplyDelete
    Replies
    1. ආ.. ට්‍රිප් එකක් ගියාද? ගිහින් එනකොට මෙන්න කලනයා ඉවර වෙලා!

      Delete
  9. ekane yakuuuu. blnwko. dws 3i nathuwa gye. e tikata unu hadiyak.....

    ReplyDelete
    Replies
    1. මොනවද අප්පා මේ වචන... එක්කෝ සිංහලෙන් ලියන්න..

      මෙන්න මෙතනට ගිහින්..

      නැත්තම් කෙලිම්ම ඉංගිරිස් වලින් ලියන්න අප්පා. මගේ ඇහේ පොට යනවා වචනේ හොයාගන්න ගිහින්

      Delete
  10. සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ........
    I'll comment in English from now on!!!

    ReplyDelete
  11. අයියෝ බැඳපු එක කමක් නෑ කියමුකෝ.. මෙහෙමත් කරනවද මිනිස්සුන්ට... මෙව්වා වෙලා තිබ්බ හිත විනාස කරලා දැම්මනේ.. අර කල්‍යාන මිත්‍රය ලියල තිබ්බ ටික කියෝලා නිකන් හිටියනම් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. මදිපාඩුවට හිටියේ
      බනිමු බනිමු

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...