Wednesday, March 8, 2017

73. ඔබ ඇවිත් යන්න එන්න... - 10

10.
--------------------------------------------------------------------
රියට ලෝක සම්මත නීතියක් තියෙනවා වගේ අපි දෙන්නාට කම්පියුටර් ක්ලාස් එකකට යන්න උනා. පලවෙනි දවස් දෙක තුනේ තාත්තා විසින් මරන්න ගෙනියන හරක් දෙන්නා වගේ වාහනෙන්ම ගිහින් ක්ලාස් එක ගාවටම බානවා. ටික දවසකින් මට නම් වැඩේ අල්ලලා ගියේ අපි දෙන්නම ටීචර්ගේ හුරතල් ගෝලයෝ දෙන්නා උන නිසාත් ;ක්ලාස් එකේ කියපු දේවල් සිම්පල් විදියට තේරුණ නිසාත්.

ටීචර්ගේ කටේ තියෙන්නෙම අපි දෙන්නගේ නම්. කෙල්ලෝ එක්කත් අපි හොඳයි. ඉතින් ක්ලාස් එක බෝරින්  නැහැ. කෙල්ලෙක් දෙන්නෙක්ගේ ලයින් පාරවල් වැදීගෙන උනත් අපි දෙන්නා ගානට හිටියා.

"ටෙක්ස්ටයිල් කෝස් එකක් තියෙනවා. දෙන්නම ඒකට යන්න ඕන. එග්සෑම් එකක් තියලා ගන්නේ. ලබන සතියේ තියෙන එකට හෙට ඇප්ලිකේෂන් කතාකරලා"

බලධාරියා විසින් තීරණේ ගෙනාව පත්තරේ එක්ක. 'හිටු' කිව්වොත් ඉන්න ඕනේ පන ගියත්. අම්මට වගේ කුනු කුනුව දාල ගැලවෙන්න බෑ. මට නම් මෙලෝම උනන්දුවක් තිබ්බේ නැහැ. ඔලුවත් නිදහස් නැහැ.

කොහොමහරි අම්ම ගෙනාපු කොලේට අත්සන තිබ්බ විතරයි මමනං. විභාගේ තිබ්බ දවසේ ගිහිල්ලා ඒකත් ලිව්වා. අමාරුවක් දැනුනෙත් නැහැ. අහල තිබ්බෙත් පිස්සු ප්‍රශ්න.



------------------

හුඟකාලෙකට පස්සේ කට්ටිය ටවුමේ සෙට් උනා. බුරියා, ටොය්ය; කුරියා ඔක්කොම එක පොදියට  කෑගහනවා දෙවනත් වෙන්න. ගෙදර සයිකෝ ගහගහ ඉන්නේ නැතුව වරෙන් කියලා චලන තමයි මාවත් ඇදගෙන ආවේ. ටිකක් වෙලා තර්ක කරලා අපි අන්තිමේ තීරණේ කළා ෆිල්ම් එකක් බලන්න යන්න.
සතියේ සවසක් හින්දත් ; දවල් වෙලාව හින්දත් හෝල් එකේ කවුරුත් නෑ. අපි වගේ අපතයෝ කීප දෙනෙක් සහ කපල් කීපයක් හිටියා. සල්ලි එකතු කරලා ටිකට් අරගෙන ඇතුල් කොටසට ගියේ වීරයෝ වගේ.

"බඩගිනියි බන්"

"අඩෝ.. ඇතුලේ ගණන් වැඩි ඇති බන්... අපරාදේ බන්.. "

"අඩෝ බුරියා... උඹ ගාව දෙසීයක් තියෙනවා මම දැක්ක.. දීපන් දීපන්... "

"කොහේ තිබ්බ සල්ලිද බන්.... මොකද්ද බන්.. ඕක හෙන අමාරුවෙන් ඉතුරු කරගත්තේ"

"දීපා.....න් යකෝව් "

බුරියාට ඉතින් ඒ සල්ලි ටික පරිත්‍යාග කරන්න සිද්ධ උනා. මම ටෙරන්ස් එක්ක නැගිට්ටා කැන්ටින් එක පැත්තට යන්න

"මේ... බඩ පිරෙන දෙයක් ගෙනෙන්"

"අනේ මෙහ්.. උඹේ බඩ පුරවන්න මහාමේරු පරුවතේ තමයි ගේන්න වෙන්නේ"

අපි දෙන්නා ආපහු එලියට ඇවිත් කැන්ටින් එකෙන් පොප්කෝන් ටිකකුයි , බිස්කටුයි , මික්ස්චර් ටිකකුයි අරගත්තා. ආපහු  එනකොට මගේ සිග්නල් ඔන් වෙලා.

"උඹ පලයන්.. මම පම්ප් එකක් දාල එන්නම්"

ටෙරන්ස්ට යන්න දීලා මම වොෂ් රූම් හොයාගෙන ආවා. වැඩේ ඉවර කරගෙන ආපහු යන්න එනකොට වැරදිලා මම ඇවිත් තියෙන්නේ ආපහු ඇතුලුවෙන දොරටුව දිහාවට. ඇතුලුවෙන තැනම තියෙන කවුන්ටරෙන් තාමත් ටිකට් නිකුත් කරනවා.
කවුන්ටරේ ළඟ ඉඳලා කවුදෝ එකපාරටම මම එන පැත්තට හැරුනා. මාව නිකම්ම ගල්භිත උනා. මාධවී අක්කා... මගේ කටේ කෙලත් හිඳිලා.

"කලන මල්ලි..."

ඒ එක්කම හිටියේ නිකිණි!

මෙරුන් පාට ගවුමක් ඇඳලා බෝනික්කියක් වගේ හිටපු නිකිණි මගේ නම කියනවා ඇහිලා මාධවී අක්කා පිටිපස්සේ ඉඳන් මගේ දිහා බැලුවා. මම මාරුවෙන් මාරුවට මාධවී අක්කයි, නිකිනියි දිහායි බැලුවේ කරකියාගන්න දෙයක් නැතුව. මගේ කකුල් දෙක පොළවටම ඇලිලා.

"ම.. ම.. මාධවී අක්‍.. කේ..."

ආයෙමත් මෙතැන ලොකු සිද්ධියක් මැවෙන්න යනවාදෝ කියලා මගේ බඩ - පපුව දවාගෙන ගියා. නිකිණි ලොකු කරගත්ත ඇස්වලින් මගේ දිහාම බලාගෙන හිටියා. ඒ වෙලාවේම මම දහස් වාරයක් මැරිලා ඉපදෙන්න ඇති. මාධවී අක්කා මොකක්දෝ කියන්න වගේ ආපහු හැරිලා නිකිණි දිහා බැලුවා. අත මිට මොලවගත්ත නිකිණි බිම බලාගත්තා.

"ම.. ම.. මාධවී ගිහින් ඉඳගන්න.. ම මම එන්නම්"

මට හුස්ම හිරවෙන්න කලින් නිකිණි කතාකලා. මගේ පපුවේ සද්දේ එලියට ඇහෙනවා. මාධවී අක්කා ආයෙමත් මොනවද කියන්න ගිහින් දෙබැම අකුලලා නතර කරගත්තා. ආයෙමත් සැරයක් මගේ දිහා බලපු මාධවී අක්කා මුකුත් කියන්නේ නැතුවම ඇතුලට ගියා. මම බලාගෙන හිටියේ නිකිණි දිහාමයි. එයා තාමත් ගල්වෙලා.

මහා කන්දක් ඔලුව උඩට කඩන් වැටිලා වගේ ගල්වෙලා; හුස්ම හිර වෙලා මම ඒ මොහොත ගතකලේ. මට බනියිද? එදා මම දිව්වට පස්සේ එයා මොනවා හිතන්න ඇතිද? දහසක් ප්‍රශ්න මගේ ඔලුවේ එහාට මෙහාට විසිවෙන්න ගත්තා.

මාධවී අක්කා යන්න ගියාට පස්සේ නිකිණි හෙමින් හෙමින් අඩි තියලා මගේ ලඟට ඇවිදගෙන ආවා. ආයෙමත් අර සුවඳ කොහෙන්දෝ හමාගෙන ඇවිත් මාව පහුකරගෙන ගියා. මගේ පපුව මොකද්ද වෙලා.. කම්මුල් පාරක්??

"කලන.. ඔයා දන්නවා නේද.. මම කවුද කියල.."

"නෑ !"

එයා කියල ඉවරවෙන්නත් කලින් ගත් කටටම මම කිව්වා. නිකිණිගේ  දෙතොල් වෙව්ලුවා. මම ඒ දෙතොල් දිහාමයි බලාගෙන හිටියේ. ඒ ඇස් ආයෙමත් මගේ ඇස් එක්ක පැටලුනා. හිතේ කැඩපතක් වගේ මට ඒ ඇස් කියවන්න පුළුවන්. නිකිණි වේදනාවෙන් වගේ උඩුතොල හපාගත්තා. මුණ රතු වෙලා.
නිහඬතාවය බිඳගෙන දර්ශනවාරය පටන්ගන්න සීනුව වැදුනා. මම හෙළ උනේ නැහැ. නිකිණි ආයෙමත් හැරිලා යන්න හදනවාත් එක්කම මම එයාගේ අතින් අල්ලගත්තා.

"යන්න එපා.... මට ඔයත් එක්ක කතාකරන්න ඕනේ"

මම හිතුවේ ඒ සැනින් මගේ අත ගසා දායි කියලා. නිකිණි ගැහෙනවා මට දැනෙනවා. මගේ දිහා යන්තමට හැරිලා බලලා නිකිණි බිම බලාගත්තා, උත්තරයක් දුන්නේ නැහැ.
මම හෙමින් ඒ අතින් ඇදලා අරගෙන බැල්කනිය තියෙන තරප්පුව ලඟට ඇවිදගෙන ගියේ බිඳෙන දෙයක් ගෙනියනවා වගේ හෙමින්. නිකිණි කිසිම දෙයක් නොකියාම මගේ පස්සෙන් ආවා.

බැල්කනිය කට්ට කරුවලයි. ඉක්මනට ඇතුලට ගියපු මම කොනේම තැනක් හෙව්වත් කොන්වල කපල් අපිට එරෙව්වා. නිකිණි අතින් කට වහගෙන හිනා උනා. මටත් පොඩ්ඩක් හිනා, ලැජ්ජාවක් දැනුනේ.

"මාධි මාව හොයයි"

අහුවෙච්ච තැනක ඉඳගන්න කියපු ගමන් නිකිණි මිමිණුවා. කිසි කෙනෙක් අපි දිහා බලාගෙන නැහැ. ආයෙමත් බෙල් එක වැදිලා ෆිල්ම් එකත් පටන් ගත්තා. මාව දැන් වෙව්ලනවා. කවදාවත් කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට ඇවිත් නෑ. මම ගොළු වෙලා. මම නිකිනිගේ අත අතහැරියේ නැහැ.

"මේක හරි භයානක වැඩක් කලන "

"ඔව්. එහෙම තමයි"

නිකිණි හෙමින් මගෙන් අත මුදවගත්තා. මම ආයෙමත් එයා දිහා බැලුවා. අඳුරේ උනත් ඒ ඇස් දිලිසෙනවා. කඳුළුද මන්ද.

"ඔයා මම ගැන හරියට දන්නේ නැහැ කලන"

මම බිම බලා ගත්තා. නිකිණි කියන්නේ මොකද්ද කියලා මට තේරෙනවා. ඒක තමයි මම අහන්න අකමැතිම දේ!

"ඔයා ඉතින් මොකද කියන්නේ?"

"මේ අහන්න කලන.... අපි කාටවත් අපිට ඕනෙදේ කරන්නත් බෑ. එහෙම වෙන්නත් නෑ. ඔයා දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා"

අඳුර උනත් මට නිකිනිව දැනෙනවා. එයාගේ සුවඳත් මගේ වටේම කැරකෙනවා.

"ඉතින්... මට කියන්න"

මම ආයෙමත් නිකිනිගේ අත්දෙක අල්ලගත්තා. ඒවා වෙව්ලනවා. මටත් දාඩිය දාල. අත්දෙක එදා වගේම සිනිඳුයි; මෘදුයි.

"ඔයාට තේරෙන්නේ නැහැ කලන. ඔයාට තේරෙන්නේ නැහැ! මේක ... දැන දැනම කෙනෙක්ව අමාරුවේ දාන්නේ කොහොමද මම"

"ඔයා ප්‍රශ්නයක් හිතේ තියාගෙන ඉන්නවා නම්..... මට කියන්න නිකිණි...."

"..........."

"මට කියන්න බැරි දෙයක්ද? මගෙන් හංගන දෙයක්ද? අඩුම ගානේ...."

"අනේ.. එහෙම දෙයක් නෙවෙයි කල. එක රස කතාවක් නෙවෙයි. ඔයා ඒක ඇහුවොත් මාව පිළිකුල් කරයි. මට වෛර කරයි... ඔයාට කරදරයක් කරන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නැහැ..... මම... මම වැරදි වැඩ ගොඩක් කළා ඔයාට"

"අපි යමු.. වෙන කොහෙට හරි ගිහින් කතාකරමු"

ෆිල්ම් එකේ සද්ද නිසා මම කලබලෙන් හිටියේ. මොකද්දෝ හිරවෙච්ච ගතියක් දැනුනේ. මම නැගිට්ටට නිකිණි තාම ඉඳගෙන කලපනා කරනවා.

"... නිකිණි..... ප්ලීස්.."

මම නිකිනිගේ කම්මුලක් යන්තමට ඇල්ලුවා. මල් පෙත්තක් වගේ මෘදුයි. මම දන්නේ නැහැ මට මොනවා උනාද කියල. නිකිණි එකපාරටම මගේ අත අරගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. ඊට පස්සේ අත්දෙකින්ම මුණ වහගෙන තත්පර කීපයක් හිටියා.

".. නිකිණි.. අපි යමු එලියට. මාධි අක්කට කියන්න ඕනේ නම් කියල එන්න.... ප්ලීස්.. මට කතාකරන්න ඕනේ..... ප්ලීස්..."

නිකිණි නැගිටලා මගෙත් එක්ක එලියට ආවා. ටිකට් කවුන්ටරේ දිහා බලන්නේවත් නැතුව අපි දෙන්නා එලියට ආවා. ත්‍රිරෝද රථයෙන් නිකිණි ගියේ මට වෙනත් එකකට නගින්න කියලා. අපි දෙන්නම ගලහා හන්දියෙන් බැස්සා. නිකිණි මටත් එක්කම ගාස්තුව ගෙව්වා. ඊට පස්සේ මට ඉස්සරහින් තිබ්බ කැම්පස් පාර දිගේ හෙමින් ඇවිදගෙන ගියා. මම පස්සෙන් වැටුනා.

මිනිස්සු වැඩිය හිටියේ නැහැ. මම ටිකකින් ඉක්මනට අඩිය තියල ගිහින් නිකිණි ගාවින්ම ඇවිද්දා. ආයෙමත් අර සුවඳ දැනෙනවා.

"ටිකක් හෙමින් යමු"

මම නිකිණි දිහා බැලුවා. නිකිණි කලබලෙන්. මමත් කලබලෙන්. නිකිණි ඇඳගෙන හිටපු ගවුමේ මෙරුන් පාටට එයාගේ හමේ පාට තවත් කැපිලා පේනවා.

"ඔයාගේ යාළුවො ඔක්කොම ඔයාව හොයයි"

"මාධි අක්කත් ඔයාව හොයයි"

අපි දෙන්නම එකිනෙකා දිහා බැලුවා. ආයෙමත් ඒ ඇස් ගැටුම. නිකිණි ඉක්මනට අහක බලාගත්තා. ඒ උනාට හිනා ගිහින්. මගේ අතට ඒ කම්මුලේ පහස ආයෙමත් දැනුනා. ඒ ඇස්වල; ස්පර්ශයේ තියෙන්නේ සරාගී පෙනුමක් නෙවෙයි. මොකද්දෝ ආකර්ෂණයක්..

"මාධි අක්ක එදා මට බැන්නද?"

"කවද්ද?"

"එදා... බැංකුවේ...."

මගේ උගුර පැටලෙනවා. අහගන්න බැහැ.

"................"

"මොනවද කිව්වේ?"

"මුකුත් නෑ "

"මම ඔයාගේ ගෙදර ආපු බව එයා දන්නවද?"

නිකිණි නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.

"ඇයි කිව්වේ නැත්තේ? ඔයාගේ හොඳම යාලුවනේ?"

"ඔයා ඔයාගේ යාලුවන්ට කිව්වද?"

"කියන්න උනේ නෑ. කියන්න කලින් උන් දැනගත්තා"

නිකිණි ආයෙමත් ගැස්සුනා.

"එහෙනම්.. මේ ගමනත් නරකයි. එයාල දැනගනී "

"ඉතින් මට මොකද? මම වැඩ කරන්නේ මට ඕන විදියට"

මම එහෙම කිව්වේ තරහින් නෙවෙයි. නිකිණි කල්පනා කරන ගමන් යටිතොල තදට හපාගත්තා. මට හිතුනෙම ආයෙමත් අතින් අල්ලගන්න.

"ඒ.. එහෙනම් කලන... තවත් දිග්ගස්සන ඕනේ නැහැ... කලන... මම ඔයාට වඩා අවුරුදු 5ක් වැඩිමල්"

මට ලොකු කම්පනයක් දෙන්න වගේ නිකිණි එකපාරටම කියලා දැම්මා.

"ඔව්"

මම ගත් කටටම කිව්වා.

"ඔයාට ගැලපෙන තරම් විශේෂයක් නැහැ මට... ම.."

"ම්ම්ම්..... ඒ ගැන හිතන්න එපා"

අපි දෙන්නා කියෝගත්තේ එකට එක කියනවා වගේ.

"අනික.. අනික..... අනික.. මම බැඳපු කෙනෙක්"

මාව 'ඩාන්' ගාලා ගලක වැදුනා වගේ උනේ. ඔක්කොම නිලංකාර වෙලා ගියා. නිකිණි මගේ මුණ බලන්නේවත් නැතුව හෑන්ඩ් බෑග් එකෙන්  මොකද්දෝ එලියට ගත්තා.

"මේ තියෙන්නේ මගේ වෙඩින් රින්ග් එක... එදා ඔයා අපේ ගෙදර ඇවිත් හිටපු වෙලේ කතාකලේ මගේ හස්බන්ඩ්"

මේ අහන; ඇහෙන දේවල් මට අදහගන්න බැහැ වගේ. මේක ඇත්තක්ද? මගේ පපුව රිදෙන්න ගත්තා... පුදුමාකාර වෙදානාවක් මගේ ඔලුව ඇතුලෙන් එලියට එන්න හදනවා.

".. තව තියෙනවා තිත්ත දේවල්.... ඔයා අහන්න කැමති වෙන එකකුත් නැහැ. මට සමාවෙන්න කලන.. දහස් වාරයක් සමාවෙන්න ඔයාට මෙහෙම කලාට. මේ ටිකම ඇති නේද..... මේ කතාව මෙතනින් නතර කරලා දාන්න"

පපුවට පිහියෙන් අනිනවා වගේ. යන්තමට පාරේ ගහකට බර උනේ ඔලුව පුපුරන්න වගේ උන නිසා.

"නැහැ... මට දැනගන්න ඕනේ.... ඔක්කොම... ඔක්කොම දේවල් මට දැන් කියන්න.... කියන්න තියෙන හැමදේම කියන්න මට"

මම හිතට වාරු අරගෙන කිව්වා. මගේ හිත පිළිගන්නේ තාම කිව්වේ පොඩ්ඩයි කියලා. මොකක් හරි නොකියපු දෙයක් තියෙනවා. මැරුණත් ඒ ටික මම අහගන්න ඕනේ.

"තවත් අහලා මොකටද කලන? අපි දෙන්නා අහසට පොලව වගෙයි. මගෙන් වෙච්ච වැරදි වලට සමාවෙන්න.... සමාව දෙන්න බැරි වැරැද්දක් මම කලේ.. ඔයාව... ඔයාව මම මුලා කළා.. වැරැද්ද මගේ.... මමයි වැරැද්ද කලේ"

නිකිණි අඬනවා. මගේ කන්දෙක අගුල් වැටිලා. ඔක්කොම ගස් පොලේ ගහන්න හිතුනා. පාරේ වාහන විසි කරලා දාලා කෑගහන්න හිතුනා. ඒත් මම ඔහේ පාරේ අයිනේ තිබ්බ මාර ගහකට හේත්තු වෙලා අඬු කැඩිච්ච කුරුමිනියෙක් වගේ ඉන්නවා.

"මම දැන් යන්නම් කලන... අපි ආයෙමත් මුණගැහෙන එකක් නැහැ.. එදා ඔයා කිව්වා වගේ..."

නිකිණි ආපු හැරිලා යනවා මම බැලුවේ නැහැ. පියවර හඬ නෑසී යනවා ඇහෙනකොට මට මෙලෝ දෙයක් ඇහෙන්නේ නැතුවම ගියා.

**************************************

ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්. ඒ පිනෙන් සිත සුවපත්වෙවා

21 comments:

  1. mkdda bn me une....... haiyoooo salli. Ithuruwath dapan balan inna ba ooooi

    ReplyDelete
    Replies
    1. අනේ මන්දන්නෑ අනේ මොකක් උනාද කියල... හැප්පුනාද ඔලුගෙඩිය ගලකවත්?

      Delete
  2. @ පොඩි කලන- ඔහොම කලබල වෙලා බෑ යෝධයෝ... පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරපම්කෝ..

    @ මයි ලව් නිකී බේබි.. යු ඩෝන්ට් වොරි.. අයි'ම් දෙයා විත් යූ ඩාලිං..

    @ මේක ලියන ලිඛිතා හොල්මන- මැරුම් නොකා ඉතුරු ටිකත් ඉක්කනට දාපිය..

    ReplyDelete
    Replies

    1. හුහ්.. මම බය නැත.. ගනු කඩුව.. එනු සටනට!
      (අම්බෝ..... බයේ බැරියෝ......)

      මම හිතන්නේ ඒ කලනට කලින් ගුස්ති අල්ලන්න කලනයෙක් ඉන්නවා... අර.. අර.. ඔව්... ඔය උඩින් ඉන්න කෙනා! ඩිෆෙන්ඩර් වලට එහෙම බය නැහැනේ ඔයා?

      Delete
  3. appata siri... Meya mawa dannawa wage. Defender ekk thamai mata thynne..... Hahahaaaa

    ReplyDelete
  4. Replies
    1. ෂරි ෂරි... දාන්නං මාතියා

      Delete
  5. කලණ පුතාට බෝනස් එකක් ලැබිලා වගේ...

    ReplyDelete
    Replies
    1. මේ හිවා උනාට පස්සෙ මතක් උනේ. ඇයි හැබෑට එහෙම කිව්වෙ?

      Delete
    2. අපි ඉස්සර බැඳපු නැති කෙනෙක් සෙට්වුනාම කිව්වේ සැලරි හම්බවුනා කියලා. බැඳපු කෙනෙක් සෙට්වුනාම කිව්වේ බෝනස් හම්බවුනා කියලා :D

      Delete
  6. ගාණක් නෑ. එතකොට අක්ක කෙල්ල නොවැ.

    ReplyDelete
    Replies
    1. හෑ!
      හත්වලාමේ දැන් මම කොතනද නිකිනියි කලනවයි හරියටම යාලු කලේ? මේ කට්ටිය ඔක්කොම හිත්නෙම නුහුරටනෙ.

      Delete
    2. Ado meh yalukarapan un dennawa...... Wena kello set karala ahuwenna epa

      Delete
  7. නිකම් හෙනයක් ගැහුව වගේ වුනා නෙව

    ReplyDelete
  8. /අපි දෙන්නම ගලහා හන්දියෙන් බැස්සා./

    එච්චර විජහට ගලහ හන්දියෙන් බහින්න කට්ටිය ගියේ තුසිත හෝල් එකටද?

    ReplyDelete
    Replies
    1. අය්යා හරි අය්යා...

      Delete
  9. අයියෝ අක්කව බැන්දුවේ මොකද.. ගම කාලනේ ඔයා

    ReplyDelete
    Replies
    1. මම කිව්වෙ!
      ටොයින් වෙලා කියෝගෙන ආපු ඔක්කොම මෙතනදි මන්නෙ තමයි ගත්තෙ.

      ගමත් කාගෙන ඉදිරියට යන්න

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...