Tuesday, February 28, 2017

67. ඔබ ඇවිත් යන්න එන්න... - 05

05.
---------------------------------------------------------------------------------------------
"රි හරි... මාත් එනව"


මට කරගන්න දෙයක් නැහැ. හොස්පිට්ල් එකට යන්න මූත් එන්න ලෑස්තිය. මරන්නයැ? බොරුවක් කියලා හලලා යන්න ඕනේ.

"මම චිරනිව බලන්නත් යනව"

"කමක් නෑ "


මම තනියෙම දත්මිටි කෑව. චලනයාට නිකිණිව මුණගැහෙනවට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. ඒක නිකන් අමුතු  හොරයක්, කිචියක් වගේ දෙයක්.

"ඇයි , උඹට ඉරිසියාද?"

"නැහ් ...!... ඔව්! මට ඉරිසියයි තමයි"

"ඇයි , ඒකි ලස්සනද?"

මට හිනා ගියා. ඔලුවත් ඉහල පහල වැනුනා.

"හ්ම්ම්... නම.. හ්ම්ම්.. නි-කි-ණි"

මගේ උගුර යන්තමට පැටලෙන්න ගත්ත.

"හ්ම්ම්?? තව මොනවද?"

"හරි අහිංසකයි බං . පව් කියල හිතෙනවා"

"මොකද පව්?"

"දන්නේ නැහැ"

ඇත්තටම මම දන්නේ නැහැ.

කාන්දමක් වගේ මගේ හිත ඒ දිහාටම  යනවා. හිතේ ඇඳිලා, මැවිලා තිබුන දෙයක් හැබැහින් දැක්කා වගේ. ඒ හිනාව.... මොකද්දෝ අමුත්තක් තියෙනවා.

චලන මම කියන දේ සද්ද නැතුව අහන් හිටියා. චලනයට නිකිණිව පෙන්නන්න ඕනේ කමක් මට ඇති උනා. මොකක් උනත් ඌ තමයි මට ඉන්නේ. මමත් ඉන්නේ ඌ වෙනුවෙන්.

බස් එකේ යන ගමන් මම සිද්ධිය සේරම කිව්වා, නිකිණි අතින් අල්ලපු එක ඇරෙන්න. මටත් කියල පුද්ගලික දෙයක් තියෙන්න එපැයි.

"අද ටිකට් කපාගෙන ගෙදර ගියාද දන්නේ නැහැ"

මම ගේට්ටුව ලඟදි කිව්වා.

"අදත් උඹ මාව හලන්නද හදන්නේ? යමං යමං !"

මම වාට්ටුවට යන කොරිඩෝවට එනකොටත් මගේ හිත 'ඩක් ඩක් ' ගගා ගැහෙන්න ගත්තා. චලනයා මොනවා කියයිද? නිකිණි මොනවා හිතයිද?

මම වාට්ටුවට එබුනා. විනාසයි! මම චලනයාවත් ඇදගෙන එලියට පැන්නා.

"ඇයි බං ?"

"ම- ම මල කෙළියයි. මාධවී අක්කා!"

චලනයා කිසි කලබලයක්වත් පෙන්නුවේ නැහැ. මුකුත් කිව්වෙත් නැහැ.

"එයාගේ යාලුවෝ වෙන්න ඇති"

"උඹ කොහොමද දන්නේ?"

මට එහෙම ඇහුනේ නිකමට. නිකිනිගේ යාළුවො? මාධවී අක්කා අපේ අම්මගේ යාලුවෙක්ගෙ ලොකු දුව. දැන් ඉතින් කොහොමද යන්නේ?

"අපි යමු"

"බෑ බෑ ... එයාල යනකල් ඉම්මු"

කුතුහලේ හින්දා මට යන්න හිතකුත් නැහැ. මම බිත්තියට මුව වෙලා යන්තම් එබිකම් කරලා බැලුවා. නිකිනිගේ මුණ යන්තමට පේනවා. පේන හැටියට නම් යන්න වගෙයි. මගේ හිතට තද මිටියකින්  පාරක් වැදුනා වගේ දැනුනා. නිකිණි ගියොත්?... මට  මුණගැහෙන එකක් නැහැ...

මගේ හිත කෑගැහුව. චලනයා මගේ පැත්තකින් නොසැලකිල්ලෙන් වගේ එබුන.

"කොහොමද?..."

මම චලනයාගෙන් ඇහුව. ඌ මගේ මුණ දිහා බලාගෙන හිටියා මිසක් මුකුත්ම කිව්වේ නැහැ. උගේ මුහුණ පොල්පොට්ගේ මුණ වගේ ලොරි ගතියක් වෙලා.

".... ඇයි බං ?"

"උඹට හිතාගන්න බැරිද ඇයි කියල?"

"බැහැ "

"වරෙන් යන්ඩ මම කියන්නං "

චලනයා මාව කුණු මාළු කෑල්ලක් වගේ ඇදගෙන ආව. ඌගෙ අත් මට දැනුනේ යකඩ අඬු වගෙයි. මට ෆුල් හොල්මන්.

"ඒ කෙල්ල.... ඒ කෙල්ල උඹ දන්නවද?" චලනයා නම් ඒ කතා කලේ අපේ තාත්තගේ ටෝන් එකෙන්.

"නැහැ"

"උඹ දන්නේ නැත්තං ඒ විදියට ඉඳපන්.. ආයෙමත් යන්න එපා ඕකට පැටලෙන්න "

"උඹ මොනවද හංගනවා..."

මම මට දැනුන දේ එහෙම්මම කිව්වා. චලනයා කතා කලේ නැහැ එකපාරම මම නිකිනිව පෙන්නනකොටත්.

"... උඹ දන්නවා නේද චලනයෝ? .. ඒ කවුද කියල?"

"......."

"දන්නවා නේද?"

"ඔව්!"

චලන කිව්වේ හෙමින්, අත්දෙක ඉනට ගහගෙන, හරියට මිනීමැරුමක් කළා කියල පිලිගන්නවා වගේ. ඒත් ඒ වචන ටික මට තදේට වැදුන.

"කවුද?"

"එයා මාධවී අක්කගේ හොඳම යාළුවා. එයාගේ පංතියේ.... උඹ..."

චලන කතාව නතර කළා. මගේ ඔලුව බිම හැප්පුනා වගේ තරු විසිවෙනවා මට දැනුනා.

"උඹ කොහොමද දන්නේ?"

"කලනයෝ! උඹ මොනවද ඔය කරන්න යන්නේ?  බලපං. හිතට එකඟව කතාකරපන්"

"මං දන්නෑ චලනයා. මම දන්නෑ "

මම පේමන්ට් එකේ වැටට හේත්තු උනේ කකුල් දෙක පන නැති වේගන යනවා වගේ දැනුන නිසා.

"මේ අහපං. උඹට චිරනි ඉන්නවා. තව කෑල්ලක් දාගන්න ඕනේ නම් වෙන එකක් හොයා ගනිං. මාධවී  අක්ක අපිට වඩා අවුරුදු පහක් වැඩිමල්! උඹට තේරෙනවනේ  මං මොනවද කියන්නේ කියල?"

"උඹ දැනන් හිටිය නේද චලනයා?"

මම චලනයගේ මුණ දිහා බලන්නේ නැතුව කතා කලේ.

"ඔව්... මම දැනගෙන හිටිය. උඹ මොකද්ද කරන්නේ කියල මම බලාගෙනයි හිටියේ. කලණ... උඹ කොච්චර මාව මගෑරියත් , මගෙන් හැංගුවත් මම දන්නවා උඹ කරපු හැම දෙයක්ම! උඹ ඒ කෙල්ලගේ ජිවිතේ බේරුවා, ඒක එච්චරයි! මේවා චිරනි දැනගත්තොත් මොනවා වෙයිද? ජොකියා දැකල තියෙනවා උඹ මේ කෙල්ල බලන්න එනවා. නිකන් අවුල් හදාගන්න එපා යකෝ..."

චලන කියාගෙන කියාගෙන ගියා.මම අහගෙන හිටියේ ගල් පිළිමයක් වගේ. කිසිම දෙයක් බොරු නෙවෙයි. ඔක්කොම ඇත්ත.

"මම කවුද කියල එයා දන්නෙත් නැහැ"

මම හෙමින් මිමිණුවේ මටමත් නෙවෙයි.

"ඒක හොඳයි. මේ වැඩේ මෙතනින් ඉවරයි. උඹ මට ආයෙමත් මේ ගැන කතාකරන්න ඉතුරු කරන්න එපා. උඹ දැන් ඇස්දෙකෙන්ම දැක්කනේ ඇත්ත!?"

මට කෑගහල අඬන්න හිතුන.

ඒත් කොල්ලෙක් කොහොමද අඬන්නේ? අඬල අපේ හිතේ තියෙන දේවල් අයින් කරන්නේ කොහොමද?

නිකිණි මට වඩා අවුරුදු 5ක් වැඩිමල්! මගේ බඩ පපුව හෝස් ගෑවා. අතේ තිබ්බ ආසම සෙල්ලම් බඩුවක් කඩලා දැම්මම පොඩි  දුකක් වගේ මොකද්දෝ කියාගන්න බැරි, දරාගන්න බැරි දුකක් මගේ හිතේ පොරකෑව. ඒ ඇස්වලට, හිනාවට මම කොයි තරම් නම් ආසා කලාද?
 --------

මම පණක් නැතුව ඇඳට වැටුනා.

"කලණ , යමු කන්න. අන්න උඹට අම්මා බත් බෙදල"

"මට බඩගිනි නැහැ"

"යමං යමං ... අත ඇරලා දාපං බං !"

"මට මගේ පාඩුවේ ඉන්න දීලා, පලයන් යන්න!"

මට කෑගැහුනා.

චලනයා යන්න ගියා දොරත් වහගෙන.

මම ඒ මොකද්ද කලේ? මේ කොහෙවත් යන කෙල්ලෙක් හින්දා මම මගේ පන වගේ එකාටත් සැර දානවා. ඌ කිව සේරම ඇත්ත නේද? මට චිරනි ඉන්නේ? මට මොකටද තවත් කෙල්ලෙක්? අනික අක්කා කෙනෙක්? චලන කියන්නේ බොරු නෙවෙයි. අනික ඌ කියන්නේ මගේ නරකටත් නෙවෙයි. ඒත් ..........?

ආයෙමත් මම හිටපු තැනටම කඩන් වැටුණා.

'ඇයි නිකිණි මට මුණගැහුනේ?'

***********************************
ඊළඟ කොටස

ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්.

12 comments:

  1. ඔන්න.. ඔය ඉතිං.. මටත් කන්නවත් පිරියක් නෑ අප්පා..

    ReplyDelete
    Replies
    1. ක.මි: ඒකනේ බලන්නකෝ නොකා නොබී ඉඳල ඇඟේ හැටි!

      Delete
    2. අටම්පහුර: කල්‍යාණ මිත්‍රයෙක් වගෙයි

      Delete
  2. හප්පේ වෙච්ච දෙයක්

    ReplyDelete
  3. Replies
    1. ඒකනේ ඒකනේ

      කොහෙද මේ කලනයා මැරෙන්නම හදනවනේ!(ඉස්කෝලේ යන ළමයෙක් අප්පා... ඔබතුමා වගේ හිත හදාගන්න බැරුව ඇති )

      Delete
  4. pixuda bn. mn schl yana kaleth lv kale akki babekta thamaa. Eya nm 3yrs wadimal....

    ReplyDelete
    Replies
    1. 'ටක ටක ටක'
      (දනිස් පොල්කටු එකට ගැටෙන හඬ)

      ඔබතුමා නැති එකේ පාඩුව තමයි කලන විඳින්නේ , නැද්ද?

      Delete
  5. චැහ් අවුරුදු පහනං මොකද්ද අර කිව්වත් වගෙ.."In praise of older women" කියල ඔය සම්මාන දිනපු ෆිල්ම් එකක් එහෙමත් තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ පාර තවත් ලැම්බොට්ටෙක් ඇවිත්... අනේ මන්ද...
      මෙහෙම කොහොමද ළමයෙක් වත් හරියට හදාගන්නේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...